අප්පුච්චට හුප්පෙ..
පරාජිත මැදමූල මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස පත් නොකරන බව පමණක් නොව ශ්රීලනිපය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද අගමැති අපේක්ෂකයෙන් නම් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ යුතු නිවේදනයක් ජනාධිපතිපතිවරයා ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කිරීම රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම වලට පටහැනි නමුත් ඒ බව නොතකා ජනාධිපති මාධ්‍ය අංශය මෙකී නිවේදනය නිකුත් කර ඇත. කෙසේ වෙතත් පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.
විශේෂ නිවේදනයයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලබා දීම සම්බන්ධවයි
ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
සියළුම දිස්ත්‍රික්ක වලට අදාල අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු මේ සතියේ සිකුරාදා එනම් ජුලි මස 03 වෙනි දින අවසන් කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මේ වන විට අපේක්ෂකයන් තේරීමේ නාම යෝජනා කටයුතු සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුල තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති අතර අගමැති අපේක්ෂකත්වය පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැති තුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් අගමැතිවරයෙකු පත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිලිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකර නොමැති බව දන්වා සිටිමු.
ජනාධිපති මාධ්‍ය අංශය
2015 - 06 - 30

අපි හැපි