අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග

    අප්‍රිකාවේ මසායි ගෝත්‍රිකයන් සමග

    image_c970f32ae1.jpg


    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ම​ෙග් සේවා කාලය වසර 40 කි. එද‌ා මෙද‌ා තුර ශ්‍රී ලංකාවේ මගේ පාලනයට අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් රක්ෂිතයක් නැත.

    සේවයට බැඳී වසර කිහිපයකින් වනජීවී කළමනාකරණය හැදෑරීම සඳහා වසර දෙකකට (1982-1984) නැගෙනහිර අප්‍රිකාවේ (East Africa) ටැන්සානියා (Tanzania) රාජ්‍යයේ අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයට (East African College of Wildlife Management) යාමට මට වරම් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකමි. එම අවස්ථාව මට උද‌ාකර දුන් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (නැසීගිය) ලීන් ද අල්විස් මැතිතුමන් සිහිපත් කරන්නේ කෘතගුණපූර්වකයි.


    ‘විල්සන්... චන්ද්‍රා මම අහලා තිබෙනවා... මරා දැමීම අරමුණු කරගෙන වෙඩි තබන අප්‍රිකානු අලි, කුළු මීහරක් (Buffalo), හිපපෝටේමස් පළමු වෙඩි පහරින් මිය නොගියොත් තුවාල වූ සතුන්ගේ ලේ පහර අල්ලාගෙන (Follow Blood Trail) වනාන්තරය තුළට පාගමනින් ගොස්... උන් අවසානයක් කරන්නත් වෙනවා කියලා...’ අල්විස් මහතාගේ වදන් මට සිහිපත් වෙයි.


    දකුණු දිග ටැන්සානියාවේ (වපසරිය වර්ග කි.මී. 935037) තිලෙම්බරෝ ප්‍රදේශයේදී (Gomre Controlled Area) චන්ද්‍රා ජයවර්ධන මා ඇතුළු කණ්ඩායම සිදු කළ වනසතුන් සංහාරයේදී (Animal Culling) වෙඩි තබා මරා දැමූ අලි සංඛ්‍යාව 18 කි. හිපපොටේමස් (Hippos) සංඛ්‍යාව 16ක් වූ අතර අපගේ ආහාරය සඳහා මරණ ලද ඉම්පාලා (Impala) ග්‍රාන්ට් ගැසල් (Grants Gazelle), තොම්සන්ස් ගැසල් (Thompson's Gazelle) සංඛ්‍යාව 50 ඉක්මවීය. ශිෂ්‍යයින් සංඛ්‍යාව 45ක් විය. ගෝත්‍රික සිසුන් අලි සහ හිපෝ (Hippo) මස් පුළුස්සා කන විට ‘...මටත් ටිකක් කන්න දීපල්ලා...’ මම මස් කිලෝ දෙකක් පමණ ගිල දමන විට වයස අවුරුදු 35 කි. ඒ වන විට මගේ තරුණ ජවය උතුරා යමින් තිබිණි. මරා දමන ලද අලි, හිපෝ සතුන් සිහින් කෑලිවලට කපා මහෙන්ගේ (Mahinge) ආදී ඈත ගම්මානවල ගැමි ජනතාවට විකුණා දැමීමට යෙදුනු කණ්ඩායමේ නායකයා වූයේ මමයි. ඒ 1983 වසරේදීය.

    අද මගේ කතන්දරය නැගෙනහිර අප්‍රිකාව පුරා ව්‍යාප්තව සිටින ප්‍රධාන ගෝත්‍රය (Tribe) වන මසායි (Massai) වරුන් සමග ඔවුන්ගේ නිවාසවල දින දොළහක් වාසය කළ ආකාරය සහ මසායිවරුන්ගේ ජීවන රටාව පිළිබඳව උගත් කරුණු හෙළිදරව් කිරීමයි.

    වසර දෙකක අප්‍රිකානු පුහුනුවේදී සෑම වසරක් අවසානයේදී ශිෂ්‍යයින් හට තම ගම් බිම් බලා යාමට අවකාශ තිබිණි. එහෙත් ලංකාවෙන් ගිය අපි දෙදෙනාට ආපසු ගුවන් ටිකට් පත්‍රයක් ලබා නොදුන් බැවින් අපට සිදු වූයේ ටැන්සානියාවේ රැඳී සිටීමටය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් අපි දෙදෙනා යාබද කෙන්යාවේ (Kenya) මසායි මාරා අම්බොසෙලි ලේක් මන්යාරා, ට්ස්වෝ Lake Nakuru, නෛරෝබි ජාතික උද්‍යානවල සංචාරය කළෙමු.

    image_7a8ec90e81.jpg


    1983 විද්‍යාලයේ නිවාඩු මාසය (අගෝස්තු) ආරම්භ වීමට පෙර ජූලි මස දිනක මම චන්ද්‍රාට කතා කරමින් ‘අපි දෙන්නා ලබන අගෝස්තු නිවාඩුවේදී යමුද? මසායි ගෝත්‍රික ගමකට සති 1 1/2ක් විතර නතර වෙලා ඉඳලා එන්න... අපේ පන්තියේ ඉන්න කොයිකායිට (මසායි ගෝත්‍රිකයෙකි) මම කතා කළා. අපිට උදව් කරන්නම් කියලත් කීවා.

    ‘හැබෑටම ඔබට ඉඳල හිටල හරි හොඳ අදහසක් පහළ වෙනවනේ. ‘හොඳයි යමං එහෙනම්...’

    ‘අපි දෙන්නා කොයිකායි එක්ක ම්ටොවාම්බු ගම්මානයටයි යන්නේ...’ මම පැවසීමි.

    චන්ද්‍රා මා අමතමින් ‘දන්නවානේ. ලේක් මන්යාරා උද්‍යානයේ භාරකරු කපලොන්ඩෝ (Kapalondo) ම්ටොවාම්බු ගමට නුදුරුවයි ඉන්නේ... එයා හමුවෙලා කියමු. අපි බලල යන්න එන්න කියලා...’

    1983 අගෝස්තු නිවාඩුව ආරම්භ විය. කොයිකායි අපි දෙදෙනාට කතා කළේය. ‘චන්ද්‍රා විල්සන්... අපි හෙට උදේ හතට (7) විතර විද්‍යාලයෙන් පිටත්වෙලා ම්ටොවාම්බු ගමට යමු.

    විද්‍යාලයේ සිට 'Moshi' නගරයට දුර කි.මී. 12ක් වන අතර ‘මොෂි’ නගරයේ සිට ‘ම්ටොවාම්බු’ ගමට දුර කි.මී. 300කි. එතැන් සිට ලේක් මන්යාරා උද්‍යානයට කි.මී. 180 කි. ලේක් මන්යාරාව දේවරාජ කොකුන්ගෙන් (Flamingos) පිරී පවතින්නකි. ටැන්සානියාව උන්ගේ නිජබිමක් වුවත් ශ්‍රී ලංකාවට උන් සංක්‍රමණික පක්ෂීන්ය.

    image_0bd062cbdf.jpg


    කොයිකායි අපි දෙදෙනා ඇමතීය.

    ‘...ඉතින් විල්සන් බානා (යාලුවා) මගේ ඥ‌ාති පවුල් තුන හතරක් ගමේ නිවාස හද‌ාගෙන ඉන්නවා. ඒ අයට ඔයාලා හඳුන්වලා දෙන්නම්. ඔයාලගේ අවශ්‍යතාව ඉටුකරලා දෙයි. හැබැයි එයාලා කන බොන විදියට තමයි දෙන්නේ. ඒවට මුදල් අයකරන එකක් නැහැ. කොහොම වුණත් මුදල් තියාගන්න. ඇඳුම් පැළඳුම් ලැහැස්ති කරගන්න. ඔයාලා දෙන්නට ‘ස්වහිලි’ භාෂාව (රටේ ප්‍රධාන භාෂාව) හොඳට පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නැහැ. හෙට උදේ හතට පිටත් වෙමු...’

    මා ඔහුගෙන් ඉල්ලීමක් කළේය.

    ‘...කොයිකායි... අපිත් එක්ක දවස් දෙකක් ඉඳල යන්න...’

    ‘...හා හොඳයි... ඔයාලා දෙන්නා මගේ යාලුවොනේ...’ අසන්තේ සානා (ස්වගිලි) කොයිකායි...’ (ඔබට ඉතාමත් ස්තූතියි) ඔහු කෙන්යාවේ (Kenya) විකටෝරියා විල් ප්‍රදේශයට යාබද ගමක පදිංචිකරුවෙකි.

    මසායි (Massai) ගෝත්‍රිකයින් ගැන කරුණු බිඳක්

    image_2c53029338.jpg
    මසායි ගෝත්‍රික ජනතාව විශ්වාස කරන්නේ ඔවුන් දෙවියන්වහන්සේ විසින් මිහිපිටට බිහිකළ ජනතාවක් හැටියටය. අප්‍රිකාවේ නයිල් ගංගාව ආසන්න ප්‍රදේශ, ටැන්සානියාව සහ දකුණු කෙන්යාව නිජබිම කොටගෙන වාසය කරන මසායි ගෝත්‍රිකයින් කතා කරන භාෂාව ‘මා’ හැටියට හඳුන්වනු ලැබේ. මසායිවරු බහු පුරුෂ, බහු භාර්යා සේවනයේ යෙදෙන අතර 2011 දී ගහනය 100000 පමණ විය. විශාල එළ හරක් පට්ටි සන්තකයේ පවත්වා ගෙන යමින් තැනින් තැනට සංක්‍රමණය වෙන රණකාමී මිනිසුන්ය. ඔවුන්ගේ මුල් පදිංචිය සුඩානය වන අතර නයිල් ගංගා නිම්නය දිගේ දකුණට ව්‍යාප්ත වූහ. එසේ ව්‍යාප්ත වෙන විට ප්‍රදේශයේ පදිංචි ආදිවාසී ගෝත්‍රිකයින් දහස් ගණනින් මරා දැමීය. පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 6 අඟල් 04ක් පමණ වේ. 19 වැනි ශතවර්ෂය වන විට ඔවුන් සම්පූර්ණ අප්‍රිකානු මහා සුවිභේද නිම්න ප්‍රදේශය ආක්‍රමණය කොට තිබුණි.


    මසායි ගෝත්‍රික ජනතාවගේ චාරිත්‍ර සංස්කෘතිය දිවි​ පෙවෙත හැදෑරීම සඳහා පැමිණෙන විද්වතුන්ට ඔවුන් ලබා දෙන්නේ නොමද සහයකි. ඒ සඳහා ඔවුනට මුදලක් ගෙවිය යුතු වේ.



    මතු සම්බන්ධයි...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    This is their traditional jumping dance, They are tall and slim people and able to jump quite well. Only my son was able to match them in jumping (he was about 14 then and tall). He could match the masai kids & was given a honorary Masai title for fun. Nowadays it is a tourist business, the group leader agrees for an amount (many speak fluent English) and the dance and a village visit included. They have mobile phones, Internet in designated locations and church run schools.
    We also went to a real Masai village (not a tourist showpiece), while on our way to somewhere else, our guide was a bit hesitant at first but he eventually took us. He talked to the head of that little village and he agreed to let us in. He didn't bargain for money but we did give him money and all the food we had in hand, biscuits, chocolates and sweets etc to the village kids.
    They pierce a cow's vein and drain blood and mix with milk. Claims that gives them strength and courage. Also told us it is good next morning - after heavy drinking, apparently hangover disappears.
    Masai life expectancy is low, probably the high fat content they eat.

    Africa is an interesting place. We were lucky enough to witness the animal migration (in September). It is a fabulous spectacle. Visited Kenya, Zambia, Zimbabwe and Botswana. After a visit to these countries, you will not go anywhere again to watch animals ;-( Africa is worth a visit for a different kind of experience.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    යස වනජීවී සංරක්ෂකයා.... තුං නොදකින්..... අලි මස් කාලා මදිවට විකුණගෙනත් කාලා...
     

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    සිදු කළ වනසතුන් සංහාරයේදී (Animal Culling) වෙඩි තබා මරා දැමූ අලි සංඛ්‍යාව 18 කි. හිපපොටේමස් (Hippos) සංඛ්‍යාව 16ක් වූ අතර අපගේ ආහාරය සඳහා මරණ ලද ඉම්පාලා (Impala) ග්‍රාන්ට් ගැසල් (Grants Gazelle), තොම්සන්ස් ගැසල් (Thompson's Gazelle) සංඛ්‍යාව 50 ඉක්මවීය. ශිෂ්‍යයින් සංඛ්‍යාව 45ක් විය. eka nam hoda deyak nawa.