අපායේ පඩි ගෙවන සූස්‌තරේ

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපායේ පඩි ගෙවන සූස්‌තරේ

    "සුබ උදැසනක්‌ යම රජතුමනි"

    "අපායට කොහෙද ගමයො සුබ උදැසනක්‌ අසුබ උදැසනක්‌ කියව"

    "එහෙමයි.... මං මේ ආවේ මාව අපායෙන් නිදහස්‌ කරන එක ගැන කතා කරන්න"

    "බොල ගමයො... උඹල කරපු පව් ගෙවෙනකල් අපායෙ ඉන්න ඕනෑ...

    "අවුරුදු දෙක තුනක්‌ තිස්‌සේ මං මේ අපායේ දුක්‌විඳිනවා...."

    "අපායේ මීළඟ යමපල්ලො තෝරන දිනය වෙනකල් හිටු ගමයෝ..."

    "අවුරුදු දෙකකට කලිනුත් යම පල්ලො තේරුවානේ...."

    "ඒ සීනියර් යමයෝ... ඊළඟට තෝරන්නෙ ජූනියර් යමයෝ...."

    "අපායට ඇයි මෙච්චර ගොඩක්‌ යමපල්ලො...."

    "තොපි කරපු වැරදිවලට දඬුවම් දෙන්න මිසක්‌ වෙන මොනවටද?"

    "මොනවද අපි කරපු වැරදි යම රජතුමනි"

    "පළමුවැනි වැරැද්ද වැරදි එවුන්ට වැරදි ලකුණ ගහපු එක"

    "එතකොට දෙවැනි වැරැද්ද මොකක්‌ද"

    "හරි එවුන්ට වැරදි ලකුණ ගහපු එක"

    "මේක හරි අවනඩුවක්‌නේ යම රජතුමනි"

    "අපායේ අවනඩු මිසක්‌ හරි නඩු කොහෙද බොල"

    "මාව මේ අපායට දාන්න මං කරපු වැරැද්ද මොකක්‌ද"

    "හුඟාක්‌ අය හරි කියල කියපු කෙනාට තෝ වැරදි ලකුණ ගහපු එක"

    "සමාවෙන්න... මාව ඉක්‌මනට මේ අපායෙන් මුදවන්න... මගේ බිරිඳටයි දරුවන්ටයි ජීවත්වෙන්න බැරි තරම් ප්‍රශ්න"

    "ඒකට තමයි අපි මේ පාර යමියො ප්‍රමාණය වැඩි කරන්නේ..."

    "යමියෝ... ඒ මොක්‌කුද?"

    "යමපල්ලන්ගේ වයිµaලා, එක්‌ස්‌ වයිµaලා, අක්‌කලා, නංගිලා, නැන්දලා, පුංචිඅම්මලා....."

    "එක්‌ස්‌ වයිµaලා....?"

    "තොට ඒවා වැඩක්‌ නෑ"

    "එයාලගෙන් අපායට වැඩක්‌ ගන්න පුළුවන්ද?"

    "ඒවට අපේ යමපල්ලො ඉන්නවා. තට මොකටද ඒවා..."

    "තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙන නිසයි යම රජතුමනි ඇහුවේ...."

    "එහෙමද තට තව දැනගන්න ඕන මොනවාද?"

    "එයාලගේ පඩි නඩි ගෙවන්නේ කොහොමද"

    "ඇයි තොපේ රීරි මාංසෙ තියෙන්නේ"

    "ඒක අසාධාරණයිනේ...."

    "මොකක්‌ද බොල අසාධාරණේ"

    "එයාලට පඩි ගෙවන්න අපේ රීරී මාංසේ ගන්න එක..."

    "ඒක ගන්නෙ උඹලට නොදැනෙන්නයි..."

    "ඒ කොහොමද?"

    "අලුත් ටැක්‌ස්‌වලින් බොල.... අලුත් ටැක්‌ස්‌වලින්"