අපායේ රස කතා......!!!

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
අපායේ රස කතා කියල කිව්වට මේ කතා ඔක්කොම නරයන්ගේ සීන් තමයි.අපි මේවා යට ඉදන්(අපායේ) බල බල බක බක ගල හිනා වෙනවා.ඉතින් ඔයගොල්ලොත් මේක කියවල ෆන් එකක් ගන්නවනම් එක තමයි මේ යකාගේ සතුට .නිකම්ම බලල යන්නත් එපා.කොම්මෙන්ට් දාල රේප් + දීලම යන්න හොදේ.
 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
katha 1 - සීයා මලා...දැන්?????

"තමුසේ අදත් නිවාඩු ගන්න යනවද ?" මැනේජර් ලිපිකරුගෙන් ඇසුවා.

"ඊයේ තමුසේ කිව්වේ සීයාගේ මල ගෙදරට නිවාඩු ගත්ත කියලනේ.හොදයි දැන් කියනවකො හෙට නිවාඩු ගන්නේ මොකටද කියල ?"

"හෙට මගේ ආච්චි ආයෙත් කසාද බදිනවා සර් ..." ලිපිකරු උත්තර දුන්නා.

laughing.gif

 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
katha 2 - පුවත්පත් කලාවේදියාගේ උපාය

පාරේ රිය අනතුරක් වෙලා.විය යුතු පරිදිම මහා සෙනගක් එතන වටවෙලා.පුවත් පත් වාර්තා කරුවෙක් සිද්දිය වාර්තා කිරීමට එතනට යන්න උත්සහ කලත් ඉඩ ලැබුනේ නැහැ.තරුණ දක්ෂ පුවත් පත් කලාවේදියෙකු වූ ඔහු එකට කදිම උපායක් යෙදුවා.ඔහු මෙහෙම කෑ ගැහුවා .

"අනේ මට යන්න දෙන්න.අනේ මට යන්න දෙන්න.හැප්පුණු එක්කෙනාගේ පුතා මම ."

සෙනග ඔහුට එතනට යාමට ඉඩ දුන්නා.වාහනයක හැපී මැරුණු ගවයා පාර මැද වැටී සිටියා.

Laughing.jpg

 

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
katha 3 - වැඩිපුර එන්ජිම

1960 ගණන් වලදී පත් වූ අලුත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට හා හා පුරා කියල ලැබුනේ ජෙර්මන් සවාරියක්.සවාරිය අවසානයේ දෙදෙනාම කාර් දෙකක් මිලදී ගත්ත.ඒ දෙකම වෝක්ස් වැගන් බීට්ල් කාර්.ලංකාවට ඇවිත් ටික කාලෙකට පස්සේ දෙන්නා කාර් ගැන කතා කරන්න ගත්ත.

"හරි වැඩේනේ....මගේ කාර් එක නැවතුන.බොනට් එක ඇරලා බැලින්නම් එකේ එන්ජිම නැහැ.ජර්මන් කාරයා මට වංචා කරලා."පළමුවැන්න කිව්වා.

"මන් වී ගෝනියක් පටවන්න ඩිකිය ඇරියා.එකේ තව එන්ජිමක් තියෙනවා.මට මොකටද එන්ජින් දෙකක්.එක ඔහේ ගන්න."දෙවැන්න කිව්වා.

laugh.jpg