########
අපි හැමෝඅම ජීවිතේ සොදුරු , අදුරු මතකයන් තියෙනවා, ඒ වගේම මගේ ජීව්තෙත් ඒ ඒ කාල වල ඒ ඒ අවස්ථාවන් ආවා. මම අනුෂි. මම තමයි මගේ පවුලේ එකම කෙල්ල සහ එකම දරුවා. ඉතිං පුංචි කාලේ ඉදලා මට හැම සැප සම්පතක්ම ලැබුනා.මගේ අම්මයි තාත්තයි කවදාවත් මට කිසිම අඩුවක් කරලා නෑ. දුකක් දීලත් නෑ. පුංචි කාලේ ඉදන් මගේ තාත්තා මගෙ පිටිපස්සෙන්ම හිටියා හැම දේකදිම.මම උදේ පන්ති ගිහින් හවස පන්ති ඇරෙනකන්ම තාත්තා එතනට වෙලා හිටියා, මම නිසා මගේ තාත්තා රස්සාවෙන් පවා අයින් උනා මාව බලා ගන්න ඕන කියලා.. මම උසස් පෙල වලට කලේ විද්යා අංශයෙන්. මම උසස් පෙල කරන් කාලේ තමයි මම අම්මා අසනීප උනේ, ඉතිං ඒ දේවල් නිසා මම විභාගේ හරියට ලියා ගන්න බැරි උනා. සමත් උනත් විශ්වවිද්යාල වරම් ලබන්න් මට බැරි උනා.. ඒ කාලේ තමයි මට අසේලව මුණ ගැහුනේ.. එයත් අහිංසක හරිම හොද කෙනෙක්.. එයාට අකමැති වෙන්න තරම් අඩුපාඩුවක් තිබුනේ නැති නිසා මම එයාට කැමති උනා..අසේල ලොකු පවුලක කෙනෙක් නම් නෙවෙයි , අගහිගකම් ගොඩක් මැද්දේ ආව කෙනෙක්.එයාට හිටියේ නංගි කෙනෙක් විතරයි. අපි සම්බන්දය පටන් ගන්න කාලේ අසේලට හරි හමන් රස්සාවක් තිබුනේ නෑ.. ඒ නිසාම මම දන්න හිතවත් කෙනෙක් හරහා එයාට හොද රස්සාවක් හොයලා දුන්නා,කොල්ලෙක්ට ඕන මොනවද ඒ හැමදේම එයාට අරන් දුන්නා.මට ඕන වුනේ එයාව සතුටින් තියන්න .මොකද ඒ තරමටම මම අසේලට ආදරේ කරන්න පටන් ගත්තා.. මොන දේ කලත් කවදා හරි මගේ නේද කියන හැගීමෙන් තමයි මම වැඩ කලේ. මගේ ගෙදර අය මම රැකියාවක් කරනවට කැමති උනේ නෑ. ඒ උනත් මට උවනාවක් තිබුනා අම්මටයි තාත්තටයි බරක් වෙන්නේ නැතිව ජීව්තේ හදා ගන්න. එයාලට සලකන්න.. මගේ උත්සහයත් තිබුණ නිසා අසේල ජීවිතේ හදා ගන්න පටන් ගත්තා.. හැමෙදේම හරියගෙන එද්දී අසේල අම්මලා එක්ක ඇවිත් අපේ ගෙදරින් මාව ඉල්ලුවා.. අපේ ගෙදරින් කැමැත්ත දුන්න නිසා අපි හරිම සතුටු උනා..අපේ ආදරේ එකතු වෙන්න නේද යන්නේ, අපි එකවහලක් යට නේද ජීවත් වෙන්න යන්නේ කියන හැගීම හැම තිස්සෙම මාව සතුටින් තිබ්බා.දින නියම වුණා . ඒත් වෙඩින් එක ගන්න කොච්ච්චර සල්ලියක් යනවද?ඔව්.ඒත් කොල්ලෙක් ආදරෙන් දෙන්නේ මොකක්ද ඒ කිසි දෙයකට එයාට වත්කමක් තිබ්බේ නෑ.ඒත් මන් ඒ හැම දේම එයා වෙනුවෙන් කලා.මන් එච්චරට අසේලට ආදරේ කලා . හැමදේම බලලා ඉක්මනින් එක වහලක් යටට අවා.ඇත්තම කිව්වොත් අසේල කියන්නේ මගෙ ජීව්තේ, මගේ හැම දේම. එයාගෙන් තොර ජීවිතයක් මට නැති තරම්.
අපි බැදලා මුලින්ම ගියේ අසේලගේ මහ ගෙදර. මොකද අපිට ඉන්න කියලා ගෙයක් හදා ගන්න තරම් තත්වයක් අසේලට තිබ්බේ නෑ. ඉතිං හැමදේම ලස්සනට වෙන්න යන්නේ කියන හැගීම මට තිබ්බා. අසේල කිව්වේත් එයාට මේ හැම දේම ලැබුනේ මම නිසා කියලා.අසේලගේ අම්මයි නංගි හරිම හොද අය විදිහටයි මම දැක්කේ, තාත්තත් එහෙමයි.අපි බැදපු අලුත මම රස්සාවට ගියේ නෑ නිවාඩු ගත්තා.. මොකද මට අලුත් ගෙදර මගේ පවුලේ අයත් එක්ක ඉන්න ඔන නිසා.. එයාලත් එක්ක ලං වෙන්න් ඕන නිසා. අසේලව බලාගන්න් ඕන් නිසා. දවසක් මම සාලේ ටීවී එක බල බල ඉන්න අතරේ අසේලගෙ අම්මා ඇවිත් කියද්දී " ගෙදරට වෙලා නිකන් ඉදලා හරියන්නේ නෑ හම්බ කරන්න ඕන, පවුල් දෙක තුනක් නඩත්තු කරන්න මගේ පුතාට බෑ, මිනිහගෙන් විතරක් කාලා ඇදලා හරියන්නේ නෑ " කියද්දී මගේ හිතට දැනුනේ හරි වේදනාවක්, මට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නෑ. මම එවලේ කාමරේට ගිහින් ඇති වෙනකම් ඇඩුවා. මම මගේ අම්මා වගේ හිතන අම්මා නේද මට මෙහෙම කිව්වේ කියලා, අසේල වැඩ ඇරිලා ගෙදර ආවම වත් මට මේක කියනා ඕන උනේ නෑ. මොනා උනත් ඒ අසේලගේ අම්මා මම මෙ දේවල් කිව්වම අසේලගේ හිත රිදෙයි , කියන හැගීම මට තිබ්බා.
ඉතිං මමත් වැඩට යන්න පටන් ගත්තා ඒ හෙතුව නිසාම.. මොන් දේ උනත් මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයි. කාලෙක පස්සේ මම ඉතිං වැඩට ගියා.බැදලා මාසයක් යන්නත් කලින් හැම දේම වෙනස් වුණා .අසේල පවා.මම මොන් දේ කලත් අසේලගේ අම්මගෙනුයි නංගිගෙනුයි අහල කරන්න ඕන. නැත්නම් එයාලා මට බනිනවා. අඩුම තරමේ ගෙදර උනු වතුර එකක් රත් කරන්න උනත් මම එයාලගෙන් අවසර ගන්න ඕන. මේ හැමදේම අසේලගෙන් හංගගෙන එයාට නොදැනෙන්න හිනා වෙලා එයාට ආදරෙන් ඉන්නයි මට ඕන. මගේ ජීවිතේ හැමදේම අසේල,
මේ කාලයේ තමයි අසේලගේ අම්මා අපේ ජීව්ත වලට බලපෑම් කරන එක වැඩි වෙන්න පටන් ගන්නේ. අසේලගේ අම්ම කැමති උනේ නෑ මම මගේ අම්මා අප්පච්චි ගැන බලනවට, එයාලට සලකනවට, ඒකයි දවසක් "ඔයා ඒ ගෙදර ගැන බලල හරියන්නේ නෑ, දැන් ඔයා ඒ පවුලට අයිති නෑ, ඔයාගේ ගෙදර මේක දැන්. ඔයා මට සලකන්න ඕන.බලන්න ඕන මේ ගෙදර ගැන. මගේ පපුව පිච්චිලා ගියා ."දෙයියනේ මගේ අම්මටයි ,අප්පච්චිටයි ඉන්නේ මම විතරයි. මාව පුංචි කාලේ ඉදලා මලක් වගේ බලා ගත්තේ ඒ දෙන්නා.. එයාලට ඉන්නේ මම විතරයි. මම කොහොමද එයාල ගැන බලන් නැතිව ඉන්නේ.දෙන්නම ඉන්නෙත් ලෙඩ ගානේ .මන් මොකක්ද මේ කරගත්තේ?ඒත් අසේලට මේවා කියල තේරුමක් නෑ.දැන් ඉන්නේ මට ආදරේ කරපු අසේල නෙවෙයි .මට ඒක කවදාවත් කරන්න බෑ. මේක ගැන අසේලගේ අම්මගේ හිතේ මම ගැන ලොකු තරහක් තිබ්බා. එයාලට ඕන උනේ.. අසේලයි මායි හමබකරන හැම සතේම එයාලට වියදම් කරන්න. එත් එයා ගෙදරට සලකන එකට මන් කවදාවත් විරුද්ධ වෙලා නෑ .අපි ආදරේ කරන කාලේ මගේ උපන් දිනේකට එයාට පුලුවන් විදිහකට පුංචි හරි තෑග්ගක් මට දෙන්න අමතක කරල නෑ. ඒත අපි බැන්දට පස්සේ ආපු පලවෙනිම උපන්දිනේ එයාට අමතක උනා.. ඕන්නම කෙල්ලෙක් ආදරේ කරන කාලේ වගේම බැන්ද කාලෙත් එක වගේම ඒ ආදරේ බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ ආදරේ ගෑනියෙක්ට වෙන කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. වෙන කාගෙන්වත් හොයන්නත් බෑ. ගෑනු මේ හැමදේම ඉවසනවා තමන්ගේ මනුස්ස්යට තියෙන ආදරේ නිසා. පවුල රැක ගන්න ඕන නිසා.
මේ දේවල් අතර තුර දවසක් අසේලයි මමයි කාමරේ ඉන්න අතරේ එක පාරටම සාලේ පැත්තේන් "ඩග් ඩග් ඩග් " ගාලා එක දිගට සද්ද්යක් ඇහෙන්න ගත්තේ. මායි අසේලයි එලියට ගිහින් බලද්දී අම්මා නැති උන තාත්තාගේ පොටෝ එක ලග තියාගෙන පපුවට ගහ ගන්නවා "පුතා මට සලකන්නේ නෑ " කියල අඩන ගමන්.කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ'...කරන තරමක් කරන්නේ එයාලටනේ..මේවා දකිනකොට මට පිස්සු හැදෙයි කියල හිතුන වාර අනන්තයි.මේ වගේ මොනවම හරි දෙයක් හැමදාම ඒ ගෙදර උනා .කවදාවත් මායි අසේලයි හිත හොදින් නිදාගෙන නෑ. මට ලොකු ආසාවක් තිබ්බා හැම ගෑනියෙකුට වගේම දරුවෙක් හදා ගන්න. අපිට ඒ ගෙදර කවදාවත් ඉඩක් ලැබුනේ නෑ. අපි දෙන්නා එක ගෙදර ජීවත් උනේ හරියට රොබෝලා වගේ.
මේ දේවල් නිසාම තමයි මම අසේලට කිව්වේ ටික කාලෙකට අපේ ගෙදර යමු කියලා.. මුලින් අකමැති උනත් මම අඩලා කරපු බල කිරීම නිසාම අසේල අදහසට එකග උනා.
ඒ ගියත් අපිට වැඩිකල් ඒ ගෙදර හොදින් ඉන්න හම්බ උනේ නෑ. අසේලගේ අම්මා මට නිතරම කතා කරලා බනින්න ගත්තා " මගේ කොල්ලට මොනා කරලද දන්නේ නෑ , දැන් අපි ගැන බලන්නෙත් නෑ, හොයන්නෙත් නෑ. මොනා වෙලාද මන්දා. " වගේ එක එක කතා කියන්න ගත්තා. අපි බැන්දට පස්සේ හොදින් හිටපු දවස් තිබුනේ නැති තරම්, මේ දේවල් නිසාම තමයි මම අසේලට කිව්වේ week end එකේ එයාට අම්මව බලන්න යන්න කියලා.
ඉතිං එහෙම ගිහින් ආපු දවසට අසේල මාත් එක්ක හොද නෑ. රන්ඩු වෙනවා. හරිම වෙනස් හැසිරීමක් එයාගේ තිබ්බේ.
දවසක් මම ඔෆිස් ඇරිලා ගෙදර එද්දී අම්මයි අප්පච්චියි ඇස් වල කදුලු පුරවගෙන.ඇහුවම කිව්වේ අසේලගේ අම්මයි නංගියි ඇවිත් අසේලගේ රෙදි ඔක්කොම අරන් ගිහින් මගේ අම්මලාටත් බැනලා. මට එවලේ හිතුනේ. අම්මෙක්ට තමන්ගේ පුතාගේ ජීවිතේ ඒ විදිහට විනාස කරන්න පුලුවන්ද ?ඇයි අම්මේ ඔයාල මෙහෙම කරන්නේ කියල ඇහුවහම ඒ අම්මට ඕන වුනේ මගේ වචනයක් අල්ලගෙන කතාව දිග්ගස්සගන්න.අන්තිමට කතාව නැවතුනේ පුතා අවහම මන් සේරම ක්යන්නම්කො කියල තර්ජනය කරලා.මට හැමදාම ඕන උනේ මගේ අම්මා වගේම ආදරෙන් එයත් බලා ගන්න. කොච්චර හොද කලත් කවදාවත් හොදක් අහලා නෑ මම.එයාලා හැමදාම කලේ මන් ගැන අසේලගේ හිතේ විස පුරවපු එකයි .මන් මොනවා කිව්වත් අසේල ඒවා අම්මවයි එයලවයි කොටවනවා වගේ තමයි දැක්කේ .මන් මොන දේ කොහොම කලත් අසේලට වැරදියි.මොන ගැටලුව ආවත් මට ඕන් උනේ පවුල රැක ගන්න. ආදරේ රැක ගන්න. ඒ නිසාම අපි වෙනම.පුංචියට ගේ කොටසක් හදාගෙන ඒකේ පදිංචි උනා. මේ හැමදේම වෙද්දී අපේ පවුල් ජීව්තේට අවුරුදු 5 වෙන්නත් ඇවිත්. අඩුම තරමින් අපිට දරුවෙක්වත් හදා ගන්න බැරි උනා. මොකද එච්චරට අපි හොදින් නෙවෙයි.ප්රශ්න වලින්ම හෙම්බත් වෙලා.දවසක් අසේලගේ අම්මා කතා කරලා කිව්වා.. අසේලගේ යාලුවෙක් රට ඉදන් එනව කෑමකට එලියට යන්න ලෑස්ති වෙන්න කියලා. ඇත්තටම එයා ගෑනු කෙනෙක්.අපිට කවදාවත් ලැබිලා නෑ හිතේ සතුටින් එලියට ගිහින් ඇවිදලා එන්න. ආදරේ කරන්න. කෙලෙලෙක්ගේ ජීවිතේ මොන තරන්නම් හීන තියෙනවද?හොද පවුලක්, දරුවෝ, ආස කරන විදිහට සතුටින් ජීවත් වෙන්න කොච්චනම් හීන බල්න්නවද?පිරිමි අපිට කොච්චර නම් හීන බලපොරොත්තු දෙනවද ආදරේ කරද්දී. ඉතිං මම හිතේ තිබ්බ දුකටත් එක්ක ඒ ගමන යන්න ඕන නෑ කිව්වා.. කියල ඇඩුවා. කොහොම හරි අසේල මට හොරෙන් ඒ ගම ගිහින් තිබ්බා. ඒත් රන්ඩු කරල ආයෙමත් ඈත් වෙන්න ඕන් නැති නිසා මම සද්ද නොකර හිටියත් අසේලට ඒ ලමයා නිතර නිතර කතා කරන්න ගත්තා. බැරිම තැන මම ඒ ලමයට කතා කරලා කිව්වා.. අපෙ ජීව්විතේට ඇගිලි ගහන්න එපා. අපිට අපේ ජිවිතේ හදා ගන්න ඉඩ දෙන්න කියලා. එයා කිව්වේ " මගේ යලුවා මගෙන් ඈත් කරන්න ඔයා කවුද " මගෙන් එය ඇහුවේ එහෙම. යාලුවට තිබ්බ තැනවත් මට නෑ කියල තැවෙද්දී , අසේලගේ අම්ම කත කරලා කිව්වේ "මගේ දරුවා යන එන තැන් හොයන්න ඔයා කවුද , එයාගේ නිදහසට බාදා කරන්න එපා එයාට යාලුවෝ ආශ්රය කරන්න නිදහසක් තියෙන්න ඕනේ කියලා. මේ දේවල් කියලා වැල හින්නක් වගේ අඩද්දී අසේල මාත් එක්ක රන්ඩු වෙලා ගෙදරින් ගියා..
නැතුව මට ජීවත් වෙන්න බෑ කියලා මන් කොච්චර කියල ඇතිද? එයා නිසා මන් කොච්චර අඬලා ඇතිද?එක දන්නේ මගේ කොට්ටෙ විතරයි .එයා ගිහින් අදට මාස හත අටක් .මම ඉන්නෙ මගේ අම්මල එක්ක. ජීව්තේ මාව කවදාවත් තනි කරන්නේ නෑ කියපු, හැම දාම මගෙ හෙවනැල්ල වගේ ඉන්නවා කියපු, එයා හිස් අතින් මගෙ ලගට එද්දී ජීවිතේ ස්තාවර වෙනකම් එයාගෙ හෙනැල්ල වගේ ලගින් හිටපු, මොහොතකටවත් හීනෙකින්වත් එයාට වැරැද්දක් නොකරපු මම අද තනියම.
එයාට හැමදේම අමතකයි .මගේ අසරණ අම්මායි අප්පච්චියී අදත් මගේ ලග මාත් එක්කම අඩනවා. මේ දේවල් නිසා තමයි මම තේරුම් ගත්තේ ජීවිතේ කොයි තරන්නම් අවිනිශ්චිත ද? පෙරෙ සංසාරෙක මම ලොකු පවක් කරලා ඇති, අද ඒක මම ගෙවනවා වෙන්න ඇති. හැබැයි මම අදටත් ජීවිතේ ඇතෑරලා නෑ.. මට නැති වෙන්න ඇති. මග ඇරෙන්න ඇති, හැබැයි මම මගේ උපරිමයන් උත්සහා කලා හැමදේම රැක ගන්න.