අපිටත් ඕනේ මේ වගේ යුගයක්

TS13

Active member
  • Jan 8, 2010
    448
    78
    28
    අපිටත් ඕනේ මේ වගේ යුගයක්

    10994607_446527962179917_7695466541127774395_n.jpg


    :nerd::nerd::nerd::nerd::nerd:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් හා උතුරේ ප්‍රශ්නය

    රනිල් සිරිසේන නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ ඇමතිවරු දැන් නිතර උතුරු පළාතට, විශේෂයෙන් ම යාපනයට යති, එති. එහි වරදක් නැත. ඔවුන් එහි යන්නේ දුම්රියෙන් ද බසයෙන් ද මෝටර් කාරයෙන් ද ගොඩින් ද උඩින් ද මුහුදෙන් ද යන්න නිල ප්‍රවෘත්ති ප්‍රකාශවල සඳහන් නො වෙයි. (මෛත්‍රී දැන් රට සවාරි යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානා වලින්ද නැද්ද කියල කියන්නෙත් නෑ... ඒ ගැන දැන් කියන්න ලැජ්ජයි ද දන්නේ නෑ) සමහර විට ඒ ජනතාව දැනගත යුතු තොරතුරක් නො විය හැකි ය. එවිට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවත් අපට එය දැනගැනීමට නොහැකි වනු ඇත.
    තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමේ දී අපට ඕනෑම තොරතුරක් ලබාගත හැකි ද? රටේ ආරක්‍ෂාව පිළිබඳ තොරතුරු ද ජනතාවට හෙළිදරවු කරන්නේ ද? ජනතාවට දැනගැනීමට අයිතිය ඇත්තේ කිනම් තොරතුරු ද යන්න තීරණය කරන්නේ කවු ද?


    එහෙත් අද අපේ ප්‍රශ්නය එය නො වේ. රනිල්ට හා ඔහුගේ ආණ්ඩුවට (මෛත්‍රිපාලගේ ආණ්ඩුවක් පොළොන්නරුවේවත් තිබේ ද?) දෙමළ ජනයාගේ ප්‍රශ්නයක් නැත් ද? රනිල් උතුරට ගොස් කියා ඇත්තේ උතුරේ ප්‍රශ්නය විසඳීමක් ගැන ය. මේ විසඳන්නට යන ප්‍රශ්නය කුමක් දැයි රනිල් හෝ මෛත්‍රිපාල හෝ වෙනත් අයකු හෝ පවසන්නේ ද? එය වැලි රාජුට පොරෝ පහරක් වැදුනේ කුමක් කිරීමට ගොස් ද යන ප්‍රශ්නයට වඩා භයානක ප්‍රශ්නයක් ද? :lol::lol:


    අඩු තරමෙන් රනිල් හා දෙමළ සන්ධානයේ නියෝජිතයන් උතුරේ ප්‍රශ්නයක් ගැන කතාකිරීම වැදගත් ය. වඩාත් සුදුසු වන්නේ යාපන අර්ධද්වීපයේ ප්‍රශ්නය ගැන, නිවැරදිව ම කියන්නේ නම් එහි වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය ගැන කතාකිරීම ය. විසඳීමට ඇති දෙමළ ප්‍රශ්නයක් නැත. දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් දැයි අපි අවුරුදු විසිපහකට පමණ පෙර ඇසුවෙමු. එහෙත් මේ වන තුරු එයට පිළිතුරු දී නැත.


    රනිල් උතුරේ ප්‍රශ්නයක් ගැන කතාකරන්නේ අනෙක් දෙමළ ජනයාගේ ප්‍රශ්නය විසඳී ඇති නිසා ද? එයට හේතුව නම් විසඳීමට දෙමළ ජනයාට ප්‍රශ්නයක් නො තිබීම ය. ඔවුන්ට එදත් ප්‍රශ්නයක් නො තිබිණි, අදත් ප්‍රශ්නයක් නැත. කඳුරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? ඔවුන්ට ආර්ථික ප්‍රශ්න ඇත. එහෙත් ඒ දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්න නො වේ.


    එහෙත් උතුරේ වෙල්ලාලයන්ට නම් ප්‍රශ්නයක් ඇත. ඒ මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ය. මේ ප්‍රශ්නය අඩුම තරමෙන් 1833 සිට පැවතෙයි. රටේ ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් වුව ද යාපන අර්ධද්වීපයේ වෙල්ලාලයෝ ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ අය අතරෙන් ඉතා ඉහළ ප්‍රතිශතයකට හිමිකම් කීවෝ ය. ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ඉංගිරිසි අධ්‍යාපනයක් ද වරප්‍රසාද ද තනතුරු ද ලැබූ යාපන වෙල්ලාලයෝ රටේ නායකත්වයට හිමිකම් කීවෝ ය. ඉංගිරිසිහු ඔවුන්ට ඒ නායකත්වය ලබාගැනීමට අනුබල දුන්හ. දහනවවැනි සියවස අවසන් කාර්තුව වන විට රටේ නායකත්වය දැරුවෝ යාපන වෙල්ලාලයෝ ය. ඔවුහු ව්‍යවස්ථාදායකයේ සිංහල මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩි කිරීමට විරුද්ධ වූහ.


    මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමට කටයුතු කළ වෙල්ලාල ප්‍රභූහු 1931 සර්වජන ඡන්දයත් සමග තාවකාලික ව පසුබැස්සෝ ය. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වීම නිසා ය. 1940න් පමණ පසු ඔවුහු කෙමෙන් වෙනම රාජ්‍යයක් සඳහා සටන් කිරීමට පටන්ගත්හ. දෙමළ වෙල්ලායන්ට මෙරට වෙනත් දෙමළ ජනයා සිටින බව මතක් වූයේ ඉන්පසුව ය. ඒ ඔවුන් ට තනිව ම වෙන ම දෙමළ රාජ්‍යයක් ලබාගැනීමට නොහැකි වීම නිසා ය. චෙල්වනායගම් තම ඊළාම් සටන සඳහා සියළු දෙමළ ජනයා පමණක් නොව දෙමළ කතාකරන ජනයා ඒකරාශි කිරීමට කටයුතු කළේ ය. එහෙත් අද වන විට අනෙක් දෙමළ ජනයා ඊළමක් සඳහා සටන් කිරීම අත්හැර ඇත.


    අද විග්නේස්වරන්ලාට තම ඊනියා සටන උතුරට සීමා කරගැනීමට සිදු වී ඇත. අද ද වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය සිංහලත්වයට මෙරට හිමි තැන නැතිකරන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් සිංහලෙන් පමණක් ජාතික ගීය ගැයීමට විරුද්ධ වන්නේ ද රනිල් සිරිසේන එයට එකඟ වන්නේ ද අවුරුදු හැත්තෑවකට පමණ පෙර නාගනාදන් කී ආකාරයට සිංහලයන්ගෙන් නිදහස ලබා ගැනීමට ය. රනිල් දීමට යන්නේ ඒ නිදහස ය.


    නලින් ද සිල්වා


    2015 මාර්තු 27
     
    • Like
    Reactions: ijay