අපිට උපදෙසක්

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    කොම්පියුටරේම ඉන්න අයට පුංචි උපදෙසක් .


    අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ..


    හැමදාම වගේ අදත් ඉතින් ලෙඩ කතාවක්ම තමා ...අර ඇම්ඩන්ගේ මැක්ක වගේ තමා , සොදුරු සුව අසපුවේ හැම ලිපියක්ම වගේ අන්තිමට හරි ලෙඩකින් තමා ඉවර වෙන්නේ ...ඒත් අද එක ලෙඩකින් නෙවි ..ලෙඩ ගොඩකින් අවසන් වන සෙල්ලමක් ගැන තමයි කතා කරන්න හදන්නෙ ....සෙල්ලම තමා පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම . ඇත්තටම සෙල්ලමක් කිවුවට “සෙල්ලමක්ම නොවෙයි ..‘‘ තමන්ගේ අනාගත සුව පහසුව ගැන හිතනවනම් , ටිකක් කල්පනාකාරීව කියවල , තෙරුම් අරගෙන කරන්න උත්සාහ ගන්නට ඕන කාරණා ටිකක් ලියැවේවි අද ..


    පරිගකය කියන්නේ අද කාළේ සෙරෙප්පුවක් , කුඩයක් තරමටම සාමාන්‍ය සහ අතවශ්‍ය උපාංගයක් වෙලා , සමහර විට පරිගණකයම නොවුනත් ඒ පහසුකම් තිබෙන ජංගම දුරකථයක් වෙන්නටත් පුළුවන් . ඒ වගේම රැකියා සහ අධ්‍යාපන කටයුතුත් එක්ක අපට අද , පරිගණකයත් එක්ක වැඩි කාළයක් ගත කරන්න සිදුවෙලා . මේ නිසාම ලෙඩ රෝග ගැන කතා කරන වෛද්‍යක්ෂේත්‍රය තුලත් , Computer Related Health Problems කියලා අළුත් මාතෘකාවක් ගැන හොයන්නට වෙලා තිබෙනවා. තහවුරු නොකළ සංඛ්‍යා ලේඛණ පෙන්වන විදියට පරිගණක භාවිත කරන්නන්ගෙන් 25%ක් ...ඒ කියන්නේ හරියටම කාළක් දැනටමත් මේ පරිගණක ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙමින් ඉන්නවා . සමහර විට මේ දත්ත ඉදිරියෙදි මීටත් වඩා ඉහළ අගයන් එක්ක තහවුරු නොවුනොත් තමා පුදුමයට කාරණේ.


    මේ විදියට පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම නිසා සිදුවන සෞඛ්‍ය ගැටළු ප්‍රධාන වර්ග හතරකට බෙදන් න පුළුවන් . ඒ ,


    1. භෞතිකව ඇතිවන අනතුරු , අපහසුතාවන් සහ වේදනා
    2. පෙනීම සහ ඇස ආශ්‍රිතව ඇතිවන ගැටළු
    3. මානසික ආතතිය , අවපීඩනය සහ බැඳුනු මානසික ගැටළු
    4. කායිකව සහ මානසිකව ඇතිවන අලස සහ දුර්වල බව
    තවත් ක්‍රම ඇති ,ඒත් කතාව ඉස්සරහට ගෙනියන්න පහසුම වර්ගීකරණය තමා මේ ..දන්නවනේ හැමදාමත් වගේ සොඳුරු සුව අසපුවෙදි ලෙඩේට ඉස්සර වෙලා , පොඩිත්තක් ජීව විද්‍යාව ගැන කතා කරන්නට වෙනවා ..අදත් එහෙමමයි ...

    එහෙම නම් මුලින්ම කතා කරමු මොනවද පළමුවෙනි මාතෘකාවට අදාල දේ කියල ...මේ යටතට ප්‍රධානව වැටෙන්නේ Musculoskeletal Injuries කියන කාණ්ඩය ..ඒ කියන්නේ අපේ පේෂි වල සහ කොඳු ඇට , අස්ථි ආශ්‍රිතව ඇතිවන ගැටළු . දැන් අපි ටිකක් බලමු මේවට අදාල ශරීරාංග වල සාමාන්‍ය සැකසුම කෙසේද කියල ..

    මේ තියෙන්නේ අපේ කොදු ඇට පෙළේ කොටසක් , දන්නවනේ ඉතින් ජීව විද්‍යාත්මකව ගත්තම කොන්ද කෙළින්ම තියාගෙන ඉන්න බැරි වුනත් (මොකද කොන්දේ නියමිත ඇද වීම කිහිපයක් තිබෙනවා , ඒ සාමාන්‍ය පිහිටීම) , අපේ ඇඟ සෘජුව තියාගන්න වගේම අපේ අතපය හරියට හයි වෙලා වැඩ කරන්නත් කිලෝ ගාණක් බර මස්කුට්ටි (පේෂි) එල්ලගෙන ඉන්නත් මෙයාගෙන් කෙරෙන්නේ ලොකු කාර්යයක් . මේ රෑපේ තැඹීලි පාටට පෙන්නේ ඊට අදාල කොදු ඇට දෙකක් . පේනවද ඒ කොඳු ඇට දෙක අතරේ නිල් පාට කොට්ටයක් තිබෙනවා Intervertebral disk) , එයා අපේ පැවැත්මට හරිම වැදගත් , මොකද ...ඔය කොන්දට තමා අපේ බරේ ලොකු කොටසක් දරන්න වෙන්නේ ,( විශේෂයෙන්ම කොන්දේ පහල , අපි කියන්නේ තුනටිය කියලා අන්න ඒ හරියට Lumbar region එකට .) ඉතින් ඒ බර දරගනිත්දි ,අපි ඇවිදිත්දි , උඩ පනිත්දි එන දැඩි කම්පනය අවශෝෂණය කරමින් මෘදුව චලනය වන්නට මේ කාටිලේජ කියන සංයෝගයෙන් හැදුනු කොට්ට උපකාර වෙනවා. තව දෙයක් පේනවද ඔය අස්සෙන් ගිහිපු මුල් වගයක් .. ඒ තමයි සුෂූම්නාව සහ ස්නායු , Spinal code and Nerves මේ අය තමයි අපේ ඇඟේ ඉන්න ටෙලිෆෝන් නේට්වර්ක් එක , ඇඟ පුරාම පණිවිඩ ගෙනියන්නේ , ඇවිදින්න , අතපය ඔසවන්න ඕන කරන පෙළඹවීම දෙන්නේ මේ නෙට්වර්ක් එක හරහා . කෙළින්ම මොළය එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුෂූම්නාව තමයි අපේ අතපයේ , හමේ තිබෙන “ප්‍රාණවත්බව“ පවත්වා ගන්නේ . තව විදියකින් කීවොත් සුෂුම්නාව යම් තැනකින් අක්‍රිය වුනාද .. එතැනින් පහල අවයව තිබුණට ඒව නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැහැ , හරියට අංශභාගෙ හැදිල වගේ තමා .ඔය ස්නායු තමයි අපේ ඇඟේ හමේ ඉඳළ , පේෂී වල ඉඳළ පරිවිඩ මොළේට ගෙනියන්න උදව්වෙන්නේ . හැබැයි ඒ ටෙලිෆෝන් කේබල් (ස්නායු) වුනත් කැඩුනොත් , අනවශ්‍ය විදියට නැමුනොත් , තෙරපුනොත් ඉතින් ලෙඩ තමා , කැක්කුම් , හිරිවැටිලි එක්ක තමා ඉන්න වෙන්නේ .

    අපේ වැරදි වැඩ නිසා .....වැරදි වැඩ කීවේ , අපි ඇවිදින , හිටගෙන ඉන්න , බර උස්සන , එහෙම නැත්නම් වාඩිවෙලා ඉන්න විදියේ වැරැද්ද නිසා වැඩියෙන්ම කරදරයට පත්වෙන තැනත් මේක , විශේෂයෙන්ම පරිගණකය එක්ක කතාව සම්බන්ධ වෙන්නේ මෙහෙම , මේ කීව විදියට අපි වැරදි ඉරියව් වලින් වාඩි වෙලා ඉඳගෙන පැය ගාණක් එක දිගට කොම්පියුටරේ වැඩ කරනවා කියල හිතමු , දැන් මොකද වෙන්නේ ..ප්‍රධානවම , අර කොදු ඇට අතරේ තියෙන කොට්ට අසමතුලිත විදියට තෙරපෙන්න පටන් ගන්නවා , ඒ නිසාම එයාගෙ පිහිටීම වෙනස් වෙලා පැත්තක ඇද වෙන්න , නැත්නම් පැත්තකට ලිස්සල යන්න වගේ පුළුවන් . මේ ඇද විමත් එක්ක , ලිස්සීමත් එක්ක ඊළඟ සිදුවිම තමා ස්නායු තෙරපීම Nerve compression මේ තෙරපීම තමා අපට දිගු කාළීනව කරදර ගෙන දෙන්න , සමහර විට ඒක කොන්දේ නැත්නම් බෙල්ලේ කැක්කුමක් වෙන්න පුළුවන් , නැත්නම් හිරි වැටිල්ලක් සමහර විට කොන්දේ එතැනින් පහල පන නැතිව යන තරමට දරුණූ අවස්ථාවක් වෙන්නත් බැරි නැහැ . දැන් ඉතින් මේක කොම්පියුටරෙන් කියන ඔබ , කොන්ද අතගාන්න පටන් ගන්න එකක් නැහැ , කෝකටත් දැන් පොඩි රෙස්ට් එකක් අරගෙන ඉතිරි ටික කියවන්න ..මොකද දැන් පැය දෙකක් විතර ඉන්ටර්නෙට් එකේනේ ඉන්න ඇත්තේ ..දැන් විනාඩි විස්සක් විතර රෙස්ට් කරන්න ..පොඩිඩක් ඔතනින් නැගිටල එහාට මෙහාට ඇවිදින්න , ඔය ජනේලෙන් එහා තිබෙන ගස් කොළන් දිහා බලන්න ....මුළු ඇඟටම පොඩි විවේකයක් දෙන්න ..
    w-Giant-Coffee-Cup75917.jpg
    රෙස්ට් එකක් ගන්න ..

    හරි ආයෙත් විවේකෙන් පස්සේ .....මේ කොන්දට කියපු දේ වගේ සිදුවීමක් අපේ ඇඟීළි , වැලමිල වගේ තැන්වලටත් වෙන්න පුළුවන් , හැබැයි ටිකක් වෙනස් ..මොකද ඒ තැන්වලට කරදර වෙන්නේ ඒ හන්දි අධික වාර ගණනක් නැමීම් දිගහැරීම් සිදුවීම නිසා , ටිකක් හිතල බලන්න අපි අකුරු ටිකක් ටයිප් කරන කොට ඇඟීලි වල සන්ධී කොයිතරම් වාර ගණනක් නැවිල දිග හැරෙනවද කියල ...


    මේ විදියට අධීකව කෙටි කාළ සීමාවක් තුල නැවත නැවත සිදුවන නැමිම් දිග හැරීම් නිසා තමයි අත් , ඇඟීළි ,, සන්ධී ආශ්‍රිත වේදනාවන් , ගැටළු ඇති වන්නේ . මේ ගැන මීට පෙර ලිපි කිහිපයක කතා කරල තිබෙන නිසා එය නැවතත් මෙතැන ලියන්න යන්නේ නැහැ . විවේකයක් ඇති වෙලාවක ඒ ලිපි බලන්න ආරාධනා කරනවා ඔබට ..

    එහෙම නම් අපි ජීව විද්‍යාව පාඩම මෙතනින් පොඩ්ඩක් නවත්වලා අද ප්‍රශ්නයට අදාලව කතා කරන්න පටන් ගනිමු දැන් ...මේ කතා කළ අස්ථි , සන්ධී වගේ තැන්වලට කරදර වෙන්නට හේතු වෙන සිදුවීම් , පරිගණකය ආශ්‍රිත ක්‍රියාකාරකම් තුනක් තිබෙනවා . ඒතමයි Repititive movements (නැවත නැවත සිදුවන ඒකාකාරී චලන , සන්ධි නැමීම් දිග හැරීම් වගේ දේවල් ) අනෙක Awkward postures තව විදියකින් කීවොත් වැරදි ඉරියව් ..අවසාන කාරණේ Static postures ඒ කියන්නේ වැඩි වෙලාවක් එකම පිහිටීමේ , ඉරියව්වේ ඉන්න සිදුවීම ..මෙන්න මේ කාරණා නිසා තමයි අපට බහුලවම Computer Related Health Problems ඇති වන්නේ .. ඒ යටතේ විශේෂයෙන්ම Physical discomforts සහ Pain කියන අවස්ථාවන් .

    දැන් ඊළඟට කතා කරන්නේ Computer Related Health Problems යටතේ තවත් අපට කරදර වන තැනක් ,ඒ ඇස ...
    ඇහැට මේ තත්ත්වය යටතේ සිදුවෙන දේටත් පේෂි සම්බන්ධයි , ඒ කීවේ අපේ ඇහැ එහා මෙහා හරවන්න වගේම , ඇහැ ඇතුලෙ ඉඳගෙන අපට නියමිත නැතට Focus කරල කාචය හැඩගස්වන්නත් පේෂි වල සයයෝගය ඕන . නමුත් මේ පේෂි වැඩිය කැමති වරින් වර , ටික වෙලාවකට සැරයක් හෙළවෙන්න , ඇදෙන්න , ඇකිලෙන්න ....ඒත් හිතන්න ඔබ මොනිටරය දිහාම බලාගෙන පැය දෙකක් හිටිය කියල ..මේ කීව පේෂි වලට පැය දෙකක්ම එකම විදියට ඉන්න වෙලා , මොකද මොනිටර් එක දිහාම නිසා ආයේ වෙනතැනක් Focus කරන්න කියල මහන්සි වෙන්නද ? ...වෙන පැත්තකට හරවන්න කියල මහන්සි වෙන්නද ? ...එකම විදියට ඉන්න වෙනවා ..මේ විදියට අක්ෂි පේෂි සක්‍රියව නොපැවිතීම තමයි ඇස ආශ්‍රිතව ඇතිවන බලපෑම් වලට මුල , ඊට අමතර ඇස සහ ඒ ආශ්‍රිත ස්නායු කෙළින්ම මොළය එක්ක සම්බන්ධයි , ඒ නිසා ඇහැට වෙන අහිත කර බලපෑම මොළයට තදින්ම දැනේනවා , ඒ සමහර විට තද ඔළුවෙ කැක්කුමක් , නැත්නම් ඔක්කාරය ගතියක් , අසාමාන්‍ය නිදිමතක් , ඇහැ ඇරගෙන ඉන්න බැරි තරම් බරක් වගේ විඩාවක් ඇති කරවන්න එයට පුළුවන් . මීට අමතරව එකදිගටම මොනිටරය දිහා බලාගෙන ඉඳීමත් එක්ක ඇසි පිය හෙලන රටාව පවා වෙනස් වෙනබවත් , ඒ නිසා ඇසේ තෙතමනය බෙදීයාම වෙනස්වීමත් එක්ක ඇස මතුපිට වියලි ස්වභාවයක් ඇතිවීමටත් ඉඩ තිබෙන බව මේ පිළිබඳ තවමත් පරියේෂණ කරන කණ්ඩායම් පවසන්නේ . ඒ වගේම ඇස තුලට ඇතුළු වන ආලොකයේ තීව්‍රබවත් සෘජුවම මොළයට වේදනාවේ පණිවිඩ යවනවා.ඒ ආලෝක තිව්‍රතාවය තදින්ම මොළයට බලපාන , ඒ කීවේ අනවශ්‍ය ලෙස තීව්‍රතාව වැඩිවීම ඇසට අපහසුවක් වගේම කෙනෙක්ට කාළීන හිසරුදාව වගේ අපහසුතා ඇති කරන්නත් සාධකයක්..



    දැන් අපි කතා කළා මුලික කාරණා දෙකක් ගැන , ඊළඟට අවසාන කරුණූ දෙක ගැන එකපාරටම විස්තර කරගන්න පුළුවන් වේවි.

    මානසික ආතතිය , මේ තත්ත්වයට තමන්ගේ රාජකාරි වටපිටාව , තමන්ගේ වැඩ මේසයේ සැකසුම Workstation වගේම රාජකාරි කරන කාමරයේ පරිසර තත්ත්වය , වර්ණය , උණුසුම , ඉඩකඩ වගේම බිත්තියේ ගාල තියෙන වර්ණත් බලපානවා.මේ සියල්ලගේම එකතුවෙන් ඇති වෙන Stress කාළයක් තිස්සේ පැවතීම පොදුවේ කායික රෝග ගණනාවක් වගේම මානසික බලපෑම් ගණනාවකුත් කරන්න පුළුවන් බව අද තහවුරු කරගෙන තිබෙන සිදුවීමක්.

    අවසාන කරුණ , අලස බව , හිතන්න රාජකාරියේ ඇතිවන පීඩනය , අධීර කාර්ය බහුල බව , දිගු වෙලාවක් පරිගණකයත් එක්ක ඉන්න නිසා මානසිකව වගේ කායිකව ඇතිවන පීඩා ...මේ සියල්ල එකතු වුනාම දවස අවසානයේ දැනෙන්නේ කියන්නට අපහසු , ඒත් ඇඟ ඇතුලෙන් දැනෙන විහිදී ගිය අපහසුතාවයක් , මේ අපහසුතාවයට දවසේ වෙහෙස වගේම , ඒ නිසා අපේ ඇඟඇතුලේ ඉන්න නිර්නාල ග්‍රන්ථී Endocrine glands වලින් නිපදවෙන හෝමෝනමය ක්‍රියාවත් බලපානවා. ඇත්තම කීවොත් ස්වභාවයෙන් අපේ ඇඟදැන් කියන්න “විවේක ගන්න, අද දරා ගන්න තරම් වැඩ කළා“ කියන දේ ... ඉතින් ගෙදර ගියාම වෙන වැඩක් කරන්න බැරි කමක් , අමාරුගතියක් දැනෙන එක කියන්නත් දෙයක්ද ?..


    දැන් මේ කතා කළ අපහසුතා ඇති වීම වලක්වා ගන්නට කරන්න පුළුවන් මොනවද කියත් කතා කරන්න එපායැ , නැත්නම් ලිපියේ අවසානයක් නැහැනේ , ඒ නිසා සමහර විට ටිකක් දිග වැඩි වුනත් , ඔක්කොම ටික ලියන්නයි හිත , එකවරට කියවන්න බැරි වුනොත් පස්සේ හරි ඉතිරි ටික කියවන්න බලන්න ...


     
    • Like
    Reactions: Jack_Sparrow

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හොඳයි , අපි දැන් කතා කරන්න හදන්නේ නිකම්ම කොන්දේ කැක්කුම අඩු කරන දෙයක් ගැන විතරක් නොවෙයි , පොදුවේ පරිගණකය ආශ්‍රිත “රැකියාවක“ ඉන්න කෙනෙක්ගේ සමස්ථ ජීවිතයටම වැදගත් වන පණිවිඩ කිහිපයක් , මින් කිහිපක් පිළිබඳව අදාල රාජකාරි ආයතන වල වගකිව යුත්තන්ගේ ඇහැ යොමු වෙන්නත් ඕන , ඒ වගේම පෞද්ගලිකව අප තුලත් යම් වෙනසක් වෙන්නට අවශ්‍යමයි .

    Computer related repititive and stree related health issues වලින් කාළීනව ගැලවෙන්න නම් , ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා ,

    මුලින්ම කළ යුතු දේ , තමන්ගේ වැඩ රාජකාරි හැකි තරම් සංවිධානගත කරගන්න , දවසේ වැඩ කටයුතු වල මුලිකත්වය අනුව ඕන කරන ලිපි , අතිරේක උපකරණ , දුරකථනය , වගේ දේ සංවිධානය කරගන්න , තමන්ගේ වැඩ මේසයේ තිබෙන අපිළීවෙල පුළුවන් තරම් සංවිධානය කරගන්න , දන්නවනේ අපේ සමහර වැඩ මේසවල අත තියාගන්නවත් තැනකැ නැති තරම් , එහෙම තියෙනවනම් කොහොමද අතට පීඩාවක් නොදැන වැඩ කරන්නෙ .

    ඊළඟට අදාල කාරණේට ආයතනයේ අධීක්ෂණයට අදාල නිලධාරින්ටත් වගකීමක් තිබෙනවා , ඒ තමයි අදාල පරිගණක ආශ්‍රිත කටයුතු කරන සේවකයාගේ “වැඩ පරිසරය“ , ඒ කියන්නේ අදාල සේවකයගේ කාමරය හෝ ඔහුට අදාල ඉඩකඩ , වටපිටාව .

    අපි මෙහෙම හිතමු , ඔබේ පරිගණක රාජකාරි මේසය තිබෙන්නේ ප්‍රධාන මාර්ගය ආසන්නයේම තිබෙන , කාර්යාලයේ ඇතුළු වීමේ දොරටුවට මුහුණ දීලා , මේසේ වටේටම ප්‍රින්ටර් , ෆොටෝකොපි මැෂින් පාරේ වාහන වල සද්දෙත් එක්ක , මේ උපකරණ වලින් එන සද්දෙත් ආවම .... ! , ඔය අස්සේ ඔබටම තමා , ආයතනයට ඇතුළු වන clients ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නෙත් . ඒ නිසාම මේසේ උඩ ඒ අමතර පොත් , ලෙජර් ...ලයිට් බිල වැඩි නිසා හරියට ලයිට් එකකුත් නැහැ . ...කොහොමද මේ වගේ “වැඩ පරිසරයක“ පැය අටක් විතර එක දිගටම වැඩ කරත්දි දැනෙන සනීපේ ...ඔය විදියට කටයුතු කරත්දි සට්‍රෙස් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද ? ඔය වෙලාවක පොඩ්ඩක් හයියෙන් කතා කෙරුනත් බැනුම් අහන්නම නේ වෙන්න් ... “හපෝ එයාගේ ගණන් ...දවසෙම කරන්නේ ඉතින් ඔය කොම්පියුටරේ ගාව වාඩි වෙලා නිකං ඉන්න එක ..අපි වගේ මහන්සි වෙනවද ? ....ඒ වුනාට කටේ සැර .....“ ........මම මේකෙන් කීවේ මේ තත්ත්වයේ ඉන්න අය ඔක්කොම මේ වගේ කුලප්පු වෙනව කියල , එය පාළනය කරගන්න හැකියාවක් තිබෙන්න ඕන , ඒත් ඇත්තටම මෙහෙම වුනත් ....?

    ඊළඟ වැදගත් සැකැස්ම තමයි වැඩ පරිසරය ආශ්‍රිතව තිබෙන ආලෝක තත්ත්වය , එතැනදි එය කෘතිම ආලෝකයක් නම් (බොහෝ විට) ,එහි තීව්‍ර බව , වර්ණය , සහ බෙදීයාම වගේ සාධක ගැන සැළකිල්ලක් දැක්වීම හරිම වැදගත් , අපි මෙහෙම හිතමු , අපි මුලින් කතා කළ “වැඩ පරිසරය“ට උඩින් වොට් 100ක විතර විදුලි බල්බයක් දාල තිබෙන්නේ , දැන් මේ එක බල්බ් එක නිසා එන හෙවනැලි , රස්නේ වගේම වර්ණයත් සේවකයාගේ ඇහැට , මනසට වදයක් වෙන්න පුළුවන් , එය කෙළින්ම බලපාන්නේ “ඵලදායීතාවයට“ ....
    හොඳම ආලෝක සීමාව විදියට පර්යේෂකයින් හඳුන්වා දෙන්නේ 320-600 lux අතරේ තීව්‍රතාවයක තිබෙන ආලෝකය (lux කියන්නේ ආලෝක තීව්‍රතාව මනින එක්කයක් , එහෙම නැතිව අර සබන් වර්ගය නොවෙයි ..) ඒ වගේම අදාල “වැඩ පරිසරය“ පුරාවට ඒකාකාරීව බෙදීයන විදියේ ආලෝක සැකසුමක් තමා වටින්නේ , ඒ කියන්නේ , හෙවනැලි අඩුවෙන්ම (Glare and reflextions අඩු) ඇතිවෙන ආකාරයට , පැතුරුණූ ආලෝක කදම්භයක් නම් වඩාත් සුදුසුයි , ඒ වගේම වැදගත් දෙයක් , ඒ ඔෆිස් කාමරයේ තවත් පරිගණක එක්ක වැඩකරන මේස තිබෙන්වා නම් , ඒ හැම එකකම වගේ ආසන්න , නැත්නම් සමාන ආලෝක තිව්‍රතාවයක් පවත්වා ගැනීම වැදගත් , මෙහෙම කියමු මේ කතාව , ඔෆිස් කාමරේ ටිකක් වයසින් වැඩි නිලධාරියගේ මේසෙට 500lux විතර ප්‍රබල ආලෝක සැපයුමක් කරල තිබෙනවා , කෙළවරේ ඉන්න අළුතින් ආ තරුණ නිලධාරියගේ මේසය ආශ්‍රිතව තිබෙන්නේ බොහාම දුර්වල එළියක් ...මේ වගේ තත්ත්වයක් තිබීම එතරම් සුදුසු නැහැ . වැඩිම ආලෝක තත්වයත් , අඩුම ආලෝක තත්ත්වයත් අතරේ 1:0.8 (එකට දශම අට) වගේ අනුපාතයක් තිබීම වඩාත් සුදුසුයි කියන එකයි ජාත්‍යන්තර සම්මතය (ISO 9241-6:1996 - http://www.cie.co.at/index.php/Publications/Standards ) ආලෝක වර්ණය අතින් ගත්තොත් ස්වභාවික “සුදු “ ආලෝකයට ආසන්න තත්ත්වයක් පැවතීම වැදගත් , විවිධ වර්ණ සහිත ආලෝකයන් මනසට වෙනස් බලපෑම් කරබව සොයාගෙන දැනට සෑහෙන කාළයක් .


    වැරදි ලෙසින් ආලෝකය සැකසු workstation ......( හඳුනාගන්න වැරැද්ද ..)
    නිවැරදි ආලෝක සැලසුමක් ඇති වැඩ මේසය (workstation) මේසෙට උඩින් තනි බල්බ් එකකට වඩා මෙන්න මේ විදියට ආලෝකය විහිදා හරින උපක්‍රමයක් වඩාත් සුදුසු බවයි මේ පිළිබඳව ජාත්‍යන්තර සම්මතයන් වල සඳහන් වෙන්නේ . ඒ වගේම ඒ උපකරණ පිරිසිදුව , හොඳින් ආලෝකය විහිදී යන තත්ත්වයේ පැවතිය යුතු වීම හරිම වැදගත් . නැත්නම් ඉතින් මේ වගේ උපකරණ වල දැළි වගේ දුවිලි බැදුනු කාර්යාල දකින්න නැහැනේ නේද ? ...


    වඩාත් සුදුසු ආලෝක විහිදුම් උපක්‍රම



















    මේ ආලෝක සැකසුම් කොයි වගේ වෙන්න ඕනද කියල සම්මත තත්ත්වයන් දැන ගන්න ඕන නම් http://www.cie.co.at/index.php/Publications/Standards ලිංක් එකෙන් ගිහින් වැඩි විස්තර බලා ගන්නට පුළුවන්.

    මේකත් එක්කම ඈඳුනු ඊළඟ සැකැසුම තමයි බිත්ති වල වර්ණ රටාවන් , අපි දන්නවනේ බිත්තිවල වර්ණය හුඟක් අඳුරු වර්ණයක් වුනොත් ගෙදර වුනත් එළිය ටිකක් අඩු වෙන බවක් , කාර්යාල , වැඩ පරිසරයක මේක ලොකු අපහසුවක් , ඒ නිසා වර්ණවල අඳුරු බව අඩුවෙන්ම තිබෙන්න ඕන සිවිලිමේ , තව විදියකින් කීවොත් බිත්තිවල වර්ණයට වඩා සිවිලිමේ වර්ණය Bright වෙන්න ඕන , ඒක ආලෝකය හරියට පතුරවා හරින්නට වැදගත් , ඊළඟට බිත්තිවල වර්ණයට වඩා පොළොවේ වර්ණය දීප්තිමත් බව අඩු වෙන්නට ඕන , ආලෝක පරාවර්තනයෙන් ඇසට වන කරදර අඩු කරගන්නට මෙය හරිම වැදගත් , පිළිවෙළින් කීවොත් දීප්තිමත් බව මෙන්න මේ විදියට තිබුණොත් තමා හොඳ “සිවිලිම > බිත්ති > පොළව“ මේස දෙක ඇතුළෙ පාර්ටිෂන් එකක් දාල නම් එකත් බිත්තියේ වර්ණයට ගැලපෙන දීප්තිමත් බවක් තිබුණාම ප්‍රමාණවත් බවය මේ විෂය පිළිබඳ ප්‍රවීණයන් සහ මේ පිළිබඳ සම්මතයන් වල සටහන් වන්නේ.



    ආලෝකය වගේම කාර්යාල කාමරයේ උණුසුම , සංවාතනය වගේ කාරණාත් සේවකයාගේ කාර්යයේ ඵලදායිතාවට සෘජුවම බලපානවා . විශේෂයෙන්ම පරිගණක කටයුතු කෙරෙන කාර්යාලයක 24-26celcius වගේ පරිසර උශ්නත්වයට වඩා ටිකක් අඩු උශ්නත්වයක් පවත්වා ගැනීම පුද්ගල වගේම උපකරණ වල කාර්යක්ෂමතාවයටත් වැදගත් ( දන්නවද ඉදිරිකාළෙකද ගූගල් වගේ විශාල පරිගණක සමාගම් , තමන්ගේ මහා පරිමාණ ස්ර්වර් , ධ්‍රැව ආසන්න රටවලට ගෙනියන්න හදනවලු , මොකද සර්වර් වලට උශ්නත්වය පාළනයට යන පිරිවැය වැඩි නිසා ...ලයිට් බිල ඒ අයටත් දැනිල ) .


    පරිගණක ආශ්‍රිතව රාජකාරි කෙරෙන පරිසරයේ ශබ්ද පාලනයට ලැබෙන්නේ ඉහළ වගකීමක් , හිතමුකෝ අපේ උදහරණයට දුන්නු මේසයේ ඔබ දැන් ලොකු වැඩක ඉන්නේ , එකපාරටම ටෙළිෆෝන් එක නාද වෙනවා ලොක හඬකින් , ඔබේ වැඩකටයුත්තට මොකද වෙන්නේ , ඒ තිගැස්ම , ශබ්දය නිසා බාධාවක් වුනේ නැත්ද ? ...ඒ නිසා මෙබඳු පරිසරයක ඩෙසිබල් 45කට අඩු ශබ්දයක් (තිගැස්මක් , අපහසුතාවයක් ඇති නොවන මට්ටමමේ ) , පවත්වා ගැනීම සමස්ථ ඵලදායීතාවය ඉහළ දැමීමට හේතුවක් බව අදාල ජාත්‍යන්තර සම්මතයන් වල කියැවෙන්නේ .


    මේ ඔක්කොම “ලොක්කට අයිති වැඩනේ ..“ ඒ නිසා ඒකටම තව දෙක තුනකුත් එකතු කරමු , ඒ තමයි මේ රාජකාරි පරිසරයට ගැලපෙන උපකරණ , දෘඩාංග පහසුකම් පිළිබඳ කතාව . ඔබේ workstation එක නැත්නම් වැඩ කරන මේසය සහ අදාල උපාංග මෙන්න මේ කිට්ටුවට වත් තබා ගන්න බලන්න , ඒ කීවේ , මේසය පොළවේ ඉඳන් සෙන්ටිමීටර් 60ක් 70ක් අතරේ උසක තිබෙන්නට ඕන , විශේෂයෙන්ම ඔබ පුටුවක වාඩි වෙලා පරිගණකයේ වැඩ කරනවා නම් , නමුත් හිට ගෙන වැඩ කරන අවස්ථාවනුත් තිබෙනවානේ ඒ වගේ තත්ත්වයකදි සෙන්ටි මීටර් 65- 110 වගේ මට්ටමක් දක්වා ගෙනියන්න වෙනවා , මේ හැම අවස්ථාවකදිම වැඩකරන පුද්ගලයාගේ උසට අනුව මේ සීමා තුල උස අඩු වැඩි කරගන්නට පුළුවන් Adjustable table නම් තමා වඩාත්ම හොඳ . මේ මේසය පැද්දෙන්නේ නැති ස්ථාවර ශක්තිමත් එකක් වීම ඉතාම වැදගත් , ඒ වගේම මේසයේ මතුපිට ඉඩ කඩ , රාජකාරිය අනුව ප්‍රමාණවත්ව තිබෙන්නට ඕන , උදාහරණයක් විදියට ඔබ පාවිච්චි කරන්නේ LCD මොනිටරයක් නම් අඩුම තරමේ සෙ.මි 80කවත් පළලක් (ගැඹුර) තිබෙන්න්ට ඕන හැබැයි පරණ CRT මොනිටරයක් භාවිත කරන්නෙක් නම් මේසේ පළල සෙ.මි 950කවත් අවශ්‍යයි . මේසේ දිග අඩුම තරමේ සෙමි 120ක් , මේ ඉතින් කොම්පියුරේ විතරක් තියාගෙන වැඩ කරන කෙරෙකුට , හෝ තවත් ෆයිල් පොත්පත් උපකරණ තිබෙනවා නම් සෙ.මි 160කවත් දිගක් මේසයේ තිබෙන්නට අවශ්‍යමයි , ඒ ඵලදායි සේවාවකට වගේ සේවකයාගේ වෘත්තීය සෞඛ්‍යමය ගැටළු අවදානම අඩු කරන්නත් .මේසේ මතුපිට තහඩුව හෝ ලෑල්ල සෙ.මි 3ක් වගේ වුනාම ප්‍රමාණවත් , හේතුව එයින් පහල සම්පුර්ණ ඉඩ තිබෙන්නට ඕන අදාල නිලධාරියාට පාද පහසුවෙන් හසුරවගන්නට . ඒ වගේම මතුපිට වර්ණය මෘදු ඇසට ප්‍රිය සහ ආලෝකය පරාවර්තනය නොවන matt surface එකක් වීමත් වැදගත් (Knee height එක සෙ.මි 60-65ක් අතරේ තිබීම ඔහුට / ඇයට පහසුවෙන් පාද එහා මෙහා කරගනිමින් , පහසුවෙන් රාජකාරි කරයුත්ත කරගන්නට උදව්වක්.) ඒ වගේම ඔය මේසේ යට කුණු බක්කි ගොඩගහගෙන ඉන්න එපා , පාද එහා මෙහා කරන්නට සෙ.මී 55ක-60වත් ඉඩකඩක් ඒ වෙනුවෙන් තබා ගන්න . මතක තබා ගත යුතු දේ මේ තැනක සිදුවන අපහසුතාවක් , ඉඩ මදිකමක් නිසා එන තෙරපීමක් දවසකට පැය අට ගානේ අපට වද දෙනවා ..මාසෙකට පැය දෙසීයක් විතර ..අවුරුද්දට ...??? කොහොමද අපි ගනන් නොගත්තට මේ වගේ වරදකින් අපේ ඇඟට සිදුවන අහිත කර බලපෑම , කාළයත් එක්ක ..


    දැන් මේ හදාගත්ත මේසේ මතුපිට , අපට අවශ්‍ය උපාංග අවශ්‍යතාවයේ පිළීවෙල අනුව තබා ගන්නවානම් පහසුයි , උදහර්‍යක් අපි හිතමු අපට නිතරම ස්ටෙප්ලරය ඕන වෙන කෙනෙක් , දැන් මේ සටෙප්ලරය මේසේ එහා කෙළවරේ , ලේසියෙන් ගන්න බැරි ඈතක නම් තිබෙන්නෙ ..? ...හොඳ දේ , අදාල උපකරණ පරිගණකයේ පැත්තකට වන්නට පහසුවෙන් ගන්නට පුළුවන් සීමාවක තබා ගන්න එක . මේ සඳහා අපි Work Zone කියන පදය යොදාගන්නවා ,
    මේ පිංතූරේ පෙන්වන්නේ ඒ විදියට පිළිවෙල කරගන්න ආකාරය , ඔය තැඹිලි පාටට තිබෙන කළාපයේ තමයි ඔබේ කී බෝඩ් මවුස් , වගේ නිතරම ඕන කරන උපාංග තබා ගත යුත්තේ , ඊළඟ නිල් පාට කළාපය නිතරම නොවුනත් වැඩ කටයුත්ත අතර වරින් වර අවශ්‍ය උපාංග , ඉරේසරය , මුද්‍රාවන් , අමතර පෑන් වගේ දේවල සංවිධානය කරල තබා ගන්න මේ සීමාව වඩාත් හොඳ , ඉන් එපිට ලා නිල්පාට සීමාව ඕන වෙන්නෙ දවසේ කටයුතු වලදි ඉතාමත් අඩුවෙන් අවශ්‍ය වන දේ රඳවන්න , සමහර විට ඔබේ පොත්පත් , වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය ලෙජරයන් , ෆයිල් ගොනු රඳවන්න සුදුසු රාක්කයක් හුරු අත අනුව ඔබට වමින් හෝ දකුනින් පවතින එක වගේම පහසුවෙන් ළඟා විය හැකි අයුරින් තිබීමත් , මේ සියල්ල එක්කම අංශක 360ක කරකැවීමක් කරන්න පුළුවන් සුදුසු පුටුවක් පැවතීමත් හරිම වැදගත් . ( පුටුව අරන් කරකැවෙන්න නොවෙයි ... )


    දැන් එහෙම නම් අපි පනින්න හදන්නේ මේසෙන් පුටුවට ..


    පරිගණක ආශ්‍රිතව රැකියාවේ යෙදෙන නිලධාරියා වෙනුවෙන් පුටු තේරීමෙදි සැළකිළිමත් විය යුතු කාරණා කිහිපක් තිබෙනවා , මිල වගේම මෙන්නමේ කරුණූත් සැළකිල්ලට ගත්තොත් මුලික පිරිවැය පොඩ්ඩක් වැඩි වුනත් දිගු කාළිනව ඵලදායී වෙන බව කියන්න පුළුවන් . මොනවද ඒ සැලකිළිමත් විය යුතු කරුණූ ,

    • පුටුවේ Seat pan , backrest එකේ උස සහ ආනතිය Angle එක අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි adjustable එකක් විය යුතුයි.
    • පිටට , පිටේ වක්‍රතාවයන්ට නිසි සසහ ප්‍රමාණවත් පහසුවක් ලබා දෙන ශක්තිමත් සහ මෘදු backrest එකක් තිබිය යුතුයි .
    • seat pan එක වගේම backrest එකත් , ස්පර්ශ වන දේහ කොටස් වල රැධීර සංසරණයට බාධා නොකරන ප්‍රමාණවත් මෘදු බවකින් යුක්ත විය යුතුයි .
    • අංශක 360ක භ්‍රමණයක් කළ හැකි එකක් විය යුතුයි
    මේ “යුතුයි“ ලිස්ට් එක දැක්ක ගමන්ම “ලොක්කට “ කලන්තේ දාවිද දන්නේ නැහැ , ඒත් මේ සියල්ල ආයතනයේ ඵලදායීතාවට සෘජුවම බලපාන කරුණූ .



    පුටුවේ සැකසුම කොහොම වෙන්න ඕනද කියන එක බොහොම හොඳට පැහැදිලි කෙරෙන පිංතූරයක් ලැබුණා .බලන්න එය .
    A. Seat Pan width 400mm minimum recommended
    b. Seat Pan Depth 380 – 480mm recommended
    C. back rest Width 360mm minimum recommended
    D. back rest Height 170 – 230mm minimum recommended





     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේවාට අමතරව ඔබ පරිගණකයට දත්ත ඇතුළු කිරීම වගේ රාජකාරියක් කරන්නෙක් කම් අදාල සටහන් නිසි ලෙස රඳවා තබා ගැනීමට සුදුසු Document holder එකක් , මේ එක්කම දුරකථනය පිළිතුරු දීමත් නිතර කරන්න වෙන්වා නම් සුදුසු හෙඩ් සෙට් එකක් ලබා ගැනීමත් වැදගත් . එසේ නැතිව රිසීවරය බෙල්ලට හිර කරගෙන අනෙක් වැඩ කරන්න ගියොත් අනාගතේ ලොකු කරදරයක් වෙන්නට ඒකම ප්‍රමාණවත්.


    images
    මේව හොඳ නෑ ඇඟට ගුණ නෑ
    images
    ඇඟට හොඳ ක්‍රමේ




    මෙතනින් පස්සේ අපේ පරිගණක උපාංග කොහොමද එකලස් කරගත යුතු සහ යොදා ගත යුතු කියන එකයි කතා කරන්න හදන්නේ , මේ කියවන බොහෝ දෙනෙක් , පරිගණක තාක්ෂණය ගැන දන්නා උදවිය නිසා ඒ ගැන ගොඩක් කතා කරනවාට වඩා “තොරණක්“ පෙන්නුවොත් හොඳයි කියල හිතුනා , ලිපියේ දිගු බව වැඩිවීමත් එක්ක එන අපහසුතාව අඩු කරගන්නත් එක්ක ඒ තොරණ බලන්නකෝ....


    මොනිටර් එක ගැන .. පිංතූරෙ අමතර කරුණක් එක් කළොත් මේ තිරය , ඇසට බාධාකාරී විදියට අමතර ආලෝක පරාවර්තන නොලැබෙන විදියට ආනත කර ගැනීම වගේම , (The top of the screen not be closer to the user’s eye than the bottom;) මොනටරයේ වර්ණ තිව්‍රතාව මෘදු සහ ඇසට පීඩාවක් නොදෙන මට්ටමක තබා ගැනීමත් වැදගත් .



    මීයා ළගින් ඉන්න එක හොඳා ..

    කීබෝර් එක ගැන පිංතූර කතාව ..






    ඔන්න දැන් අපි එන්නෙ අපේ වැරදි ටික කතා කරන්න , ඒ කියන්නේ අපේ දේහ ස්ථාපිත නිවැරදිව පවත්වා නොගැනීම මේ කරදර වලට හේතුවක් නිසා , නිවැරදි දේහ ස්ථාපිත මොනවද කියල කතා කරන්නයි හදන්නෙ , අපි මේ නිවැරදි ස්ථාපිත භාවිත කරන්නෙ , අපේ පේෂි වලට , සන්ධි වලට කොන්දට අවම බලපෑමක් පවත්වා ගන්නට , මක් නිසාද , අනවශ්‍ය පීඩනයන් , ඇදීම් , තෙරපීම් මේ ස්ථාන වලට දිගු කාළීනව සිදුවීම තමයි මේ හුඟක් කරදර වලට මුල , මුලින්ම අපි බලමු කොහොමද අපි පරිගණකයේ වැඩ කරන්න වාඩි වෙලා ඉන්නේ කියලා ,


    මේ රූපයේ පෙන්වා තිබෙන ආකාර හතරම දවසේ වැඩි වෙලාවක් පරිගණක භාවිත කරන්නන්ට සුදුසු ක්‍රම ලෙසින් තමයි හඳුන්වා දෙන්නේ . මෙයින් පළමු ආකාර තුන තමයි කාර්යාල ආශ්‍රිතව වඩාත් වැදගත් වෙයි කියල මට හිතේනනේ , ඒත් හතර වන ක්‍රමය මේ රටවල නම් රෝහල් , ප්‍රජා සෞඛ්‍ය ආයතන වල බහුලවම යොදා ගන්න ක්‍රමයක් .




    මේ කුමන ආකාරයට හිටියත් එක දිගට පැය දෙකකට වඩා එකම විදියට ඉන්න එක හොඳ නැහැ , අඩුම තරමේ පැය දෙකකට වතාවක්පොඩි බ්රේක් එකක් (තත්ත්පර 20 විනාඩියක් අවමව) ගන්න ඕනමයි , ඒක පැය ගණනක එකක් වෙන්න ඕන නැහැ , විනාඩියක් විතර වුනත් ඇති , කරන වැඩේ පොඩ්ඩක් නවත්වල , පුටුවෙන් නැගිට්න්න , පුළුවන් නම් ටිකක් ඇවිදින්න , ඒ ගමන් ඔය එළිය පහළිය ටිකක් බලන්න , ළඟ ඉන්න කෙනෙක් එක්ක වචනයක් දෙකක් කතා කරල එන්න . ඒ විදියට කරන්න බැරි නම් පුටුවේ ඉඳගෙනම පොඩ්ඩක් රෙස් කරන්න , නැගිටල වාඩි වෙන්න පුළුවන් , බිත්තියේ තියෙන පිංතූරක් , ඔරලෝසුව , නැත්නම් එහා workstation එකේ ඉන්න ලස්සන දෙයක් දිහා බලන්නත් පුළුවන් .ඒකම ඇති , එහෙම නැත්නම් මෙන්න මේ විදියට exercise වගේ කරන්න ,






    මේ ගැන තවත් විස්තර වගේම ඔබේ ආරක්ෂාවට අදාල තත්ත්වය පිළිබඳ අගැයුමක් කර ගත හැකි පරික්ෂා ලයිස්තුවකුත් මෙතැනින් ලබා ගන්නට පුළුවන් . http://www.osha.gov/SLTC/etools/computerworkstations/checklist.html#purchase




    මේ මාතෘකාව වෙනමම විෂයක් , විෂය කාරණා සියල්ල මේ ලිපියකට ගැට ගසන්නට අමාරුයි , ඒත් දැනගතයුතුම කාරණා ටිකක් එකතු කරන්නට පුළුවන් වුනා කියල හිතෙනවා . මේ රටවලදි නම් රැකියාවකට බඳවාගෙන මුල් දින කිහිපය පුරා පන්ති පවත්වමින් මේ කාරණා ගැන , සෞඛ්‍ය ආයතනයක නම් එහි භාවිත වන රසායනික ද්‍රව්‍ය , ඖෂධ , ඒවායින් වෙන්න පුළුවන් අනතුරු ඒ තියා , රෝගියෙක් ගෙන කරදර වෙන්න ආවොත් , ඒ අනතුරෙන් ගැලවෙන්න අවශ්‍ය කරන තාක්ෂණය ගැනත් දැනුවත් කරනවා , මොකද සේවකයාට , රැකියාවට නිසා අනතුරක් වුනොත් ලොකු වන්දි මුදලක් ගෙවන්නට , අදාල සේව්‍යයාට සිදුවෙනවා , අනෙක ඒවට උපකාර කරන්නම නීතීඥ සමාගම් “කෙළ පෙරගෙන බලාගෙන ඉන්නවා “ කිව්වොත් වැරදි නැහැ . කොහොම වුනත් ඒ නිසා රැකියාව තුල අදාල රාජකාරි වලට පය තබන්නේ , තමන්ගේ ආරක්ෂාව ගැන හොඳින්ම දැනගෙන.


    එසේ නම් ටිකක් දිග ලිපියක අවසානය , මේ දවස් වල කැනඩාවට දරුණූ ගංවතුරක් ඇති බව රූපවාහිනී මාධ්‍යවල ප්‍රචාරය විමත් සමඟ වරින් වර දුරකථන ඇමතුම් දෙමින් ඊ පණිවිඩ එවමින් අප ගැන විමසූ මගේ මිතුරු , මිතුරියන් සහ දරු දැරියන් හැමෝටම ස්තුතියි , කැනඩාවේ කැල්ගරි කියන ප්‍රෙද්ශයට තමා මේ ජල ගැල්මෙන් ලොකු හානියක් වෙලා තිබෙන්නේ . එයින් කිලෝමීටර් 3500ක් විතර දුරින් අප රැඳී ඉන්න ටොරොන්ටෝ ප්‍රෙද්ශයට එයින් බලපෑමක් වෙලා නැහැ , ඒත් අපේ ශ්‍රී ලාංකිකයන් බොහොමයක් කැල්ගරි වල සිටිනවා. අපේ මිතුරන් කිහිප දෙනෙක් හිටියත් ඔවුන්ව දුරකථන මඟින් සම්බන්ධ කරගන්නට තවම හැකියාවක් නැහැ , හේතුව ඒ ප්‍රෙද්ශවල නිවැසියන් ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබීම , මේ තරම් විනාශයක් වුනත් සිදුවූ ජීවිත හානි ගණන නම් 3ක් විතරයි , ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට ප්‍රෙද්ශයේ බලධාරින් ප්‍රශංසනීය ලෙස ක්‍රියාකරමින් සිටිනවා


    සම්පුණයෙන් මේය උපුටා ගැනිමකි
    ගත්තේ මේතනින්

    nursinglk