කොම්පියුටරේම ඉන්න අයට පුංචි උපදෙසක් .
අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ..
හැමදාම වගේ අදත් ඉතින් ලෙඩ කතාවක්ම තමා ...අර ඇම්ඩන්ගේ මැක්ක වගේ තමා , සොදුරු සුව අසපුවේ හැම ලිපියක්ම වගේ අන්තිමට හරි ලෙඩකින් තමා ඉවර වෙන්නේ ...ඒත් අද එක ලෙඩකින් නෙවි ..ලෙඩ ගොඩකින් අවසන් වන සෙල්ලමක් ගැන තමයි කතා කරන්න හදන්නෙ ....සෙල්ලම තමා පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම . ඇත්තටම සෙල්ලමක් කිවුවට “සෙල්ලමක්ම නොවෙයි ..‘‘ තමන්ගේ අනාගත සුව පහසුව ගැන හිතනවනම් , ටිකක් කල්පනාකාරීව කියවල , තෙරුම් අරගෙන කරන්න උත්සාහ ගන්නට ඕන කාරණා ටිකක් ලියැවේවි අද ..
පරිගකය කියන්නේ අද කාළේ සෙරෙප්පුවක් , කුඩයක් තරමටම සාමාන්‍ය සහ අතවශ්‍ය උපාංගයක් වෙලා , සමහර විට පරිගණකයම නොවුනත් ඒ පහසුකම් තිබෙන ජංගම දුරකථයක් වෙන්නටත් පුළුවන් . ඒ වගේම රැකියා සහ අධ්‍යාපන කටයුතුත් එක්ක අපට අද , පරිගණකයත් එක්ක වැඩි කාළයක් ගත කරන්න සිදුවෙලා . මේ නිසාම ලෙඩ රෝග ගැන කතා කරන වෛද්යක්ෂේත්රය තුලත් , Computer Related Health Problems කියලා අළුත් මාතෘකාවක් ගැන හොයන්නට වෙලා තිබෙනවා. තහවුරු නොකළ සංඛ්‍යා ලේඛණ පෙන්වන විදියට පරිගණක භාවිත කරන්නන්ගෙන් 25%ක් ...ඒ කියන්නේ හරියටම කාළක් දැනටමත් මේ පරිගණක ආශ්රිත සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙමින් ඉන්නවා . සමහර විට මේ දත්ත ඉදිරියෙදි මීටත් වඩා ඉහළ අගයන් එක්ක තහවුරු නොවුනොත් තමා පුදුමයට කාරණේ.
මේ විදියට පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම නිසා සිදුවන සෞඛ්‍ය ගැටළු ප්‍රධාන වර්ග හතරකට බෙදන් න පුළුවන් . ඒ ,
එහෙම නම් මුලින්ම කතා කරමු මොනවද පළමුවෙනි මාතෘකාවට අදාල දේ කියල ...මේ යටතට ප්‍රධානව වැටෙන්නේ Musculoskeletal Injuries කියන කාණ්ඩය ..ඒ කියන්නේ අපේ පේෂි වල සහ කොඳු ඇට , අස්ථි ආශ්‍රිතව ඇතිවන ගැටළු . දැන් අපි ටිකක් බලමු මේවට අදාල ශරීරාංග වල සාමාන්‍ය සැකසුම කෙසේද කියල ..
මේ තියෙන්නේ අපේ කොදු ඇට පෙළේ කොටසක් , දන්නවනේ ඉතින් ජීව විද්‍යාත්මකව ගත්තම කොන්ද කෙළින්ම තියාගෙන ඉන්න බැරි වුනත් (මොකද කොන්දේ නියමිත ඇද වීම කිහිපයක් තිබෙනවා , ඒ සාමාන්‍ය පිහිටීම) , අපේ ඇඟ සෘජුව තියාගන්න වගේම අපේ අතපය හරියට හයි වෙලා වැඩ කරන්නත් කිලෝ ගාණක් බර මස්කුට්ටි (පේෂි) එල්ලගෙන ඉන්නත් මෙයාගෙන් කෙරෙන්නේ ලොකු කාර්යයක් . මේ රෑපේ තැඹීලි පාටට පෙන්නේ ඊට අදාල කොදු ඇට දෙකක් . පේනවද ඒ කොඳු ඇට දෙක අතරේ නිල් පාට කොට්ටයක් තිබෙනවා Intervertebral disk) , එයා අපේ පැවැත්මට හරිම වැදගත් , මොකද ...ඔය කොන්දට තමා අපේ බරේ ලොකු කොටසක් දරන්න වෙන්නේ ,( විශේෂයෙන්ම කොන්දේ පහල , අපි කියන්නේ තුනටිය කියලා අන්න ඒ හරියට Lumbar region එකට .) ඉතින් ඒ බර දරගනිත්දි ,අපි ඇවිදිත්දි , උඩ පනිත්දි එන දැඩි කම්පනය අවශෝෂණය කරමින් මෘදුව චලනය වන්නට මේ කාටිලේජ කියන සංයෝගයෙන් හැදුනු කොට්ට උපකාර වෙනවා. තව දෙයක් පේනවද ඔය අස්සෙන් ගිහිපු මුල් වගයක් .. ඒ තමයි සුෂූම්නාව සහ ස්නායු , Spinal code and Nerves මේ අය තමයි අපේ ඇඟේ ඉන්න ටෙලිෆෝන් නේට්වර්ක් එක , ඇඟ පුරාම පණිවිඩ ගෙනියන්නේ , ඇවිදින්න , අතපය ඔසවන්න ඕන කරන පෙළඹවීම දෙන්නේ මේ නෙට්වර්ක් එක හරහා . කෙළින්ම මොළය එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුෂූම්නාව තමයි අපේ අතපයේ , හමේ තිබෙන “ප්‍රාණවත්බව“ පවත්වා ගන්නේ . තව විදියකින් කීවොත් සුෂුම්නාව යම් තැනකින් අක්‍රිය වුනාද .. එතැනින් පහල අවයව තිබුණට ඒව නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැහැ , හරියට අංශභාගෙ හැදිල වගේ තමා .ඔය ස්නායු තමයි අපේ ඇඟේ හමේ ඉඳළ , පේෂී වල ඉඳළ පරිවිඩ මොළේට ගෙනියන්න උදව්වෙන්නේ . හැබැයි ඒ ටෙලිෆෝන් කේබල් (ස්නායු) වුනත් කැඩුනොත් , අනවශ්‍ය විදියට නැමුනොත් , තෙරපුනොත් ඉතින් ලෙඩ තමා , කැක්කුම් , හිරිවැටිලි එක්ක තමා ඉන්න වෙන්නේ .
අපේ වැරදි වැඩ නිසා .....වැරදි වැඩ කීවේ , අපි ඇවිදින , හිටගෙන ඉන්න , බර උස්සන , එහෙම නැත්නම් වාඩිවෙලා ඉන්න විදියේ වැරැද්ද නිසා වැඩියෙන්ම කරදරයට පත්වෙන තැනත් මේක , විශේෂයෙන්ම පරිගණකය එක්ක කතාව සම්බන්ධ වෙන්නේ මෙහෙම , මේ කීව විදියට අපි වැරදි ඉරියව් වලින් වාඩි වෙලා ඉඳගෙන පැය ගාණක් එක දිගට කොම්පියුටරේ වැඩ කරනවා කියල හිතමු , දැන් මොකද වෙන්නේ ..ප්‍රධානවම , අර කොදු ඇට අතරේ තියෙන කොට්ට අසමතුලිත විදියට තෙරපෙන්න පටන් ගන්නවා , ඒ නිසාම එයාගෙ පිහිටීම වෙනස් වෙලා පැත්තක ඇද වෙන්න , නැත්නම් පැත්තකට ලිස්සල යන්න වගේ පුළුවන් . මේ ඇද විමත් එක්ක , ලිස්සීමත් එක්ක ඊළඟ සිදුවිම තමා ස්නායු තෙරපීම Nerve compression මේ තෙරපීම තමා අපට දිගු කාළීනව කරදර ගෙන දෙන්න , සමහර විට ඒක කොන්දේ නැත්නම් බෙල්ලේ කැක්කුමක් වෙන්න පුළුවන් , නැත්නම් හිරි වැටිල්ලක් සමහර විට කොන්දේ එතැනින් පහල පන නැතිව යන තරමට දරුණූ අවස්ථාවක් වෙන්නත් බැරි නැහැ . දැන් ඉතින් මේක කොම්පියුටරෙන් කියන ඔබ , කොන්ද අතගාන්න පටන් ගන්න එකක් නැහැ , කෝකටත් දැන් පොඩි රෙස්ට් එකක් අරගෙන ඉතිරි ටික කියවන්න ..මොකද දැන් පැය දෙකක් විතර ඉන්ටර්නෙට් එකේනේ ඉන්න ඇත්තේ ..දැන් විනාඩි විස්සක් විතර රෙස්ට් කරන්න ..පොඩිඩක් ඔතනින් නැගිටල එහාට මෙහාට ඇවිදින්න , ඔය ජනේලෙන් එහා තිබෙන ගස් කොළන් දිහා බලන්න ....මුළු ඇඟටම පොඩි විවේකයක් දෙන්න ..
රෙස්ට් එකක් ගන්න ..
හරි ආයෙත් විවේකෙන් පස්සේ .....මේ කොන්දට කියපු දේ වගේ සිදුවීමක් අපේ ඇඟීළි , වැලමිල වගේ තැන්වලටත් වෙන්න පුළුවන් , හැබැයි ටිකක් වෙනස් ..මොකද ඒ තැන්වලට කරදර වෙන්නේ ඒ හන්දි අධික වාර ගණනක් නැමීම් දිගහැරීම් සිදුවීම නිසා , ටිකක් හිතල බලන්න අපි අකුරු ටිකක් ටයිප් කරන කොට ඇඟීලි වල සන්ධී කොයිතරම් වාර ගණනක් නැවිල දිග හැරෙනවද කියල ...
මේ විදියට අධීකව කෙටි කාළ සීමාවක් තුල නැවත නැවත සිදුවන නැමිම් දිග හැරීම් නිසා තමයි අත් , ඇඟීළි ,, සන්ධී ආශ්රිත වේදනාවන් , ගැටළු ඇති වන්නේ . මේ ගැන මීට පෙර ලිපි කිහිපයක කතා කරල තිබෙන නිසා එය නැවතත් මෙතැන ලියන්න යන්නේ නැහැ . විවේකයක් ඇති වෙලාවක ඒ ලිපි බලන්න ආරාධනා කරනවා ඔබට ..
එහෙම නම් අපි ජීව විද්‍යාව පාඩම මෙතනින් පොඩ්ඩක් නවත්වලා අද ප්‍රශ්නයට අදාලව කතා කරන්න පටන් ගනිමු දැන් ...මේ කතා කළ අස්ථි , සන්ධී වගේ තැන්වලට කරදර වෙන්නට හේතු වෙන සිදුවීම් , පරිගණකය ආශ්රිත ක්‍රියාකාරකම් තුනක් තිබෙනවා . ඒතමයි Repititive movements (නැවත නැවත සිදුවන ඒකාකාරී චලන , සන්ධි නැමීම් දිග හැරීම් වගේ දේවල් ) අනෙක Awkward postures තව විදියකින් කීවොත් වැරදි ඉරියව් ..අවසාන කාරණේ Static postures ඒ කියන්නේ වැඩි වෙලාවක් එකම පිහිටීමේ , ඉරියව්වේ ඉන්න සිදුවීම ..මෙන්න මේ කාරණා නිසා තමයි අපට බහුලවම Computer Related Health Problems ඇති වන්නේ .. ඒ යටතේ විශේෂයෙන්ම Physical discomforts සහ Pain කියන අවස්ථාවන් .
දැන් ඊළඟට කතා කරන්නේ Computer Related Health Problems යටතේ තවත් අපට කරදර වන තැනක් ,ඒ ඇස ...
ඇහැට මේ තත්ත්වය යටතේ සිදුවෙන දේටත් පේෂි සම්බන්ධයි , ඒ කීවේ අපේ ඇහැ එහා මෙහා හරවන්න වගේම , ඇහැ ඇතුලෙ ඉඳගෙන අපට නියමිත නැතට Focus කරල කාචය හැඩගස්වන්නත් පේෂි වල සයයෝගය ඕන . නමුත් මේ පේෂි වැඩිය කැමති වරින් වර , ටික වෙලාවකට සැරයක් හෙළවෙන්න , ඇදෙන්න , ඇකිලෙන්න ....ඒත් හිතන්න ඔබ මොනිටරය දිහාම බලාගෙන පැය දෙකක් හිටිය කියල ..මේ කීව පේෂි වලට පැය දෙකක්ම එකම විදියට ඉන්න වෙලා , මොකද මොනිටර් එක දිහාම නිසා ආයේ වෙනතැනක් Focus කරන්න කියල මහන්සි වෙන්නද ? ...වෙන පැත්තකට හරවන්න කියල මහන්සි වෙන්නද ? ...එකම විදියට ඉන්න වෙනවා ..මේ විදියට අක්ෂි පේෂි සක්‍රියව නොපැවිතීම තමයි ඇස ආශ්‍රිතව ඇතිවන බලපෑම් වලට මුල , ඊට අමතර ඇස සහ ඒ ආශ්රිත ස්නායු කෙළින්ම මොළය එක්ක සම්බන්ධයි , ඒ නිසා ඇහැට වෙන අහිත කර බලපෑම මොළයට තදින්ම දැනේනවා , ඒ සමහර විට තද ඔළුවෙ කැක්කුමක් , නැත්නම් ඔක්කාරය ගතියක් , අසාමාන්‍ය නිදිමතක් , ඇහැ ඇරගෙන ඉන්න බැරි තරම් බරක් වගේ විඩාවක් ඇති කරවන්න එයට පුළුවන් . මීට අමතරව එකදිගටම මොනිටරය දිහා බලාගෙන ඉඳීමත් එක්ක ඇසි පිය හෙලන රටාව පවා වෙනස් වෙනබවත් , ඒ නිසා ඇසේ තෙතමනය බෙදීයාම වෙනස්වීමත් එක්ක ඇස මතුපිට වියලි ස්වභාවයක් ඇතිවීමටත් ඉඩ තිබෙන බව මේ පිළිබඳ තවමත් පරියේෂණ කරන කණ්ඩායම් පවසන්නේ . ඒ වගේම ඇස තුලට ඇතුළු වන ආලොකයේ තීව්රබවත් සෘජුවම මොළයට වේදනාවේ පණිවිඩ යවනවා.ඒ ආලෝක තිව්‍රතාවය තදින්ම මොළයට බලපාන , ඒ කීවේ අනවශ්‍ය ලෙස තීව්‍රතාව වැඩිවීම ඇසට අපහසුවක් වගේම කෙනෙක්ට කාළීන හිසරුදාව වගේ අපහසුතා ඇති කරන්නත් සාධකයක්..
දැන් අපි කතා කළා මුලික කාරණා දෙකක් ගැන , ඊළඟට අවසාන කරුණූ දෙක ගැන එකපාරටම විස්තර කරගන්න පුළුවන් වේවි.
මානසික ආතතිය , මේ තත්ත්වයට තමන්ගේ රාජකාරි වටපිටාව , තමන්ගේ වැඩ මේසයේ සැකසුම Workstation වගේම රාජකාරි කරන කාමරයේ පරිසර තත්ත්වය , වර්ණය , උණුසුම , ඉඩකඩ වගේම බිත්තියේ ගාල තියෙන වර්ණත් බලපානවා.මේ සියල්ලගේම එකතුවෙන් ඇති වෙන Stress කාළයක් තිස්සේ පැවතීම පොදුවේ කායික රෝග ගණනාවක් වගේම මානසික බලපෑම් ගණනාවකුත් කරන්න පුළුවන් බව අද තහවුරු කරගෙන තිබෙන සිදුවීමක්.
අවසාන කරුණ , අලස බව , හිතන්න රාජකාරියේ ඇතිවන පීඩනය , අධීර කාර්ය බහුල බව , දිගු වෙලාවක් පරිගණකයත් එක්ක ඉන්න නිසා මානසිකව වගේ කායිකව ඇතිවන පීඩා ...මේ සියල්ල එකතු වුනාම දවස අවසානයේ දැනෙන්නේ කියන්නට අපහසු , ඒත් ඇඟ ඇතුලෙන් දැනෙන විහිදී ගිය අපහසුතාවයක් , මේ අපහසුතාවයට දවසේ වෙහෙස වගේම , ඒ නිසා අපේ ඇඟඇතුලේ ඉන්න නිර්නාල ග්‍රන්ථී Endocrine glands වලින් නිපදවෙන හෝමෝනමය ක්‍රියාවත් බලපානවා. ඇත්තම කීවොත් ස්වභාවයෙන් අපේ ඇඟදැන් කියන්න “විවේක ගන්න, අද දරා ගන්න තරම් වැඩ කළා“ කියන දේ ... ඉතින් ගෙදර ගියාම වෙන වැඩක් කරන්න බැරි කමක් , අමාරුගතියක් දැනෙන එක කියන්නත් දෙයක්ද ?..
දැන් මේ කතා කළ අපහසුතා ඇති වීම වලක්වා ගන්නට කරන්න පුළුවන් මොනවද කියත් කතා කරන්න එපායැ , නැත්නම් ලිපියේ අවසානයක් නැහැනේ , ඒ නිසා සමහර විට ටිකක් දිග වැඩි වුනත් , ඔක්කොම ටික ලියන්නයි හිත , එකවරට කියවන්න බැරි වුනොත් පස්සේ හරි ඉතිරි ටික කියවන්න බලන්න ...
අද දවසේ ලිපියට මාතෘකාව ගෙනාවේ අපේ සිංහල බ්ලොග් අවකාශයේම ඉන්න මිතුරෙක් ..අද කියන්න යන කාරනාවට අදාලව වගේ ගැටළුවකට මුහුණ දීලා , මේ දවස් ටිකේ විවේකයෙන් ඉන්න මිත්‍රයගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මණීන් සුව අතට හැරෙන්නට පතමින්ම ලිපියේ ගැඹූරට යන්න හදන්නේ ..
හැමදාම වගේ අදත් ඉතින් ලෙඩ කතාවක්ම තමා ...අර ඇම්ඩන්ගේ මැක්ක වගේ තමා , සොදුරු සුව අසපුවේ හැම ලිපියක්ම වගේ අන්තිමට හරි ලෙඩකින් තමා ඉවර වෙන්නේ ...ඒත් අද එක ලෙඩකින් නෙවි ..ලෙඩ ගොඩකින් අවසන් වන සෙල්ලමක් ගැන තමයි කතා කරන්න හදන්නෙ ....සෙල්ලම තමා පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම . ඇත්තටම සෙල්ලමක් කිවුවට “සෙල්ලමක්ම නොවෙයි ..‘‘ තමන්ගේ අනාගත සුව පහසුව ගැන හිතනවනම් , ටිකක් කල්පනාකාරීව කියවල , තෙරුම් අරගෙන කරන්න උත්සාහ ගන්නට ඕන කාරණා ටිකක් ලියැවේවි අද ..පරිගකය කියන්නේ අද කාළේ සෙරෙප්පුවක් , කුඩයක් තරමටම සාමාන්‍ය සහ අතවශ්‍ය උපාංගයක් වෙලා , සමහර විට පරිගණකයම නොවුනත් ඒ පහසුකම් තිබෙන ජංගම දුරකථයක් වෙන්නටත් පුළුවන් . ඒ වගේම රැකියා සහ අධ්‍යාපන කටයුතුත් එක්ක අපට අද , පරිගණකයත් එක්ක වැඩි කාළයක් ගත කරන්න සිදුවෙලා . මේ නිසාම ලෙඩ රෝග ගැන කතා කරන වෛද්යක්ෂේත්රය තුලත් , Computer Related Health Problems කියලා අළුත් මාතෘකාවක් ගැන හොයන්නට වෙලා තිබෙනවා. තහවුරු නොකළ සංඛ්‍යා ලේඛණ පෙන්වන විදියට පරිගණක භාවිත කරන්නන්ගෙන් 25%ක් ...ඒ කියන්නේ හරියටම කාළක් දැනටමත් මේ පරිගණක ආශ්රිත සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙමින් ඉන්නවා . සමහර විට මේ දත්ත ඉදිරියෙදි මීටත් වඩා ඉහළ අගයන් එක්ක තහවුරු නොවුනොත් තමා පුදුමයට කාරණේ.
මේ විදියට පරිගණකය නිසි ලෙස භාවිත නොකිරීම නිසා සිදුවන සෞඛ්‍ය ගැටළු ප්‍රධාන වර්ග හතරකට බෙදන් න පුළුවන් . ඒ ,
- භෞතිකව ඇතිවන අනතුරු , අපහසුතාවන් සහ වේදනා
- පෙනීම සහ ඇස ආශ්‍රිතව ඇතිවන ගැටළු
- මානසික ආතතිය , අවපීඩනය සහ බැඳුනු මානසික ගැටළු
- කායිකව සහ මානසිකව ඇතිවන අලස සහ දුර්වල බව
එහෙම නම් මුලින්ම කතා කරමු මොනවද පළමුවෙනි මාතෘකාවට අදාල දේ කියල ...මේ යටතට ප්‍රධානව වැටෙන්නේ Musculoskeletal Injuries කියන කාණ්ඩය ..ඒ කියන්නේ අපේ පේෂි වල සහ කොඳු ඇට , අස්ථි ආශ්‍රිතව ඇතිවන ගැටළු . දැන් අපි ටිකක් බලමු මේවට අදාල ශරීරාංග වල සාමාන්‍ය සැකසුම කෙසේද කියල ..
මේ තියෙන්නේ අපේ කොදු ඇට පෙළේ කොටසක් , දන්නවනේ ඉතින් ජීව විද්‍යාත්මකව ගත්තම කොන්ද කෙළින්ම තියාගෙන ඉන්න බැරි වුනත් (මොකද කොන්දේ නියමිත ඇද වීම කිහිපයක් තිබෙනවා , ඒ සාමාන්‍ය පිහිටීම) , අපේ ඇඟ සෘජුව තියාගන්න වගේම අපේ අතපය හරියට හයි වෙලා වැඩ කරන්නත් කිලෝ ගාණක් බර මස්කුට්ටි (පේෂි) එල්ලගෙන ඉන්නත් මෙයාගෙන් කෙරෙන්නේ ලොකු කාර්යයක් . මේ රෑපේ තැඹීලි පාටට පෙන්නේ ඊට අදාල කොදු ඇට දෙකක් . පේනවද ඒ කොඳු ඇට දෙක අතරේ නිල් පාට කොට්ටයක් තිබෙනවා Intervertebral disk) , එයා අපේ පැවැත්මට හරිම වැදගත් , මොකද ...ඔය කොන්දට තමා අපේ බරේ ලොකු කොටසක් දරන්න වෙන්නේ ,( විශේෂයෙන්ම කොන්දේ පහල , අපි කියන්නේ තුනටිය කියලා අන්න ඒ හරියට Lumbar region එකට .) ඉතින් ඒ බර දරගනිත්දි ,අපි ඇවිදිත්දි , උඩ පනිත්දි එන දැඩි කම්පනය අවශෝෂණය කරමින් මෘදුව චලනය වන්නට මේ කාටිලේජ කියන සංයෝගයෙන් හැදුනු කොට්ට උපකාර වෙනවා. තව දෙයක් පේනවද ඔය අස්සෙන් ගිහිපු මුල් වගයක් .. ඒ තමයි සුෂූම්නාව සහ ස්නායු , Spinal code and Nerves මේ අය තමයි අපේ ඇඟේ ඉන්න ටෙලිෆෝන් නේට්වර්ක් එක , ඇඟ පුරාම පණිවිඩ ගෙනියන්නේ , ඇවිදින්න , අතපය ඔසවන්න ඕන කරන පෙළඹවීම දෙන්නේ මේ නෙට්වර්ක් එක හරහා . කෙළින්ම මොළය එක්ක සම්බන්ධ වෙලා ඉන්න සුෂූම්නාව තමයි අපේ අතපයේ , හමේ තිබෙන “ප්‍රාණවත්බව“ පවත්වා ගන්නේ . තව විදියකින් කීවොත් සුෂුම්නාව යම් තැනකින් අක්‍රිය වුනාද .. එතැනින් පහල අවයව තිබුණට ඒව නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැහැ , හරියට අංශභාගෙ හැදිල වගේ තමා .ඔය ස්නායු තමයි අපේ ඇඟේ හමේ ඉඳළ , පේෂී වල ඉඳළ පරිවිඩ මොළේට ගෙනියන්න උදව්වෙන්නේ . හැබැයි ඒ ටෙලිෆෝන් කේබල් (ස්නායු) වුනත් කැඩුනොත් , අනවශ්‍ය විදියට නැමුනොත් , තෙරපුනොත් ඉතින් ලෙඩ තමා , කැක්කුම් , හිරිවැටිලි එක්ක තමා ඉන්න වෙන්නේ .
අපේ වැරදි වැඩ නිසා .....වැරදි වැඩ කීවේ , අපි ඇවිදින , හිටගෙන ඉන්න , බර උස්සන , එහෙම නැත්නම් වාඩිවෙලා ඉන්න විදියේ වැරැද්ද නිසා වැඩියෙන්ම කරදරයට පත්වෙන තැනත් මේක , විශේෂයෙන්ම පරිගණකය එක්ක කතාව සම්බන්ධ වෙන්නේ මෙහෙම , මේ කීව විදියට අපි වැරදි ඉරියව් වලින් වාඩි වෙලා ඉඳගෙන පැය ගාණක් එක දිගට කොම්පියුටරේ වැඩ කරනවා කියල හිතමු , දැන් මොකද වෙන්නේ ..ප්‍රධානවම , අර කොදු ඇට අතරේ තියෙන කොට්ට අසමතුලිත විදියට තෙරපෙන්න පටන් ගන්නවා , ඒ නිසාම එයාගෙ පිහිටීම වෙනස් වෙලා පැත්තක ඇද වෙන්න , නැත්නම් පැත්තකට ලිස්සල යන්න වගේ පුළුවන් . මේ ඇද විමත් එක්ක , ලිස්සීමත් එක්ක ඊළඟ සිදුවිම තමා ස්නායු තෙරපීම Nerve compression මේ තෙරපීම තමා අපට දිගු කාළීනව කරදර ගෙන දෙන්න , සමහර විට ඒක කොන්දේ නැත්නම් බෙල්ලේ කැක්කුමක් වෙන්න පුළුවන් , නැත්නම් හිරි වැටිල්ලක් සමහර විට කොන්දේ එතැනින් පහල පන නැතිව යන තරමට දරුණූ අවස්ථාවක් වෙන්නත් බැරි නැහැ . දැන් ඉතින් මේක කොම්පියුටරෙන් කියන ඔබ , කොන්ද අතගාන්න පටන් ගන්න එකක් නැහැ , කෝකටත් දැන් පොඩි රෙස්ට් එකක් අරගෙන ඉතිරි ටික කියවන්න ..මොකද දැන් පැය දෙකක් විතර ඉන්ටර්නෙට් එකේනේ ඉන්න ඇත්තේ ..දැන් විනාඩි විස්සක් විතර රෙස්ට් කරන්න ..පොඩිඩක් ඔතනින් නැගිටල එහාට මෙහාට ඇවිදින්න , ඔය ජනේලෙන් එහා තිබෙන ගස් කොළන් දිහා බලන්න ....මුළු ඇඟටම පොඩි විවේකයක් දෙන්න ..
හරි ආයෙත් විවේකෙන් පස්සේ .....මේ කොන්දට කියපු දේ වගේ සිදුවීමක් අපේ ඇඟීළි , වැලමිල වගේ තැන්වලටත් වෙන්න පුළුවන් , හැබැයි ටිකක් වෙනස් ..මොකද ඒ තැන්වලට කරදර වෙන්නේ ඒ හන්දි අධික වාර ගණනක් නැමීම් දිගහැරීම් සිදුවීම නිසා , ටිකක් හිතල බලන්න අපි අකුරු ටිකක් ටයිප් කරන කොට ඇඟීලි වල සන්ධී කොයිතරම් වාර ගණනක් නැවිල දිග හැරෙනවද කියල ...
මේ විදියට අධීකව කෙටි කාළ සීමාවක් තුල නැවත නැවත සිදුවන නැමිම් දිග හැරීම් නිසා තමයි අත් , ඇඟීළි ,, සන්ධී ආශ්රිත වේදනාවන් , ගැටළු ඇති වන්නේ . මේ ගැන මීට පෙර ලිපි කිහිපයක කතා කරල තිබෙන නිසා එය නැවතත් මෙතැන ලියන්න යන්නේ නැහැ . විවේකයක් ඇති වෙලාවක ඒ ලිපි බලන්න ආරාධනා කරනවා ඔබට ..
එහෙම නම් අපි ජීව විද්‍යාව පාඩම මෙතනින් පොඩ්ඩක් නවත්වලා අද ප්‍රශ්නයට අදාලව කතා කරන්න පටන් ගනිමු දැන් ...මේ කතා කළ අස්ථි , සන්ධී වගේ තැන්වලට කරදර වෙන්නට හේතු වෙන සිදුවීම් , පරිගණකය ආශ්රිත ක්‍රියාකාරකම් තුනක් තිබෙනවා . ඒතමයි Repititive movements (නැවත නැවත සිදුවන ඒකාකාරී චලන , සන්ධි නැමීම් දිග හැරීම් වගේ දේවල් ) අනෙක Awkward postures තව විදියකින් කීවොත් වැරදි ඉරියව් ..අවසාන කාරණේ Static postures ඒ කියන්නේ වැඩි වෙලාවක් එකම පිහිටීමේ , ඉරියව්වේ ඉන්න සිදුවීම ..මෙන්න මේ කාරණා නිසා තමයි අපට බහුලවම Computer Related Health Problems ඇති වන්නේ .. ඒ යටතේ විශේෂයෙන්ම Physical discomforts සහ Pain කියන අවස්ථාවන් .
දැන් ඊළඟට කතා කරන්නේ Computer Related Health Problems යටතේ තවත් අපට කරදර වන තැනක් ,ඒ ඇස ...
ඇහැට මේ තත්ත්වය යටතේ සිදුවෙන දේටත් පේෂි සම්බන්ධයි , ඒ කීවේ අපේ ඇහැ එහා මෙහා හරවන්න වගේම , ඇහැ ඇතුලෙ ඉඳගෙන අපට නියමිත නැතට Focus කරල කාචය හැඩගස්වන්නත් පේෂි වල සයයෝගය ඕන . නමුත් මේ පේෂි වැඩිය කැමති වරින් වර , ටික වෙලාවකට සැරයක් හෙළවෙන්න , ඇදෙන්න , ඇකිලෙන්න ....ඒත් හිතන්න ඔබ මොනිටරය දිහාම බලාගෙන පැය දෙකක් හිටිය කියල ..මේ කීව පේෂි වලට පැය දෙකක්ම එකම විදියට ඉන්න වෙලා , මොකද මොනිටර් එක දිහාම නිසා ආයේ වෙනතැනක් Focus කරන්න කියල මහන්සි වෙන්නද ? ...වෙන පැත්තකට හරවන්න කියල මහන්සි වෙන්නද ? ...එකම විදියට ඉන්න වෙනවා ..මේ විදියට අක්ෂි පේෂි සක්‍රියව නොපැවිතීම තමයි ඇස ආශ්‍රිතව ඇතිවන බලපෑම් වලට මුල , ඊට අමතර ඇස සහ ඒ ආශ්රිත ස්නායු කෙළින්ම මොළය එක්ක සම්බන්ධයි , ඒ නිසා ඇහැට වෙන අහිත කර බලපෑම මොළයට තදින්ම දැනේනවා , ඒ සමහර විට තද ඔළුවෙ කැක්කුමක් , නැත්නම් ඔක්කාරය ගතියක් , අසාමාන්‍ය නිදිමතක් , ඇහැ ඇරගෙන ඉන්න බැරි තරම් බරක් වගේ විඩාවක් ඇති කරවන්න එයට පුළුවන් . මීට අමතරව එකදිගටම මොනිටරය දිහා බලාගෙන ඉඳීමත් එක්ක ඇසි පිය හෙලන රටාව පවා වෙනස් වෙනබවත් , ඒ නිසා ඇසේ තෙතමනය බෙදීයාම වෙනස්වීමත් එක්ක ඇස මතුපිට වියලි ස්වභාවයක් ඇතිවීමටත් ඉඩ තිබෙන බව මේ පිළිබඳ තවමත් පරියේෂණ කරන කණ්ඩායම් පවසන්නේ . ඒ වගේම ඇස තුලට ඇතුළු වන ආලොකයේ තීව්රබවත් සෘජුවම මොළයට වේදනාවේ පණිවිඩ යවනවා.ඒ ආලෝක තිව්‍රතාවය තදින්ම මොළයට බලපාන , ඒ කීවේ අනවශ්‍ය ලෙස තීව්‍රතාව වැඩිවීම ඇසට අපහසුවක් වගේම කෙනෙක්ට කාළීන හිසරුදාව වගේ අපහසුතා ඇති කරන්නත් සාධකයක්..දැන් අපි කතා කළා මුලික කාරණා දෙකක් ගැන , ඊළඟට අවසාන කරුණූ දෙක ගැන එකපාරටම විස්තර කරගන්න පුළුවන් වේවි.
මානසික ආතතිය , මේ තත්ත්වයට තමන්ගේ රාජකාරි වටපිටාව , තමන්ගේ වැඩ මේසයේ සැකසුම Workstation වගේම රාජකාරි කරන කාමරයේ පරිසර තත්ත්වය , වර්ණය , උණුසුම , ඉඩකඩ වගේම බිත්තියේ ගාල තියෙන වර්ණත් බලපානවා.මේ සියල්ලගේම එකතුවෙන් ඇති වෙන Stress කාළයක් තිස්සේ පැවතීම පොදුවේ කායික රෝග ගණනාවක් වගේම මානසික බලපෑම් ගණනාවකුත් කරන්න පුළුවන් බව අද තහවුරු කරගෙන තිබෙන සිදුවීමක්.
අවසාන කරුණ , අලස බව , හිතන්න රාජකාරියේ ඇතිවන පීඩනය , අධීර කාර්ය බහුල බව , දිගු වෙලාවක් පරිගණකයත් එක්ක ඉන්න නිසා මානසිකව වගේ කායිකව ඇතිවන පීඩා ...මේ සියල්ල එකතු වුනාම දවස අවසානයේ දැනෙන්නේ කියන්නට අපහසු , ඒත් ඇඟ ඇතුලෙන් දැනෙන විහිදී ගිය අපහසුතාවයක් , මේ අපහසුතාවයට දවසේ වෙහෙස වගේම , ඒ නිසා අපේ ඇඟඇතුලේ ඉන්න නිර්නාල ග්‍රන්ථී Endocrine glands වලින් නිපදවෙන හෝමෝනමය ක්‍රියාවත් බලපානවා. ඇත්තම කීවොත් ස්වභාවයෙන් අපේ ඇඟදැන් කියන්න “විවේක ගන්න, අද දරා ගන්න තරම් වැඩ කළා“ කියන දේ ... ඉතින් ගෙදර ගියාම වෙන වැඩක් කරන්න බැරි කමක් , අමාරුගතියක් දැනෙන එක කියන්නත් දෙයක්ද ?..දැන් මේ කතා කළ අපහසුතා ඇති වීම වලක්වා ගන්නට කරන්න පුළුවන් මොනවද කියත් කතා කරන්න එපායැ , නැත්නම් ලිපියේ අවසානයක් නැහැනේ , ඒ නිසා සමහර විට ටිකක් දිග වැඩි වුනත් , ඔක්කොම ටික ලියන්නයි හිත , එකවරට කියවන්න බැරි වුනොත් පස්සේ හරි ඉතිරි ටික කියවන්න බලන්න ...
මොනටරයේ වර්ණ තිව්රතාව මෘදු සහ ඇසට පීඩාවක් නොදෙන මට්ටමක තබා ගැනීමත් වැදගත් .