අපිට පුළුවන්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Meka balapanko;

    varen;



    varen;



    අපිට පුළුවන්!

    යාපනේ ඉන්නව බොහෝ දමිළ ජනතාවක් මේ කිසිම ඊනියා නිජබිම් ඕනෙ නැති, රට කඩන්නෙ නැතිව අපිත් එක්ක සමගියෙන් ඉන්න බොහොම කැමති. මම එහෙම කියන්නෙ නිකන් නෙමෙයි, මම එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් දෙන්නෙක් (ඔවුන් දෙදෙනාම එහි ප්‍රභල තනතුරු දරපු අය) ලියපු පොත් දෙකක් කියෙවුව. මම එකෙන් කියන්න හදන්නෙ නෑ මම යාපනේ ප්‍රශ්න ඔක්කොම දන්නව කියල (ඒක මහ ගොන් කතාවක් නෙ!).

    නමුත් ම ම ගවේෂණය කල කරුණු අනුව සහ විශේෂයෙන් ඒ පොත් වල තිබුන මූලික අදහස තමයි ඒ එල්.ටී.ටී.ඊ සංවිධානයට බැදෙන්න ගිය ඒ තරුණ පිරිසට ඔවුන් ගේ සමාජයේ හිටිය වැඩිහිටි පිරිස බොහෝ විට දුන්න අවවාදයක් තමයි "ළමයි නේ ඔය වැඩ නවත්තල ඉගෙන ගන්න" කියන උපදෙස. ඉතින් මට හිතෙනව තව මෙහෙම බෙදුම් වාදී අදහස් නැති බොහෝ ජන පිරිසක් උතුරු නැගෙනහිර ඉන්නව කියන එක.

    නමුත් ප්‍රශ්නය මේකයි, ඔවුන් ට නායකත්වය දෙන්න ප්‍රභල දේශපාලන දහරාවක් ඒ පළාත්වල නැහැ. ඉතින් ඔවුන් කැමති වුනත් නැතත්, ඔවුන් ට චන්දය දෙන්න වෙලා තියෙන්නෙ බෙදුම් වාදී සහ අන්තවාදී කතෝලික සංවිධාන සහ වෙල්ලාල ස්වල්ප පිරිස මගින් නායකත්වය දෙන පක්ෂයට (මේ වෙල්ලලයෝ කියන්නෙ මම කලින් ලිපියක කිව්ව වගේ දෙමළ සමාජයේ රාජත්වයක් වගේ තත්වයක් තිබෙන ප්‍රභූ කණ්ඩායමක්. ඔවු ඔබ හිතුව හරි, විග්නේෂ්වරන් ප්‍රභූ වෙල්ලාලයෙක්). ඉතින් මේ කුහක ජාතිවාදී බෙදුම් වාදී දෙමළ සුළු පිරිස තමන් ගෙ වාසියට දේශපාලන බලය ගන්න, ඔවුන් ගෙ මතවාද අර අහිංසක මිනිස්සුන් ගෝ ඔලු වලට දාල ඒවා ඒ මිනිස්සුන් ගෙ ප්‍රශ්න වගේ අපේ මෝඩ අපරිණත නායකයන්ටත්, ලෝකයටත් පෙන්නනව. එදා වුනෙත්,අද වෙන්නෙත් එච්චරයි!
    ඉතින් දැන් ප්‍රශ්නය අපි කොහොමද මේකෙන් ගැලවෙන්න කියන එක. මම මේ රටේ රාජ්‍ය නායකය නම් මම මෙන්න මේ පහත දැක්වෙනව වගේ උපායශීලි ක්‍රමශිල්පයක් තමයි ඒකට යොදා ගන්නෙ.

    *. අපි මුලින්ම කරන්න ඕනෙ රාජ්‍ය බලය යොදල මුලින්ම මෙන්න මේ කොන් වෙලා ඉන්න බෙදුම් වාදී නොවන අපේ දමිළ සහෝදර සහෝදරියන් හට ඔවුන් ගේ මතය ප්‍රකාශයට පත් කරන්න දේශපලන ක්‍රමවේදයක් හදන එක. අන්න ඒ උපායමාර්ගික ක්‍රමවේදය තුලින් ම (ඒක හරියට කලොත්) වෙල්ලාල යන ප්‍රමුක අන්තවාදී බෙදුම් වාදී පිරිස ගෙ දේශපාලන බලයට ලොකු පහරක් එල්ල කරන්න පුළුවන්.

    *. දෙවෙනුව අපි උතුරු, විශේෂයෙන් නැගෙනහිර (නැගෙනහිර කියන්නෙ මහ ගොඩක් හිස් ඉඩම් තිබෙන පළාතක්) පලාතේ සිංහල මිනිස්සු පදිංචි කරන්න ඕනෙ. ඒකෙනුත් මේ දමිළ අන්තවාදීන් ගේ දේශපාලන බලය බිදෙනව.

    *. තෙවෙනුව අපි උතුරු නැගෙන හිර වෙරළ තිරයේ, ප්‍රභල හමුදා කදවුරු (නාවික හමුදාව විශේෂයෙන් මේකට සම්බන්ධ කරගන්න ඕනෙ) තුනක් (3) ඉදි කරන්න ඕනෙ. එකක් බටහිර වෙරළ තීරයත් (මන්නාරම), දෙවෙනි එක යාපන අර්ධත්ද්විපයේත්, තෙවන එක නැගෙනහිර වෙරළ තීරයක් (මුලතිවු) ආවරණය වන පරිදි ඉදිවෙන්න ඕනෙ. ඒ මොකද කිවුවොත්, බෙදුම් වාදීන්ට අවුරුදු තිහක් මේ අසාධාරණ යුද්ධය කරගෙන යන්න ප්‍රභල ම උදවුවක් තමයි ඔවුන් ට පිට රටින් ලැබුණු අවි ආයුධ. එහෙම නොවුන නම්, ඔවුන් ට එහෙම ලේසියෙන් මේක මෙච්චර ඇද ගෙන ඉන්න බැරි වෙනව. එතකොට අපි මේක කරගත්තොත් දෙමළ බෙදුම්වාදීන්ට ආයේ යුද්ධයකට අපිව තල්ලු කරන්න එහෙම ලේසියෙන් බැහැ. ඒකෙන්ම අපිට ඔවුන් ප්‍රභලව මානසිකව පරාජය කරන්න පුළුවන්. මොකද ආයුධයක් නැති එකා කොහොමත් දඩයමේ යන්නෙ නැනෙ.

    *. සිවුවෙනුව, අපි ලෝක සුපිරි බලවතෙක් ගෙ පැත්ත ගන්න ඕනෙ. දැන් එහෙම නැතුව අපිට කවදාවත් ඇමරිකාව ප්‍රමුක බටහිරයන් ගෙන් තනිව ගැලවෙන්න අමාරුයි. "නොබැදි" ප්රිතිපත්තිය දැන් ගැලපෙන්නෙ නැහැ. ඒකට හොදම රට තමයි, මොන මොන අඩුපාඩු තිබුනත්, චීනය. ඒකට ප්‍රධාන හේතුවක් තමයි, ඔවුන් අවුරුදු පන්දාහක ඉතිහාසයක් ඇති රටක්. නමුත් ඔවුන් බටහිර පිස්සො වගේ රටවල් අල්ලන්න ගියේ නෑ. ඒ වගේම, ඔවුන් හටත් බලවත් බෞද්ධ අභාෂයක් තිබෙනව. ඒ කියන්නෙ සංස්කෘතිමය වශයෙන් අපි තරමක් "ලග" ඉන්නෙ. ඉතින් අපි දෙගොල්ලන්ට ලොකු ගැටළු නැතුව හොද දේශපාලන ගමනක් යන්න පුළුවන් කියල මම විශ්වාස කරනව.

    *. මේ ඔක්කොම මෙහෙම වෙන අතරේ, අපි අපේ ආර්ථිකය පුළුවන් තරම් පිටරටවල් වලින් යැපෙන එකෙන් ගොඩ ගන්න ඕනෙ (ඒක ඔය මෝඩ ආර්ථික විශේෂඥයෝ කියන තරම් අමාරු නැහැ. වීර පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට අපිට ලේ ඥාතිත්වයක් තිබෙනව. ඉතින් කවුද අපිට කියන්නෙ බෑ කියල තනියෙන් ගොඩ එන්න! රනිල් අගමැතිවරය කියන එව්ව එච්චර අපි ගනන් ගන්න ඕනෙ නැහැ!)

    ඉතින් මේක සාරාංශගත කලොත්, මේ සරල පස් වැදෑරුම් ක්‍රමයෙන්, පලමුවන හතරින් විස්තර වෙන්නෙ ඇත්තටම ඉනිදියාව සහ බටහිර රටවල බලපෑමෙන් දේශපාලනිකව මිදෙන උපායශීලි ක්‍රියාවන් (එතකොට දෙමළ අන්තවාදී බෙදුම් වාදී බලපෑම නිකම්ම නිකන් පුස්සක් වෙලා යයි. මොකද ඔවුන් ගේ ලොකුම හයිය බටහිර රටවල්). පස්වෙනි එකෙන් විස්තර වෙන්නෙ එහිම ආර්ථිකමය පැතිකඩ.

    අපිට ඔය ලොකු පොත් ලියපු ඉංග්‍රීසි කාරයන් ගෙ අදහස් වල ගැලිල ඉදල නම් කවදාවත් මේ කරදරෙන් ගැලවෙන්න බැහැ. අපි බය නැතිව සාමාන්‍ය දැනීම මත පදනම් වෙලා අපේම උපායශීලී ක්‍රමශිල්ප හදාගන්න ඕනෙ. එහෙම නැතුව නම් කිසිම ගැලවීමක් නැහැ!


    14202522_10208849735934132_1946242517681367311_n.jpg


    Source - https://www.facebook.com/real.Gayan.Ranaweera/posts/10208849605650875