පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා බහට ලක්වුණා පොදුජන පෙරමුණ කරපු සාකච්ඡාවකදි 'අපිට වැරදුනේ කොතනද?' කියලා review කරන්න සාකච්ඡා කරන එක සම්බන්ධයෙන්. අඩුම තරමේ තමන්ට වැරදුණා කියලා දැනගන්න එකත් එක්තරා ජයග්‍රහණයක්. මම මගේ Podcast එකේ දෙවනි කොටස කලේ අන්න ඒක සම්බන්ධයෙන්. ඇත්තටම මෙහෙම සාකච්ඡාවක් කරලා අවුරුදු ගාණක් තිස්සේ කරපු දේවල්වලින් වැරදුණු තැන හරියටම හොයාගන්න පුළුවන්ද? ඒක ප්‍රායෝගිකද? එහෙම බැරිනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගිකම තාක්ෂණික ක්‍රමවේදය තමයි Development Evaluation එකක් කියන්නේ. 'අපිට වැරදුනු තැන' හොයාගන්න ඕනම කෙනෙක්ට Evaluation Methodology එක පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැනයි මේ කතාව.

