අපිත් දිව්වා උඹලා වගේ ම !
අපිත් දිව්වා උඹලා වගේ ම ! අවුරුදු 30ක් ම අපිත් දිව්වා ! උඹල රෙදි උස්සන් දුවනකොට දුක හිතෙනවා ! යාපනය, කිලිනොච්චි, අනුරාධපුර, මහනුවර හා කොළඹ හරහා අපිත් දිව්වා ! පණ එපා කියල දිව්වා ! දුවල දුවල බේරෙන්න බැරි ම තැන තමයි දෙකින් එකක් කරන්න කියල මහින්දය කියල කෙනෙකුට මේක දුන්නෙ ! මිනිහා මේ ලේ ගංගා නැවැත්තුවා ! එක බිඳක් තියන්නෙ නැතුව නැවැත්තුව! එතකොට තමයි උඹලගේ විදේශ ඇමති මෙහෙ ඇවිත් කිව්වේ එහෙම කරන්න එපා කියල. මේක නවත්තන්න කියල. උඹලගේ ලේමයි බං අපෙනුත් ගැලුවේ ! ඒ මරණ බයමයි අපටත් තිබ්බේ ! ඒකයි එදා ඇඹිලිපිටියෙ දී උඹලගේ විදේශ ඇමතිට මහින්දය මේක නවත්තන්න බෑ කිව්වේ !
අපේ ඒ යුගය ඉවරයි. දැන් අපට මරණ බය නැහැ. දැන් අපිට තියෙන්නෙ මහින්ද බය. ඒ නිසා අපි ඌව එලවගත්තා. ඒ මදිවට දැන් අපි ඌට වද දෙනවා. හොරකම් කරපු දෙයක් නැති වුනත් අපි ඌට හොරා කියනවා. ඌට නොසෑහෙන්න නින්දා කරනවා. ඌගේ සහෝදරයින් දරුවන් හිරේ යවමින් ඌට දෙන්න පුළුවන් හැම වදයක් ම දෙනවා. ඌ ඒත් කෙලින් කටින්න ඉන්න නිසා අපි දැන් ඌට දඬුවම් දෙන්න උඹලත් ගෙන්නගෙන උසාවියක් දාන්න යනවා ! අපට මාර ආතල් ! අපි හරි වෙනස් !
කමක් නැහැ. මම එකක් කියන්නම්. මම හිතන්නෙ උඹලට දැන් ඕනෙ මහින්දය වගේ එකෙක්. උඹලට විතරක් නෙමෙයි මුළු යුරෝපයට ම 'මහින්දයෙක්' ඕන. උඹලගේ විදේශ ඇමතියා මහින්දය ගැන හොඳට දන්නවා. උගෙන් අහගන්න. හැබැයි මම උඹලගෙන් එකක් ඉල්ලනවා. අපි ත්රස්තවාදය පරාජය කරපු විදිය කොපි කළාට කමක් නැහැ. ඒත් උඹලගේ 'මහින්දය' උඹලගෙ ත්රස්තවාදය නැති කළාට පස්සේ ඌට අපේ එකාට වගේ කරන්න එපා! අපට ඉවසන්න බැරි වෙයි! අපි හරි වෙනස් !