අපිම හදමු...

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    නිකම්ම ඉන්න එකෙ තවත් පොඩි නූල් කෑල්ලක් දාන්න හිතුනා...:cool::cool:
    මෙ කියලා තියෙන විදියට ඔයාලට පුලුවන් තනියම AutoRun CD/DVD එකක් හදාගන්න..:yes:
    HTML,PDF,Flash,PowerPoint,Exe Application වැනි File වර්ග මෙහෙම AutoRun කර ගන්න පුලුවන්.:yes:
    මෙ සදහා අපි යොදා ගැනෙනුයෙ Autorun.inf නම්වන file එකයි.
    මෙ File එක Text File එකක් විදියට තමා ලියන්න තියෙන්නෙ.ඒ නිසා වැඩෙ අමාරැ නෑ...;)
    ඔයාලට මෙ වැඩෙට Notepad එක Use කරන්න පුලුවන්.:yes:

    ************Autorun.inf සකස් කිරීම*************
    මෙම File එකෙ ඇති මූලිකාංගය වන්නෙ ආරම්භ කිරීමට අවශ්‍ය File එකයි.දෙවනුව CD/DVD-ROM එකෙ ICON එකයි.
    දැන් ඔබ මුලින්ම Notepad එක ආරම්භ කරගන්න.එයට පහත Code එක copy and paste කර ගන්න.

    [autorun]
    Open=myprograme.exe
    Icon=myicon.ico

    මෙහි myprograme.exe ලෙස සදහන් වන්නෙ ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය Exe File එකෙ නමයි.එසෙම myicon.ico ලෙස සදහන් වන්නෙ CD/DVD-ROM එක සදහා වන ICON එකයි.මෙහි ඇති නම් වෙනුවට ඔබට ඕනෑම නමක් භාවිතා කල හැක.;);)
    එසෙම Folder එකක ඇති Exe File එකක් නම් මුලින් Folder Name එක හා ඉන්පසු "\" එකක් යොදා Exe file එකෙ නම ලබා දිය යුතු වෙ.එය පහත පරිදි දක්වා ඇත.

    [autorun]
    Open=Folder\myprograme.exe
    Icon=myicon.ico

    [autorun]
    Open=Folder1\Folder2\myprograme.exe
    Icon=myicon.ico

    එසෙම PDF හෝ HTML මෙම ආකාරයෙන් ආරම්භ කල නොහැක.:no:
    ඒ සදහා පහත පරිදි ලිවිය හැක.
    "index.html" යන ස්ථානයට PDF,Flash,PowerPoint වැනි ඕනෑම File වර්ගයක් ලබා දිය හැක.නමුත් Flash,PowerPoint ආරම්භ වීමට නම් අදාල පරිගනකයෙ Flash,PowerPoint තිබිය යුතුය.:yes:

    [autorun]
    ShellExecute=index.html
    Icon=myicon.ico

    නූල හොද නම් සලකලා ගියාට වරදක් නෑ හොදෙ!!!!:yes::yes:
     
    Last edited: