මේ දුක් වීමත් වටේ යෑමක් නෙ. යුද්ධයෙ ඇතුලෙ තිබ්බ chaos එකම නෙමේද පස්සෙ රට තුලත් දිගටම කන්ටිනිවු උනේ. කොහොම හරි ගහල යුද්ධෙ ඉවර කරන්න කියලනෙ මිනිස්සු උනත් ඉල්ලුවෙ අන්තිම දවස්වල. මූලධර්ම නැති කොහොම හරි ගහන ක්‍රමේට තමයි ඉතින් රටේ ආණ්ඩුකරනය වෙන්නෙත්.
මට තියෙන දුක රාජපක්ෂලගෙ රජවීම නෙමේ. ඔය මිනිස්සුන්ට යුද්ධ කරන්න ආරාධනා කිරීම ඇතුලෙ ඔය රජවීම ලියවිලා තියෙනව. ඒක නොවැළක්විය හැකි දෙයක්.
මට තියෙන කණගාටුව මේ ගැටුම ඇතුලෙ තමන්ට සිද්ධ උන අයුක්තිය තාම කියාගන්න බැරුව ඉන්න සාමාන්‍ය සිවිල් මිනිස්සු ගැන. මේ කියන්නෙ 60 ගණන් වල ඉඳන්ම කාලය සලකල, රාජපක්ෂලගෙ පාලනය විතරක් නෙමේ. මේ වින්දිතයො පීඩිතයො අතරෙ දෙමළ සිංහල සිවිල් වැසියො දෙගොල්ලොම ඉන්නව. අයුක්තිය කියන්න බෑ කියන්නෙ සමාජය අහන්නෙ නෑ, කිරිබත් කන්න බිසී වෙලා. ඔතනින් සිංහල අයගෙ අයුක්තීන් වලට- ඒ කිව්වෙ දකුණෙ මාධ්‍යවේදියො සහ රජය/මිලිටරියත් එක්ක හැප්පෙන්න අවාසනාවන්ත වෙච්ච සිංහල මිනිස්සුන්ට සිද්ධ උන දේ- ගැන යම් හෝ අවධානයක් ලැබෙනව, ඒත් දෙමළ මිනිස්සුන්ට අර වගේ දහගුණයක බරපතල කතා ටිකක් තියෙනව තවමත් මේන්ස්ට්‍රීම් සමාජය අතශයින් පිළිකුල් කරන. එයාලට මිනිස්සුන්ගෙ ගෞරවය ලබන්න ඕනෙනම් වොයිස් ටීන් වලට ගිහින් සිංහල බෞද්ධත්වය සමරන සිංදුවක් කියන එක තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඔය ගැටලුව ඉතින් විසඳෙන්නෙ ඒ මිනිස්සු හිමීට දිරාපත්වෙලා තමන්ගෙ මතකයනුත් එක්ක ස්වාභාවිකව මැරිල ගියාට පස්සෙ. හරි ශෝක් විසඳුමක්. අතුරු දහන් වූවන්ගෙ අම්මල 100ක් විතර පහුගිය අවුරුදු දෙක ඇතුලත වයස නිසාම මැරිල කියල නිව්ස් එකක් දැක්ක මතකයි.
ඒ ඇරෙන්න ඔය රාජපක්ෂ පවුල නිසා පසුව රටට උන හානිය ගැන දුකක් නෑ. කලින් කිව්වත් වගේ ආපහු අතීතය නිර්මාණය කරන්න දුන්නොත් කොහොම හරි ගහල ඉවරයක් කරල දාන්න සර් කියල රාජපක්ෂලම තමයි බහුතර සමාජය අතින් ඉල්ලෙන්නෙ.