අද

kvu

Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    අපි අද ජාතියක් හැටියට හඬා වැලපෙන්න ඕන දවසක්...දැන් කාට හරි අහන්න පුළුවන් ඇයි උඹලාට ඔච්චර දුක මහ කොටියා ඉවර කරපු හින්දා ද කියලා ...නැහැ ...ඒක නෙවෙයි ...උතුරේ දීර්ඝ දෙමළ අරගලය අවසානයෙ මොනවාද රටට ලැබුනෙ...?
    රාජපක්ෂ පාලනය...❗
    මහින්ද රාජපක්ෂ ඊට කලින් ජනාධිපති වුනු බව ඇත්තයි... නමුත් උතුරේ අරගලය පරාජය කිරීමත් සමග... මහින්ද රජෙක් වුනා...
    රටේ මිනිස්සු එයාගෙ වහල්ලු වුනා... රජ පවුලෙ ඕන කෙනෙක්ට ඕන හැටියෙ නටන්න පුළුවන් මිනිස්සු ඒවාට මුකුත් කියන්නෙ නැති රටක් බවට පත් වුනා...ලොකු පුතා නීති විභාගෙන් පළවෙනියා වුනා... පොඩි පුතා රොකට් යැවුවා ... අඩුම වයසින් ආචාර්ය වරයෙක් වුනා...ක්‍රිකට් ග්‍රවුන්ඩ් වල රගර් ගැහුවා...දළදා මාලිගාවෙ වටේ කාර් පැද්දා... රට උන්ගෙ විනෝද උයන බවට පත් වුනා...මහින්දගෙ මන්දබුද්ධික සහෝදරවරු රටේ ලොකුම ඇමතිකම් බාරගත්තා..ජනතාව ඉස්සරහ කතාවක් කරගන්න බැරි දුර්වලයෙක් රටේ නායකයා වුනා...කලාකාරයෝ රෙදි නැතිව වන්දි බට්ටකම් කරා...හාමුදුරුවරු සිවුරු නැතුව කඩේ ගියා...මහින්ද බුදුන්ගෙ නෑදෑ වුනා... ගෝටා සෝවාන් වුනා... අනගාරික ධර්මපාලගෙ පුනරුප්පත්තිය වුනා...ලැජ්ජ හිතෙන දේවල් ගොඩක් වුනා...මේ නොහැකියාවන්ගෙන් පෙළෙන පවුල රටේ විශ්මිත පවුල වුනා...හිතෙන හිතෙන හැටියට ණය අරං තේරුමක් නැති වැඩ කරා කවුරුත් මුකුත් කිව්වෙ නැහැ ...ඒ වෙනුවට පුලු පුලුවන් ඈයො එයාලත් එක්ක එක්කහු වෙලා හොරකම් කරන්න ගත්තා...හොරකම නීතිගත වුනා...නීතිය විහිළුවක් වුනා...ඒ විතරක් නෙවෙයි රට හිතාගන්න බැරි තරම් අශිෂ්ට මෝඩ රටක් වුනා.. අන්තිමේදී රට හොම්බෙන් යනකං කවුරුවත් දන්නෙ නැහැ ...මේ ස්වයං විනාශකාරී උන්මත්තක භාවයට අවශ්‍ය ජවය බලය ශක්තිය සැපයුවෙ අද වගෙ දවසක...
    ඒ මොනවා උනත් දැන් අපිට ඉන්න රටක් තියනවා හැබැයි... 🥱

    උපුටාගැනීමක් 😌