අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)

    අපි අහපු වෑර්ලස් (දෙවැනි කොටස) – Vintage Radio Sets (Part Two)

    labukendit.jpg


    අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට මගින් රේඩියෝ වෑල්ව් ගැන තවත් තොරතුරු ටිකක් මේ ලිපියෙන් කියන්නම්.
    වෑල්ව් හෙවත් Vacuum Tube නිපදවීමේ ඉතිහාසය 18 වැනි ශතවර්ෂයේ අග භාගය තරම් ඈත අතීතයකට ඇදී යනවා. කෙසේ වෙතත් සාර්ථක සහ කාර්යක්‍ෂම වෑල්ව් නිපදවීම ආරම්භ වුනේ 19 වැනි සියවසේ මුල් භාගයේදීයි. මා පසුගිය ලිපියෙන් ඔබට කිව්වා මතක ඇති, වෑල්ව් එකක් සාමාන්‍යයෙන් සිලින්ඩරාකාර හැඩයෙන් යුක්තයි කියලා. පසුගිය ලිපියේදී මා ඔබට වෑල්ව් වල පින්තූරයක් පෙන්නුවා මතක ඇති. මෙවර පෙන්වන්නේ වෑල්වයක සැකැස්ම කෙබඳුද කියන එකයි.


    tworks_fig31.jpg


    වෑල්ව් එකක ක්‍රියාකාරිත්වය සංකීර්ණ එකක් නිසා මා ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. මේ රූපය දුටු පමණින්ම ඔබට ඒ සංකීර්ණත්වය ගැන අදහසක් ඇතිවෙයි කියා සිතනවා. පින්තුරයේ මැද තියෙන්නේ වෑල්ව් එක. වටේට කුඩා රූප වලින් දක්වලා තියෙන්නේ එහි ඇතුලත සවිකර ඇති කොටස්. එයින්ම ඔබට වැටහෙනවා ඇති වෑල්ව් එකක් කොතරම් සංකීර්ණද කියා. වෑල්ව් ගැන මම මෙතරම් කතා කරන්නේ හේතු කීපයක් නිසා. එක. වෑල්ව් කියන්නේ ගුවන්විදුලි/රූපවාහිනී කාර්මික ශිල්පයේ මහා විප්ලවයක්. දෙක. වෑල්ව් අදත් පාවිච්චි කරනවා. තුන. ට්‍රාන්සිස්ටර් සහ අයි.සී. අතහැර නැවත වෑල්ව් වෙත යාමේ අදහසක් සමහර ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් තුල තිබෙනවා. සමහරවිට ඒ අදහස නුදුරු අනාගතයේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

    06.jpg


    අද කාලයේ කොහෙද වෑල්ව් පාවිච්චි කරන්නේ කියන ගැටලුව සමහරවිට ඔබට ඇතිවෙන්න පුළුවන්. ගුවන්විදුළි/රූපවාහිනී විකාශන යන්ත්‍රවල විකාශන බලය පිට කරන කොටසේ (output stage) තිබෙන්නේ වෑල්ව් එකක් හෝ දෙකක්. එවැනි විකාශන යන්ත්‍රයකින් සාමාන්‍යයෙන් අවම වශයෙන් කිලෝවොට් 10 ක වත් බලයක් පිටකරනවා. ඒ සඳහා ට්‍රාන්සිස්ටර් හෝ අයි. සී. යොදාගනීම සාර්ථක නැති නිසයි වෑල්ව් යොදාගන්නේ. මේ සමග ඇති රූපයෙන් පෙන්වන්නේ රූපවාහිනී විකාශන යන්ත්‍රයක ඇති වෑල්ව් එකක්. හිතාගන්න පුළුවන් නේද එහි විශාලත්වය. මෙවැනි වෑල්ව් වීදුරු ආවරණයක් සහිතව හදන්න බැහැ. එයට හේතුව මෙවැනි වෑල්ව් ක්‍රියා කරන විට ඉතා අධික ලෙස රත්වීමයි. වීදුරු වලින් හැදුවොත් පුපුරන තරම් උෂ්ණත්වයක් ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි වෑල්ව් සාදන්නේ පිඟන් මැටි (ceramic) ආවරණයක් සහිතවයි. එමෙන්ම මෙවැනි වෑල්ව් වලට විශේෂ සිසිලන වායු ධාරාවක් නොකඩවාම වදින ලෙස සකසා තිබෙනවා. නැත්නම් වෑල්වය බෝම්බයක් වගේ පුපුරනවා.

    tubes.jpg



    වෑල්ව් වලින් ක්‍රියාත්මක වන ඕනෑම ගුවන්විදුලි/රූපවාහිනී/ශබ්ද විකාශන/පටිගත කරන/ යන්ත්‍රයකින් පිටවන උෂ්ණත්වය පැහැදිලිව දැනෙනවා. මේ නිසා එවැනි යන්ත්‍ර වලට ඉතා හොඳ වාතාශ්‍රයක් ලැබෙන ආකාරයටයි එහි කැබිනට්ටුව සකස් කර තිබුනේ. එමෙන්ම වෑල්ව් ක්‍රියාකරන විට එහි ෆිලමන්ට් එකෙන් පුංචි එළියක් විහිදෙනවා. මේ පින්තූරයේ තිබෙන්නේ වෑල්ව් වලින් ඒ වගේ එළියක් විහිදෙන ආකාරයයි. ඉතින් මේවගේ වෑල්ව් වලින් ක්‍රියාකරන ගුවන්විදුලි යන්ත්‍ර තමයි රේඩියෝ කියන දේ මා හඳුනාගත් කාලයේ දී තිබුනේ.
    වෑල්ව් ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබුනා. එකක්, ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරන වර්ගය. අනික තමයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. මේ බැටරි වලින් ක්‍රියාකරන වර්ගයත් කොටස් දෙකක් තිබුනා. ඒ තමයි කාර් බැටරි වලින් ක්‍රියාකරන වර්ගය සහ ඩ්‍රයි බැටරි වලින් ක්‍රියාකරන වර්ගය. ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකිරීම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. දැනුත් අපි ගුවන්විදුලි රූපවාහිනී යන්ත්‍ර ක්රියකරවන්නේ ප්‍රධාන විදුලියෙන් නේ. ඇතුලත උපකරණ වෙනස් වුනත් න්‍යාය එකයි. කාර් බැටරියකින් ක්‍රියාත්මක වෙන ගුවන්විදුලි යන්ත්‍රයක් මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුනා. ඉතින් බැටරිය බැස්සම? අනේ. . . . . නගරයට ගිහින් බැටරිය චාජ් කරගෙන එනතුරු හුළං තමයි.


    7976055072_892d5db0a3_z.jpg


    ‘ඩ්‍රයි බැටරි’ කියන වචනය ඔබෙන් සමහර අයට කුතුහලය දනවන්නක් වෙනවා ඇති. ඩ්‍රයි බැටරි කියන්නේ වියළි බැටරි කියන එක නේ. ඉතින් තෙත බැටරි නැත්නම් ‘වෙට් බැටරි’ කියලා ජාතියකුත් තියනවද? තියනවා නේන්නම් ඇයි කාර් බැටරි? ඒවාගේ ඇතුළේ ආසෘත ජලය සහ අම්ල තියනවා නේද? එතකොට වියළි නැහැනේ. අපි අපේ ගෙදර තිබෙන දුරස්ථ පාලක, ඔරලෝසු, විදුලි පන්දම්, ආදියට යොදන්නේ වියළි කෝෂ නේ. ඉතින් මේ වෑල්ව් රේඩියෝ වැඩ කලෙත් විශේෂ වියළි කෝෂ වර්ගයකින්. ඒ වියළි කෝෂය පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් වගේ. මට කියන්න අමතක වුනා, මේ වෑල්ව් රේඩියෝ වලට බලය සපයන්නේ අමුතුම ක්‍රමයකට. ඒ සඳහා බල සැපයුම් මාර්ග දෙකක් ලබාදිය යුතුයි. එකක් තමා වෑල්ව් වල ෆිලමන්ට් සඳහා වෝල්ට් 1.5 ක විදුලි බලයක් (සරල ධාරාවක්) ලබාදිය යුතුයි. එය හඳුන්වන්නේ LT = Law Tension Current කියලයි. ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයේ සෙසු කොටස් සඳහා වෝල්ට් 9/12/15/13.5/15 වැනි ඒ ඒ පරිපථය අනුව ගැලපෙන විදුලියක් ලබාදිය යුතුයි. (සරල ධාරාව) එය හඳුන්වන්නේ HT = High Tension Current කියලයි. ඉතින් අර ඩ්‍රයි බැටරියේ ඇතුලත තිබෙනවා සැකසුම් දෙකක්. එකක තිබෙන්නේ අපි විදුලි පන්දම් වලට යොදන බැටරි කෑලි වලට වඩා මඳක් උස බැටරි කෑලි. එයින් තමා 1.5 විදුලිය ලබාදෙන්නේ. ඒවා සමාන්තරව අමුණා තිබෙන්නේ. (parallel circuit) අනෙක් කොටසේ තිබෙන්නේ අඟල් 1.5 x 1.5 පමණ දිග පළලින් යුත් සෙන්ටිමීටර් තුන්කාලක පමණ ඝනකමකින් යුත් පැතලි බැටරි කෑලි 10ක් පමණ එකමත එක තබා කුඩා හතරැස් කණු ලෙස පෙනෙන ආකාරයට සකසන ලද ඇටවුම් කීපයක්. මේ ඇටවුම් ද සමාන්තරව අමුණා තිබුනා. මේ සියල්ල තමයි අර පෙට්ටිය ඇතුලේ තිබුනේ. නියම ඩ්‍රයි බැටරියක පින්තූරයක් හොයන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. ඒ නිසා ආසන්නයෙන් යන පින්තූරයක් දෙන්නේ.

    ux_base.jpg


    බැටරියේ සිට රේඩියෝවට බලය ගෙනයන්නේ වයර් 4 කින්. ඒ කියන්නේ HT, LT බල සැපයුම් මාර්ග දෙක. ඒ වයර් හතර බැටරියට සවිවන්නේ පින් 4 ක ප්ලග් එකකින්. මේ බැටරි නැවත ආරෝපණය කල නොහැකියි. බැටරිය බැස්සම විසිකරලා වෙන එකක් ගෙනෙන්න වෙනවා. අම්මෝ……. ඒ කාලේ අපි වගේ අයට ඒ බැටරියක මිල දැරිය නොහැකි තරම්. මට මතක හැටියට රු 45 – 60 අතර. හොඳම බැටරි වර්ග වුනේ ‘එවරෙඩි’ සහ ‘බෙරෙක්’ යන වර්ග දෙක. ඉවත්කළ පරණ බැටරියේ අර පැතලි හැඩයේ කෑලි, බට්ටෝ පනින්න ගන්නවා මට මතකයි. බැටරිය බැහැලා ගියාම අව්වේ වරුවක් තියලා ගත්තම පැයක් විතර අහන්න පුළුවන් රේඩියෝ එක. අපේ අක්කලාට, අලුත් බැටරියක් ගේන දවස හරියට මනමාලියක් කැන්දාගෙන එනවා වගේ. විනෝදයක් කියලා එච්චරනේ දෙයියනේ තියෙන්නේ. ඔබ දන්නවනේ අපි රූපවාහිනී යන්ත්‍රයේ ස්විච් එක දාපු ගමන් පින්තූර පෙනෙන්නේ නැතිබව. තත්පර කීපයක් යනවා. මේ වෑල්ව් රේඩියෝ වල ස්විච් එක දාපු ගමන් ශබ්දය එන්නේ නැහැ. රූපවාහිනී යන්ත්‍රයකට වඩා වැඩි වෙලාවක් ගන්නවා. සමහරවිට තත්පර 10 ක් 15 ක් පමණ. එයට හේතුව වෑල්ව් වල ෆිලමන්ට් එක පත්තුවීමට ගතවන කාලයයි. දැන්නම් අපි සෑමවිටම වගේ උනන්දු වෙන්නේ ජපානයේ නිෂ්පාදිත ගුවන්විදුලි/රූපවාහිනී යන්ත්‍ර මිලදීගන්නයි. නමුත් දැන් එන්නේ චීනයේ හෝ මැලේසියාවේදී එකලස් කල ජපන් නම සහිත යන්ත්‍ර. ජපානයේම නිෂ්පාදිත යන්ත්‍රයක් කාර් එකක් තරම් මිල වෙයි කියලා මගේ මිත්‍රයෙක් කිව්වා. අපි කුඩා කාලයේදී දකින්නට ලැබුනේ යුරෝපීය රටවල නිෂ්පාදිත ගුවන්විදුලි යන්ත්‍ර පමණයි. එයින් කීපයක් ඔබට හඳුන්වා දෙන්නම්. ඒ ඒ රේඩියෝව නිපදවූ සමාගමේ ලාංඡනයද දක්වා තිබෙනවා. මේ සියල්ලම ප්‍රධාන විදුලියෙන් හෝ බැටරි බලයෙන් ක්‍රියාකරන වෑල්ව් රේඩියෝ.

    r6kVk6.jpg

    hbwR1f.jpg

    yJRWCh.jpg

    CbPlNs.jpg

    QMS1fH.jpg

    aMVQdv.jpg

    jLaSH3.jpg

    OuIXYo.jpg

    TUl8vI.jpg

    Vx5rv9.jpg


    අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three)

    උපුටා ගැනීම jangun.wordpress.com
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම පොඩි කාලේ අපේ PYE රේඩියෝ එකක් තිබුනා. මම ඒක කෑලි වලට ගැලෙව්වා. දැන් දුකයි. ෆෙරයිට් එක නම් කැඩුන. අනිත් පාට්ස් නම් තාම ඇති. තඩි ටියුනරෙයි කේසින් එකයි. බෝඩ් එකේ පාට්ස් ට්‍රාන්සිස්ටර් රිසිස්ටර් එක එක වැඩට ගලවගත්තා. දැන් නැවත හදන්නත් හිතෙනවා.