දැන් මචන් මිනිස් ආත්ම වල ඉන්න අපිට තමයි පින් කරන්න පුලුවන්ම කොඨ්ටාශය. සත්තුන්ට බැහැ. ඉස්සෙල්ල උබ කිවුව වගේ "මම හිතන් හිටියේ සාමාන්‍යයෙන් පස් පව් නොකර, පිනක් දහමක් කරගෙන හිටියම ඇති" නෑ. ඒ කියන්නේ එහෙම කරලත් අපි යන්නේ අපායට. (සත්තු වෙලා ඉපදෙනව කියමූ)
දැන් සත්තු ගාන 10,000 යි නම් මිනිස්සු 10යි නේ ඉන්න ඕන බන්, (ඊටත් අඩුවෙන්) දැන් ඒ ඉන්න එකෙනුත් නියපොත්තකට ගත්ත ප්‍රමානය නම් ඊලගට මනුස්ස ආත්ම ලබන්නේ (10 ම එක පාර මැරුණ කියල හිතුවොත්) 0.0001 ක් වගේ කියමුකෝ. එහෙනම් කවදාවත් ජනගහනය මේ තරම් වැඩි වෙන්න බෑ, ලෝක ජනගහන වර්ධන ප්‍රස්තාරය අරන් බලන්න, වේගේ නිසා ඒක J type වෙලා තියෙන්නේ.
මේ විදිහ හරි නම් වෙන්න ඕන ජනගහන වර්ධන වේගය පුදුම විදිහට අඩු වෙන එක, ඒත් වෙලා තියෙන්නේ ඒකට සම්පූර්ණයෙක් විරුද්ද දේ.
මේ ජනගහන වර්ධනය වෙන්න නම් එක්කෝ සත්තු පින් කරන්න ඕන , මොකද සියලුම ජීවීන් නියතයක් නම්. මිනිස්සු පින් කරලත් නියපොත්තක පස් ප්‍රමාණයක් නම් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ, සත්තු පින් කරල මිනිස් ආත්ම ලබනව නම් ඒ සුලුම සුලු ප්‍රමාණයක් වෙන්න ඕන.
තව කෙනෙක් කියල තියනව දැක්ක මිනිස් ආත්ම වැඩිවෙන්න හේතුව වෙන ලෝක වලින් සහ බැක්ටීරියා වලින් එන නිසා කියල.
වෙන ලෝක වලටත් අපිට බලපාන නියාම ධර්මයම නම් බලපාන්නේ එයාලගෙත් ඉන්න මිනිස්සු ගානෙන් 0.0001ක් තමයි නැවත මිනිස්සු වෙන්නේ, ඒ ගාන කවදාවත් වර්තමාන ජනගහන වේගය එන්න තරම් නැහැ.
බැක්ටීරියා වලින් නම් මිනිස් ආත්ම වැඩි වෙන්නේ , ඒ කියන්නේ උන් පින් කරන්න ඕන, මම ඉස්සෙල්ල කිවුව වගේ මිනිස්සුන්ට තමයි හොදටම පින් කරන්න පුලුවන්, එහෙනම් බැක්ටීරියා වලින් එන මිනිස් ආත්ම ගාන කිසි විදිහකින් සමාන කරනන් බෑ වර්තමාන වේගයට.
ඒකයි මම කලින් කිවුවේ බුදුහාමුදුරුවෝ කිවුව වගේ ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා කියල