අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    .....
    ඝාතනයට ලක්වූ මේ අම්මාගේ දරු තිදෙනා අතර වූ එකම පුතා සිය මවගේ මරණය පිළිබඳව ඔහු සිය Face Book සටහන් දෙකක්


    මේ සුනෙත්ගේ පළමු සටහන යි.

    දිනය 2023 දෙසැම්බර් 16. වේලාව අලුයම 12:30

    “මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ. අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය. මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.

    සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍රපටයක් සේ පෙනින. එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි.

    අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවෘත කර අම්මාගේ මිනිය හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී. කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.

    මගේ රත්තරන් අම්ම..... කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු ‘මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා. මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දදඬුවමක්ම දෙයි... බලා හිටපන්කෝ’ වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිණි.

    දෙවැන්නද ඔබට කිසිදා නොවේවා.

    පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා පිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය. එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කළ, සියළු අවයව කපා විවෘත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිණි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කළත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.

    මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි මට එම වදන් කණේ යවුල් වැනි විය. ‘මං උදව් කරන්නම්’ මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි. සම්පූර්ණ විවෘත කළ, අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය. ඒ මගේ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුණේද යන්නයි.

    අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කළ මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කළෙමි. මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි. මා කුඩා ප්‍රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියක දී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුව තිබේද කියා දැනගැනීමට යි. දෛවය කොතරම් කුරිරු ද? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය. එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි. හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කළෙමි. වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමඟ සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු. කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිණි. ‘වැඩේ හොඳට කළා හොඳට සුද්ද කළා මල්ලී’ මිනී කපන සහායක කීවේය.

    තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී, ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ. (පරීක්ෂණ වෙනුවෙන් එය කළ යුතුමය. මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය. එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට, මේ රටේ අපට කිසිවක් කළ නොහැකිවිය. ‘අනේ අම්මේ සමාවෙන්න...’ මම සිතින් හැඬුවෙමි”.
    ..........

    දෙවෙනි සටහන දිනය 2024.01.02. වේලාව දහවල් 12.33

    “ජනවාරි පළමුවැනිදා උසාවියේ දී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමඟ සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි.

    අම්මාගේ නංගීත් (පුංචි) සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමඟ පැමිණියහ.

    අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.

    නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා, මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර් යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන්‍ ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.

    සාක්ෂි සමඟ සැකකරු වන ‘දොලේ බාස්’ ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.

    (පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය)

    මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිඳු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමඟ නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කළ පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.

    ‘මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊළග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල’

    ඔවුන් විසින් අගතියට පත් කරන ලද මමත්, නංගීත්, පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු, මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.

    ඒත් මදකින් මෙසේ කීවෙමි ‘මචං ඊයේ නඩුව තිබුණා.. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්’

    මගේ මිතුරා මෙසේ කීය ‘අප්පට සිරි....වන අහවලා .....(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..’
    එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රේණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් ‘ඔවු මචං, හෙලෝ සුනෙත්’ කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.

    මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකි බවය.

    අහෝ මගේ මාධ්‍ය මිතුරු, මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමඟ කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි අවංකව හඬ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි”.
    a5news
    https://lankacnews.com/දිලිත්-ජනාධිපති-වෙන්නම-ස/
    MUVA parajaya kirima ape vagakimayi
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොඩි කාලෙකට FB එකේ share උනා post එකක් දැනට ප්‍රසිද්ධ news කියන උන් කොබුවේ etc දාල බලන්න මුන්ගේ කඩේ යෑම ,සදාචාරයක් නැති කම කියල , same image එකේ යටින් ඉස්සර (අවුරදු 15 කට කලින් news කියපු 8 ) පොන්සියගේ ෆොටෝ එකක් දාල මෙන්න මාධ්‍ය වෙදියෝලු .

    ඉස්සර news වල කී දෙනෙක් බොරුවට හරක් හොරු ,ග්‍රීස් යක්කු කියල මූනුත් එක්ක පෙන්නුවද දවස් දෙකකින් දානවා වැරදි කෙනෙක් කියල අල්ලලා තීන්නේ , සැක පිට අල්ලන එකාව මුන් වැරදි කරු කරලා තීන්දුව දීල ඉවරයි.

    අර බොරුවට අහු උන උන්ගේ පැත්තෙන් හිතල බලපන් .

    මේක දැනුත් එකයි මීට අවුරු 30 කට කලින් 50 කට 80 කට කලිනුත් 100% same .

    ඒත් ඉස්සරට වඩා පිට රට වල මේවා මෙහෙම වැරදි කාරය කරලා උසාවියට කලින් media වලින් දෙන එක අඩුයි .
    ඒ උන් හොඳ වෙලා නෙමේ ඒ රට වල media ethics වලට නීති තීන නිසා .

    මේවා නවත්තන්න පුළුවන් එකම ක්‍රමය නීති , නැතුව බණ කියලා මුන් හදන්න බැහැ.

    පොලිසියට ,media වලට හොඳ උන් එන්නත් පුළුවන් , තිරිසන්නු එන්නත් පුළුවන් , ඒ නිසා තමයි මේවට නීති ඕන ,



     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එකට බලපන් Australia වේ ධනුෂ්කගේ සීන් එක
    අද වෙනකල් දන්නේ නෑ විත්තිකාර ගෑනි කව්ද කියල
    අන්න මාද්‍ය සදාචාරය, එකට අපේ ලංකාවේ
    මිනිස්සුන්ගේ කදුළු කතා විකුණන් කනවා
    neethi nisa ehema
    natuwa untansadachara magulak mha amuthu
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    සමහර එවුන් අහලා තියෙනවා අවධානය ද ඕනේ කියලා..
    ඔව් අවධානය තමයි ඕනේ.. නැතුව උබලගේ අහවල් එක ගන්න ද මේකෙන් ..

    ඔයවගේ එකක් තොපිට වෙන්න බැරි නෑ එදාට ළඟ පාත කවුරුත් නැහැ.

    මෙව්වා මෙහෙම හරි සමාජගත වෙන එකයි හොඳේ..

    නැතුව සසී නිසාදී ජංගිය පෙන්න ඒක බාර් නටන එක වයිරල් වෙන එක නෙමෙයි...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉඩකඩමක් විකුණලා හරි නඩු කියන්න තියෙන්නෙ බං

    uba kawadakama hari naduwakata patalunama terei kochchara amaru wadak da kiyala... lesi naa bn kyana taran, mam 2014 government department eka kata nadu damma tawa set ekak ekka .... ee dawas wala cost eka giya 5 laks, eeta passe tawa doc cost walata wenamath giya...

    2014 idan 2021 wage wenakan nadu kiwa... anthime decision eka awe ehema deyak wela nane kiyala.. naduwa wisik unaa usawiyen.... supreme court eke demmeth nikan pahala usawiyaka nemei...:dull::dull:

    ekko meh ratin palayan, nathi nam connection hada ganin.. oya deka tamai choices... upset ratak bn mehka....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හෑලි නොලිව්ව නම් මේ ත්රෙඩ් එකත් නෑ මිනිස්සු දැනගත්තෙත් නෑ.

    හැලි ලියලත් රට වෙනස් කරන්න පුළුවන් :)

    දැනගත්තට කිසිම දෙයක් වෙන්නෙ නෑ
    තව අවුරුදු දහයකින් උනත් මේ නූල බම්ප් කරන්න පුළුවන් 🙂
     
    • Like
    Reactions: NRTG and gamerlk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,835
    3,001
    113
    colombo
    ඔය ABC එකේ කට්ටිය ගැන නේද කියන්නෙ? සිද්ධිය උනේ මෙල්බර්න් වල නේද?

    මෙහෙමයි ඕසි, කැනඩා, යූකේ වල කලු හමට ඔහොම තමය් සලකන්නෙ. අනික දෙවෙනි පුරවැසියෙකුත් වෙලා.

    ලංකාවට ගිහින් පළවෙනි පුරවැසියෙක් වෙලා හිටිය නං රජෙක් වගේ ඉන්නවනේ. 🙁 මේ බලපන් @dxx 😕
    මෙන්න මේකා එළකිරියේ පොස්ට් එකක් දාලා තියෙනවාද මු ඔසී වල ඉන්නේ කියලා හගවන්නේ නැති

    කට හැරියොත් ඔසී ඔසී ඔසී හරියට ගෙදර ආපු නයා bmw එකෙයි ටීවී වලයි එති එති ගිය කතාවම තමයි

    තුන්පනේ එදා වෙලාවත් කන්න බැරි එකෙක් ඔසී ගිහින් රගනවා කියලා තමයි අපිට නම් පෙන්නේ youtube අඩු කුලේ හිගන්නට පස්සේ මෙන්න ඊලග අඩු කුලේ සෙට් එක .
    පම්පෝරි සුද්දා

    ඔච්චර ඔසී නම් යකෝ කළු කැත කොට අනාත සිංහලුන්ගේ ෆෝරම් අස්සේ රින්ගන්නේ නැතුව පලයන්කෝ සුද්දෝ විතරක් ඉන්න තැන් වලට ආශ්‍රය කරපංකෝ සුද්දන්ව .

    විශාල කරදරයක් වුනා නේ මේක


    සල්ලි තියෙනවා නම් ජීවත් වෙන්න හොදම රට......... තමන්ට ප්‍රශ්ණයක් ආවාම තමා තමන්ට තියෙන තෑන තේරෙන්නේ.
    සල්ලි මදි බන් ලංකාවේ ඉන්න කනෙක්සන් ඕනේ බලේ ඕනේ .
    නැත්නම් සොරි.කොම්
    ------ Post added on Jan 3, 2024 at 12:48 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    වන්දිය හම්බවෙන්නත් එපැයි ඉතුරු ටික කරන්න.
    නීතියක් නැති ලකේ පංකාවෙ මොනව වෙන්නද බන්

    ගොන් වැඩක් බන්. ඕකුන්ට පර්සනලි ගේමහ්ක් දෙන එක තමයි කරන්න තියෙන්නේ .

    ඔය නඩු අදිනවා බන් අවුරුදු 10-12ක්. අනෙක පොලිස්කරයෝ නිකං ඉන්නෙත් නෑ ප්‍රමෝශන් එහෙම නැති උනාම නඩු දාපූ එකා මරලා හරි වැඩේ කරගන්න බලන්නෙ. මල විකාර නඩු කියන එක සාමන්‍ය මිනිහෙක් වෙලා. දැක්කනේ මුසම්මිල්ට වේස බන්දුයි අලස් පොන්සුයි කරන්න ගිය දේ. ඌ යකෝ රනිල්ගෙ ළගම ෆිට් එකක් වෙලත් ඔහොමයි.


    ඔව් ඒ කාලකන්නි ගැන නම් වෙනම කතා කරන්න ඕනේ. 😂😂

    uba kawadakama hari naduwakata patalunama terei kochchara amaru wadak da kiyala... lesi naa bn kyana taran, mam 2014 government department eka kata nadu damma tawa set ekak ekka .... ee dawas wala cost eka giya 5 laks, eeta passe tawa doc cost walata wenamath giya...

    2014 idan 2021 wage wenakan nadu kiwa... anthime decision eka awe ehema deyak wela nane kiyala.. naduwa wisik unaa usawiyen.... supreme court eke demmeth nikan pahala usawiyaka nemei...:dull::dull:

    ekko meh ratin palayan, nathi nam connection hada ganin.. oya deka tamai choices... upset ratak bn mehka....
    අඩෝ එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට අධිකරණයෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්නම බෑනෙ ලකේ පංකාවෙ?
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එකට බලපන් Australia වේ ධනුෂ්කගේ සීන් එක
    අද වෙනකල් දන්නේ නෑ විත්තිකාර ගෑනි කව්ද කියල
    අන්න මාද්‍ය සදාචාරය, එකට අපේ ලංකාවේ
    මිනිස්සුන්ගේ කදුළු කතා විකුණන් කනවා
    ගෝත්‍රික සමාජ වල ගති ලක්ෂණ තමා
     
    • Like
    Reactions: NRTG