අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

  • May 21, 2011
    297
    41
    28
    අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී

    අපි පාසල් යනකාලේ, යාලුවොත් එක්ක තරහවෙලා ගහගන්නකොට ඔලුවෙනුත් ගැහුවා නේද? හැබැයි එහෙම ගැහුවට අපේ ඔලුවත් රිදෙනවා. මම වැඩකාරයෙක් කියලා පෙන්නන්න තමයි ඔලුවෙන් විරුද්ධවාදියාට පහරක් දෙන්නේ. හැබැයි ආත්මාරක්ෂක සටන් වලදී නම් (පින්තුරය ගත්තේ මෙතනින්)ඔලුවෙන් ගැහිලි තිබෙනවා. එය හොඳින් පුහුණුවී කරන දෙයක්. අපිත් එකවරම එහෙම කරන්න ගියොත් කඩෙන් ඔලුවක් ගෙන්න වෙනවා.
    4.gif
    ඒ කියන්නේ ඔලුවෙන් ගැහිල්ල අපි හිතන තරම් පහසු දෙයක් නෙවෙයි කියන එකයි. ඔලුවෙන් ගහනවා කියන එකට තවත් තේරුමක් තියනවා. ඒ තමයි, හොඳින් කල්පනා කර සකස්කරන ලද සැළසුමකින්, තමන්ගේ සතුරෙකුට උගුලක් ඇටවීම. ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන ලොකු ගැටළුවක් විසඳා ගැනීම, තමන් වැටෙන්න යන ලොකු අමාරුවකින් කල්පනාකාරීව බොහොම අමාරුවෙන් ගැලවීම, වැනි දේවල්. යුද්ධයේදීත් මේ ඔලුවෙන් ගැහිල්ල තියනවා. ඒ කියන්නේ, සතුරා වෙත මානසික බලපෑම් ඇතිවෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන, විවිධ ව්‍යාපෘති තිබෙනවා. ඒ විදිහට තමයි යුද්ධයේදී ඔලුවෙන් ගහන්නේ. අද මම ඔබ සමග කතාකරන්නේ, යුද්ධයේදී කරණ මේ ඔලුවෙන් ගැහිල්ල හෙවත්, ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ (Psychological Operations) ගැනයි. හමුදා කටයුතු වලදී මෙය කෙටියෙන් හඳුන්වන්නේ ‘Psy Ops සයි ඔප්ස්’ කියලයි. ඉතින් මෙතැන් සිට අපිත් එහෙම කියමු නේද? දැන් මේ බ්ලොග් අඩවිය ඇසුරු කරලා ඔබත් හමුදා කටයුතු ගැන යමක් කමක් දන්නවනේ. මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වලට ඉතා ඈත අතීතයට දිවයන ඉතිහාසයක් තියනවා. ලෝකයේ ඉපැරණි රාජධානි සමය වලදී පවා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් යෙදවූ බවට සාක්ෂි තිබෙනවා. (පින්තුරය ගත්තේ මෙතනින්) උම්මග්ග ජාතක කතාවේදී මහෞෂධ පඬිතුමා, සතුරන්ට පෙනෙන ලෙස, බළකොටුවක, ආහාර, දර, ආදිය රැස් කර, බලකොටුව වටකරගෙන, එයට සැපයුම් ලබාදෙන මාර්ග අවහිර කිරීමෙන් ඵලක් නොවන බව, සතුරාට පෙන්වීමත් මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන ‘ඇම්ඩන් වැඩ’ සමහරක්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ලෙස සළකන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩිපුරම කරන්නෙත්, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වලට ලක්වෙන්නෙත්, කාන්තාවන් කියලයි මටනම් හිතෙන්නේ. හැබැයි කාන්තාවන් මේ ගැන උරණ වී මා විවේචනය කරන්න ඉඩ තිබෙනවා. බොහෝ පෙම්වතියන් තමන්ගේ පෙම්වතාට ‘සයි ඔප්ස්’ දානවා. විශේෂයෙන්, ජංගම දුරකථන, සුවඳ විලවුන්, ඇඳුම් පැළඳුම්, සෙරෙප්පු, සාප්පු යාම, වගේ දේවල් ලබාගැනීම සඳහා. ඒගොල්ලෝ දාන ‘සයි ඔප්ස්’ මම අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ නේද? සමහර විවාහක කාන්තාවෝත් තමන්ගේ ස්වාමි පුරුෂයාට සයි ඔප්ස් දානවා. ගෙදරදොර යම් යම් වැඩ කරගන්න, වගේම මාසේ පඩිය ගන්න දවස කිට්ටු වෙනකොටත් ටොන් ගණන් සයි ඔප්ස් දානවා. ඇඳේ අනික් පැත්තට හැරිලා නිදාගන්න එකත්, එක්තරා සයි ඔප් එකක් නේද?
    4.gif
    4.gif
    (අත්දැකීමෙන් තමයි කියන්නේ)

    අතීතයේදී අපේ ගම් වලත් සයි ඔප්ස් තිබුනා. ගමේ රෙදි නැන්දා තමයි ගමට ප්‍රවෘත්ති සපයන්නේ. ඉතින් ගමේ බොහෝ දෙනා ඒ ප්‍රවෘත්ති විස්වාස කරනවා. අහවල් ගෙදර මෙහෙමයි, අහවල් ගෑණු ළමයා මෙහෙමයි, ආදී වශයෙන් දෙන පුවත් ඇත්ත නොවුනත් ඒවා විස්වාස කිරීමෙන් යම් යම් අනිටු ප්‍රතිඵල ඇතිවෙනවා. අපේ රටේ දේශපාලනයේත් සයි ඔප්ස් තියනවා. මේ පාර අහවලා උඩින්ම දිනනවා කියලා මැතිවරණයට පෙර මහා විශාල ප්‍රචාරයක් ගෙනයාමෙන් ඡන්ද දායකයන්ගේ මනසට යම් බලපෑමක් කරන්න පුළුවන්. ඡන්ද අපේක්ෂකයකුගේ චරිතය ඝාතනය වන අන්දමේ ප්‍රචාර ගෙනයාමෙන්ද ඡන්ද දායකයන්ගේ මනසට බලපෑමක් එල්ල කල හැකියි. අපිත් අහවලාට, අපිත් අහවලාට, කියලා පෝස්ටර් ගැහීමත් සයි ඔප් එකක්.
    ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුමක්’ යන්න, හමුදා කටයුතු වලදීනම් බොහොම ගැඹුරු දෙයක්. අපි මුලින්ම බලමු හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (Military Psychological Operations) යන්න නිර්වචනය කරන්නේ කොහොමද කියලා. ඔපරේෂන් කියන වචනයෙන්ම පැහැදිලි වෙනවානේ එය ක්‍රියාන්විතයක් කියලා. මෙහිදී මා මුහුණ දෙන බරපතල ගැටලුව තමයි හමුදා ප්‍රකාශනවල සයි ඔප්ස් ගැන තියන මහා ගැඹුරු නිර්වචනය හැකි තරම් සරල බසින් ඔබට දීම. මම එහෙම නොකලොත් ඔබට මේ ලිපි පෙළ එපාවෙනවා සිකුරුයි. ඒ නිසා ඉතා සංක්ෂිප්තව හා සරලව, බොහෝ ගැඹුරු කොටස් අතහැර, එහෙත් අවශ්‍ය අදහස නොබිඳිමින් තමයි, මා ඔබට මේ නිර්වචනය ගෙන එන්නේ.

    හැබෑටම මොනවද ‘සයි ඔප්ස්’ කියන්නේ
    මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නිර්වචනය
    Definition of Psychological Operations
    සයි ඔප්ස් නිර්වචනය ඉස්සරවෙලා එක වාක්‍යයකින් කියන්නම්. ඊට පස්සේ තවදුරටත් විස්තර කියන්නම්. එහෙම හොඳයි නේද? සාමාන්‍යයෙන් බොහෝ නිර්වචන ඉදිරිපත් වෙන්නේ එක වාක්‍යයක් හැටියටනේ.
    (සමහර වෙලාවකට හිතෙනවා මොන කෙහෙම්මලකටද මෙච්චර මැරීගෙන මේවා පරිවර්තනය කරමින් ලියන්නේ කියලා. ඒ වුනාට ඔබ යමක් ඉගෙනගෙන දක්වන අදහස් කියවුවාම හිතෙනවා කොයි තරම් මහන්සිවී හෝ තවත් ලියන්න. ලෝකේ හැටි)
    “මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (සයි ඔප්ස්) යනු, කිසියම් නීත්‍යානුකූල රාජ්‍යයක් විසින්, තම දේශපාලන, ආර්ථික, සමාජයීය, අරමුණු සහ අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහාත්, තම රාජ්‍ය ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත්, තමන්ට පක්ෂපාතී මහජනතාව, ආරක්ෂක හමුදා මෙන්ම, විරුද්ධවාදී මහජන සංවිධාන හෝ සටන්කාරී සංවිධානයන්හි චින්තනය, අදහස්, ක්‍රියාකාරකම්, (චර්යා රටාව) වෙනස් කිරීම සඳහා බලපෑමක් ඇති කරවීම පිණිස, ආරක්ෂක හමුදා යොදවාගනිමින් දියත් කෙරෙන, යුද්ධමය නොවන වැඩපිළිවල හා ක්‍රියාමාර්ග වේ” (පින්තුරය ගත්තේ මෙතනින්)
    මෙහෙම කිව්වහමත් බරපතල වැඩියිද? වැඩියි නේ? ඒක තමයි මම මුලින්ම කිව්වේ, නිර්වචනය එක වාක්‍යයකින් කියලා, ඊළඟට විස්තර කරන්නම් කියලා. මම හිතනවා මේ ලිපිය ගැන ඔබේ අදහස් දැක්වීමේදී ප්‍රශ්න දහස් ගණනකට උත්තර දෙන්ඩ වෙයි කියලා.
    මනෝවිද්‍යාත්මක මෙහෙයුම් කිසියම් නීත්‍යානුකූල රාජ්‍යයකින් කරනවා කියලා පොතේ තිබුනට එල්.ටී.ටී.ඊ. වගේ ත්‍රස්තවාදී සංවිධානත් ඕනෑ තරම් සයි ඔප්ස් කරනවා. ඔබ දිනපතා පුවත් අහනවා බලනවානම්, දන්නවා ඇති, ලෝකයේ විවිධ කලාප වල, රජය සහ රජයට එරෙහි සංවිධාන අතර සිදුවන සටන් වලදී, දෙපැත්තම එකිනෙකාගේ වැරදි කියාගන්න හැටි. මේ තුලත් සයි ඔප්ස් තියනවා. ඒ කියන්නේ දෙගොල්ලන්ගේම අතේ හරි වැරදි දෙකම තියනවා.
    ඉතිං මොකටද ‘සයි ඔප්ස්’ කරන්නේ?
    ඒ වෙනුවට යුද්ධ කරන්න පුළුවන්නේ.
    හැම දේටම යුද්ධය ඉස්සරහට දාගෙන හරියන්නේ නැහැනේ. පරණ කියමනක් තියනවා ‘උගුලෙන් බැරිනම් හබකෙන්’ කියලා. යුද්දෙන්ම ඔක්කොම කරන්න යාමෙන් වෙන විනාශය බොහොම වැඩියි. ඔක්කොටම කලින් මිනිස්සු හිතන විදිහ වෙනස් කරවන්න පුලුවන්නම් යුද්ධ නොකර අපේ අරමුණ ඉෂ්ඨ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මෙච්චර මැරීගෙන සයි ඔප්ස් කරන්නේ.
    සයි ඔප්ස් මගින් කරන්නට බලාපොරොත්තුවන දේ මිනිසුන්ගේ සිතට/මනසට යම් බලපෑමක් ඇති කිරීමනේ. ටිකක් හිතලා බැලුවොත්, ලෙඩකට දුකකට කරන ගුරුකම්, තොවිල් පවිල්, ආදියත් එක්තරා ආකාරයක සයි ඔප්ස් කියලා කියන්න පුළුවන්. එමගින් රෝගියාගේ සිතට දැඩි බලපෑමක් එල්ල කර මානසික ප්‍රබෝධයක්/වර්ධනයක් ඇති කිරීමෙන් අවුල්ව ගිය මනස නැවත සැකසීමක් කෙරෙනවා. (හරියට අපි පරිගණකයට reset එකක් දෙනවා වගේ)
    දැන් අපි සයි ඔප්ස් භූමිකාව (role) දෙස තවත් සවිස්තරව බලමු. කිසියම් දේශපාලන දර්ශනයක්, මතවාදයක්, එහෙමත් නැත්නම් වානිජමය අරමුණක් වුනත්, කිසියම් දේශයක වෙසෙන ජනතාවගේ මනසට කාවැද්දවීමට ඉතා සාර්ථකව සයි ඔප්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවා අහවල් කිරි බිව්වම, පොඩි එකා, පූසා කොටියා කරන්න තරම් බුද්ධිමත් වෙනවා කියලා කිරිපිටි කාරයෝ අපේ මව් වරුන්ට සයි ඔප්ස් දානවා. එයින් මුලින්ම ඒ මව් වරුන්ගේ චින්තනය වෙනස් වෙනවා. අර දැන්වීම දවසට හැට සැරයක් විතර හැම රූපවාහිනී නාලිකාවේම දැක්කම, අම්මලාගේ චින්තනය වෙනස් වෙනවා. එයින් අර කිරිපිටි කාරයා අම්මලාගේ සිතේ යම් ආරෝපණයක් (induce) ඇතිකරනවා. එමගින් ඔවුන්ගේ චර්යාවේ (behavioural pattern) වෙනසක් ඇති කල හැකියි. ඒ කියන්නේ මෙතෙක් පොඩි එකාට දුන්න කිරි වෙනුවට වහාම “පූසා/කොටියා” වර්ගයේ කිරි මිලදී ගැනීමට පටන්ගන්නවා. ඒ තමයි චර්යාවේ වෙනස.
    අපි තමයි මේ රටේ මෙතෙක් බිහිවූ හොඳම රජය, අපි තමයි මහජනතාවට ඉහලම සුබසාධනය කරන්නේ, අපි තරම් විශිෂ්ඨ, උත්කෘෂ්ඨ, ආණ්ඩුවක් ලෝකයේ තවත් නැත යන සංකල්පය කිසියම් රටක ජනතාවගේ මනසෙහි ආරෝපණය කරන්න අවශ්‍යනම් ත්‍රිවිධ හමුදාවත් ආධාර කරගෙන සයි ඔප්ස් කරන්න පුළුවන්.
    හමුදාවක් මගින් කරන සයි ඔප් එකකට උදාහරණයක් කියන්නම්. මෙය ඇත්ත කතාවක් නොවේ. නමුත් මතක තබාගන්න සයි ඔප්ස් වලදී මෙවැනි කතා දහස් ගණනින් නිර්මාණය කරනවා. එහි අධ්‍යක්ෂණය, රඟපෑම, වැනි කොටස්වල දක්ෂතාව මත තමයි බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබෙන්නේ.
    ඔන්න ත්‍රස්තවාදී කාන්තාවක් ඇවිත් මරාගෙන මැරෙන බෝම්බයක් පත්තු කරගෙන මහා විනාසයක් කරලා මිය යනවා. දැන් හානියට පත් පාර්ශ්වයත් මේකට ප්‍රති ප්‍රහාරයක් දෙන්න ඕනේ. ඔන්න ඔයවගේ වැඩ වලදී තමයි ‘ඔලුවෙන් ගහන්න’ ඕනේ. දැන් අපි ලෝකේ පුරා මහා ප්‍රචාරයක් ගෙනියනවා අර මරාගෙන මැරෙන බෝම්බ කාරියගේ අතේ තිබුන බෑගයක් හමුවුන බවත්, එහි තිබුණු ලිපියක, තමා සැඟවී සිටි කඳවුරේ සිටි ත්‍රස්තවාදී නායකයා තමන්ව බලහත්කාරයෙන් දූෂණය කල බව, තමන් දැන් මාස 4 ක ගැබිනියක් බව, මේ ගැන සංවිධානයේ නායකත්වයට පැමිණිලි කලොත් තමන්ගේ පවුලම මරාදමන බවට අර නායකයා තර්ජනය කල බව, සඳහන් බවත්, (ඇගේ පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ගැබිණි බව හෙළිවූ බවත් කියනවා. කියන්නේ දොස්තර නෙවෙයි අපි නේ) තමන්ගේ දෙමවුපියන් වෙත ලියා ඇති මේ ලිපියේ, මෙය තමාගේ අවසන් ලිපිය බවත්, මේ මරාගෙන මැරෙන මෙහෙයුමට තමන්ව බලහත්කාරයෙන් යොමු කලේ මේ රහස් හෙළිවේ යයි බියවූ අර නායකයා බවත්, මේ ගැන සංවිධානයේ ඉහල නායකත්වයට පැමිණිලි කරන ලෙස තම දෙමවුපියන්ගෙන් ඉල්ලාසිටින බව සඳහන් බවත්, අපි ප්‍රචාරය කරනවා. දැන් මොකද වෙන්නේ. වැඩේ හරියට පත්තු වුනොත්, අර සංවිධානයේ ඉහල නායකත්වය විසින් අර බෝම්බකාරිය සිටි කඳවුරේ නායකයාව මරනවා ස්ථිරවම. ඔන්න ඕකට තමයි කියන්නේ අර මොකාගේද මාළු උගේ ඇඟේම තියලා කපනවා කියලා. හැබැයි මේවා නිකම් සිල්ලර සයි ඔප්ස්. නියම සයි ඔප්ස් මීට වඩා බරපතලයි.
     
  • May 21, 2011
    297
    41
    28




    අපි ගහන්නේ ඔලුවෙන් හරිද මල්ලී ලිපියේපළමුවැනි කොටස මා ලිව්වේ ඔබ කුමන ආකාරකින් ඒ ලිපිය බාරගනියිද කියන සැකය සහිතවයි. එහෙත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරය ඒ ලිපිය අගය කර තිබුනා. ඔබෙන් ලද ධෛර්යය මත දෙවැනි කොටස ලියනවා. මේ කොටසේදී මම ඔබට තරමක් ගැඹුරු න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරනවා. එහෙත් ඒ න්‍යායාත්මක කරුණු මා ඔබ වෙනුවෙන් හැකි තරම් සරල ආකාරයට ඉදිරිපත් කරන්න සියලු උත්සාහ ගන්නවා. ඒ නිසා සමහර කොටස් යන්තමින් සඳහන් කිරීම පමණයි කරන්නේ.

    මේ විෂයය ගැන දැනුමක් ඇති අය වෙත මා කාරුණිකව දන්වා සිටින්නේ සමහර ගැඹුරු කොටස් මේ ලිපියට ඇතුලත් කර නැත්තේ ලිපිය නීරස වෙයි යන හැඟීම නිසා බවයි.
    මේ ලිපියේදී මා මුලින්ම අවධානය යොමු කරන්නේ සයි ඔප්ස් සම්බන්ධ පිළිවෙත පිළිබඳව කරුණු සඳහන් කරන්නයි. නේටෝ (උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය) (NATO = North Atlantic Treaty Organization) වැනි ලෝක සම්මත මහා පරිමාන සංවිධාන වල සිට, ඕනෑම පුංචි රටක් දක්වා සෑම පිළිගත් රාජ්‍ය සංවිධානයකටම සයි ඔප්ස් පිලිබඳ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. පොදුවේ ගත් කල ඒ සෑම සංවිධානයකම මූලික සයි ඔප්ස් ප්‍රතිපත්තිය වන්නේ;
    1. තම දේශපාලන, ආර්ථික, සමාජයීය, රාජ්‍ය පරිපාලන, අරමුණු සහ අභිමතාර්ථ අභියෝගයට ලක්නොවී පවත්වාගෙනයාම සඳහාත්
    2. තමන්ගේ තක්සේරුව සහ බුද්ධි තොරතුරු අනුව අනාගතයෙදී ඇතිවියහැකි යයි උපකල්පනය කරන සංග්‍රාමික තත්වය වෙනුවෙන් ගන්නා මූලෝපාය ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීම සඳහා යුධමය ක්‍රියාමාර්ග නොගෙන අනුගමනය කළහැකි විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසත්
    සයි ඔප්ස් යොදාගැනීමයි.
    සයි ඔප් එකක් අපි හිතන තරම් සරලව හෝ සැහැල්ලුවෙන් ගෙන ක්‍රියාකරන්න බැහැ. සයි ඔප් එකක් කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක්, එහෙමත් නැත්නම් යවපු මිනිහාවම හොයාගෙන ආපහු එන පිල්ලියක්, බූමරංගයක්, පාරාවළල්ලක්, වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා සයි ඔප් එකක් කරන්න පෙර ඉතා කල්පනාකාරී සැලසුමක් හැදිය යුතුයි. එහිදී පදනම් කරගන්නා ප්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය බුද්ධි අංශ සහ හමුදා බුද්ධි අංශ මගින් සොයාගන්නා බුද්ධි තොරතුරුයි. බුද්ධි අංශ කියන්නේ යුද්ධයක් තිබුනත් නැතත් නොකඩවා ක්‍රියාත්මකව පවතින කාර්ය භාරයක්. මම හිතනවා ඔබෙන් බොහෝ දෙනා දන්නවා ලෝකයේ බොහොමයක් රටවල් පිට රටවල තිබෙන තම තානාපති කාර්යාල මගින් බුද්ධි තොරතුරු හොයන බව. ඊට අමතරව ඒ රටවල ඇති විශේෂ රැකියා (උදාහරණයක් වශයෙන් ඇමරිකාවේ නාසා ආයතනයේ ඉහල මට්ටමේ රැකියාවක්) සඳහා තමන්ගේ රටේ කෙනෙක් රිංගවා ඔත්තු බැලීමත් කෙරෙනවා. නමුත් ඒ රටවල් නපුංසකයෝ නෙවෙයිනේ. ඒ රටවල් එවැනි අය පිළිබඳව නිරතුරුව ඇහැ ගහගෙනයි ඉන්නේ. ඔබ අහලා/කියවලා/දැකලා ඇති සමහර රටවල් ‘මෙන්න මේ තානාපති කාර්යාල නිලධාරියා අපේ රට ගැන ඔත්තු බැලුවා’ කියා ඔවුන්ව තම රටෙන් ආපසු යවන අවස්ථා. ඒවා සුළුපටු සිදුවීම් නෙවෙයි.

    අපේ රටෙත් රාජ්‍ය සහ හමුදා බුද්ධි අංශ උපරිම මට්ටමෙන් සිය සේවය ඉටුකරනවා. ඒ සේවා නොතිබෙන්නට එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග තිබුන සටන මීට වඩා බොහොම බරපතල වන්නට හොඳටම ඉඩ තිබුනා. ශ්‍රී ලංකා යුදහමුදා සන්නද්ධ බුද්ධි බලකාය (ස.බු.බ.) (SLAMIC = Sri Lanka Army Military Intelligence Corps) කල සේවය වචනයෙන් කියන්නට බැරි තරම් අගනා සේවයක්. ඒ බලකාය විසින් ඉතා දැඩි දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන විශාල සයි ඔප්ස් ගණනක් දියත් කරන්නට හැකිවුනා. (හැබැයි සන්නද්ධ බුද්ධි බලකායෙන් ලැබෙන තොරතුරු බහුල ලෙස පාවිච්චි කරන්නේ සයි ඔප්ස් වලද වඩා සාමාන්‍ය යුද මෙහෙයුම් වලටයි) මේ බලකාය වඩාත් සංවිධානාත්මකව ආරම්භ කෙරුනේ 1990 දශකයේ මුල් භාගයේදීයි.

    හොඳයි, මීළඟට මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, සයි ඔප්ස් වර්ග මොනවාද? ඒ සයි ඔප්ස් වර්ග දියත් කරන්නේ කෙසේද? යන්න පිළිබඳවයි. මෙහිදී මේ තොරතුරු ඔබවෙත ගෙන එන්නට මා පදනම් කරගන්නේ නේටෝ සංවිධානයේ සයි ඔප්ස් ප්‍රතිපත්ති මාලාවයි. ඔබ නැවතත් සයි ඔප්ස් නිර්වචනය මතක් කරගත්තානම් හොඳයි. තවත් දෙයක් මෙතනදී ඉතා අවධාරණයෙන් මතක් කරන්න ඕනේ. සයි ඔප්ස් හමුදාවේ ඉන්න සෑම අණදෙන නිලධාරියාටම අවශ්‍ය විදිහට කරන්න බැහැ. අපේ රටේනම් යුද හමුදා මූලස්ථානයේ අනුමැතිය යටතේ සේනාංක මූලස්ථානයක (Division Headquarters) මට්ටමෙන් තමයි සයි ඔප්ස් දියත් කෙරෙන්නේ. නමුත් ආරක්‍ෂක අමාත්‍යාංශය මට්ටමෙන් තමයි බොහෝ සයි ඔප්ස් සැලසුම් කෙරෙන්නේ සහ දියත් කෙරෙන්නේ. ඒ තමයි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ක්‍රමය. ඒ වගේම තමයි සයි ඔප් එකකට සම්බන්ධ කරගන්නා නිලධාරීන්ට සහ සෙබළුන්ට ඒ පිලිබඳ පූර්ව දැනුම, පුහුණුව, සහ අවබෝධය තිබිය යුතුයි. එමෙන්ම යුද හමුදා ක්රියාන්විතයකදී ඉතා ඉහලින් පවත්වාගෙන යන ‘දැනගතයුතු අය පමණක් අවශ්‍ය දේ දැන සිටීම’ (need to know basis) යන ප්‍රමිතිය දැඩිව ආරක්ෂා කරගත යුතුයි.
    සයි ඔප්ස් වර්ග යනුවෙන් මා අදහස් කලේ ඒ ඒ මට්ටමෙන් සිදුවන සයි ඔප්ස් පිළිබඳවයි. මෙයින් අදහස් කරන්නේ එක් එක සයි ඔප් එක කොපමණ විශාල ඉලක්කගත පිරිසක් වෙත එල්ලවන්නේද යන්නයි. අපි බලමු ඒ ඒ මට්ටම කුමක්ද යනවග.
    මූලෝපාය පදනම් කරගත් මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
    Strategic Psychological Operations
    මේ වර්ගයේ සයි ඔප්ස් තමයි බොහොම බරපතල ගණයට වැටෙන්නේ. ඒ කියන්නේ මෙවැනි සයි ඔප් එකක් යම්කිසි රටක් කරන්නේ ප්‍රධාන වශයෙන් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය, පිළිබඳව වෙනත් රටවලින් එල්ලවන තර්ජන අවම කරගැනීම සඳහායි. උදාහරණයක් කියන්නම්. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් පහුගිය කාලයේ කීප වරක් ප්‍රදර්ශනය කළා තමන් නිපදවූ අලුත්ම යුද අවි. විශේෂයේ දිගු දුර ඉලක්ක වලට පහර දිය හැකි මිසයිල. මේගොල්ලෝ මෙහෙම කරන්නේ ඇයි? ඔවුන් තුල සාධාරණ සැකයක් තිබෙනවා ලෝකයේ වෙනත් රටවලින් තමන්ට යුදමය තර්ජන එල්ලවෙයි කියා. ඉතින් ඔවුන් කරන්නේ ‘අපිත් ඕනේ එකකට ලෑස්තියි’ කියලා ලෝකෙට පෙන්නන එකයි. සමහරවිට ඒ අවි කියන තරම් ප්‍රබල ඒවා නොවෙන්න පුළුවන්. නමුත් අරවගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් කිරීම (තමන්ගේම රට තුලදී ඒ මිසයිල ගුවනට යවා, ඒවා වීඩියෝ කර, ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වෙත ලබාදීම මගින් ලෝකෙටම පෙන්වීම) තුලින් එයාලා කරන්නේ මූලෝපාය මට්ටමේ සයි ඔප් එකක්. එවැනි සයි ඔප්ස් සඳහා තීරණ ගන්නේ, රටේ නායකයන්, ඇමති වරුන්, හමුදා ප්‍රධානීන් ගෙන් සමන්විත ජාතික ආරක්ෂක කමිටුවක් විසින්. ඒ නිසා එය ඉහලම මට්ටමේ සයි ඔප්ස් ගණයට වැටෙනවා.
    සංග්‍රාමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
    Military Operations based Psychological Operations
    යම්කිසි රටක දැන් සිදුවෙමින් පවතින හමුදා ක්‍රියාමාර්ගයක් (අභ්‍යන්තර කැරැල්ලක් මැඩපැවැත්වීම, සිවිල් යුද්ධයක්, විදේශීය ආක්‍රමණයක්, වැනි) සඳහා ආධාර වශයෙන් (ඒ කියන්නේ තමන්ගේ හමුදාවට මහජන සහයෝගය ලබාගැනීම මෙන්ම සංග්‍රාමික රාජකාරියේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යය ඉහල මට්ටමකින් පවත්වාගැනීම) කෙරෙන සයි ඔප්ස් මේ ගණයට වැටෙනවා. මේ සයි ඔප්ස් පිලිබඳ තීරණ හමුදා ප්‍රධානීන් විසින් ගෙන ඒ සයි ඔප් එකේ ප්‍රබලත්වය අනුව රජයේ අනුමතිය ඇතිව හෝ හමුදා ප්‍රධානීන්ගේ තීරණ මත දියත් කෙරෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි රටක යුද හමුදාව රටේ අභ්‍යන්තර ගැටුමක යෙදී සිටියදී අධෛර්යයට පත්ව සිටිනවා කියා. ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැවත නගාසිටුවීම සඳහා විශේෂ දේශන, හමුදා උපක්‍රම ගැන නැවත මතක් කරදීම, පසුගිය කාලයේ ලද ජයග්‍රහණ මෙන්ම මේ දිනවල එම හමුදාවේම වෙනත් සේනාංක ලබා සිටින ජයග්‍රහණයන් පෙන්වාදීම වැනි දේ කලහැකියි. හැබැයි බොරු කරන්න බොරු කියන්න බැහැ. සියල්ල ඇත්ත දේ වියයුතුයි.

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ෆොන්ට් එක ටිකක් ලොකු කරලා.. ඉමේජ් ටිකත් පිලිවෙලට හදල දැම්මා නම් කියවන්න තව ආස හිතෙනවා..:dull:

    බුක්මාක් දාගත්තා.. නිවාඩු පාඩුවෙ කියවන්නම්..:)
     
  • May 21, 2011
    297
    41
    28


    උපක්‍රමික මනෝවිද්‍යාත්මක මෙහෙයුම්
    Tactical Psychological Operations
    මෙවැනි සයි ඔප්ස් සාමාන්‍යයෙන් කරන්නේ දැන් සිදුවෙමින් පවතින සංග්‍රාමයකට අවශ්‍ය ආධාරක බලවේගයක් ලෙස යොදා ගැනීම සඳහායි.
    සරල උදාහරණයක් කියන්නම්. ආපහු යමුකෝ අපේ රටේ එල්.ටී.ටී.ඊ. යුද්දෙට. අපිට ඕනේ මුලතිව් ප්‍රදේශය අල්ලගන්න. නමුත් සතුරා මුලතිව් ප්‍රදේශයේ ශක්තිමත්ව ඉන්න බව බුද්ධි තොරතුරු මගින් දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපි ගුවන් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර එල්ල කලොත් මුලතිව් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට හානිවෙන්න ඉඩ තියනවා. දැන් මොකද කරන්නේ? දැන් තමයි ඔලුවෙන් ගහන්න ඕනේ.
    අපි මෙහෙම දෙයක් කරනවා. A 9 මාර්ගයේ (මහනුවර – යාපනය) වවුනියාව ප්‍රදේශයේ ගමන් කරන දෙමල මහජනතාවට පෙනෙන්න, ප්‍රධාන මාර්ගයට ඈතින්, ලී කොට, ගෝනි, වැනි විවිධ අමුද්‍රව්‍ය වලින් කාලතුවක්කු, යුද්ධ ටැංකි හදලා, ඇත්තම ඒවා වගේ පෙනෙන විදිහට තියනවා. ඇත්ත කාලතුවක්කු සහ යුද්ධ ටැංකි එකක් දෙකක් පාර අසලත් තියනවා. ඊළඟට අපි ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින් (විශේෂයෙන් දෙමල භාෂාවෙන්) දෙමල පුවත්පත් වලින් ප්‍රචාරයක් යවනවා ළඟදීම හමුදාව කිලිනොච්චි නගරය අල්ලන්න සුදානම් කියලා. වවුනියාවේ සිට කිලිනොච්චි පැත්තට යන මහජනතාව අතට ද්‍රවිඩ බසින් සකසන ලද අත් පත්‍රිකා බෙදා දෙනවා වහාම කිලිනොච්චි ප්‍රදේශයෙන් ඈත්වන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ළඟදීම ඒ ප්‍රදේශයට පැමිණෙන බව දන්වා. මේ අදහසම තියන පත්‍රිකා හෙලිකොප්ටරයක් මගින් කිලිනොච්චි ප්‍රදේශයට ඉහල අහසේ විසුරුවා හරිනවා. දැන් මොකද වෙන්නේ? අපේ සයි ඔප් එක සාර්ථකනම් සතුරා ගොනාට අඳිනවා.

    සතුරාට එතරම් පිරිස් බලයක් නැහැ. දැන් ඔහු කරන්නේ මුලතිව් ප්‍රදේශයේ සිටින තමන්ගේ භට පිරිස් වහාම කිලිනොච්චියට යොමු කිරීමයි. අපිටත් ඕනේ ඒ වැඩේ කරගන්නයි. දැන් අපි කරන්නේ හොර රහසේම මුලතිව් වලට ආසන්න ප්‍රදේශයක සඟවා සිටි අපේ හමුදාව යොදවා මුලතිව් අල්ලා ගැනීමයි. බලනකොට සයි ඔප්ස් කියන්නේ ‘කේර මලියක්’ නේද? නිකම් ‘බීරි මස්කට්’ කකා ඔව්වා කරන්න බැහැ.
    4.gif

    දැන් ඔබට වැටහෙනවා ඇති සයි ඔප්ස් කියන්නේ තනිකරම ප්‍රචාරක යුද්ධයක් කියලා. ඔව් එක අතකට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රචාරක යුද්ධයක්. කොහොමද මේ ප්‍රචාරය කරන්නේ. මූලෝපාය සයි ඔප් එකක්නම් විශාල ජාත්‍යන්තර ප්‍රචාරයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන වල (බී.බී.සී, සී.එන්.එන්, අල් ජසීරා, වැනි) සහාය ලබාගත් යුතුයි. එකත් නිකම්ම කරන්න බැහැ, කිසියම් පූර්ව සබඳතා ගොඩ නගාගත යුතුයි. අපි හිතමු අපිට සයි ඔප්ස් දාන්න ඕනේ රට අපේ රටට ආසන්නව තියෙන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් අපේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා (චන්ද්‍රිකා නාලිකාද ඇතුළුව) වලින් අර රටට එරෙහි ප්‍රචාර (ඒ රටේ අයගේ භාෂාවෙන් කරන්න පුලුවන්නම් බොහොම ඉහලයි) කරගෙන යමින්, ඒ රටේ ජනතාවගේ අදහස් වෙනස් කිරීමේ යුද්ධයක යෙදෙන්න.

    එපමණක් නෙවෙයි ඒ රටට ඉතා ඉහල අහසේ පියාඹන, විශේෂයෙන් සැකසූ ගුවන් යානා වල සිට මෙවැනි ප්‍රචාර කල හැකියි. මෙවැනි ගුවන්යානා විශේෂයෙන්ම යොදවාගන්නේ ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථාන ලෙසයි.


    සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අපේ පාලනය යටතේ පවතින ප්‍රදේශ වල ප්‍රචාරණ කටයුතු සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර සවිකළ හමුදා වාහන යොදාගන්නවා. එහිදී සංගීතය ප්‍රචාරය කරමින් ජනතා අවධානය ලබාගෙන අපේ සයි ඔප් එකට අදාළ ප්‍රචායද කරගන්නවා.


    මීට අමතරව බහුල වශයෙන් යොදාගන්නා ක්‍රමය වන්නේ පෝස්ටර් මගින් ප්‍රචාරය කිරීමයි. මිනිසුන්ගේ අදහස් වෙනස්වෙන ආකාරයට, සිතුම් පැතුම් වලට බලපෑමක් වන ආකාරයට, පෝස්ටර් සකසා ඒවා ඉලක්කගත් ජනතාව සිටින ප්‍රදේශවල ඇලවීම බොහොම ප්‍රතිඵල දායකයි.



    හැබැයි මේ සියල්ලේ සාර්ථකත්වය රඳා පවතින්නේ එක්තරා මූලධර්ම තුනක් මත බව විශේෂයෙන් සඳහන් කල යුතුයි. ඒ මූලධර්ම වන්නේ;

    • සයි ඔප්ස් පිලිබඳ සිද්ධාන්ත අවබෝධ කරගෙන සිටීම.
    • ඉලක්කගත පිරිස කවුරුන්ද යන්න මනාව අවබෝධ කරගෙන තිබීම.
    • තමන් කරන සයි ඔප් එකෙහි ප්‍රබලත්වය කොතරම් දුරට යෙදවිය යුතුද යන්න අවබෝධ කරගෙන සිටීම.
    ලෝකයේ සමහර රටවල් තම රටේ ආරක්ෂාව, ඒකීය භාවය සඳහා මූලෝපාය සයි ඔප්ස් වල යෙදෙන බව මම ඉහත සඳහන් කල බව ඔබට මතක ඇති. ඉරානය, උතුරු කොරියාව වැනි රටවල් එවැනි සයි ඔප්ස් කරනවා යයි අපි සිතමු. තම යුද ශක්තිය පිලිබඳ ප්‍රචාරණ වැඩපිළිවෙල එවැනි සයි ඔප්ස් වලට හොඳ උදාහරණ. නමුත්, ඒවා වහාම තහනම් කලයුතුයි කියලා ඇමරිකාව වගේ රටවල් කෑගහන්නේ ඇයි?


    ඔන්න මම මෙච්චරවෙලා නොකිව්ව දෙයක් කියන්නයි යන්නේ. ඔබ අහලා තියනවා නේද පරණ සිංහල කියමන් තියනවා, ‘දියරෙද්දෙන් බෙල්ල කපනවා’, ‘දිය යටින් ගින්දර ගෙනියනවා’ කියලා. ඒ කියන්නේ තමන්ගේ අරමුණු කූඨ විදිහට ඉෂ්ඨ කරගන්නවා කියන එකයි. ඉතින් ඇමරිකාව වගේ රටවල් අර සයි ඔප් එකට විරුද්ධව කෑ ගැසීම ‘ප්‍රති සයි ඔප්’ එකක්. මතක තියාගන්න ප්‍රති සයි ඔප්ස් (Counter Psycholigical Operations) කියලා ජාතියකුත් තියනවා. ඒ කියන්නේ අර සයි ඔප් එක කපලා යන්න අපිත් එකක් ආපහු කරනවා කියන එකයි. ඇමරිකාවේ පියාඹන පීරිසි වැනි යුද ගුවන් යානා තියනවා, ඒවා ක්ෂණයකින් ඕනෑම තැනකට යැවිය හැකියි, ඒවාට රේඩාර් වලට අසු නොවී පියවි ඇසට නොපෙනී ගමන් කල හැකියි, වැනි දේ ප්‍රති සයි ඔප්ස් කියලා හිතන්න ඉඩ තියනවා.
    මම ඉහත සඳහන් කළා මතක ඇති, ගුවන්විදුලි සහ රූපවාහිණී ප්‍රචාර පිළිබඳව. එම විකාශන සංඥා අවුල් කිරීම, සම්පූර්ණයෙන් වැලැක්වීම සඳහා එම සංඛ්‍යාත ඔස්සේම අර ප්‍රති විරුද්ධ රටෙන් වෙනත් සංඥා යැවීම කෙරෙනවා. මෙය විද්‍යුත් සංග්‍රාමයක් (Electronic Warfare) ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා සංඥා අවුල් කරමින් (Jam) සැරිසරණ විශේෂ ගුවන් යානා, නැව්, ජංගම රථ, යොදවනවා.
    මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම ඔබට පුංචි කතාවක් කිව්වා අර මරාගෙන මැරෙන බෝම්බකාරියගේ කතාව. මතකයි නේද? නැත්නම් දුවලා ගිහින් කියවලා එන්න. ඒ කතාවේදී අපි ජයගත්තා බෝම්බකාරිය සතුරු කඳවුරකදී ඒ කඳවුරු නායකයා අතින් දූෂණය වූ බව කියලා. මේකට කොහොමද ප්‍රති සයි ඔප් එකක් කරන්නේ. සතුරාත් ලියනවා අර බෝම්බකාරියගේ අත් අකුරු කියලා අතින් ලියන ලද ලිපියක්. සතුරාවත් අපිවත් ඇත්ත අත් අකුරු දන්නේ නැති වෙන්න පුළුවන්. මිනිස්සු විස්වාස කරන්නේ අත් අකුරු නෙවෙයි කතාව. කතාව ආපහු හරවමින් සතුරා කියනවා, ඇත්ත කතාව මේකයි, මේ කාන්තාව දැනට කලකට ඉහතදී අපේ හමුදාව විසින් මාර්ග බාධකයකදී පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බව. ඒ පැහැරගැනීම සියැසින් දුටු බවට තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ඡායාරූපද සහිතව විස්තරයක් දානවා. මේ කාන්තාව සතුරු හමුදාවට බැඳෙන්නට පෙර, අපේ හමුදාව ඇය දූෂණය කල බව සඳහන්, ඇගේ අත් අකුරින්ම ලියන ලද ප්‍රකාශයද පල කරනවා. මේ කාන්තාව බෝම්බ පුපුරවන්නට පෙර සැඟවී සිටි කඳවුරේ තරුණියන් ලෙස කියමින් තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ දානවා ඒ කඳවුරේ කවදාවත් කාන්තාවන්ට හිරිහැර නොවෙන බවත්, සුළු හිරිහැරයක් හෝ සිදුවුනොත් ඉතා ඉහල දඬුවම් ලැබෙන බවත්, සඳහන් කරමින්. මේ කරුණු විශ්වාස කරන අපේ හමුදාවේ අයත් සාමාන්‍ය ජනතාවත් විශ්වාස කරන්නට ඉඩ තිබෙනවා මෙය ඇත්ත බව.

    උපුටා ගත්තේ - http://wicharaka.blogspot.com/2013/02/military-psychological-operations-part.html

    වැදගත් නිසා මෙතන දැම්මෙ
     
  • May 21, 2011
    297
    41
    28
    පස්සේ බලනවා බන් ..මෙහෙම තියෙද්දී කියවන්න කම්මැලි හිතෙනවා මචන් :sorry:

    වැදගත් විදියට ෆොන්ට් සයිස් එක හදලා සෙන්ටර් කරල ඇසට ප්‍රිය වර්නයක් එහෙම දාලා දානවකෝ නිකන්ම ඇදලා දාන්නේ නැතිව..:(

    මචං ෆොන්ට් එක ටිකක් ලොකු කරලා.. ඉමේජ් ටිකත් පිලිවෙලට හදල දැම්මා නම් කියවන්න තව ආස හිතෙනවා..:dull:

    බුක්මාක් දාගත්තා.. නිවාඩු පාඩුවෙ කියවන්නම්..:)

    Onna haduwa bun
    dan kiyopan :)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මචං උඹ මේක උපුටගත්ත තැන දාල මේක ලියපු මනුස්සයට අඩුම ගානෙ ඒ ගරුත්වෙ වත් දුන්නද ? උඹ දන්නවද උඹල වගේ එවුන් මේ විදිහට වෙන මිනිස්සු මහන්සිවෙලා ලියන ලිපි උඹලගෙ ලිපි වගේ දාපුවාම එලකිරි එකටයි මිනිස්සු බනින්නෙ කියලා....

    මෙන්න මේ ලිපි තියන ඔරිජිනල් බ්ලොග් එක...
    https://jangun.wordpress.com/

    මේ බ්ලොග් එක අයිති ශ්‍රී ලංකා යුද හමුදාවෙ විශ්‍රාමික නිලධාරියෙකුට. රට වෙනුවෙන් යුද්ධ කරපු මනුස්සයෙකුට. උඹල ලැජ්ජ නැතිව ඒ මනුස්සයා ලියපු ඒවා දාලා උඹලගේ වගේ අඩුම ගානේ ඒ මනුස්සයට ක්‍රෙඩිට්ස් වත් දෙන්න දැනගන්න ඕන.

    බලපං ඒ මනුස්සය එලකිරි එකට බැනල දාල තියන ලිපිය... මම දැක්කා එලකිරි එකේ “සැඟවුන මරුවා“ කියලත් ඒ මනුස්සයා දාපු ලිපි ගෙඩි පිටින් කොපි කරලා දාල...


    [උපුටාගැනීම]
    බලුකිරියා තවමත් පුරාණය වළඳයි

    2015 සැප්තැම්බර් 23

    බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා.

    [/උපුටාගැනීම අවසන්]


    බලපං ඒ මනුස්සයා එලකිරියට බැනලා තියන බැනිල්ල. මේවා වෙන්නෙ උඹල වගේ උන් හින්දා. ඒ නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා බං.
     
    • Like
    Reactions: thilan_perera

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං උඹ මේක උපුටගත්ත තැන දාල මේක ලියපු මනුස්සයට අඩුම ගානෙ ඒ ගරුත්වෙ වත් දුන්නද ? උඹ දන්නවද උඹල වගේ එවුන් මේ විදිහට වෙන මිනිස්සු මහන්සිවෙලා ලියන ලිපි උඹලගෙ ලිපි වගේ දාපුවාම එලකිරි එකටයි මිනිස්සු බනින්නෙ කියලා....

    මෙන්න මේ ලිපි තියන ඔරිජිනල් බ්ලොග් එක...
    https://jangun.wordpress.com/

    මේ බ්ලොග් එක අයිති ශ්‍රී ලංකා යුද හමුදාවෙ විශ්‍රාමික නිලධාරියෙකුට. රට වෙනුවෙන් යුද්ධ කරපු මනුස්සයෙකුට. උඹල ලැජ්ජ නැතිව ඒ මනුස්සයා ලියපු ඒවා දාලා උඹලගේ වගේ අඩුම ගානේ ඒ මනුස්සයට ක්‍රෙඩිට්ස් වත් දෙන්න දැනගන්න ඕන.

    බලපං ඒ මනුස්සය එලකිරි එකට බැනල දාල තියන ලිපිය... මම දැක්කා එලකිරි එකේ “සැඟවුන මරුවා“ කියලත් ඒ මනුස්සයා දාපු ලිපි ගෙඩි පිටින් කොපි කරලා දාල...


    [උපුටාගැනීම]
    බලුකිරියා තවමත් පුරාණය වළඳයි

    2015 සැප්තැම්බර් 23

    බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා.

    [/උපුටාගැනීම අවසන්]


    බලපං ඒ මනුස්සයා එලකිරියට බැනලා තියන බැනිල්ල. මේවා වෙන්නෙ උඹල වගේ උන් හින්දා. ඒ නිසා ලැජ්ජ නැති වැඩ කරන්න එපා බං.

    happa Admin ta mekata nan reply ekak denna weewi....
    habai minihath minihage credit adu kara gannawa Article ekak wenuwen mara ganna gihin....
    Article ekakata maraa gannawata wada deyak api sebalek gen balaporoththu wenawa..
    Sathura ekka satan karapu miniha Article ekak wenuwen mehema kirima LOL siddiyak... :D

    Kenthi yana eka hai.. eeth Prashnayak meeta wada hondain visandaganna thibba... :)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    happa Admin ta mekata nan reply ekak denna weewi....
    habai minihath minihage credit adu kara gannawa Article ekak wenuwen mara ganna gihin....
    Article ekakata maraa gannawata wada deyak api sebalek gen balaporoththu wenawa..
    Sathura ekka satan karapu miniha Article ekak wenuwen mehema kirima LOL siddiyak... :D

    Kenthi yana eka hai.. eeth Prashnayak meeta wada hondain visandaganna thibba... :)

    විචාරක කියන්නේ සිංහල බ්ලොග් අවකාශයේ බොහොම ගරු කටයුතු චරිතයක්. එයාගේ බ්ලොග් පෝස්ට් මේ පල වෙනි පාර නෙවෙයි එලකිරි එකේ එකෙක් කොපි කරලා උගේ වාගේ දැම්මේ. පල වෙනි දෙවනි වතාවල මිනිහා බොහොම හොඳින් කිව්වා.. හොඳින් කියල අහන්නෙ නැති නිසා මේ විදිහට හැසිරෙනවා ඇති. ඕකෙන් වෙන්නේ එලකිරි එක බාල්දු වෙන එක.

    අනික ඒ මිනිස්සු අපි වෙනුවෙන් ජීවිත කැපකරලා යුද්ධ කලා. අපි මොනාද ඒ මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන්නේ ? ඒ මනුස්සයා මහන්සියෙන් ලිව්ව එක උස්සලා දාද්දි මල පනින එක සාධාරණයි.