අපි නොදන්න අපේ කෑම - පාර්ට් 2 - අට්ටික්කා

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    පාට් 2 එක දානවා එහෙනම් අද. වැඩ වැඩී කොල්ලනේ ඒකයි එක දිගට ත්‍රෙඩ්ස් දාන්න බැරි. මේක නම් ගොඩක් අය දන්නවත් ඇති. වෙල්, ගංගා වගේ ඒවා අයිනේ අනිවා හොයාගන්න පුලුවන්. පොකුරු පිටින් ගෙඩි එන්නේ ගහේ කඳේ. ගොඩක් අය කන්න බයයි සත්තු ඉන්නවා කියල ගෙඩි වල. මටනම් එහෙම සෙට් වෙලා නෑ. ගොඩක් වෙලාවට කලු කූඹි තමා ඉන්නේ. ලුණු වතුරේ විනාඩි 10ක් වගේ තියලා හොඳට හෝදලා ගත්තම හරි. පොඩි අමාරුවකට තියෙන්නේ තැම්බුවට පස්සෙ ගෙඩි පලල මදේ අයින් කරන එක තමා.

    හදන දෙවිදියක් තියනවා. කොහොමත් තම්බන්න ඕනේ. නිකම් තම්බලා පොල් එක්ක කන්න පුලුවන් උදේට එහෙම. නැත්තම් කරි එකක් හදන්න පුලුවන් පල්ලෙහා වීඩියෝ එකේ විදියට.




    ඖශධීය ගුණ ගැන දැනගන්න මේක කියවන්න:

    තම්බා ගත් අට්ටික්කා ගෙඩි ආහාරයට ගැනීමෙන් බඩවැල්වල හට ගත් තුවාල (විශේෂයෙන් තුවාල විය හැකි යමක් ගිලීමෙන් හට ගත් තුවාල) සුව වෙයි.

     
    Last edited: