අපි නොදන්න උතුරු කොරියාව - හමුදාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න උතුරු කොරියාව - හමුදාව

    ktcBV9U.jpg

    උතුරු කොරියාව යනු ලෝකයෙන් හුදකලාව පවතින රාජ්‍යයක් නිසා එරට සම්බන්ධව ලෝක ප්‍රජාව සතු දැනුම අල්පය.ඔවුන්ගේ හමුදාව ගැන ලෝකය දන්නේ ඊට වඩා අඩුවෙනි.උතුරු කොරියාවට ඇතුලු වීම හෝ ඉන්පිට වීම ලේසි පහසු නැත.2006 සිට 2015 වසර තෙක් උතුරු කොරියානු හමුදාව සම්බන්ධව පළවූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.



    1950 දී කොරියානු යුද්ධය ඇරඹෙන්නේ 75,000ක් පමණ උතුරේ සෙබලුන් කොරියාවේ දකුණු ප්‍රදේශයට කඩා වැදීමත් සමගයි.​

    KA9N92l.jpg




    කොරියානු යුද්ධය අවසානයේදී කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු කොරියාව ලෙස දෙකඩ විය.සෝවියට් දේශය උතුරු කොරියාවේ පාලනය භාර ගත්තේය.දකුණු කොරියාවේ පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරිණි.​

    byCNn8u.jpg




    සෝවියට් දේශය උතුරු කොරියාවේ පාලනය සඳහා කිම් ඉල් සුන් යෙදවීය.ඔහු 1994 වන තෙක් එරට පාලනය කලේය.ඉන්පසුව ඔහුගේ පුත්‍රයා වූ කිම් ජෝන් ඉල් පාලකයා බවට පත්විය.​

    HRQyc7a.jpg




    සිය පියා වූ කිම් ජෝන් ඉල්ගේ මරණයෙන් පසුව 2011 දෙසැම්බර් මාසයේදී කිම් ජෝන් උන් උතුරු කොරියාවේ පාලනය භාරගත්තේය.ඔහුගේ පියා මිය ගියේ හෘදයාබාධයකින් බවයි කියවුනේ.​

    tLQbpOH.jpg





    කිසිදු හමුදා පුහුණුවක් ලබා නැතිබව සඳහන් වුවද කිම් ජෝන් උන් මේ වන විට ලොව හතරවන විශාලතම හමුදාවේ සේනාධිපති වේ.

    s5w9UD3.jpg




    උතුරු කොරියානු යුද හමුදාවෙන් 70%ක් සහ නාවික ,ගුවන් හමුදාවන්ගෙන් 50%ක් උතුරු දකුණු කොරියාවන් අතර පිහිටි හමුදා ඉවත් කල ප්‍රදේශයේ සිට සැතපුම් 62ක් දුරින් තබා ඇත.​

    n5Goagb.jpg




    උතුරු කොරියානු හමුදාව "කොරියානු මහජන හමුදාව " නමින් හඳුන්වයි.​

    e1m25kl.jpg




    අද වන විට සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටින උතුරු කොරියානුවන් ගණන මිලියන 1.2ක් බව සඳහන්ය.​

    do0xYUj.jpg




    අතිරේක හමුදාවන් මිලියන 7.7කි.​

    yc7YCKs.jpg




    මින් බොහෝදෙනා උසස් පාසල් අධ්‍යාපනය නිමා කර පැමිණි පිරිස් වේ.පිරිමින් වසර 10 සහ ගැහැණුන් වසර 7ක් ලෙස හමුදා සේවයේ නියුතු වේ.​

    gFXyzGI.jpg




    උපාධියක් සම්පුර්ණ කල පිරිස් වසර පහක් හමුදා සේවයේ නියුතුවේ.​

    7ZSo9N5.jpg




    විද්‍යාව හදාරා ඇති පිරිස් වසර 3ක් පමණක් හමුදාවේ සේවය කල යුතුය.මෙම තීරණය ගත්තේ 2015 වසරේදී එරට නායක කිම් ජෝන් උන්ය.ඒ ජනතාව තුල විද්‍යාව හැදෑරීමට උනන්දුවක් ඇතිකිරීමටයි.​

    qiBWw2W.jpg




    හමුදාව යනු එරට විශාලතම සේවා යෝජකයා වේ.​

    nAgDzGW.jpg




    උතුරු කොරියානු ගුවන් හමුදාව සතුව ගුවන් යානා 1300ක් වඩා තිබෙන බව කියවේ.අවසන් වරට ගුවන් හමුදාවට නවතම ගුවන් යානයක් ලබාගෙන තිබෙන්නේ 1999 වසරේදී බව සඳහන්.​

    F5UHEmI.jpg




    උතුරු කොරියානු නාවික හමුදාව සතුව උභයචර ගොඩබැසීමේ යාත්‍රා 260ක් පමණ තිබෙන බව කියවේ.​

    cY9G93h.jpg




    උතුරු කොරියාව මිසයිල වැඩසටහන ඇරඹුවේ 1960 දශකයේ අගභාගයේදීය.​

    ZbQp66Q.jpg




    අද වන විට උතුරු කොරියාව සතුව කෙටි දුර,මධ්‍යම දුර සහ දිගු දුර මිසයිල 1000 වැඩි සංචිතයක් තිබෙන බව සඳහන්ය.​

    8WAPDQ4.jpg




    2015 වසරේ පටන් හමුදා සේවය කාන්තාවන්ට අනිවාර්යය විය.​

    VvM3TRc.jpg




    නමුත් 2015 පෙර කාන්තාවන්ට සිය කැමැත්ත මත හමුදාවේ සේවය කල හැකිවිය.​

    pcZksp2.jpg




    හමුදාවේ හෝ රජයේ නිලධාරියෙකුට පමණක් මෝටර් රථයකට හිමිකම් කීමේ හැකියාව තිබේ(ජෝන් බාස් මතක් වුනා)​

    qmT6tDK.jpg




    උග්‍ර පුහුණුව සහ ආහාර ප්‍රමාණවත් නොවීම නිසා හමුදා සෙබලුන් මන්දපෝෂණයෙන් සහ බඩගින්නෙන් පෙළේ.​

    EUxtLKK.jpg




    උතුරු කොරියාව 2006,2009,2013 සහ 2016 යන වසරවල න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකර තිබේ.​

    qUI0xDN.jpg




    උතුරු කොරියාව යනු ලොව විශාලතම හමුදාව සතු රාජ්‍යයකි.එවැනි හමුදාවක් නඩත්තු කිරීම ලේසිපහසු නොවේ.ඔවුන් ඕනෑම විටක සිය නායකයාගේ අණ පරිදි යුද්ධයකට යෑමට සූදානමින් සිටියි.​

    MAUAMwL.jpg




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    උපාධියක් සම්පුර්ණ කල පිරිස් වසර පහක් හමුදා සේවයේ නියුතුවේ.

    මේ කියන්නේ හැම degree එකක්ම තියන එවුන් වැඩ කරන්න ඕනෙද බන් military එකට :rolleyes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    patta mchn, machn munge army eka use karanne outdated weapons ne ? ithin war ekak patan gatthoth mun ivaraine.. munta Russia,china aluth weapons yavanne nadda ?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උපාධියක් සම්පුර්ණ කල පිරිස් වසර පහක් හමුදා සේවයේ නියුතුවේ.

    මේ කියන්නේ හැම degree එකක්ම තියන එවුන් වැඩ කරන්න ඕනෙද බන් military එකට :rolleyes:
    සමහර රටවල අනිවාර්ය හමුදා සේවය තියෙනවානේ.නියම කරලා තියෙන කාලයක් හමුදාවේ සේවය කරන්න ඕනේ...කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ඒක අනිවාර්යයි... උපාධි තිබුණා කියලා මග අරින්න බෑ..උන්ගේ නායකයාගේ පවුලේ අයට නම් ඔය නීතිය වලංගු නෑ වගේ...

    Thanks


    patta mchn, machn munge army eka use karanne outdated weapons ne ? ithin war ekak patan gatthoth mun ivaraine.. munta Russia,china aluth weapons yavanne nadda ?
    Thanks

    ඔව් අවි නම් දැන් කාලෙට ගැලපෙන්නේ නැතුව ඇති.කොහොමත් දාලා තියෙන සම්බාධක නිසා බලගතු අවි උතුරු කොරියාවට යවන්න අමාරු ඇති.හුඟක් අවි පරණ සෝවියට් අවි...චීනය එක්ක තමයි පහුගිය කාලේ හුඟක් ළඟින් වැඩ කලේ...

    යුද්ධයක් ඇවිලුනොත් චීනේ රුසියාව උදව්වට එයි... තනියෙන් ගියොත් නම් අනාථයි... මතක නේ කොරියන් යුද්ධේ කාලේ...චීනේ නොහිටින්න එක්සත් කොරියාවක් වෙලා
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    වෙනදා වගේ විස්තර නම් කරලා නෑ.. :rolleyes:ඒ වුනත් වටිනවා මචන්.. උ.කොරියා දෙවැනි ලිපියෙන් වැඩි විස්තර දාපන් ... රෙප් :yes:


    edit
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    elaz machan

    rep 13+
    Thanks

    සුපිරියි අනිත් ඒවා වගේම..
    ස්තූතියි මචං..
    Thanks


    pitata nodunnata aniwa thiyanawa ethi aluth eewath
    nethnan nuclear power kohenda?
    න්‍යෂ්ඨික වැඩසටහන නම් පටන් ගත්තේ සෝවියට් දේශයේ සහයෙන්...ඒක තමයි න්‍යෂ්ඨික අවි හදන්න පදනම වුනේ...න්‍යෂ්ඨික විද්‍යාඥයින් පුහුණු කලේ සෝවියට් දේශයේ උදව්වෙන්...හැබැයි න්‍යෂ්ඨික අවි අත්පත් කරගන්න උවමනාව ඒ කාලේ ඉදලම තිබිලා තියෙනවා(60s).ඒත් චීනය ,සෝවියට් දේශය කැමති වෙලා නෑ ඒ ගැන දැනුම දෙන්න.

    අලුත් අවි නැතිවෙන්න විදියක් නෑ... උන්ගේ මිසයිල වැඩසටහනේ දියුණුව දැක්කම ඒ ගැන හිතාගන්න පුලුවන්.

    වෙනදා වගේ විස්තර නම් කරලා නෑ.. :rolleyes:ඒ වුනත් වටිනවා මචන්.. උ.කොරියා දෙවැනි ලිපියෙන් වැඩි විස්තර දාපන් ... රෙප් :yes:


    edit
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.:rolleyes:
    Thanks..

    වෙලාවක් ලැබුනොත් දාමු.:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    සමහර රටවල අනිවාර්ය හමුදා සේවය තියෙනවානේ.නියම කරලා තියෙන කාලයක් හමුදාවේ සේවය කරන්න ඕනේ...කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි ඒක අනිවාර්යයි... උපාධි තිබුණා කියලා මග අරින්න බෑ..උන්ගේ නායකයාගේ පවුලේ අයට නම් ඔය නීතිය වලංගු නෑ වගේ...

    හප්පා එහෙමද :sorry::sorry: Degree එකට අවුරුදු 4යි military එකට අවුරුදු 5යි වැඩ කරාම ඉවරයි නෙහ් බන් :confused::rolleyes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thank you harhsa interesting as always keep it up Bro
    Rep +++
    Thanks

    bump rep+++
    Thanks

    හප්පා එහෙමද :sorry::sorry: Degree එකට අවුරුදු 4යි military එකට අවුරුදු 5යි වැඩ කරාම ඉවරයි නෙහ් බන් :confused::rolleyes:
    සමහර රටවල පිරිමින්ට කාලයක් පැවිදි වෙලා ඉන්නත් ඕනේලු...:P එක එක රටවල සම්ප්‍රදායයන් .

    rep denna belu bro :sorry::sorry::sorry::sorry:
    කමෙන්ට් එක ඇති මචන්.Thanks.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මචන්. එපාම කරපු රටක්. බලවත්තු තමා ඉතින් රට කෑවෙ.
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    kauruth kiwwe nane me gollo 2010 fifa world cup gahuwa kiyala.....apita bari wada kochchara mu kerela tiyanawada??? lankawata wada godaak issarahin inne me rata....katawath dekata nawila naaa..