අපි නොදන්න උතුරු කොරියාව - හමුදාව
උතුරු කොරියාව යනු ලෝකයෙන් හුදකලාව පවතින රාජ්‍යයක් නිසා එරට සම්බන්ධව ලෝක ප්‍රජාව සතු දැනුම අල්පය.ඔවුන්ගේ හමුදාව ගැන ලෝකය දන්නේ ඊට වඩා අඩුවෙනි.උතුරු කොරියාවට ඇතුලු වීම හෝ ඉන්පිට වීම ලේසි පහසු නැත.2006 සිට 2015 වසර තෙක් උතුරු කොරියානු හමුදාව සම්බන්ධව පළවූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
කිසිදු හමුදා පුහුණුවක් ලබා නැතිබව සඳහන් වුවද කිම් ජෝන් උන් මේ වන විට ලොව හතරවන විශාලතම හමුදාවේ සේනාධිපති වේ.
Source:businessinsider.com
-HarshaLulzSec-
උතුරු කොරියාව යනු ලෝකයෙන් හුදකලාව පවතින රාජ්‍යයක් නිසා එරට සම්බන්ධව ලෝක ප්‍රජාව සතු දැනුම අල්පය.ඔවුන්ගේ හමුදාව ගැන ලෝකය දන්නේ ඊට වඩා අඩුවෙනි.උතුරු කොරියාවට ඇතුලු වීම හෝ ඉන්පිට වීම ලේසි පහසු නැත.2006 සිට 2015 වසර තෙක් උතුරු කොරියානු හමුදාව සම්බන්ධව පළවූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
1950 දී කොරියානු යුද්ධය ඇරඹෙන්නේ 75,000ක් පමණ උතුරේ සෙබලුන් කොරියාවේ දකුණු ප්‍රදේශයට කඩා වැදීමත් සමගයි.
කොරියානු යුද්ධය අවසානයේදී කොරියානු අර්ධද්වීපය උතුරු සහ දකුණු කොරියාව ලෙස දෙකඩ විය.සෝවියට් දේශය උතුරු කොරියාවේ පාලනය භාර ගත්තේය.දකුණු කොරියාවේ පාලනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවරිණි.
සෝවියට් දේශය උතුරු කොරියාවේ පාලනය සඳහා කිම් ඉල් සුන් යෙදවීය.ඔහු 1994 වන තෙක් එරට පාලනය කලේය.ඉන්පසුව ඔහුගේ පුත්‍රයා වූ කිම් ජෝන් ඉල් පාලකයා බවට පත්විය.
සිය පියා වූ කිම් ජෝන් ඉල්ගේ මරණයෙන් පසුව 2011 දෙසැම්බර් මාසයේදී කිම් ජෝන් උන් උතුරු කොරියාවේ පාලනය භාරගත්තේය.ඔහුගේ පියා මිය ගියේ හෘදයාබාධයකින් බවයි කියවුනේ.
කිසිදු හමුදා පුහුණුවක් ලබා නැතිබව සඳහන් වුවද කිම් ජෝන් උන් මේ වන විට ලොව හතරවන විශාලතම හමුදාවේ සේනාධිපති වේ.
උතුරු කොරියානු යුද හමුදාවෙන් 70%ක් සහ නාවික ,ගුවන් හමුදාවන්ගෙන් 50%ක් උතුරු දකුණු කොරියාවන් අතර පිහිටි හමුදා ඉවත් කල ප්‍රදේශයේ සිට සැතපුම් 62ක් දුරින් තබා ඇත.
උතුරු කොරියානු හමුදාව "කොරියානු මහජන හමුදාව " නමින් හඳුන්වයි.
අද වන විට සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටින උතුරු කොරියානුවන් ගණන මිලියන 1.2ක් බව සඳහන්ය.
අතිරේක හමුදාවන් මිලියන 7.7කි.
මින් බොහෝදෙනා උසස් පාසල් අධ්‍යාපනය නිමා කර පැමිණි පිරිස් වේ.පිරිමින් වසර 10 සහ ගැහැණුන් වසර 7ක් ලෙස හමුදා සේවයේ නියුතු වේ.
උපාධියක් සම්පුර්ණ කල පිරිස් වසර පහක් හමුදා සේවයේ නියුතුවේ.
විද්‍යාව හදාරා ඇති පිරිස් වසර 3ක් පමණක් හමුදාවේ සේවය කල යුතුය.මෙම තීරණය ගත්තේ 2015 වසරේදී එරට නායක කිම් ජෝන් උන්ය.ඒ ජනතාව තුල විද්‍යාව හැදෑරීමට උනන්දුවක් ඇතිකිරීමටයි.
හමුදාව යනු එරට විශාලතම සේවා යෝජකයා වේ.
උතුරු කොරියානු ගුවන් හමුදාව සතුව ගුවන් යානා 1300ක් වඩා තිබෙන බව කියවේ.අවසන් වරට ගුවන් හමුදාවට නවතම ගුවන් යානයක් ලබාගෙන තිබෙන්නේ 1999 වසරේදී බව සඳහන්.
උතුරු කොරියානු නාවික හමුදාව සතුව උභයචර ගොඩබැසීමේ යාත්‍රා 260ක් පමණ තිබෙන බව කියවේ.
උතුරු කොරියාව මිසයිල වැඩසටහන ඇරඹුවේ 1960 දශකයේ අගභාගයේදීය.
අද වන විට උතුරු කොරියාව සතුව කෙටි දුර,මධ්‍යම දුර සහ දිගු දුර මිසයිල 1000 වැඩි සංචිතයක් තිබෙන බව සඳහන්ය.
2015 වසරේ පටන් හමුදා සේවය කාන්තාවන්ට අනිවාර්යය විය.
නමුත් 2015 පෙර කාන්තාවන්ට සිය කැමැත්ත මත හමුදාවේ සේවය කල හැකිවිය.
හමුදාවේ හෝ රජයේ නිලධාරියෙකුට පමණක් මෝටර් රථයකට හිමිකම් කීමේ හැකියාව තිබේ(ජෝන් බාස් මතක් වුනා)
උග්‍ර පුහුණුව සහ ආහාර ප්‍රමාණවත් නොවීම නිසා හමුදා සෙබලුන් මන්දපෝෂණයෙන් සහ බඩගින්නෙන් පෙළේ.
උතුරු කොරියාව 2006,2009,2013 සහ 2016 යන වසරවල න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදුකර තිබේ.
උතුරු කොරියාව යනු ලොව විශාලතම හමුදාව සතු රාජ්‍යයකි.එවැනි හමුදාවක් නඩත්තු කිරීම ලේසිපහසු නොවේ.ඔවුන් ඕනෑම විටක සිය නායකයාගේ අණ පරිදි යුද්ධයකට යෑමට සූදානමින් සිටියි.
Source:businessinsider.com
-HarshaLulzSec-
Last edited:





එක එක රටවල සම්ප්රදායයන් .