අපි නොදන්න ප්ලාස්ටික්
ප්ලාස්ටික් නිපදවන්නෙ විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන. ඒ නිසා සමහර වෙලාවට මේවා අපේ සිරුරට බෙහෙවින් අහිතකර වෙන්නත් පුලුවන්.
එහෙත් ප්ලාස්ටික් කියන වචනය ඇතුලෙ විවිධාකාර ප්ලාස්ටික් වර්ග තියෙන නිසා කුමන වර්ගයේ ප්ලාස්ටික්ද අනතුරුදායක හෝ අනතුරුදායක නැත්තෙ කියන කාරණය ගැන බොහෝ දෙනෙකුට හොද වැටහීමක් නෑ.
එහෙම කියලා කණගාටු වෙන්න කාරණයක් නෑ . ඔබ දැන සිටිය යුතු බොහොමයක් කාරණා මේ ලිපිය කියවලා අද සිට හෝ දැනගන්න ඔබට හැකියාව ලැබේවි.
ප්ලාස්ටික් නිෂ්පාදකයො තමන්ට අවශ්‍ය මුහුණුවර ප්ලාස්ටික් වලින් මතුකරගන්න නිෂ්පාදනයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය, එහෙමත් නැත්තං රසායනික ද්‍රව්‍ය එකිනෙකට වෙනස්. ප්ලාස්ටික් වලින් වැඩි නම්‍යශීලී ගතියක් අවශ්‍ය විට යොදන රසායනිකයන් නෙමෙයි ශක්තියෙන් වැඩි ප්ලාස්ටික් නිපදවන්න යොදාගන්නෙ, නිෂ්පාදන වියදම හැකිතාක් අඩුකරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන්න වලි කන නිෂ්පාදකයා පාව්චිචි කරන්නෙ ඔය දෙකටම අයිති නැති වෙනස්ම රසායනිකයන්.
මේ තියෙන්නෙ ඒවාට උදාහරණ phthalates, bisphenol A (BPA), polybrominated diphenyl ethers (PBDE) and tetrabromobisphenol A (TBBPA) මේවා පොදුවේ හදුන්වන්නෙ endocrine-disrupting compounds (EDCs) යන නමින්. එයට පොදු අරුතක් දෙනවා නම් මිනිසා ඇතුලු ක්ෂීරපායී සතුන්ගේ ග්‍රන්ථි ආශ්රිත පද්ධතියට සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන සංයෝග ලෙසත් හදුන්වන්න පුලුවන්. සමහර රසායනික ද්‍රව්‍ය පිළිකා අවධානම ඇති කරනවා, තවත් සමහරක් රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර ඛණිජ ලවන (Toxic Metal) වලින් සමන්විත ඒවා. විශේෂයෙන් BPA රසායනිකය ඊස්ට්‍රජන් හෝමෝනය හා සමානව ක්‍රියාකරන්නක්.
කෑම වර්ග අසුරන්න, බීම වර්ග දාන්න, බෙහෙත් වර්ග ගබඩා කරන්න, පොඩි දරුවන්ට සෙල්ලං කරන්න ලබාදෙන ක්‍රීඩා භාණ්ඩ වල ඉදලා අභ්‍යාවකාශ යානා වල ඇතැම් කොටස් සැකසීම දක්වා වූ විශාල වපසරියක් ඇතුලෙ පලාස්ටික් නිෂ්පාදන විසිරිලයි තියෙන්නෙ. ඉහත විස්තරය කියවලා ඔබ මොහොතකට හෝ ප්ලාස්ටික් වලින් සිදුවිය හැකි හානිය ගැන හිතලා කණස්සල්ලට පත්වෙන්න ඇති.
එහෙත් සතුටුදායක ආරංචිය තමයි මේ ප්ලාස්ටික් නිෂ්පාදන ඒ ඒ වර්ග අනුව සංඛේත අනුසාරයෙන් නම් කර තිබීම. ඒ අනුව අපේ අවශ්‍යතාවට වඩා ගැලපෙන ප්ලාස්ටික් උපකරණය අඩු අවධානමක් යටතේ මිළදී ගන්න අපිට හැකියි. ඒ සදහා පහත විස්තරය බොහොම වටිනවා. ඒ අනුව 1 සිට 7 දක්වා අංක යෙදූ සංඛේත 7ක් මගින් තමයි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග කර තිබෙන්නෙ. බොහෝ විට මේ සංඛේත සටහන් කර තිබෙන්නෙ ඔබ මිළදී ගන්නා ප්ලාස්ටික් නිෂ්පාදනයේ යට පැත්තට වෙන්න.
මෙන්න පළමු වර්ගය...මෙය වෙළදපොලේ බොහොම සුලභයි.
Plastic #1: Polyethylene Terephthalate (PET)

පෙට් බෝතලය යනුවෙන් සමහර පැණි බීම වෙළද දැන්වීම් වලත් ඔබ අසා ඇති. ඒ මෙවැනි වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවූ බෝතල් තුල ඒවා ඇසුරුම් කර තිබෙන නිසා බව දැන් ඔබ දන්නවා. මේ ප්ලාස්ටික් විශේෂය විනිවිද පෙනෙන සුලුයි. ප්‍රතිචක්‍රීකරණයත් පහසුයි.
මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් තුල පානීය ජලය, පැණී බීම , ශක්තිජනක පාන , බියර්, මුඛ සේදුම් දියර, සෝස්, ආදිය ඇසුරුම් කිරීමට වගේම මේ අමුද්‍රව්‍ය වලින් සැකසූ ප්ලාස්ටික් භාජන තුල රටකජු බටර්, ජෙලි, ජෑම්, අච්චාරු ආදි නිෂ්පාදන ඇසුරුම් කිරීමටත් යොදා ගන්නවා.
මේ ප්ලාස්ටික් වර්ගය තැනීම සදහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අධික තාපයට හෝ හිරු එළියට බෝතලය නිරාවරණය වීමේදී / බොහෝ කාලයක් ගබඩා කර තැබීමේදී ක්ෂය වීමට පටන් ගන්නා හෙයින් ඔබ පානීය ජල බෝතලයක් හෝ වෙනත් බීම වර්ගයක් මිළදී ගන්නා අවස්ථාවේදී ඒවා ගබඩා කර තිබෙන ස්ථානය අවට පරිසරය දෙස මදක් අවධානයෙන් බලන්න.
අද සමාජයේ බොහෝ දෙනා මෙවැනි බෝතල් කාර්යාලයේ හෝ තමන් නිතර යනෙන වාහනයේ තබාගෙන එදිනෙදා පානිය ජලය රැගෙන යාමට යොදාගන්නවා මා දැක තිබෙනවා. නමුත් මේ වර්ගයේ ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට සුදුසු නෑ. එක්වරක් භාවිතා කර ඉවත් කරන පරමාර්ථයෙන් තමයි ඒවා නිපදවා තිබෙන්නෙ.
Plastic #2: High Density Polyethylene (HDPE)

මේ වර්ගයේ ප්ලාස්ටික් නිෂ්පාදන තුල කිරි, පානීය ජලය, පළතුරු යුෂ වර්ග, රූපලාවන්‍ය නිෂ්පාදන, ෂැම්පු වර්ග, සේදුම්කාරක, ගෘහාශ්‍රිත පිරිසිදු කිරීමේ නිෂ්පාදන, ග්‍රොසරි බෑග්, ධාන්‍ය වර්ග ආදී බොහෝ දෑ වෙළදපලට එනවා.
අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි මේ වර්ගය අතීතයෙදි සලකනු ලැබුවෙ. නමුත් 2011 වසරෙ කරන ලද නවතම පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ මේ වර්ගයේ ප්ලාස්ටික් තුල අඩංගු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කුඩා බිලිදුන්ගේ සහ කුඩා දරුවන්ගේ ශරීරයන්හි සෛල සැකැස්මේ වෙනස් වීම් ඇතිවීමට සම්භාවිතාවක් ඇති බවයි. මේ විශේෂය යම් වර්ණයක් සහිතව නිෂ්පාදනය වන විනිවිද පෙනෙන ස්වභාවය නොමැති වර්ගයක්. ප්‍රතිචක්‍රීකරණය පහසු නෑ.
Plastic #3: Polyvinyl Chloride (PVC)

PVC අකුරු 3 දුටු පමණින් මේ ප්ලාස්ටික් විශේෂය ඔබ හදුනන බව මම දන්නවා. විශේෂ හැකියාවන් රාශියක් ඇති මේ ප්ලාස්ටික් වර්ගය නැමෙන සුලු ලෙස වගේම නොනැමෙන යන දෙආකාරයෙන්ම නිපදවන්න හැකියාව තියෙනවා. අපට අද ලිපිය තුල හමුවන හානිදායක අගයෙන් වැඩිම ප්ලාස්ටික් විශේෂයද මෙයයි. බෙහෙත් පෙති ඇසුරුම්,විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග ඇසුරුම්, පයිප්ප, ඇද ආවරණ කවර, ඇසුරුම් සදහා යොදාගන්නා ඝනකමින් වැඩි පොලිතින්, කෘතිම හම්, ජලයේ පාවෙන සෙල්ලම් බඩු, මේස ආවරණ රෙදි, කර්ටන්, වයර් ආවරණ, මස් වර්ග හා චීස් විකිණීමේදී යොදා ගන්නා ඇතැම් ආවරණ මේ වර්ගය භාවිතයෙන් නිපදවයි. රසායන ද්‍රව්‍ය වලට වගේම දැඩි හිරු රෂ්මියටත් ඔරොත්තු දීමේ අපූරු හැකියාවක් මේ ප්ලාස්ටික් විශේෂය සතුයි. පිළිස්සීමේදී පිළිකා කාරක දෑ පරිසරයට මුසු වෙන්න හැකියාව තියෙන නිසා එසේ කිරීමෙන් වැළකීම නුවනට හුරුයි.
Plastic #4: Low Density Polyethylene (LDPE)

එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරන ෂොපින් බෑග්, පාන්, ශීතකල ආහාර ද්‍රව්‍ය අසුරා ඇති කවර, එළවළු හා පළතුරු ඇසුරුම්, අපද්‍රව්‍ය බහාලන කවර, විවිධ භාජන වැසීමට නිපදවූ ආවරණ (පියන්), සෙල්ලම් බඩු, CD හා DVD කවර, පරිගණක දෘඩ තැටි ආවරණ, මිරිකීමෙන් ඇතුලත ඇති ද්‍රව්‍ය ලබාගත හැකි ඇසුරුම්, ආදිය මේ ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් නිපදවනවා. අඩු අවධානමක් සහිත ප්ලාස්ටික් විශේෂයක් ලෙසයි පිළිගැනෙන්නේ.
Plastic #5: Polypropylene (PP)

යෝගට් හා මාගරින් ඇසුරුම්, බෙහෙත් බෝතල්, ඒ සදහා අවශ්‍ය පියන්, සිරප් සහ සෝස් වර්ග අසුරනයන්, කෑම පෙට්ටි, විද්‍යාගාර උපකරණ මේ වර්ගයේ ප්ලාස්ටික් වලින් නිපදවයි. ආරක්ෂිත ප්ලාස්ටික් විශේෂයක් ලෙස පොදුවේ පිළිගැනේ. උණුසුමට ඔරොත්තු දෙයි.