අපි නොදන්න රුසියාව-15
සිරියානු රජය පෙරළා දැමීමට සුන්නි අරාබීන් සමග එක්ව බටහිර රටවල් දියත් කල කුමන්ත්‍රණය ආපසු හැරවීමට රුසියාව-ඉරානය ප්‍රමුඛ සංධානය මේවන විට සැලකිය යුතු කාර්යභාර්‍යයක් ඉටුකර තිබේ.ඇමෙරිකාව තරම් ශක්තිමත් ආර්ථිකයක් නැති රුසියාවට දීර්ඝ කාලීන යුද්ධයකට මැදිහත්වීම සුදුසු නැතිබව පෙනේ.රුසියාව සම්බාධක,තෙල් මිල පහල යෑම ආදී අභියෝග මැද මෙම කාල සීමාව ගෙවමින් සිටියි.එහෙත් ඔවුන් පහසුවෙන්ම සිරියාව,ඇමෙරිකානුවන්ගේ තවත් ගොදුරක් වීමට ඉඩ දී බලා සිටින්නට සූදානම් නැත.කලින් කලට සිරියාවේ තිබෙන සිය ගුවන් ශක්තිය අඩු කිරීමට පුටීන් ක්‍රියා කලද මේවන විට සිරියාව තුල රුසියානු පාබල හමුදා ශක්තිය සිතා සිටිනවාට වඩා වැඩි බව කියවේ.
පුටීන් මුලදී සිරියාවට යැවුවේ යුද උපදේශකයින්ය.බෂාර් අල් අෂාඩ් ක්‍රමයෙන් පරාජය අභිමුවට ගමන් කරද්දී සිය ගුවන් ප්‍රහාරක ශක්තිය සෘජුවම ඔහුට ලබාදෙන්නට පුටීන් ක්‍රියා කලේය.සිරියාව තුල තිබෙන සිය ගුවන් ශක්තිය 50% පමණ අඩු කරන බවට රුසියාව පසුගියදාක ප්‍රකාශ කරන ලදි.ඇමෙරිකාව ක්‍රමයෙන් සිරියාව තුල සිය පාබල හමුදා ශක්තිය වැඩි කිරීමත් සමග රුසියාවද ඊට ප්‍රතිචාර දක්වා තිබේ.ඔවුන් විශේෂ බලකා සෙබලුන් වැඩි වැඩියෙන් සිරියාවට එවන්නේ ඒ නිසාය.ඇලැපෝ සටන,පැල්මයිරා සටන ආදියේදී රුසියානු විශේෂ බලකා කණ්ඩායම් කැපී පෙනෙන දස්කම් දැක්වූ බව සඳහන් වේ.
සිරියාවේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී දක්වන ලද සුවිශේෂී වීරත්වයට ගරු කිරීමක් ලෙස 2017 මැයි 10 වනදා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ විශේ මෙහෙයුම් බලකාවල නිලධාරීන් 4 දෙනෙක් පදක්කම් වලින් පිදුම් ලැබූ බව රූපවාහිනී නාලිකාව වාර්තා කලේය.
සම්මාන ප්‍රදාන උත්සවය අවස්ථාවේදී මෙහෙයුම් කණ්ඩායමේ අණදෙන්නා රන් තරුවකින් පිදුම් ලැබූ අතර රුසියානු සමූහාණ්ඩුවේ වීරයෙක් ලෙසද නම් කෙරිණි.ඔහු කියා සිටියේ තමන් ජිහාඩ් සටන්කාමීන් 300ක් දියත් කල ප්‍රහාරයක් සාර්ථකව පරාජයට පත් කල 16 දෙනෙක් ගෙන් සමන්විත රුසියානු හමුදා කණ්ඩායක එක් සාමාජිකයෙක් බවයි.
"හොඳ ආවරණයක් සහ ස්ථානයක් තිබීම නිසා අපිට හානිය අවම කරගැනීමට හැකි වුනා.එපමණක් නොවේ අපිට දියුණු අවි තාපජ මූර්තන දර්ශනපථ සහිත කැමරා ආදී උපකරණ තිබුණා.මේ සියල්ල අපේ සාර්ථකත්වයට හේතු වුනා " - අණදෙන නිලධාරී,රුසියානු විශේෂ මෙහෙයුම් ඒකකයක්
ස්වාධීන රුසියානු ආරක්ෂක විශ්ලේෂකයෙක් වන ඉගෝර් නිකොලායිචුක් කියන පරිදි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට රුසියානු විශේෂ බලකා කණ්ඩායම් යොදාගන්නා උපායමාර්ග සුවිශේෂී කාර්යභාර්යයක් කර තිබේ.
"මම තෝරාගන්නා පළමු සහ ප්‍රධානතම උපායමාර්ග වන්නේ ඇෆ්ගන් යුද්ධයේ පටන් යොදාගන්නා ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම්වල ප්‍රශ්න විසදීමේදී උදව් වූ කුඩා ප්‍රමාණයේ ජංගම සහ හොඳින් පුහුණු කල කණ්ඩායම්"-ඉගෝර් නිකොලායිචුක්
එක් පහරින් එක් මරණයක් - යුද බිමේ සැබෑ යථාර්තය එය නොවේ
සිනමාපටවල වීර සෙබලුන් නම් එක් වෙඩි පහරකින් සිය සතුරා බිම හෙළීමට සමත්ය.නමුත් සැබෑ සටන් බිමකදී ඒවා යථාර්තයෙන් බොහෝ එපිටය.මීට මාස තුනකට පමණ අන්තර්ජාලයට මුදාහල එක් වීඩියෝ පටයක දැක්වුනේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ සැඟවුණු වෙඩික්කරුවෙක් රුසියානු ස්නයිපර් කණ්ඩායමක් විසින් මරාදමන අයුරුය.වීඩියෝ පටයට අනුව නම් එහි සිටින රුසියානු සෙබලුන් දෙදෙනා ඇලැපෝ නගර ප්‍රදේශයේ විනාශ වී ගිය ගොඩනැගිල්ලක පඩිපෙළක් ආසන්නයේ සිටින ත්‍රස්තවාදියෙක් ඉලක්ක කර අතර ඔහුව මරා දමන්නට සිව්වරක් වෙඩි තබන්නට ඔවුන්ට සිදුවේ.
වීඩියෝ පටයේ රුසියානු බසින් ඇසෙන සංවාදය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නට Reddit වෙබ් අඩවියේ පරිශීලකයෙක් ක්‍රියා කර තිබිණි.පහත දැක්වෙන්නේ එම පරිවර්තිත සංවාදයයි.
Sniper: Can you hit that one?
Spotter: He is not visible. We need…
Sniper: He only sticks his arm out.
Spotter: Here we go, can you see him?
Sniper: Yeah.
Spotter: There is a rope’s end. And… there is an arm.
Sniper: Yeah…
Spotter: By the way, we could try to hit an arm.
First shot
Spotter: One increment up. And one increment to the right.
Sniper: Ready.
Spotter: Go.
Second shot
Spotter: One increment up.
Sniper: F*ck, I don’t think upwards would work (inaudible).
Spotter: Come on, come on. A little bit.
Third shot
Spotter: Looked like a hit. Once more.
Sniper: Oh, he moved his leg.
Spotter: That’s it. Come on.
Shooter: He is turning around.
Spotter: He is trying to get under the staircase. Come on, come on, to the left, to the left.
Fourth shot
Source:southfront.org,sputniknews.com
-HarshaLulzSec-

රාජ්‍යයේ උසස්ම සම්මානය නිලධාරීන් ප්‍රදානය කිරීම සම්බන්ධව නිකුත් කල ආරක්ෂක අමාත්‍යවරයාගේ ආඥා පත්‍රය
සම්මාන ප්‍රදාන උත්සවය අවස්ථාවේදී මෙහෙයුම් කණ්ඩායමේ අණදෙන්නා රන් තරුවකින් පිදුම් ලැබූ අතර රුසියානු සමූහාණ්ඩුවේ වීරයෙක් ලෙසද නම් කෙරිණි.ඔහු කියා සිටියේ තමන් ජිහාඩ් සටන්කාමීන් 300ක් දියත් කල ප්‍රහාරයක් සාර්ථකව පරාජයට පත් කල 16 දෙනෙක් ගෙන් සමන්විත රුසියානු හමුදා කණ්ඩායක එක් සාමාජිකයෙක් බවයි.
"හොඳ ආවරණයක් සහ ස්ථානයක් තිබීම නිසා අපිට හානිය අවම කරගැනීමට හැකි වුනා.එපමණක් නොවේ අපිට දියුණු අවි තාපජ මූර්තන දර්ශනපථ සහිත කැමරා ආදී උපකරණ තිබුණා.මේ සියල්ල අපේ සාර්ථකත්වයට හේතු වුනා " - අණදෙන නිලධාරී,රුසියානු විශේෂ මෙහෙයුම් ඒකකයක්
ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට රුසියානු සෙබලුන් යොදාගත් Kornet නම් යුද ටැංකිනාශක අවියක්
ස්වාධීන රුසියානු ආරක්ෂක විශ්ලේෂකයෙක් වන ඉගෝර් නිකොලායිචුක් කියන පරිදි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට රුසියානු විශේෂ බලකා කණ්ඩායම් යොදාගන්නා උපායමාර්ග සුවිශේෂී කාර්යභාර්යයක් කර තිබේ.
"මම තෝරාගන්නා පළමු සහ ප්‍රධානතම උපායමාර්ග වන්නේ ඇෆ්ගන් යුද්ධයේ පටන් යොදාගන්නා ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම්වල ප්‍රශ්න විසදීමේදී උදව් වූ කුඩා ප්‍රමාණයේ ජංගම සහ හොඳින් පුහුණු කල කණ්ඩායම්"-ඉගෝර් නිකොලායිචුක්
රුසියානු විශේෂ බලකා සෙබලුන් සිරියාවේ මෙහෙයුම්වල නිරත වන අයුරු
එක් පහරින් එක් මරණයක් - යුද බිමේ සැබෑ යථාර්තය එය නොවේ
සිනමාපටවල වීර සෙබලුන් නම් එක් වෙඩි පහරකින් සිය සතුරා බිම හෙළීමට සමත්ය.නමුත් සැබෑ සටන් බිමකදී ඒවා යථාර්තයෙන් බොහෝ එපිටය.මීට මාස තුනකට පමණ අන්තර්ජාලයට මුදාහල එක් වීඩියෝ පටයක දැක්වුනේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ සැඟවුණු වෙඩික්කරුවෙක් රුසියානු ස්නයිපර් කණ්ඩායමක් විසින් මරාදමන අයුරුය.වීඩියෝ පටයට අනුව නම් එහි සිටින රුසියානු සෙබලුන් දෙදෙනා ඇලැපෝ නගර ප්‍රදේශයේ විනාශ වී ගිය ගොඩනැගිල්ලක පඩිපෙළක් ආසන්නයේ සිටින ත්‍රස්තවාදියෙක් ඉලක්ක කර අතර ඔහුව මරා දමන්නට සිව්වරක් වෙඩි තබන්නට ඔවුන්ට සිදුවේ.
සිද්ධියට අදාල වීඩියෝපටය - kurdistan-insider.com
වීඩියෝ පටයේ රුසියානු බසින් ඇසෙන සංවාදය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන්නට Reddit වෙබ් අඩවියේ පරිශීලකයෙක් ක්‍රියා කර තිබිණි.පහත දැක්වෙන්නේ එම පරිවර්තිත සංවාදයයි.
Sniper: Can you hit that one?
Spotter: He is not visible. We need…
Sniper: He only sticks his arm out.
Spotter: Here we go, can you see him?
Sniper: Yeah.
Spotter: There is a rope’s end. And… there is an arm.
Sniper: Yeah…
Spotter: By the way, we could try to hit an arm.
First shot
Spotter: One increment up. And one increment to the right.
Sniper: Ready.
Spotter: Go.
Second shot
Spotter: One increment up.
Sniper: F*ck, I don’t think upwards would work (inaudible).
Spotter: Come on, come on. A little bit.
Third shot
Spotter: Looked like a hit. Once more.
Sniper: Oh, he moved his leg.
Spotter: That’s it. Come on.
Shooter: He is turning around.
Spotter: He is trying to get under the staircase. Come on, come on, to the left, to the left.
Fourth shot
රුසියානු විශේෂ බලකා සෙබලුන් සිරියාව තුල මෙහෙයුම් සිදුකරන අයුරු නිරූපිත මෙම ඡායාරූප දිනදර්ශනයකින් උපුටාගෙන තිබේ.
සිරියානු රජයේ හමුදා මේවන විට විරුද්ධවාදී කණ්ඩායම් රැසකට එරෙහිව රටේ ස්ථාන ගණනාවක පෙරමුණු රැසකින් සටන් වැදී සිටියි.මේ ගෙවීයන්නේ සිරියානු යුද්ධයේ හත්වන වසරයි