අපි නොදන්න රුසියාව-26
2017 අගෝස්තු මස අවසන් සතියේදී පවත්වන ලද රුසියානු යුද අභ්‍යාසයකදී ක්රසුහා-4 නම් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවිය යොදාගෙන මාර්ගෝපදේශන පද්ධති අකර්මණ්‍ය කිරීමට සමත්ව තිබේ.රුසියානු සුකොයි-34 ප්‍රහාරක බෝම්බ හෙළන යානා වලට බෝම්බ හෙළීම සහ මිසයිල ප්‍රහාර දියත් කිරීමට යොදාගන්නා මෙම පද්ධති මෙහිදී ඉලක්ක කර තිබිණි.යුද අභ්‍යාසයේදී සතුරු ගුවන් යානාවල භූමිකාව නිරූපණය කලේ සුකොයි-34 යානාය.එහි ප්‍රතිඵලය වූයේ සතුරු යානාවලට ඉලක්කය හරි හැටි හඳුනාගැනීම සහ ප්‍රහාර එල්ල කිරීම කල නොහැකිවීමයි.
රුසියාවේ රොස්ටෙක් සමාගමේ ප්‍රකාශකයා වන විලැඩ්මීර් මික් හීව් කියා සිටියේ රුසියානු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික අවි පද්ධති නිෂ්පාදන ඉදිරියේදී 30% ප්‍රතිශතයකින් වර්ධනය කිරීමට නියමිතය.රොස්ටෙක් සමාගම Krasuha-S4, Rtut-BM, Rychag-AV, Vitebsk, Khibiny-M යනාදී වශයෙන් පුළුල් පරාසයක විහිදුණු දියුණු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති නිර්මාණය කරයි.
ගුවන් යානා සහ එම ක්ෂේත්රය ආශ්රිත නිෂ්පාදන වෙනුවෙන් අගෝස්තු මාසයේදී මොස්කව් හි පවත්වන MAKS-2017 ප්‍රදර්ශනය අතරතුර විලැඩ්මීර් මික් කියා සිටියේ රුසියානු ගුවන් හමුදාව සතු දැනට සේවයේ යොදවා ඇති සුකොයි-34 ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සියල්ල Khibiny-10V නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිවලින් සමන්විත බවයි.
Khibiny යනු ගුවන් යානයේ තටු වල කෙළවර සවි කිරීමට හැකි ටෝර්පිඩෝවක හැඩය සහිත උපාංගයකි.එමගින් ගුවන් යානාවල නොනැසී පැවැත්මේ අගය 25-30 ප්‍රතිශතයකින් ඉහළ දමන බව රුසියානුවන් පවසයි.
Khibiny නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය ඔස්සේ සතුරන්ට ගුවන් යානය අනාවරණය කරගැනීම සහ ගුවන්-ගුවන් මිසයිල හෝ ගොඩබිම්-ගුවන් මිසයිල යොදාගෙන බිම හෙළීමට ඇති හැකියාව සීමා කරන බව ඇන්ඩ්‍රෙයි කොට්ස් නම් විශේෂඥයා පවසයි.මෙම පද්ධති ස්ථාපනය කල රුසියානු සුකොයි-34 ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ සුකොයි-30එම් එස් ප්‍රහාරක ජෙට් යානා සිරියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා යොදා ගැනේ.
රුසියානු හෙලිකොප්ටර් යානාවල Vitebsk නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය සවි කර ඇත.එය Khibiny පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සමාන වේ.දැනට Vitebsk පද්ධතිය Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ Mi-8MT බහු-කාර්යය හෙලිකොප්ටර් යානාවල ස්ථාපනය කර තිබේ.
ඊට අමතරව ඇන්ඩ්‍රෙයි කොට්ස් විසින් සඳහන් කල ගුවන් යානාවලට සවි කල හැකි ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක් වන්නේ Tarantul(Tarantula)ය.එය සුකොයි-34 යානාවල ස්ථාපනය කිරීමට පුළුවනි.සතුරු රේඩාර් වලින් අනෙක් ප්‍රහාරක යානා ආරක්ෂා කිරීම එහි අරමුණයි.2007 වර්ෂයේ පටන් සංවර්ධනය කරමින් තිබෙන පද්ධතිය,දැනට වාර්තා වන පරිදි පරීක්ෂණ මට්ටමේ ඇත.ඇන්ඩ්‍රෙයි කොට්ස් අනුව Tarantulයනු රුසියාවේ අනාගත ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියයි.
ප්‍රසිද්ධතම රුසියානු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය වන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් බහු කෘත්‍යාත්මක අවහිර කිරීමේ පද්ධතියක් වන Krasukha-4ය.එය නිර්මාණය කර තිබෙන්නේ අක්ෂ දණ්ඩ 4හි BAZ-6910-022 චැසියක් මතය.එහි පරාසය කි.මී. 300 වන අතර වාසර් පූර්ව අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති,අනෙකුත් වාසර රේඩාර් පද්ධතිවලට එරෙහිව ක්‍රියා කිරීමට හැකි පරිදි සැලසුම් කර තිබේ.
රුසියානුවන්ට අනුව Krasukha-4හි මෙහෙයුම් පරාසය පහළ පෘථිවි කක්ෂීය චන්ද්‍රිකා වලටද බලපෑම් කල හැකි තරම් ප්රබලය.චන්ද්‍රිකාවල ගුවන් විදුලි-ඉලෙක්ට්‍රොනික් උපාංගවලට එමගින් ස්ථිර හානියක් සිදුකල හැකි යැයි කියවේ.ගොඩබිම් රේඩාර් මධ්‍යස්ථානද Krasukha-4හි තවත් ඉලක්කයකි.අනාගතයේදී Krasukha පද්ධතිය අභ්‍යාවකාශය වැනි ඉතා ඉහල උසක ඇති ඉලෙක්ට්‍රොනික උපාංග සහිත යානා පවා ඉලක්ක කල හැකි අයුරින් සැලසුම් කිරීමට නියමිතය.එහිදී රුසියානුවන්ගේ ප්‍රධාන ඉලක්කය වනු ඇත්තේ ඔත්තු බැලීමේ චන්ද්‍රිකාය.
"රුසියාව ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති සංවර්ධනය කරන්නේ ඇමෙරිකාව ඔවුන්ගේ අවි නවීකරණය කිරීමට දක්වන 'අසමමිතික ප්‍රතිචාරයක්' ලෙසයි.සීතල යුද්ධය කාලයේ පටන් ඇමෙරිකාව ඔවුන්ගේ නාවික සහ ගුවන් අවිවල තාක්ෂණික උසස් බාවය වැඩිදියුණු කිරීමට සහ පවත්වාගෙන යෑමට අවධානය යොමු කරන ලදි.නමුත් රුසියාවට ඔවුන් සමග සෘජුවම තරඟ කිරීමේ හැකියාව නොමැත.මන්ද ඇමෙරිකාවට එම කාර්යය සඳහා අවශ්‍ය මුදල් සහ අවස්ථාවන් අවශ්‍ය තරම් තිබේ.වාර්ෂිකව එරට හමුදාවන්ට අවශ්‍ය නූතන ගුවන් යානා,ඩ්‍රෝන් යානා සහ නෞකා සැපයීමේ හැකියාව ඇමෙරිකාව සතුය.රුසියාව ඊට දක්වන ප්‍රතිචාර අසමමිතික එකක් යැයි කියන්නේ ඇමෙරිකාවේ තර්ජනයට රුසියානුවන් ප්‍රතිචාර දක්වන්නේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමි පද්ධති වැඩි දියුණු කිරීම ඔස්සේ නිසා වෙනි."- රුසියානු යුද විශේෂඥ වික්ටර් මුරකොව්ස්කි.
රුසියාව සතුව ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පාලන පද්ධති තිබේ යැයි කිසිදු රටක් අපේක්ෂා නොකරයි.එහි පුද්ගල සහභාගීත්වය අවමය.එක් විශේෂිත ඉලක්කයකට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට නම් මෙහෙයුම්කරුවා කල යුතු එක කාර්යය වන්නේ පරිගණකගත මනාප වලින් එකක් තෝරා දීම පමණි.එමගින් එක් සුවිශේෂී තර්ජනයක් කෙරෙහි ප්‍රතිචාර දැක්වීමට වැයවන කාලය අවම කරන්නේ යැයි වික්ටර් මුරකොව්ස්කි පවසයි.
2011 දෙසැම්බර් මස 4දා ඇමෙරිකානු ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ RQ-170 සෙන්ටිනෙල් නම් ඩ්‍රෝන් යානයක් ඊසානදිග ඉරානයේ කෂ්මර් නගරය ආසන්නයේදී ඉරාන හමුදා විසින් අල්ලාගන්නා ලදි.ඉරානය මෙම අති නවීන ඩ්‍රෝන් යානය ඇමෙරිකානු පාලනයෙන් මුදාගෙන ආරක්ෂිතව සිය රට තුලට ගොඩබැස්සූයේ කෙසේ දැයි පැහැදිලි නැතත්,විශේෂඥ මතය වන්නේ රුසියාවෙන් හෝ චීනයෙන් ඉරානයට ලැබුණු නූතන ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක ආධාරයෙන් එය සිදු කරන්නට ඇතැයි කියාය.
2014 අප්‍රේල් මාසයේදී අතිනවීන ඩිස්ට්‍රෝයර් වර්ගයේ යුද නෞකාවක් වන USS ඩොනල්ඩ් කූක් කළු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ඊට ඉහළින් පියාසර කල රුසියානු සුකොයි-24 යානයක් Khibiny ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය යොදාගෙන නෞකාවේ රේඩාර් පද්ධතිය අවහිර කලේ යැයි පුවතක් පසුගිය කාලයේ ප්‍රචාරය විය.නමුත් පද්ධතිය දැනට භාවිතා කරන්නේ සුකොයි-30,සුකොයි-34 සහ සුකොයි-35 යානාවල පමණක් නිසා බොහෝවිට එම පුවත අසත්‍යය එකක් වීම සම්භාවිතාවය වැඩිය.
Source:sputniknews.com
-HarshaLulzSec-

මිසයිලයක් මුලා කිරීම

Khibiny ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියෙන් සන්නද්ධ සුකොයි-34 ප්‍රහාරක යානයක් සිරියාවේ Hmeymim ගුවන් කඳවුරෙන් ගුවන් ගත වන අයුරු
ගුවන් යානා සහ එම ක්ෂේත්රය ආශ්රිත නිෂ්පාදන වෙනුවෙන් අගෝස්තු මාසයේදී මොස්කව් හි පවත්වන MAKS-2017 ප්‍රදර්ශනය අතරතුර විලැඩ්මීර් මික් කියා සිටියේ රුසියානු ගුවන් හමුදාව සතු දැනට සේවයේ යොදවා ඇති සුකොයි-34 ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සියල්ල Khibiny-10V නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිවලින් සමන්විත බවයි.
MAKS-2017 ප්‍රදර්ශන භූමියේ තිබූ Khibiny ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක්
Khibinyහි අභ්‍යන්තරය
Khibiny යනු ගුවන් යානයේ තටු වල කෙළවර සවි කිරීමට හැකි ටෝර්පිඩෝවක හැඩය සහිත උපාංගයකි.එමගින් ගුවන් යානාවල නොනැසී පැවැත්මේ අගය 25-30 ප්‍රතිශතයකින් ඉහළ දමන බව රුසියානුවන් පවසයි.
Kh-31 මිසයිල 5ක් සහ Khibiny ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියකින් සමන්විත රුසියානු සුකොයි-34 යානයක්
Khibiny නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය ඔස්සේ සතුරන්ට ගුවන් යානය අනාවරණය කරගැනීම සහ ගුවන්-ගුවන් මිසයිල හෝ ගොඩබිම්-ගුවන් මිසයිල යොදාගෙන බිම හෙළීමට ඇති හැකියාව සීමා කරන බව ඇන්ඩ්‍රෙයි කොට්ස් නම් විශේෂඥයා පවසයි.මෙම පද්ධති ස්ථාපනය කල රුසියානු සුකොයි-34 ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ සුකොයි-30එම් එස් ප්‍රහාරක ජෙට් යානා සිරියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා යොදා ගැනේ.
Vitebsk ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතිය සහිත Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක්
රුසියානු හෙලිකොප්ටර් යානාවල Vitebsk නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය සවි කර ඇත.එය Khibiny පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සමාන වේ.දැනට Vitebsk පද්ධතිය Ka-52 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ Mi-8MT බහු-කාර්යය හෙලිකොප්ටර් යානාවල ස්ථාපනය කර තිබේ.
Mi-8MT හෙලිකොප්ටරයක Vitebsk ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියක් ස්ථාපනය කර තිබෙන අයුරු
Vitebskහි සමීප දර්ශනයක්
ඊට අමතරව ඇන්ඩ්‍රෙයි කොට්ස් විසින් සඳහන් කල ගුවන් යානාවලට සවි කල හැකි ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක් වන්නේ Tarantul(Tarantula)ය.එය සුකොයි-34 යානාවල ස්ථාපනය කිරීමට පුළුවනි.සතුරු රේඩාර් වලින් අනෙක් ප්‍රහාරක යානා ආරක්ෂා කිරීම එහි අරමුණයි.2007 වර්ෂයේ පටන් සංවර්ධනය කරමින් තිබෙන පද්ධතිය,දැනට වාර්තා වන පරිදි පරීක්ෂණ මට්ටමේ ඇත.ඇන්ඩ්‍රෙයි කොට්ස් අනුව Tarantulයනු රුසියාවේ අනාගත ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියයි.
අසමමිතික ප්‍රතිචාරය
ප්‍රසිද්ධතම රුසියානු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය වන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් බහු කෘත්‍යාත්මක අවහිර කිරීමේ පද්ධතියක් වන Krasukha-4ය.එය නිර්මාණය කර තිබෙන්නේ අක්ෂ දණ්ඩ 4හි BAZ-6910-022 චැසියක් මතය.එහි පරාසය කි.මී. 300 වන අතර වාසර් පූර්ව අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති,අනෙකුත් වාසර රේඩාර් පද්ධතිවලට එරෙහිව ක්‍රියා කිරීමට හැකි පරිදි සැලසුම් කර තිබේ.
Krasukha නම් ගොඩබිම් මූලික ජංගම ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතිය