අපි නොදන්න රුසියාව-7

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි නොදන්න රුසියාව-7

    MwhjD7C.jpg

    සුප්‍රසිද්ධ රුසියානු ගුවන් යානා සැලසුම්කරුවෙක් වූ සහ මිග්-29 යානයේ සම නිර්මාතෘවරයෙක් වූ අයිවන් මිකොයාන් මහතා පසුගිය මස 24 වෙනිදා මෙළොව හැරයේය.එවිට ඔහුගේ වයස අවුරුදු 89ක් වූ බව රුසියානු රූපවාහිනී නාලිකාව වාර්තා කරන ලදි.ඔහුගේ මාමා වූ ආර්ටෙම් මිකොයාන් ,මිකෙයාන් - ගෘවිච් සැලසුම් කාර්යාංශය(රුසියානු මිග් ගුවන් යානා සමාගම)බිහිකරන ලදි.මිග් ප්‍රහාරක යානා නිපදවන ලද්දේ මෙම කාර්යාංශය විසිනි.

    bxZNQHp.jpg
    අයිවන් මිකොයාන්,1927.09.01 - 2016.11.24​

    අයිවන් මිකොයාන් 1927 සැප්තැම්බර් මස 1දා උපත ලබා ඇත්තේ සෝවියට් දේශයේය.ඔහුගේ පියා, ඇනස්ටස් මිකොයාන් රජයේ සේවකයෙක් විය.අයිවන්ගේ මාමා මිග් යානා බොහොමයක් සැලසුම් කල ඉංජිනේරුවෙක් විය.ඔහු ගුවන් යානා ඉංජිනේරුවෙක් වීමට පෙර හමුදා ගුවන් තරණ සහ යාන්ත්‍ර විද්‍යා පාසලක ඉගෙන ගෙන තිබේ.ඉන්පසු ගුවන් හමුදා ඉංජිනේරු විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.උපාධිය ලැබීමෙන් පසුව සිය මාමාගේ ගුවන් යානා සැලසුම් කාර්යාංශයේ සේවය කිරීම අරඹා තිබේ.පළමුව ප්‍රධාන ඉංජිනේරුවා ලෙසද පසුව උපප්‍රධාන ඉංජිනේරුවා වශයෙන්ද සේවය කල ඔහු මිය යන තෙක්ම රුසියානු මිග් ගුවන් යානා සමාගමේ උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබේ.

    81596WL.jpg

    තම සේවා කාලය තුල ඔහු මිග්-21 සහ මිග්-29 යානා වල සැලසුම් සකස් කිරීමට සහභාගී වී තිබේ.මිග්-29 යානය සැලසුම් කිරීම වෙනුවෙන් ඔහුට දෙවරක්ම සෝවියට් දේශයේ රාජ්‍ය සම්මානය හිමිව තිබිණි.


    මිකොයාන් මිග්-29 යනු ද්විත්ව එන්ජින් සහිත ජෙට් ප්‍රහාරක යානයකි.සෝවියට් දේශය විසින් මෙම ප්‍රහාරක යානය නිපදවන ලද්දේ 1970 දශකයේදී පැමිණි මැක්ඩොනල් ඩග්ලස් එෆ්-15 ඊගල් සහ ජෙනරල් ඩයිනැමින් එෆ්-16 ප්‍රහාරක යානාවලට පිළිතුරක් වශයෙනි.මිග් -29 යානය සෝවියට් ගුවන් හමුදාවට එක් කරගන්නේ 1982 වර්ෂයේදීය.බහුකාර්ය ප්‍රහාරක යානයක් වන මිග්-29 යානා 1600 ට වඩා අද වන විට නිපදවා තිබෙන බවත් යානා 800ක් වැඩි සංඛ්‍යාවක් රටවල් 30 කට පමණ අලෙවි කර තිබෙන බවත් මාධ්‍ය වාර්තා කරයි.




    මිග් යානාවල ඉතිහාසය-සංක්ෂිප්තව

    සෝවියට් ගුවන් යානා සැලසුම්කරුවෙක් වූ ආර්ටම් මිකොයාන් මිකොයාන් යුද ගුවන් යානා සැලසුම් කාර්යාංශයේ සම නිර්මාතෘවරයෙකි.පසුව එය රුසියානු මිග් ගුවන් යානා සමාගම බවට පත්විය.ආර්ටම් මිකොයාන් උපන්නේ 1905 අගෝස්තු මස 5දාය.ඔහු යටතේ ගුවන් යානා 40කට වඩා නිර්මාණය කෙරිණි.ඡායාරූප ආශ්‍රයෙන් එම සමාගමේ ඉතිහාසය කෙටියෙන් විමසා බලමු.



    සෝවියට් ගුවන් යානා සැලසුම් ඉංජිනේරු ආර්ටම් මිකොයාන් මහතා

    C9jfz2h.jpg





    මිග්-1 යනු දෙවන ලෝක යුද සමයේදී මෙම සමාගම නිර්මාණය කල පළමු ප්‍රහාරක යානයයි.1940 වන විට මිග්-1 යානා 100ක් නිෂ්පාදනය කල බව සඳහන් වේ.

    6Rri1VR.jpg





    මිග්-3 යනු දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් දේශය භාවිතා කල තවත් ප්‍රහාරක යානයකි.

    etLNMS1.jpg





    මිග්-15 යනු swept-wing වර්ගයේ තටු සහිත පළමු සාර්ථක ජෙට් ප්‍රහාරක යානාවලින් එකකි.එය කොරියානු යුද්ධයේදී පාවිච්චි කරන ලදි.

    xFYjkph.jpg





    මෙතෙක් කාලයකට වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් නිපදවා තිබෙන්නේ මිග්-15 මොඩලයයි.එම ගණන 18,000කට වැඩි බව කියවේ.

    kVm7uZA.jpg





    මිග්-19 යානය කරලියට එන්නේ 1950 දශකයේ මුල් කාලයේය.ඒ මිග් සමාගමේ පළමු සුපර්සොනික් ප්‍රහාරක යානය ලෙසයි.

    kx7LPq1.jpg




    මිග්-21 බහුකාර්යය ප්‍රහාරක යානය 1950 දශකයේ මැද භාගයේදී නිපදවන ලද්දකි.මහද්වීප හතරක් ආවරණය කරමින් රටවල් 60ක පමණ මිග්-21 යානා පියාසර කර තිබේ.මෙම යානය තවමත් රටවල් රැසක ගුවන් හමුදාවන් විසින් භාවිතා කරයි.​

    oi7EaOh.jpg





    ගුවන් යානා ඉතිහාසය තුල නිපදවන ලද වැඩිම සුපර්සොනික් ජෙට් යානා සංඛ්‍යාවට හිමිකම් කියන්නේ මිග්-21 යානයයි.

    xhQMfBK.jpg




    මිග්-23 යනු සෝවියට් දේශයේ තුන්වන පරම්පරාවට අයත් ජෙට් ප්‍රහාරක යානයකි.එහි නිෂ්පාදනය ඇරඹෙන්නේ 1970 දශකයේ දීය.මේවන විට නිපදවා ඇතැයි සැලකෙන මිග්-23 යානා ගණන 5000 ඉක්මවන බව සඳහන් වේ.​

    Y4GQHuF.jpg





    මිග්-23 යානයේ ගොඩබිම් ප්‍රහාරක ව්‍යුත්පන්නයක්

    2YaqtKy.jpg





    මිග්-25 සුපර්සොනික් අතුරුවාරක සහ විමර්ශන ගුවන් යානය සේවයට පැමිණෙන්නේ 1970 දශකයේදීය.ඉහළම උසකට පියාසර කල යුද ගුවන් යානයක් ලෙසද එය වාර්තා පිහිටුවා තිබේ.

    4w1W97l.jpg




    මිග්-23 යානය ආශ්‍රයෙන් නිර්මාණය කල මිග්-27 යානය,ගොඩබිම් ප්‍රහාරක යානයකි.එය නිෂ්පාදනය කෙරෙන්නේ 1970-1986 සමයේදීය.මිග්-27 යානය 1991 වර්ෂය දක්වා සෝවියට් ගුවන් හමුදාව භාවිතා කල බව කියවේ.​

    WteZTaa.jpg





    මිග්-29 යනු ද්විත්ව එන්ජින් සහිත ජෙට් ප්‍රහාරක යානයකි.එය සෝවියට් ගුවන් හමුදාව එක්වූයේ 1983 වර්ෂයේදීය.රුසියාව විසින් අපනයන කරන ජනප්‍රියතම ගුවන් යානයයි.දැනට ජාතීන් 30කට වඩා මෙම වර්ගයේ යානා භාවිතා කරයි.

    X1yG1rn.jpg





    මිග්-31 සුපර් සොනික් අතුරුවාරක ගුවන් යානය ලොව තිබෙන වේගවත්ම ප්‍රහාරක යානා වලින් එකකි.එහි නිෂ්පාදනය 1979 වර්ෂයේදී ආරම්භ වී තිබේ.

    CNPcRf0.jpg




    මිග්-31 යානයේ උපරිම වේගය ලෙස වාර්තා වී තිබෙන්නේ පැයට කි.මී. 3000කි.ඊට කි.මී. 20ක් ඉහළින් පියාසර කල හැකිය.මිග්-31 යානා හතරකට කි.මී. 800-900ක දුරක ප්‍රදේශයක් ගුවන් අවකාශය පාලනය කල හැකි බව සඳහන් වේ.​

    TkKOO7j.jpg





    මිග්-35 යානය ශ්‍රේණිගත කර තිබෙන්නේ 4++ පරම්පරාවේ ජෙට් ප්‍රහාරක යානයක් ලෙසයි.එහි උපරිම වේගය පැයට කි.මී.2400කි.

    LK6G2Bw.jpg







    Source:tass.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: BINGU_PUTHA

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    patta... lankawe tyenne mig 27 ekak neh?

    ලංකාවේ තියෙන්නේ මොනවද?
    27,29 තියෙනව නේද?

    මිග්-27 තියෙනවා,මිග්-29 යානා ගන්න සැලැස්මක් තිබුණලු.මිග්-29 ගනුදෙනුවේ කේස් එකක් ගියානේද ගෝඨාගේ නමත් ඈදිලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මිග්-27 තියෙනවා,මිග්-29 යානා ගන්න සැලැස්මක් තිබුණලු.මිග්-29 ගනුදෙනුවේ කේස් එකක් ගියානේද ගෝඨාගේ නමත් ඈදිලා.

    MIG27 thamai gatte. case eka adila thiyenne mig-27 ta. mama danna widihata Ukraine walin old stock ekak gatte overpriced. Russia wala oka dan discontinued karala.