අපි නොදන්න Tatto කළාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි නොදන්න Tatto කළාව

    2rh8h3d.jpg


    Tatto කලාව කියන්නෙත් මේ වෙනකොට ඉවක් බවක් නැතිව ලෝකය පුරාම ව්‍යාප්ත වෙලා ගිය කලාවක්. දේශසීමා මායිම් වැටකඩුලු කිසිම දෙයක් ගාණකටවත් ගන්නෙ නැතිව ජාති ආගම් භේදයෙන් තොරව ලෝකයෙ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්න ජනතාව වෙත සමීප වෙන්න මේ Tatto කලාවට තියෙන්නෙ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.

    අද සාමාන්‍ය ජනතාවගෙ ඉඳන් ලෝක ප්‍රසිද්ධ නළු නිළියො, ගායක ගායිකාවො, ක්‍රීඩකයන් අතරට පවා ගිය Tatto කලාවට තියෙන්නෙ ටිකක් එහාට ගියපු ඉතිහාසයක්. මේ අතරින් වෘත්තිමය වශයෙන් ප්‍රථම Tatto කලාව පවත්වාගෙන ගියාය කියලා සඳහන් වෙන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයෙ martin Hildebrandt විසින් කරනු ලැබූ Tatto කලාවන් ආශ්‍රයෙනුයි. ජර්මන් ජාතිකයෙක් වුණු ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 1846 වර්ශයෙදියි. 1861 - 1865 කාලසීමාව තුළදී ඔහු විසින් ඇමෙරිකානු සිවිල් යුද්ධයේ යෙසී සිටි දෙපිරිසේම සොල්දාදුවන්ගේ Tatto නිර්මාණය කල බවත් ඔහු සම්බන්දයෙන් ඇති වාර්ථාවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි එංගලන්තයේ Tatto කලාව සම්බන්ධයෙන් ප්‍රථම වරට කරුණු දැක්වෙන්නේ 1870දී ලිවර්පූල් වරාය මුල් කරගෙනයි. ඒ වෙනකොටත් එංගලන්තයේ Tatto නාවිකයන් අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබුණා. මේ කාලයේ අපරාධකරුවන් හා සිරකරුවන්ව ඔවුන්ගේ හඳුනා ගැනීමේ පහසුවට Tatto භාවිත කළත් මේ කාලයෙදීම සමාජයේ යම් කොටසක් විලාසිතාවක් විදියටත් මෙය භාවිත කරල තියෙනවා.

    ඒ අතරින් වැඩියෙන්ම මේ සඳහා යොමුවෙලා ඉඳලා තියෙන්නෙ රාජකීය පවුල්වල අය හා සමාජයේ ඉහළ පන්ති වශයෙන් සැලකෙන්නා වූ පිරිසයි.

    කොහොම වුණත් ඇමෙරිකාවේ Acadamy od Dermatology හී සඳහන් වන්නේ Tattos වර්ග පහක් තියෙනවා කියලයි. ඒ මෙන්න මේ විදියට.


    • Traumetic Tattos
    • Amateur Tattos
    • Profesional Tattos
    • Cosmetic Tattos
    • Medical Tattos

    මේ විදියට වර්ග කරපු Tatto ගැන කතාකරනකොට විශේෂයෙන් සඳහන් වෙන දෙයක් තමයි මේවා බොහෝ විට භාවිත කරල තියෙන්නෙ සිරකරුවන්ගේ අංක යොදා වෙන්කිරීමට කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි 1941 දී Auschwitz සිරකඳවුරේ සිරකරුවන්ගේ අත්වල අංක යොදා තිබීම. ඒ අතර රෝම අධිරාජ්‍ය කාලයේදී රෝම සොල්දාදුවන් විසින්ද Tatto භාවිත කල බවක් සඳහන් වන අතරම එවක සටන් ශිල්පීන් මෙන්ම විදේශයන් වලින් ගෙන්වා ගනු ලැබූ කුලී හේවායන්ගේද යම් යම් වැකි කොටනු ලැබූ බවත් කියාවෙනවා. පිරිසකගේ නළලේ "Stop Me, I'am a Runnaway" යනුවෙන්ද කොටා තිබුණු බවත් සඳහන්.

    Tatto මේ විදියට විකාශය වෙනකොට 1970 දශකයේ බටහිර රටවල් අතරේ මෙය විලාසිතා අතර ප්‍රධාන අංගයක් බවට පත්වෙලාත ියෙනවා. මේ හැම දෙයක්ම බෙදිලා ගිහින් තියෙන්නෙ ඒ ඒ අයගේ වයස් පරතරයක් විදියට. 2010 වසර වෙනකොට ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 30ට අඩු පිරිසකගෙන් 25%ක්ම තමන්ගේ සිරුරේ පච්චයක් ගසා ගැනීමට පෙලඹිලා තියෙනවා.

    ඉතිං 2010 අවුරුද්දෙදී ඕස්ට්‍රේලියාවේ තත්ත්වය එහෙම වෙනකොට 2014 දී එංගලන්තයේ පච්ච කෙටීමේ ව්‍යාපාරය ඉහළ යමින් පවතිනවා කියල තමයි කියන්නේ. ඒ අතරින් වයස අවුරුදු 20 - 25 අතර පිරිස් වැඩි වශයෙන් ඒ වෙත ඇඳී ඒමක් දක්නට ලැබෙන අතර එංගලන්තයේ තිබුණු 300ක් විතර වුණු Tatto Center මේ වෙනකොට 1500 දක්වාම ඉහළ ගොස් තිබෙනවා. මේ අතරින් වැඩි කොටසක් නීති විරෝධී ඒවා නිසා මෙය නීත්‍යනුකූල වයාපාරයක් කරලීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන ඒමටත් ප්‍රමිතියෙන් යුත් Tatto Center ආරම්භ කිරීමත් ඔවුන්ගේ අභිලාෂය වෙලා තියෙනවා.

    කරුණු කාරණා කොහොම වුණත් වෙනස් විදියකට ආරම්භ වුණු පච්ච කෙටීමේ කලාව මේ වෙනකොට විලාසිතා අතරට නැතිවම බැරි දෙයක් වෙලා තියෙනවා කියලා නම් කිසිම සැකයක් නැතුව ඕනම කෙනෙකුට කියන්න පුළුවන්.

    -Rajitha Basnayake-