අපි බුදුබණට හීලැ වුන යක්කු බොලව්

rajacdp

Member
May 5, 2008
7
8
0
අපි බුදුබණට හීලැ වුන යක්කු බොලව්

13265954_1713280555609411_6477631243649243190_n.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    උබ ඔය නොකියා කියන්න හදන්නේ බුදු රජානන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලනේ. ධර්මය විකෘති නොකර හිටපන්. මනුස්සයෙක් සෝවාන් උනා නම් කවදාවත් යක්ෂයෙක් වෙලා ඉපදෙන්නේ නෑ. දේවකයක් සහිත යක්ෂ අවතාර තියෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ. යක්ෂයෙක් කියලා. යක්ෂ සේනාධිපති කෙනෙක් තවත් යක්ෂයෙක් කියන්නත් බෑනේ. යක්කුන්ව පාලනය කරන්නෙත් දෙවියෝ.
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    Yakku kiyanne jana kottashayak misak ada api dakina mala yakku nemei
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආටානාටිය සූත්‍රය යනු බුදුන් වහන්සේගේ මූලිකත්වයෙන් , සිව් හෙළයේ පාලකයින් සතර දෙනා වූ සතරවරම් රජ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සහ යක්ක හෙලයේ සියලුම ප්‍රාදේශීය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති සමුලුවකි.මේ රැස්වීමට මූලික හේතුව වූයේ බුදුන් සරන ගොස් ධර්ම මාර්ගයේ ගමන්කල යක්ක හෙල වසීන්ට ඔවුන් අතරම සිටි මිත්‍යාදෘශ්ඨික යක්ශ හෙල වාසීන් විසින් නොයෙකුත් අඩත්තේට්ටම් සිදුකිරීමයි. මෙහිදී රැස් වූ සියලු දෙනා විසින් සම්මුතියක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව බුද්ධශ්‍රාවකයින්ට සිදුවන කරදර හිරිහැර වලක්වා ඔවුන්ගේ ආරක්ශාව තහවුරු කිරීමට සියලු නායකයින් බුදුන් ඉදිරියේ ප්‍රතිඥ්ඥා දුන්හ
     
    • Like
    Reactions: Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ‍යක්කු - යාක්ශා කර්මාන්තයේ යෙදුනු උදවිය, හෙවත් යකඩ කර්මාන්තයේ නිපුනයන්.

    අදටත් ලක් වැසියන්ගෙ කාර්මික නිපුනතාව අපි බහුතරයක් යක්කුන්ගෙන් පැවත එන බවට සාක්කියක්.

    රක්කු, රාක්ශයෝ - රකින්නන්, හෙවත් මුර කරුවන්. (අරක්කු - රක්කුන්ට අකැප දේ.)

    ‍යක්කු, රක්කු ඔක්කොම අපෙ මුතුන්මිත්තො තමා. ඔවුන්ව අමනුශ්යයො වශයෙන් හංවඩු ගහුවෙ පසු කාලීනව ආගම් ප්‍රචාරය කරන්නවුන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ‍යක්කු - යාක්ශා කර්මාන්තයේ යෙදුනු උදවිය, හෙවත් යකඩ කර්මාන්තයේ නිපුනයන්.

    අදටත් ලක් වැසියන්ගෙ කාර්මික නිපුනතාව අපි බහුතරයක් යක්කුන්ගෙන් පැවත එන බවට සාක්කියක්.

    රක්කු, රාක්ශයෝ - රකින්නන්, හෙවත් මුර කරුවන්. (අරක්කු - රක්කුන්ට අකැප දේ.)

    ‍යක්කු, රක්කු ඔක්කොම අපෙ මුතුන්මිත්තො තමා. ඔවුන්ව අමනුශ්යයො වශයෙන් හංවඩු ගහුවෙ පසු කාලීනව ආගම් ප්‍රචාරය කරන්නවුන්.

    බොහොම නිවැරදියි සහෝ .යක්ෂ කියන්නේ ගෝත්‍රිකයෝ .ගෝත්‍රයක් කිව්වට ඒ මිනිස්සු මිනි මස් කාගෙන මිලේච්ච විදියට හිටපු අය නෙවේ .යකඩ වැඩ වගේ කාර්මික වැඩ කරපු අය .යපස් උණු කරපු උදුන් පවා හම්බවෙලා තියෙනවා .

    අදටත් අපේ කියමනක් තියෙනවා උඹ නම් යකෙක් වගේ වැඩ ,නැත්තම් යකා වගේ වැඩ කරපන් කියලා .මේ කට්ටියගේ දක්ෂතාව ගැන ඒකෙන් පැහැදිලි වෙනවා .

    මේ ගෝත්‍ර හදුන්වන්න විවිද සලකුණු තිබ්බා .නාග ගෝත්‍රය නියෝජනය කරේ නයෙක් ඇදල.යක්ෂ ගෝත්‍රය නියෝජනය කරේ දළ දෙකක් එලියට පැනපු යක් කියලා සම්මතේ තියෙන රූපයකින් .

    සූත්‍ර දේශනා අනුව මේ පෘතුවිය එක්ක තල 31 තියෙනවා .ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පහලම තලය තමා මනුෂ්‍ය ලෝකය .
    31 - නේව සංඥා නා සංඥායතන
    30 - ආකිඤ්චඤ්ඥායතනය
    29 - විඤ්ඤාණඤ්චායතනය
    28 - ආකාසනාඤ්චායතනය
    27 - අකණිට්ඨා බ්‍රහ්ම තලය
    26 - සුදස්සී බ්‍රහ්ම තලය
    25 - සුදස්ස බ්‍රහ්ම තලය
    24 - අතප්ප බ්‍රහ්ම තලය
    23 - අව්හා බ්‍රහ්ම තලය
    22 - වේහප්ඵල බ්‍රහ්ම තලය
    21 - අසංඥ සත්ත බ්‍රහ්ම තලය
    20 - සුභ කිණ්හක බ්‍රහ්ම තලය
    19 - අප්පමාණසුභ බ්‍රහ්ම තලය
    18 - පරිත්තසුභ බ්‍රහ්ම තලය
    17 - ආභස්සර බ්‍රහ්ම තලය
    16 - අප්පමාණභය බ්‍රහ්ම තලය
    15 - පරිත්තාභය බ්‍රහ්ම තලය
    14 - මහා බ්‍රහ්ම බ්‍රහ්ම තලය
    13 - බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්ම තලය
    12 - බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම තලය

    11 - පරිනිම්මිත වසවර්තී දේව තලය
    10 - නිම්මාණරතී දේව තලය
    09 - තුසිත දේව තලය
    08 - යාම දේව තලය
    07 - තව්තිසා දේව තලය
    06 - චාතුර්මහාරාජික දේව තලය

    05 - මනුස්ස ලෝක තලය

    04 - පෙරේත ලෝක තලය
    03 - තිරිසන් ලෝක තලය
    02 - අසුර නිකාය තලය
    01 - නිරය
    ඊට පහළ තියෙන ප්‍රේත ,තිරිසන් .සතර අපායේ ඉන්න අයට ධර්ම අවබෝධයක් ලබන්න බෑ .
    සම්මතයේ එන යක්කු ඔය කියන විදියට වැටෙන්නේ ප්‍රේත ලෝකයට .එහෙනං ඒ අයට මාර්ග පල ලබන්න බෑ.

    මම හිතන්නේ කට්ටියට වැඩේ පැහැදිලි ඇති .



     
    • Like
    Reactions: [email protected]

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Gauthama Lord buddha never born in sri lanka neither next lord buddha too.all loard buddhas were born in india.