අපි මිත්‍ර ශීලී වෙමු ...
අපේ සමහර යාලුවෝ ඉන්නවා හරි අමුතුයි ....වැඩිය කතා කරන්නේ නෑ ...වැඩිය යාලුවෝ නෑ ...ඔෆිස් එකේ හරි කොහේ හරි පාටියක් තිබ්බොත් එන්නේ නෑ ....සමහර විට වයස අවු: 30 40 වෙනකන් පෙම්වතියක් ඉඳල නෑ ...කොටින්ම කියනව නම් සමාජ ආශ්‍රයක් නෑ ....වෙලාවකට ඒ අය හැසිරෙන්නේ හරි ආත්මාර්ථකාමී විදියට කියල අපිට හිතෙනවා ..... ගොඩක් වෙලාවට ඒ අයගේ පුද්ගලික සබඳතා ඉක්මනට බිදෙනවා ......
අපිත් සමහර විට මේ වගේ වෙන්න පුළුවන්.....
එත් අපිට ඇත්තටම සමාජයෙන් වෙන් වෙලා ඉන්න ඕන නැති වෙන්න පුළුවන්.......අපිත් යාළුවොත් එක්ක එකට විනෝද වෙන්න...ගමන් යන්න කැමති වෙන්න පුළුවන්....පෙම්වතියක් නැති වීම හැමදාම විඳවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ..අපේ ආත්මාර්ථ කාමී බව අපි නොදන්නවා වෙන්න පුළුවන් ....
එහෙනම් කොහෙද ඔබට වැරදුනේ ??
මේ දේවල් වලට පවුල් පසු බිමත් ටිකක් බලපානවා .....ගෙදර පවුලෙන් හුදා කලා වෙලා ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට සමාජයෙනුත් හුදා කලා වෙනවා .... මොකක් හරි එක් සිද්දියක් නිසා එක් අවස්ථාවකදී ඔබ සමාජයෙන් හැලුනොත් ඔබ දිගටම තනි වෙන්න බලනවා ....සමාජයේ හැල හැප්පීම් වලට වඩා තනි වෙලා ගෙවන ජිවිතේ හොඳයි කියලා හිතෙනවා ...
ළමා කාලයේ ඔබ පාසල් සමාජයෙන් වෙන් වෙන්න පුළුවන්....කුඩා කාලයේ ඉඳන් සමාජයෙන් වෙන් වුන කෙනෙක්ගේ personality එක කවදාවත් හොඳට හැදෙන්නේ නැ ...මොකද සමාජයෙන් ඉගෙන ගන්න තියෙන ගොඩක් දේවල් ඔහුට මග හැරෙනවා ..පිරිමින්ට මේ දේ වඩාත් බලපානවා ...ඒකනේ ටිකක් ලැජ්ජ පිරිමි ළමයෙක්ට "අපෝ හරියට ගෑනු ළමයෙක් වගේනේ "
කියල විහුලු කරන්නේ ....
දැන් අපි කොහමද මේකෙන් ගොඩ එන්නේ ??
1.දැන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව . සමාජයෙන් මග හැරුන ගොඩක් දේවල්.
මුලින්ම අපි දන්නේ නැති දේ මොනාද කියල හොයාගන්න ...ඊට පස්සේ ඒ දේ ඉගෙන ගන්න ....ඒ කියන්නේ මොකක් හරි කෝස් එකක් කරන්න ...ඒ වගේ බයිලා නෙමේ ...සරල දෙයක් යොදා ගන්න ..අන්තර් ජාලය හරි විදියට යොදා ගන්න .
දන්නේ නැති දෙයක් අපිට වඩා බාල කෙනෙක් ගෙන් හරි කමක් නැ ඉගෙන ගන්න ..
මේ දෙයින් අපේ ආත්ම විශ්වාශය වැඩි වෙනවා....එක ගොඩක් වැදගත් කරුණක් ...ගොඩක් වෙලාවට අපි පැත්ත ගහල ඉන්නේ අපි කිසි දෙයක් දන්නේ නෑ කියල හිතන නිසා .
දැනුම තමයි අවිය ...පොතේ පතේ දැනුම විතරක් වැඩක් නෑ ...සාමාන්‍ය දැනීමක් නැත්නම් වැඩක් නෑ ...
අනිත් එක තමයි දෙයක් උත්සහ කරන්නේ නැතුව නිකන් ලැජ්ජ බයට ඒක නොකර ඉන්න එපා .....
වැරදුනොත් එකෙන් යමක් ඉගෙන ගන්නවා එච්චරයි ....ඕක හැම තිස්සෙම පිටේ ගහලා කවුරුත් එල්ලන්නේ නැනේ ....
.
2.පරාර්ථකාමී වීම .
මේ ඇවිල්ල අපි අනිත් කෙනාට වැඩිය හැම තිස්සෙම උසස් වෙන්න හදන ප්‍රස්නයක් .අපි නොදැනුවත්වම මේක අපි ගව තියෙන්න පුළුවන්.ඔබ ඔය වගේ වෙලා තියන්නේ ඔබ ඕනාවට වඩා ඔබ ගැන හිතන නිසයි .....
ඔබ මුලික තැන දෙන්නේ මම කියන පුද්ගලයට .....ඔබ හරි කැමතියි කැපී පෙනෙන්න ...මොන දේ කලත් ඔබ වඩාත් දක්ෂයි කියා ඔබට පෙන්නන්න ඕන....ඔබ හැම විට අන් අයගෙන් ප්රෂන්ෂා බලාපොරොතු වෙන්නේ ....
ඔබට ඔය දේවල් නොලැබෙන නිසයි ...ඔබ අර කලින් කිව්ව අවස්ථා මග හරින්නේ ....
ඔබ ගොඩක් ලොකු දේවල් හිතේ මවා ගෙන ඉන්න කොට ..සුළු අත පසු වීමකින් පවා ඔබ වැටෙනවා ..
උදාහරණයක් විදියට මෙහම හිතමු : ඔෆිස් එකෙන් යන ට්‍රිප් එකට .... ඔයා මොකක් හරි කෑමක් හදන් එනව .... ඔයා බලාපොරොතු වෙනවා මේක හැමෝම රස කර කර කයි...ඔයාම මේක බොස්ට දෙනවා ...බොසුත් මේක කාලා ඔයාට හොඳ කියනවා.....ඔෆිස් එකේ කට්ටිය ඔයාගෙන් මේක කොහමද හැදුවේ කියල රස කර කර අහනව .... ඔයා ඔයාට ලැබෙන ප්‍රශංශා ගැන පුදුම විදියට බලාපොරොත්තු වෙනවා .....
ඒත් ...ඔෆිස් එකේ ඇත්තටම මේ දේවල් නොවන්න පුළුවන් ..... සමහර වෙලාවට කෙනෙක් මේකෙ පොඩි අඩු පාඩුවක් පෙන්නන්න පුළුවන්.....ඔය දේම තව කෙනෙක් හදා ගෙන ඇවිත් ,කට්ටිය ඒවා සංසන්දනය කරන්න පුළුවන් ....බොස්ට දෙනවා තියා බොස්ස් දකින්නේ නැතුව ඉන්නත් පුළුවන් .....අර වගේ ප්‍රශංශ බලපොරෝතුවෙන් ආපු නුබට මේක දරන්නේ නැති වෙන්න පුළුවන් ...ඔය වගේ කෙනෙක්ට මේ වගේ දේවල් ගොඩක් වෙනවා ..ඉතින් ට්‍රිප් ගිය වෙලාවේ ඉඳන් ඔබ බලාගෙන ඉන්නේ මොන වෙලාවද ගෙදර එන්නේ කියල ...ආයේ ට්‍රිප් යන්නේ න කියල තමයි හිතන් එන්නේ ....
ඔබට වැරදුනේ ඔබ ඔබේ අවදානය යොමු කරන් ඉන්නේ ඔබට ලැබෙන ප්‍රශංශ ..හොඳ නම ගැන විතරයි ...
එත් ඒ වෙනුවට ....
ඔබ ඔය කෑම හදන්න අසා නිසා ඔය දේ හැදුව නම් ...ඇත්තටම ඔෆිස් අයට මේකෙන් හොඳ දෙයක් වෙයි කියල බලාපොරොත්තු වුන නම් ...ඒ කෙනාට ඔෆිස් එකේ අය කියන දෙයින් වත් ...එක කවුද කන්නේ කියන එකෙන් වත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ ....
තව කෙනෙක් ඒ දේ හදල තිබ්බනම් එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා එය කරලා තියෙන වෙනස් දේවල් පොඩ්ඩක් කතා කරලා ..අලුත් දෙයක් දැන ගන්නත් තිබ්බ ......
ඒ වුනාට "මම " කියන පුද්ගලයා ගැන අවදානය යොමු කරන් ඉන්න ...හැම විටම අනිත් අයට වඩා උසස් වෙන්න හදන අයට හැමදාම ප්‍රශ්න
.
අපි අපේ ආත්ම විශ්වාසය වැඩි කරගමු.පරාර්ථකාමී වෙමු .නිහතමානී වෙමු.
ජය වේවා .
එළකිරියේ style එක තාම වැඩිය ත්රෙන්නේ නෑ .අඩු පාඩුවක් තිබ්බොත් සමා වෙන්න