අපි යවන SMS යන්නේ කොහොමද..

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    අපි යවන SMS යන්නේ කොහොමද..

    SMS කියන වචනේ ඇහුවම බඩේ ඉන්න පොඩි එකා පවා දන්නවනේ මොකක්ද කියලා. ඒත් බොහොම පොඩ්ඩ දෙනයි දන්නේ SMS තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා මුල ඉදන්ම කියනම්කො.


    SMS පණිවිඩ අපිට ජංගම දුරකතනයකින් වගේම තවත් විවිධ උපකරණවලින් යවන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට ඔයාලගේ ලැප්ටොප් එකෙනුත් පුලුවන් ඩොන්ගල් එක පාවිච්චි කරලා. මේ හැම උපකරණයක්ම SMS පණිවිඩ යවන්නේ සහ ලබාගන්නේ GSM නෙට්වර්ක් එකක් හරහා සන්නිවේදනය කරලා. පහල තියෙන සටහන විදිහට තමා සම්බන්ද වෙන්නේ.

    smn.gif



    ඔකේ SME කියන්නේ SMS එකක් යවන්න හරි ලැබෙන්න හරි පාවිච්චි කරන දෙය. ගොඩක් වෙලාවට ඉතින් අපේ ෆෝන් එක තමා. මේවා හැම වෙලේම SMSC (හැම මොබියිල් නෙට්වර්ක් එකකටම වෙනමම උන SMSC තියෙනවා.) එකත් එක්ක සන්නිවේදනය කර කර තමා ඉන්නේ. එතකොට ඔතන MSC එක කරන්නේ ඩිජිටල් වොයිස් පැකට් එක නෙට්වර්ක් එකක ඉදන් වෙන නෙට්වර්ක් එකට යවන මාර්ගය සොයා දෙන එක. SMSC එකට SMS එකක් ආවම ඉස්සෙල්ලම ඒක කරන්නේ HLR එකට ගිහින් SMS යන්න ඕන මොබිල් ඩිවයිස් එක කොහෙද තියෙන්නේ කියල හොයනවා.
    HLR කියන්නේ තමන්ගේ නෙට්වර්ක් එකට රෙජිස්ටර් උන පාරිබෝගිකයන්ගේ විස්තර ඔක්කොම ඇතුලත් ඩේටාබේස් එකක්. එහෙම අදාල කෙනා තෝරලා එයාට SMS එක යවනවා. බැරි වෙලාවත් ඒක වෙන නෙට්වර්ක් එකකට යවන SMS එකක් නම් ඒක ඒ අදාල නෙට්වර්ක් එකේ MSC එකට යවනවා.එතැනින් ආපසු ඒ නෙට්වර්ක් එකේ SMSC එක හරහා අදාල නම්බර් එකට පණිවිඩය යැවෙනවා. බැරි වෙලාවත් මොබිල් ෆෝන් එක ආවරණ කලාපයක නොතිබුනොත් ඒ පණිවිඩය SMSC එකේ තැන්පත් වෙනවා. කොයි වෙලේ හරි මොබිල් ෆෝන් එක ආවරණ කලාපයට ආපුවම MSC එක මගින් SMSC එකට දන්වනවා ඒ බව.ඉන්පසු SMSC මගින් නැවත එම පණිවිඩය එවනවා.
    ඔන්න ඕක තමා කෙටියෙන් කීවොත් වෙන්නේ. ඕක ඔයිට වඩා සංකීර්ණ විදිහට වෙන්නේ. මං ඉතින් ෂෝර්ට් ඇන් ස්වීට් විදිහට කිවේ. එකත් මාරයි නේද.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔන්න නවයෝ කීවා මමනම් ආයේ එස් එම් එස් යවන්නේ නෑ.. මේක මේතරම් තැන් වලට යනවා කියලා දන්නවනම් කොහොමටත් යවන්නේ නෑ:confused::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න නවයෝ කීවා මමනම් ආයේ එස් එම් එස් යවන්නේ නෑ.. මේක මේතරම් තැන් වලට යනවා කියලා දන්නවනම් කොහොමටත් යවන්නේ නෑ:confused::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl: