අපි ලිප්ටන් සීට් බලන්න ගියෙමු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචං
    T F S !
    REP++++++++
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ගොඩක් කාලෙකින් මුකුත් වැදගත් දෙයක් ලියන්නත් බැරි වුන නිසා මම හිතුවා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් හොද සංචාරයක් ගැන විස්තර ටිකක් ලියන්න.

    නුලේ නම දැක්ක ගමන් සමහර කට්ටියනම් දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියත් ගොඩක් ඇති කියලා හිතනවා. මෙතනට ගිහිල්ලා තියන කට්ටියටනම් ඒ ගමන මතකයට එන්නත් ඇති දැන්.

    හරි මුලින්ම මේ තැන ගැන මම පොඩි විස්තරයක් කරන්නම්. මෙම ලිප්ටන් සීට් කියන තැන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරය ආසන්නයේ පිහිටි පුනාගල කියන කන්දේ මීටර් 1950 කට වඩා උස කදුමුදුනක. ඇත්තටම මේක පිහිටලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක ඒ ඉඩමේ අයිතිය දැනට තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාවට, එහෙම වුනාට ඕනෙම කෙනෙක්ට මෙතන බලන්න යන්න පුළුවන්. මෙතනට මේ නම හැදිලා තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව මුලින්ම අයිතිවෙලා තිබුන සර් තෝමස් ලිප්ටන් කියන කෙනා පුරුද්දක් විදියට මෙතනට ගිහින් තියනවා වටපිටාවේ සුන්දරත්වය බලන්න එම කාරණය නිසා දැනටත් මෙතන ලිප්ටන් සීට් කියලා හදුන්වනවා. හරි දැන් සමහරු බලනවා ඇති මොකද්ද මේකේ තියෙන විශේෂය කියලා මොකද මම තාම ඒක කිවුවේ නැහැනේ. මෙන්න මේකයි මෙතන තියන වැදගත්කම, ලංකාවේ පිහිටි පළාත් නවයෙන් පළාත් පහක් එකවර දකින්න පුළුවන් ලංකාවේ පිහිටි එකම ස්ථානය විදියට මෙතන සලකනවා. එහෙම දකින්න පුළුවන් පළාත් තමයි ඌව පළාත, දකුණු පළාත, සබරගමුව පළාත, මධ්‍යමපළාත සහ නැගෙනහිර පළාත කියන්නේ. ඒ වගේම මෙතන ඉදන් පටපිටවේ දකින සුන්දරත්වය දෙවෙනි වන්නේ හෝර්ටන් තැන්නේ පිහිටි ලෝකාන්තය අවට සුන්දරත්වයට විතරක් කියල විශ්වාස කරනවා. හරි දැන් ඔයාලා මෙම ස්ථානය ගැන දැනගත්තානේ හැබැයි මේ මම කියපු හැම දෙයක්ම හොදට දකින්නනම් වර්ෂාව නැති ටිකක් උණුසුම් කාලගුණයක් තියෙන දවසක උදැසන නවයට ප්‍රථම මෙම ස්ථානයට ලගා වෙන්න ඕනේ, එතකොට තමයි මම කියපු ඒ සුන්දරත්වය දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම හොදට මතක තියාගන්න අධික මීදුම සහ අධික අකුණු ගැසීම් පවතින දවස්වලට මෙම ස්ථානයට යෑමෙන් වැලකි සිටින්න. මොකද මිදුමට මාර්ගයේ ඉදිරිය නොපෙනීම නිසා අනතුරු විය හැකියි. අකුණු ගැසීම නිසා මෙම ස්ථානයේදී විදේශ සංචාරකයන් යුවලක් මියගොස් තියෙනවා.

    හරි අපි දැන් බලමු කොහොමද ලිප්ටන් සීට් යන්නේ කියලා ඇත්තටම මෙතෙන්ට යන්න මාර්ග කීපයක්ම තියෙනවා නමුත් ලේසිම ක්‍රමය තමයි හපුතලේ ඉදන් පිටරත්මලේ, දබේතැන්න හරහා ලිප්ටන් සීට් එකට ලගාවෙන එක. මෙතැනදී මුලින්ම කියන්න ඕනේ මේ මාර්ගය වුනත් ලේසි කිවුවට ඉතාමත් හොද කල්පනාවකින් නොගියොත් ඉතාම අවදානම් ගමනක් තමයි හපුතලේ ඉදන් තියෙන්නේ. හපුතලේ නගරයේ ඉදන් ලිප්ටන් සීට් එකට සම්පුර්ණ දුර කිලෝමීටර් 15ක් තියනවා. ඒ වගේම මේකේ කිලෝමීටර් 9ක් විතර දුරට යනකන් ඒ කියන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගට යනකන් බස් වැඩ කරනවා. ඔයාලා බස් එකේ යන්න හිතාගෙන ඉන්නවනම් ඉතුරු කිලෝමීටර් 6 යන්න දබේතැන්න තේ කර්මාන්තශාලාව ලගින් ත්‍රිරෝද රථයක් කුලියට ගන්න පුළුවන් එහෙම නැත්තන් ඒ දුර පයින්ම යන්නත් පුළුවන් වටපිටාවේ සුන්දරත්වය නරබමින්. හපුතලේ නගරයේ ඉදන්ම වුනත් වාහනයක් හයර් එකට අරගෙන යන්න පුළුවන්. නමුත් තමන්ගේම වාහනේක යන්න බලාපොරොත්තු වෙනවනම් ඉතාමත් හොද ඉවසීමක් සහ හොද පළපුරුද්දක් තියෙන රියදුරු මහතකු සමග යන්න මතක තියාගන්න. ඒ වගේම බස් රථ වගේ ප්‍රමාණයෙන් විශාල වාහන වලටත් යන්න අමාරුයි මොකද අවසාන කිලෝමීටර් 6 මාර්ගය ඉතාම පටු සහා විශාල බැවුමක් සමග පවතින වැලමිට වංගු පිහිටා තිබෙනවා. ඒ වගේම මාර්ගයේ ස්ථාන කීපයක් හැරුණු විට වාහන දෙකකට හුවමාරු වීමේ හැකියාවක් නැහැ.

    හරි දැන් අපි පින්තුර ටිකක් බලමු.


    ගමන් පටන් ගන්නකොටම තිබුන මේ කෝවිලට ගිහින් පඩුරක් දාලා දෙවියන් බුදුන් සිහිකරගෙන තමයි අපි ගමන ගියේ.

    20160718_115156.jpg


    ලිප්ටන් සීට් යන අතරතුර ගතපු ෆොටෝ ටිකක් තමයි මේ තියෙන්නේ.

    20160718_110325.jpg


    20160718_110327.jpg


    20160718_110333.jpg


    20160718_110350.jpg


    20160718_110359.jpg


    20160718_110423.jpg


    20160718_111709.jpg


    20160718_111712.jpg


    20160718_111716.jpg


    20160718_111754.jpg


    20160718_111800.jpg


    20160718_112147.jpg


    20160718_112150.jpg


    හරි මෙන්න මේක තමයි පිළිගැනීමේ පුවරුව.

    20160718_094004.jpg



    මේ තියෙන්නේ සර් තෝමස් ලිප්ටන්ගේ හදපු අනුරුවක්. කවුරුහරි කෙනෙක් මේකේ තිබුන තේ කෝප්පේ කඩලා දාලා.


    lDSC02499%2B%25289%2529.jpg


    අපි දැන් බලමු ලිප්ටන් සීට් එකේ ඉදන් වටපිටාව.

    20160718_093437.jpg


    20160718_093440.jpg


    20160718_094811.jpg


    20160718_094825.jpg


    20160718_095418.jpg


    20160718_095421.jpg


    20160718_100045.jpg


    20160718_100036.jpg


    20160718_100047.jpg


    20160718_100058.jpg


    lDSC02499%2B%25282%2529.jpg


    lDSC02499%2B%25283%2529.jpg


    lDSC02499%2B%25284%2529.jpg


    lDSC02499%2B%25285%2529.jpg


    lDSC02499%2B%252810%2529.jpg


    lDSC02499%2B%252811%2529.jpg


    lDSC02499%2B%252812%2529.jpg


    lDSC02499%2B%252813%2529.jpg


    lDSC02499%2B%252853%2529.jpg


    lDSC02499%2B%252814%2529.jpg


    lDSC02499%2B%252818%2529.jpg


    lDSC02499%2B%252823%2529.jpg


    lDSC02499%2B%252830%2529.jpg


    lDSC02499%2B%252834%2529.jpg


    lDSC02499%2B%252837%2529.jpg


    lDSC02499%2B%252838%2529.jpg


    සමහර වෙලාවට මෙන්න මේ වගේ එකපාරටම මීදුමෙන් වටපිටාවම වැහිලා යනවා.

    lDSC02499%2B%252836%2529.jpg


    lDSC02499%2B%252827%2529.jpg


    20160718_100100.jpg



    20160718_100101.jpg


    lDSC02499%2B%252845%2529.jpg


    මේ තියෙන්නේ ලිප්ටන් සීට් එකේ තියෙන පොඩි තේ කඩේ.

    lDSC02499%2B%252816%2529.jpg


    lDSC02499%2B%252817%2529.jpg


    lDSC02499%2B%252843%2529.jpg


    අපිට මේ ගමන කිසිම කරදරයක් නැතිව ගිහින් එන්න උදවු කරපු ගමන් සගයා තමයි මේ ඉන්නේ.

    20160718_112221.jpg


    කාට හරි කවදා හරි උවමනා වේවි කියලා හිතනවා.
    හැමෝටම බුදුසරණයි!

    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    මේකට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේවගේ තැන් ටිකක් දාන්න මට හිතේවි...

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]


     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    බලන්න වෙනම දෙයක් නැහැ නේද මචං.
    වට පිටේ ලස්සන තමයි.
    කොහොමත් thanks මචං වෙනසකට හොදයි.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    බලන්න වෙනම දෙයක් නැහැ නේද මචං.
    වට පිටේ ලස්සන තමයි.
    කොහොමත් thanks මචං වෙනසකට හොදයි.

    ඔව් ගොඩක්ම වටපිටාවේ ලස්සන තමයි. ඒ වගේම මචන් කැමතිනම් දබේතැන්න ෆැක්ටරිය බලන්න පුළුවන් ඒක තමයි ලංකාවේ තියෙන දිගම තේ ෆැක්ටරිය.