අපි ලොකුවෙලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    1000081071.jpg


    රුපියලට ටොෆි 4ක් ලැබුණ කාලයක සිට එක ටොෆියක් රුපියල් 10 කට ගන්නා කාලයක් දක්වා අපි උස් මහත් වීමු.

    "පිට්ටනියේදී හමුවෙමු " යි කියූ කාලයක සිට "ඔන්ලයින් එන්න" කියන කාලය දක්වා අපි උස් මහත් වීමු.

    සහෝදරියගේ චොකලට් හොරෙන් කෑ අවධියේ සිට ඇගේම දරුවන් බලන්නට චොකලට් මිළට ගෙන යන කාලය තෙක් අපි උස් මහත් වීමු.

    උදේ නැගිටින්න කම්මැලිව අම්මාට "තව විනාඩි පහකින් නැගිටින්නම්" කියූ අවධියක සිට එලාම් එක තව විනාඩි 5කින් දිගු කරන අවධිය තෙක් අපි උස් මහත් වීමු.

    අපට ඕනෑ දේ ඉල්ලා මහ හඬින් හඬා වැටුණු අවධියක සිට ඇතුළතින් බිඳ වැටී සිටියදීත් කඳුළු සඟවා ගෙන දරාගන්නා අවධිය තෙක් අපි උස් මහත් වීමු.

    "ඉක්මණින් ලොකු වෙන්නට" සිහින මැවූ අවධියක සිට "ආයෙත් පොඩි ළමයෙක් වෙන්නට ඇත්නම්" යැයි සිතෙන අවධිය තෙක් අපි උස් මහත් වීමු.

    "අපි මුණගැහිලා සැලසුම් කරමු" කිවූ කාලයක සිට " අපි මුණගැහෙන්න සැලසුම් කරමු" කියන කාලය දක්වා අපි උස් මහත් වීමු.

    දෙමව්පියන්ට බිය වී සිටි අවධියක සිට දෙමව්පියන් වෙනුවෙන් අයදින අවධියක් දක්වා අවසානයේ අපි උස් මහත් වීමු.

    එසේ උස් මහත් වන අතරතුර, වසරක් පාසා සෙමින් සෙමින් අප ජීවිත කොතරම් වෙනස් වන්නේද යන්නත්, තවත් වසරක් නොදැනීම ගෙවී ඇති බවත් අපි උගත්තෙමු.. 😌♥️

    Copied❤️
    ස්තුතියි අයිතියට
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    "ආයෙත් පොඩි ළමයෙක් වෙන්නට ඇත්නම්" යැයි සිතෙන අවධිය තෙක් අපි උස් මහත් වීමු.
    I don’t like this part. As a kid I can’t do whatever & want to do, I didn’t had money, I couldn’t had sex
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    "ඉක්මණින් ලොකු වෙන්නට" සිහින මැවූ අවධියක සිට "ආයෙත් පොඩි ළමයෙක් වෙන්නට ඇත්නම්" යැයි සිතෙන අවධිය තෙක් අපි උස් මහත් වීමු.... :love2: :love2: (y)
     
    • Like
    Reactions: kinkon