අපි වර්ජනය නැවැත්තුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    188845112_10220191033066209_4091194388506949715_n.jpg
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මුන් දෙගොල්ලම ෆයිට් කරන්නේ උන්ගේ පවුල් වල ඉන්න උන්ව වැක්සින් කරගන්න
    රටේ ඉන්න අනිත් උන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් දෙගොල්ලම ෆයිට් කරන්නේ උන්ගේ පවුල් වල ඉන්න උන්ව වැක්සින් කරගන්න
    රටේ ඉන්න අනිත් උන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ
    දෙගොල්ලොගෙම පවුල්වලට විදගත්ත කියලනම් මම නම් මොකුත් කියන්නෙ නැ ඒක වෙන්ඩම ඕන, මොකද ඔය කවුරුත් කොවිඩ් රෝගින් එක්ක ගැටෙන අය, එහෙම අයගෙ ගෙවල්වල අයටත් අනිව වැක්සීන් ඔනෙ ඒකෙ ගැටලුවක් නැ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කොවිඩ් අස්සෙ පහර වැඩ වර්ජන සoවිධානය කරන එක, ඒක සක්කිලිකමක්.. මොකද ඔය හැම එකාලම පඩි ගන්නෙ ජනතා මුදලින්, එහෙනම් මේ වෙලාවෙ අනිව ජනතාවට සේවය කරන්ඩ ඔනෙ...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    දෙගොල්ලොගෙම පවුල්වලට විදගත්ත කියලනම් මම නම් මොකුත් කියන්නෙ නැ ඒක වෙන්ඩම ඕන, මොකද ඔය කවුරුත් කොවිඩ් රෝගින් එක්ක ගැටෙන අය, එහෙම අයගෙ ගෙවල්වල අයටත් අනිව වැක්සීන් ඔනෙ ඒකෙ ගැටලුවක් නැ..

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කොවිඩ් අස්සෙ පහර වැඩ වර්ජන සoවිධානය කරන එක, ඒක සක්කිලිකමක්.. මොකද ඔය හැම එකාලම පඩි ගන්නෙ ජනතා මුදලින්, එහෙනම් මේ වෙලාවෙ අනිව ජනතාවට සේවය කරන්ඩ ඔනෙ...

    මේකනම් මටත් අදාලයි
    මටත් පෝලිම් වල ඉන්නේ නැතිව මුලින්ම වැක්සින් එක ගන්න චාන්ස් තිබිලත් ගත්තේ නැහැ වැඩිය සමාජෙට නොයන නිසා ඕනෑම උන් ඉස්සර වෙලා විදගන්නකම්

    මම කියන්නේ ඩොකාලගේ පවුල් වල උන්ට දුන්නට කමක් නැහැ
    හැබැයි අනිත් මිනිස්සු වගේ පෝලිමේ ගිහින් විද ගන්න ඕන
    ඒ අයට විතරක් විශේෂ වරප්‍රසාද තියෙන්න විදිහක් නැහැනේ
     
    • Like
    Reactions: Boralugoda01

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    හොරු හෙළුවෙන් ----------
    GMOA කණ්ඩායම් තුල පසුගිය දින කිහිපයේ පහත POST එක සංසරණය වූ අතර එය දැන් සාමන්‍ය කණ්ඩායම් තුලද සංසරණය වෙමින් පවතින නිසා සහ බොහෝ හිතවතුන්ගේ ඉල්ලීම පරිදි පහත කරුණු නිවැරිදි කර දක්වමි.මෙම post එක සම්පුර්ණ අසත්‍යකි.
    --------------------------------------------------------------------------
    මගේ නිවසේ වාසය කරන මගේ පවුල මගේ බිරිඳ,, අවුරුදු 17 ක් වූ පුතා සහ අවරුදු 13 ක් වූ දියණියයි.මගේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද සොයුරිය වන අතර ඇය COVID 19 පාලනය වෙනුවෙන් හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ PCR සාම්පල ගනු ලබයි මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වන අතර සෘජුවම COVID 19 ආසධිතයින් සමග කටයුතු කරයි ඒ නිසා නියමිත දෙපාර්තමේන්තු චර්ක්රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දෙන සාමාන්‍ය ක්‍රමවේදය යටතේ බිරිඳ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද මා පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන්ද එන්නත් ලබාගන ඇත.ඕනෑම අයෙකුට එය පරීක්ෂා කල හැකිය.
    --------------------------------------------------------------------------මගේ මව සහ බිරිඳගේ මව පමණක් ජීවත්ව සිටින අතර ඔවුන්දෙෙදෙනාම මේ වනතුරු කිසිදු එන්දත්නමාත්‍රාවක් ලබාගන නොමැ පියවරුන් දෙදනාම අප අතහැර ගොසින් වසර ගණනාවකි. මගේ මවගේ නම A.M නන්දා අධිකාරි වන අතර ඇය ගුරුගොඩ වීරපොකුණ ලිපිනයේ පදිචිව සිටි ඇය අයත් වනුයේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයටය. බිරිඳගේ මව W.A මියුලට් නෝනා ය ඇය කුලියාපිටිය නගර සීමාවේ වාසය කරයි.ඕනෑම අයෙකුට මෙහි සත්‍ය අසත්‍ය තාව පරීක්‍ෂා කල බැලිය හැකිය.
    --------------------------------------------------------------------------
    ලක්‍ෂ 5 1/2 ක් වූ අස්ට්‍රසේනිකා එන්නත් ලබාගත් ප්‍රජාව අතරින් මරණය වැළඳ ගැනීමට තරම් අවධානමක් වූ 13000 කගේ ජීවිත රකහැනීම සඳහා භාවිතා කල හැකිව තිබු අවසනන මාත්‍රා 13000 කොල්ල කෑ වෘත්තීය හොරුන් එය වසගැනීමට සාවද්‍ය පෞද්ගලික මඩගැසීම කනගාටුදායකය.විශේෂයෙන් GMOA යනු අතීතයේ සියලු දෙනා ගරු කල අභිමානවත් නායකයින් නායකත්වය සපයන ලද අභිමානවත් වෘත්තීය සංගමයකි.නමුත් අද එය එක් දේශපාලන පක්ෂයක අනු ශාකාවක් බවට පත්කොට තම නියෝජිතයන් මවු පක්ෂයෙන් පාර්ලිමේන්තු යවා දේශාපාලනයට නිර්වස්ත්‍රව කඩේ යන ගමන් අනිත් එකාගේ අමුඩයේ පාට හොයන තැනට පත් කර ඇත.වචන කිහිපයක් ප්‍රකාශ කළහොත් එයින් ඔවුන්ට හැකි පමණ මඩගහන තැනට පත්ව ඇත.අප නිහඬව සිටියත් ඔය නායකයින්ගේ කෙරුවාවල් සියල්ලම අප සතුව ඇතත් අප එවැනි පෞද්ගලික මඩ ව්‍යාපාර නොකරනුයේ අප තවමත් ශිෂ්ඨ සම්පන්න වෘත්තීය සමිති ක්‍රියාවලියක නිරත වන නිසා සහ අප අදටත් ගරු කරන වෛද්‍ය වෘතිකයින් රාශියක් තවමත් ඔය වෘත්තීය නියෝජනය කරන නිසාවෙනි

    - උපුල් රෝහණ -සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය .

    copied from FB