අපි වැනසෙන හැටි

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අපි වැනසෙන හැටි

    ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානයට ඉඩ කඩම් පූජා කරන ලද්දේ වලගම්බා රජු දවස සිටය.බුදු පිළිම වහණ්සේ ගේ හිසට නිකටට මෙන්ම වැලමිටටද මෙසේ ඉඩ කඩම් ප්‍රදානය කර දී ඇත. නිකවටවන යනු නිකටට පූජා කරන ලද ගමකි. වැලමිටියාව යනු වැලමිටට පූජා කර න ලද ගමකි. බඩ ගමුව හා පාදෙණිය ද එලෙසම ප්‍රසිද්ධය. මෙලෙස නිකටට පූජා කරන ලද නිකවටවන කලක් සිංහල බෞදධයින් ගේ පරවේණියක් විය. එහි මුල් නම නිකපටුනයි. මුගලන් රජු කළ ඔහුගේ සෙනපතියන්ගේ නින්දගමක් විය. මේ ඓතිහාසික පුරාණ ගම්මානයන් එකල වෙළෙදාමෙන් සම්බන්ධකර න ලද්දේ නැගෙනහිර මුස්ලිම් වෙළෙන්දන් විසිනි. සෙනරත් රජු ගේ රාජ්‍ය කාලයේ දී පරංගීන්ගෙන් ගැහැට ලත් මේ වානිජයින් රජු ගේ අනුග්‍රහය මත කන්ද උඩරටට ඇතුලු වී සිංහලයින්ට රෙදිපිළි ලුණු ආදී ය වෙළෙදාම් කළහ. එක් මුස්ලිම් තවලමක් මේ නිකවටවන ගමේ නවාතැන් ගැනීමේ සිරිතක් විය. පෙර කී සෙන්පතියන්ගේ පරපුරකින් පැවත එන ගම්ප්‍රදානියෙකු ජීවත් වූ මේ ගම්මානයේ ඔහුගේ කරුණාව ලැබ යටකී වෙළෙන්දා ඔහුගේ නිවස අසලම සියඹලා ගසයට සිය තවලම ලිහා දමා විවේක ගැනීමේ පුරුද්දක් විය. කාලයාගේ ඇවෑමෙන් ගම් ප්‍රධානියා හදිසියේ මරු වසඟයට පත් විය. දරුවන් නෙමැති ඔහුට සිටියේ සිය ආදරණීය බිරින්දෑ පමණි. ගම්පති ගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසට පැමිණි මුස්ලිම් වෙළෙන්දා ගම්පති නිවස උකසට සින්න වී ඇති බව කියා පෑවේය. මේ කිසිවක් නොදත් අසරණ භාවයට පත් ගම්පති වැන්දඹුව මේ ඉඩම වෙළෙන්දාට සින්න වන්නට ඉඩදී පිටමං විය. අවසානයේ දී මුස්ලිම් වෙළෙන්දා කපටි කමින් මේ ගැහැනිය ද රවටා ගෙන තම භාර්යාව බවට පත් කර ගත්තේය. එම පුරාණ ඉඩම අදත් හඳුන්වන්නේ කේනිවත්ත(ගෑනි වත්ත) යනුවෙනි.වර්තමානය වන විට මෙහි සිංහල ගමක් නැත. ඇත්තේ මුස්ලිම් ගම්මානයකි. එහි සිටි සිංහල පිරිස් එම ගමෙන් පිටව ගොස් ලේනව අසල පදිංචි විය. විහාර රාජකාරියද නැවතුණි. 1966 සැප්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව ලේනව කුඹුක්කඳන්වල පාරම්පරික ඉඩම් ද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත යටතේ රාජ සන්තක කර ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පාරම්පරික සිංහල ජනතාව කාලයක් තිස්සේම මෙලෙස මහත් සේ පීඩාවට පත් වෙමින් සිටී.

    රන්ගිරි දඹුල්ල විහාරස්ථානය අවට තිබෙන සියලුම ඉඩම් පමණක් නොව හේවිසි හඬක් ඇසෙන මානයේ තිබෙන සිලුම ඉඩම් පූජාකරන ලද්දේ විය.
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    unlimit=ponnalimit


    ඔව් ඉතින් ඇත්ත කියවන්න අමාරු එවුන්ට එහෙම හිතෙනවා ඇති. හම්බ භාෂාවේ එහෙම තේරුම් ඇති.