අපි හරි වෙනස්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    විරාත් කෝලි - ටාගට් එක 352 යි. අම්මට සිරි ආන් ධවාන් අවුට් වුනා. තාම ළකුණු 35යි. විකට් දෙකයි. අවුලක් නෑ අපේ උන් මට ෂුවර්. උන් ගැහුවේ නැත්තම් මම තනියම හරි ගහනවා.

    අහවල් රටේ උන් - ටාගට් එක 352 යි. මේ බෝලර්ලා පොල් ගානවද යකෝ. බැටින් පිච් එකක් තමයි. ඒ වුනාට උන්ට පඩි ගෙවන්නේ අහවල් එකටද? තාම ළකුණු 35යි. විකට් දෙකයි. අර අරූ මහ ලොකු බැටා. උගේ පඩියයි ඉන්ක්‍රිමන්ට් එකයි දෙකම මට වඩා වැඩී. කෝච් කාරයා ඌව ඕපනින් යැව්වේ පුලුවන් හින්දා වෙන්න ඇතිනේ. දැන් මොකටද මං දිහා බලන්නේ. පුලුවන් වුනත් ගහන්න හොඳ නෑ. කෝචාට පෙන්නන්න ඕනි මගේ අගේ.

    -------------------------------------------------------------------------

    ට්‍රැවිස් හෙඩ් - මචන් ළකුණු 33 ට විකට් 3ක් වැටිලා තියෙන්නේ. මේ සීරීස් එක අවුල් වුනොත් පේන්ගේ කැප්ටන්කමටත් කෙලවෙන සීන් එකක් තියෙන්නේ. පව් බන් ඌගේ බොක්ක හොඳයි. කොහොම හරි ගහමු බන්. මුන්ගේ බෝලින් එච්චරම කොලිටි නෑ. විකට් ගියේ ලොස් බෝල් වලට.

    අහවල් රටේ උන් - මචන් ළකුණු 33 ට විකට් 3ක් වැටිලා තියෙන්නේ. අපිත් ඔහොමම ෂේප් එකේ අවුට් වෙලා යමන්. අරූගේ කැප්ටන්කමට කෙලවන්න කියාපු වෙලාව. ඌට කප් එක උස්සලා පොර වෙන්න අපි මොකටද බන් කඩේ යන්නේ. අපි කොටන් අදින්නයි ඌ පෙරහැරේ යන්නයි. එව්වා සුම්මා ..
    ------------
    -------------------------------------------------------------

    පුජාරා - ෂික්. කෝලිත් අවුට් වුනා. රහානේත් ගියා. කමක් නෑ. ජඩේජා නේ එන්නේ. ඌට ටෝක් කරනවා. මම පැත්තක් අල්ලන් ඉන්නවා ඌට ලොකු ෂොට් ගහන්න කියනවා. එතකොට අරුන්ගෙ බෝලින් ඇටෑක් එක අවුල් යනවා. තව ළකුණු 100 ක් දාගත්තොත් අපි මැච් එක දිනුම්. ෆෝත් ඉනින්ග්ස් එකේ ලොවෙත් ළකුණු 250 ක් එලවන්න බෑ අපේ බෝලින් ඇටෑක් එකත් එක්ක.

    අහවල් රටේ උන් -නොදකින් විතරක්. ආන් අරුත් අවුට්. දැන් ගහපන්කො බෝලර්ලාත් එක්ක. මොන නෝන්ඩියක්ද මේ? අපේ හත් මුතු පරම්පරාවේ එකෙක් ලෝ ඕඩර් එකත් එක්ක බැට් කරලා නෑ. මීට හොඳයි මාත් අවුට් වෙලා යනවා.ඉඳා අල්ල ගනින් .....
    -------------------------------------------------------------------------

    ජිමී නීෂම් - කාලෙකින් ටීම් එකේ සෙල්ලම් කරන්න චාන්ස් එකක් හම්බුනේ. අද තමයි මගේ දවස. නියමෙට මිඩ්ල් වෙනවා. ෂික් හයේ හයක් දාගන්න තිබ්බ චාන්ස් එක මිස් වුනා නේ. අවුලක් නෑ. බෝලින් වලිනුත් අනිවා ගේමක් ගහගන්න ඕනි.

    අහවල් රටේ උන් - අඩෝව්.... අරූගේ ගෑනි මට ටෝක්ස් දීලා තියෙන්නේ... කනවා යකෝ... දාපියව් බෝලේ...අඩෝව්..... අම්මට සිරි 100 ක් වැදිලද? චික් විතරක් කවදාවත් 100ක් ගහන් නෑ කියලා හිතන් හිටියේ. අඩෝව්... කවුද ඩෝ සෝෂල් මීඩියාවල ගේම ඉල්ලන්නේ. පලනවා යකෝ... බෝලේ මල්ලි බෝලේ....

    -------------------------------------------------------------------------

    රෝහිත් ෂර්මා - ස්ටාක් කාරයා දැම්මෙම රහානේගේ ඇඟට. දිගටම දැම්ම. මූණ හරියෙන් දෙක තුනක්ම යැව්වා. අන්තිමේ ෂෝට් ලෙග්ට කැච් එක ගියා. ටීම් එකේ පුල් එකයි හුක් එකයි හොඳටම වදින්නේ මට. කෝලිටයි කෝච්ටයි කියලා බැටින් ඕඩරේ චුට්ටක් එහේ මෙහේ කරගෙන මම යනවා බැට් කරන්න. දැන් දාපන්කො පුලුවන්නම් මූණට. ස්ටාක් මල්ලී... බෝලෙ හොයන්න ලෑස්ති වෙලා දාපන්.

    අහවල් රටේ උන් - අයියේ... අයියේ.... අරූ හොස්පිට්ල් ගෙනිච්චා නේද? ආ අවුලක් නැද්ද? ඒ වුනාට ළඟ කවුරු හරි ඉන්න එපැයි. මම යන්නද? ආ ඔව් ඊළඟට මම තමයි බැට් කරන්න ඉන්නේ. මං කියන්නම් වැඩක්. ඊළඟට බෝලර් කෙනෙක් යවමුද? නෑ නෑ... බයකට නෙමෙයි. අයියගේ ආරක්ෂාවට. මං අවුට් වුනාම අයියටනේ ගහන්න වෙන්නේ.
    -------------------------------------------------------------------------

    ඩුප්ලෙසි - අම්ලාට 100 ක් ගහන්න පුලුවන් නම් මටත් 100 ක් ගැහිය හැක. අම්ලාට 100 ක් ගහන්න බැරි වුනොත් මම 100 ක් ගැහිය යුතුමය.

    අහවල් රටේ උන් - ඌට 100 ක් ගහන්න පුලුවන්නම් ඌම ගහපුවාවේ. අපි මොකටද නිකං දෙන්න යන්නේ. ඌට 100 ක් ගහන්න බැරිනම් මම මොකටද යකෝ ගහන්නේ? මාත් ඌ ගන්න පඩියමනේ ගන්නේ.‍


    -------------------------------------------------------------------------

    අපි හරි වෙනස් ජාතියක් ඕයි ....


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :lol: ලංකාවෙන් ක්‍රිකට් බෑන් කරන්න ඕනෙ බං.

    අනික ඔව්වා ක්‍රිකට් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. සිංහලුන්ගෙ හැම දේම ඔහිමයි

    පිං කෙත හෙල රන් දෙරණෙ යලි උපදින්නට....
     
    • Like
    Reactions: Dath

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    :lol: ලංකාවෙන් ක්‍රිකට් බෑන් කරන්න ඕනෙ බං.

    අනික ඔව්වා ක්‍රිකට් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. සිංහලුන්ගෙ හැම දේම ඔහිමයි

    පිං කෙත හෙල රන් දෙරණෙ යලි උපදින්නට....

    Well said bro...
     

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    :lol: ලංකාවෙන් ක්‍රිකට් බෑන් කරන්න ඕනෙ බං.

    අනික ඔව්වා ක්‍රිකට් වලට විතරක් අදාල දෙයක් නෙමෙයි. සිංහලුන්ගෙ හැම දේම ඔහිමයි

    පිං කෙත හෙල රන් දෙරණෙ යලි උපදින්නට....

    අම්මෝ මන් දවසක් ඔහොම කතාවක් මේකේ කියලා මුන් මගේ කලිසම ඉන්බොක්ස් එකෙදි ගැලෙව්වේ නැති ටික විතරයි..පරිස්සමින්:D
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්මෝ මන් දවසක් ඔහොම කතාවක් මේකේ කියලා මුන් මගේ කලිසම ඉන්බොක්ස් එකෙදි ගැලෙව්වේ නැති ටික විතරයි..පරිස්සමින්:D

    මේකේ ඉන්නෙ වැඩිමනක් රැප් සීන් එකේ ඉන්න , ටික් ටොක් ගහන කෙල්ලන්ව ෆෝම් කරන, ගෙදට්ට වෙලා අම්මගෙන් කාඩ් දාගෙන ඇවිත් රට හදන්න හදන හුජ්ජ කොල්ලො බං දැන්. උන් එලොවට වැඩකුත් නෑ, මෙලොවට වැඩකුත් නෑ, රටට වැඩක් තියා අපිට වැඩකුත් නා. එලකිරි වල ගෝල්ඩන් ඊරා එක තිබ්බෙ 2008 - 2013 කාලේ. දැන් ඒ කාලෙ හිටපු උන් අපි වගේ ෆේක් හදන් අපේ ආතල් ගන්නවා නැත්නම් බිසී.

    ඔය හුජ්ජ කොල්ලො බිරුවට පාත්වෙනවද බං කදු. :lol: දැන් මේකෙ ඉන්නෙ පට්ටම රෙප් හිගන්නු ටිකක්.:lol: තඑඅ ටික කලකින් ජොබක් හොයද්දි CV එකට දාන්න රෙප් පවර් හිගා කනවා. :lol: