අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.......

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,838
    148
    63
    ගෙදර
    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්.......

    අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් //
    හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ
    අත් පටලා යමු ආයේ......

    කවුරු හරි දන්න කෙනෙක් මට මේ සිංදුවෙ තේරුම කියන්නකො. මං හරිම ආස සින්දුවක් මාරම විදියට හිතට වදිනව

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    A moment we let emotions
    Let's Get Enough
    Let's go flying in the dark in the dark
    Let's go let's go
    :rolleyes:
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    සුනිල් ආරියරත්නයන් විසින් විරචිත ව, එච්. එම් ජයවර්ධනයන් ගේ සංගීතයෙන් ඔපවත් ව, නන්දා මාලිනිය විසින් ගැයෙන 'කඩමණ්ඩියේ දොළ අයිනේ' ගීතයේ පූර්විකාව ලෙස නන්දා මෙසේ කියන්නීය...

    "මුළු මහත් ලෝකයම ඔබත්..මාත් දෙස ඇසිපිය නොහෙලා බලා සිටී. අප කෙසේද කතා බහ කරන්නේ..? මා දැන් ගයන්නේ ඒ අභාග්‍යයේ ගීතයයි."

    ප්‍රේමකීර්ති ද අල්විස්ගේ අතින් ලියැවී, තමාගේම සංගීතයෙන් මධුරකොට වික්ටර් විසින් ගැයෙන 'අපෙ හැඟුම් වලට' ගීතය අසන වාරයක් පාසා, එම ගීය, නන්දාගේ 'කඩමණ්ඩියේ' ගීතයට පිළිතුරක් ලෙස මට හැඟෙනවා.

    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
    හඳ පානේ . . මඳ අඳුරේ . . .
    අත් පටලා යමු ආයේ . . .

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ . . .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . .

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ ...

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . . .

    නන්දාගේ 'කඩමණ්ඩියේ' ගීතයේදී මෙන් ම සැබෑ ලෝකයේ එක් වීමට වරම් නොලද පෙම්වතුන් යුවළක් අපට මෙහිදී හමු වෙනවා. හිර කරගෙන හිඳිනා හැඟුම් වලට මඳක් ඉඩ දී, වියතක පමණ ඉඩක් ජීවිතයෙන් ලබාගෙන, පෙර පුරුදු ලෙසින් හඳපානේ මඳ අඳුරේ අතින'ත පටලාගෙන තමා සමග ඇවිද යාමට එන්නැයි ඔහු ඇයට ඇරයුම් කරනවා.

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ . . .

    සිය සෙවණැලි වලින් පවා විනිර්මුක්තව එන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ඇතැම් විට දෙදෙනාම මේ වනවිට වෙනත් 'සෙවණැලි' හා එක්ව සිය ජීවිත ගමන් මගේ ඇවිද යනවා විය හැකියි. මඳ අඳුරේ හමුවන්නට යෝජනා කරන්නේත් ලෝකයාට හොරෙන් හමුවීමට ඇති උවමනාව නිසා වන්නට ඇති. ඔහු ඔහුගේ සෙවණැල්ලෙන් මඳකට මිදී එන්නට සූදානම්. ඇයටත් එසේ එන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. එසේ පැමිණ සිය සිත්වල තෙරපී ඇති හැඟුමන් හඳපානේ මඳ අඳුරේ රහසින් එකිනෙකාට මුමුණා ගනිමු යැයි ඔහු කියනවා.

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ ...

    සිත් වේදනාවෙන් හඬා වැටෙද්දී, ඒ හැඬුම ලෝකයෙන් සැඟවීමට අවශ්‍යයි. එම නිසා, සිනහවක් මුහුණේ රඳවාගෙන ඒ හැඬුම සිත්වලම හිරකර ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. (අන් අයගේ) පැතුම් සපුරා, ලෝකයට පෙනෙන්නට බොරුවට සිනාසී හිඳිමු යැයි ඔහු කියනවා. තමන්ට එක් වන්නට මේ ආත්මයේ නම් ඉඩක් ලැබේවියැයි සිතීමට අසීරුයි. එබැවින්, හඳ පහන ඇති රාත්‍රිය පුරා අතින'ත පටලා ඇවිද, මතු ආත්මයේ එක්වන පැතුමින් යුතුව හිමිදිරියේ වෙන් වී, තම තමාට හිමි ලෝක වෙත, (සිය සෙවණැලි කරා) නැවතත් යමු යැයි ඔහු ඇයට පවසනවා. ඒ ලෝක කඩා බිඳ දාගෙන අපේ ලෝකයක් තනා ගනිමු යැයි ඔහු කියන්නේ නැහැ.
    මේ අසම්මත පෙම් පුවතක් ලෙස හැඳින්වීමට නොහැක්කේ එකම එක වචනයක් නිසා...'අත් පටලා යමු "ආයේ"..'..යැයි කියවෙන නිසා..ආයේ යන්නට කතා කරන්නේ පෙර ගොස් පුරුදු ඇති නිසායි. අතීතයේ මෙන් යමු යි කියන්නේ එබැවින්.

    වික්ටර්ට අනන්‍යවූ හැඟීම්බර හඬින් මේ ගීය ඇසෙනවිට නැවත නැවතත් එයට සවන් දීමට අප පෙළඹෙන්නේ නිරායාසයෙන්. එහි යොදාගෙන ඇති නාද සංයෝජනය එහි මිහිර තවත් උද්දීපනය කරනවා.

    ® අමිල පෙරේරා
    https://www.youtube.com/watch?v=BfdNZFoAySs
     
    Last edited:
    • Like
    Reactions: bigsmoke239

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපි මචන් සෙට් එක කියන ඔය සින්දුව අහලා
    බලන්න
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Premakirthi de alwis 27 guna samarume video 3k athi you tube
    Eka download karan ahapan
    Nama mathaka ne video 3k thiyanwa beliaththe thiba ekak
    Video kiwata voice witharai thiyene
     
    Thnx Macho

    Thnx Macho

    Patta ma song ekak saho...

    Ekenma

    Thnx Macho

    Thnx Macho

    Premakirthi de alwis 27 guna samarume video 3k athi you tube
    Eka download karan ahapan
    Nama mathaka ne video 3k thiyanwa beliaththe thiba ekak
    Video kiwata voice witharai thiyene

    ela man balannan ubata ahu unoth share parak dapan.