අපි හිටිය කාලෙ තමයි මාරම කාලෙ 👇

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උපුටා ගැනීම: http://neranji-sulakkana.blogspot.com/

    01344e83ddd7d0c5b8c6060ac129743d1440668277.jpg


    "අපි තමයි අන්තිමටම පාරේ ක්‍රිකට් ගැහැව්වෙ, ඒ විතරක්ද අපි තමයි අන්තිමටම සුවඳ බේරෙන love letters ලිව්වෙ, අපි තමයි අත්තිමටම පාකර් තීන්ත පෑන් වලට පිස්සු වැටිලා හිටියෙ,ඇයි school colours දාලා friendship bands ගෙතුවෙත් අපිනෙ, ඒ විතරක්ද කැසට් පටි වලට රේඩියෝ එකෙන් සිංදු අල්ල අල්ල mix tape අන්තිමටම හැදුවෙත් අපි තමයි. වී එච් එස් ටේප් වලින් ෆිල්ම් බලපු අන්තිම පරම්පරාව වගේම DVD වලින් ෆිල්ම් බලපු මුල්ම set එකත් අපි. ඒ වගේම මුලින්ම චැට් රූම් වලින් යාළුවො අඳුන ගත්තෙත්, ජූක් බොක්ස් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කළෙත් වෙන කවුරුවත් නෙවෙයි, අපිම තමයි. අපේ Generation එක තරම් පට්ට Generation එකක් ලොවෙත් නෑ යාළුවෙ. අපි හරි මාරයි."

    නිතරම සමාජ ජාල ආශ්‍රයෙ ඉන්න ඔයාට මේ පුරසාරම අනන්ත වාරයක්, නොයෙක් නොයෙක් විදි වලින් අහන්න ලැබිලා ඇති. 1980 දශකයත්, 1990 දශකයත් අතරෙ ඉපදිලා වර්තමානය වෙන විට, සංස්කෘතික, තාක්ෂණික, සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් අන්ත දෙකක ජීවත් වෙන්න ලැබුණ අය ලෙස සලකන, මේ මාර කට්ටියට අපි බොහෝ දෙනෙකුත් අයිතියි. මේ යුග වල උපන් අයව හඳුන්වන්නෙ Generation Y කියන නමින්. මේ කට්ටිය යම් යම් කාරණා කිහිපයක් අවසානයට භූක්ති වින්දා වගේම තවත් කාරණා කිහිපයක් මුලින්ම භුක්ති විඳපු අය අතරටත් අයිති වෙනවා. මේ නිසාම Generation Y එකේ අය අනෙක් පරම්පරාවල් වල අයටත් වඩා අතීතකාමයෙන් ඔද්දල් වෙලා ඉන්නවා කියලා කිව්වොත් වැරැද්දක් නෑ. ඒ නිසාම Y Generation එකට මුණගැහිලා අනෙක් Generation වලට මඟ ඇරිච්ච " මාරම මාර දේ" පිළිබඳ අති සුන්දර කතන්දරය දැන ගන්න එක,කොයි Generation එකටත් වැදගත් කියලා අපි හිතුවා.

    පරම්පරා අතර ගැටුම කියන කාරණාව කොයි කොයි යුගයේදිත් ඕනෑතරම් උදාහරණ එක්කම ඔයාට හොයාගන්න පුළුවන් මාතෘකාවක්. සරලම උදාහරණයක් විදිහට, එක්දහස් නවසිය හතළිස් ගණන් වල අග හරියෙ අපේ අත්තම්මලා ගැටිස්සියො කාලෙ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයාගෙ "විජය බා කොල්ලය" එහෙම කියවලා තියෙන්නෙ කොට්ටෙ යට හංගගෙන. ඒත් අපේ අම්මලාගෙ කාලෙ වෙනකොට, විජය බා කොල්ලය පාසල් අච්චු පොතේ පවා තිබුණාලු. ඒත් එහෙමයි කියලා අපේ අම්මලා අච්චු පොත කොට්ටෙ යට හැංගුවෙ නෑ. ඒ කාලෙ අපේ අම්මලා රහසින් හුවමාරු කරගෙන කියවලා තියෙන්නෙ කරුණාසේන ජයලත්ගෙ "ගොලු හදවත". අද වෙනකොට, "ගොළු හදවත නවකතාව" ශ්‍රී ලාංකීය පාඨකයා විසින් ඉහළින් පිළිගත්ත සම්මානනීය සිනමාවකට පවා අඩිතාලම දැමූ සිංහල සාහිත්‍ය කෘතියක් . හැබැයි තාමත් අලුත් පරම්පරාවත් කොට්ටෙ යට හංගං නවකතා කියවන එක නතර වෙලා නෑ. වෙනස් වෙනස් නම් ඇති අලුත් ලේඛකයන්ගෙ ශෘගාරාත්මක මල් නවකතා වලින් අද පරම්පරාව රසවින්දනය ලබනවා.

    ආත්තම්මාගෙ අම්මා, අත්තම්මා විජය බා කොල්ලය කියවනවාට විරුද්ධ වුණෙත්, අම්මලා ගොළු හදවත කියවනවාට අම්මගෙ අම්මා විරුද්ධ වුණෙත්, ඔයා දැන් තියෙන මල් කතාවක් කියවද්දි අම්මා නෝක්කාඩු ගහන්නෙත් සමාන කාරණාවක් නිසයි කියලා ඔයා මොහොතකට හරි හිතුවාද?
    ඒ තමයි "පරම්පරාව පිළිබඳ පැන නගින ගැටුම. "

    "දැන් කාලෙ හැදෙන උන් අපේ කාලෙ වගේ නෙවෙයි." ඒක තමයි හැම Generation Gap එකකදිම ලේසියෙන් ඉස්සරහට එන එදිරිවාදි ප්‍රකාශය. " අපිට තිබ්බ ළමා කාලෙ දැන් ඉන්න දරුවන්ට අහිමි වෙලාය.. උන් හරිම අසරණය.." කියලා නානාප්‍රකාර කියමන් ඔයාටත් අනන්ත ඇහිලා ඇති. දැන් ඉන්න ළමයි කොස් කොළ ඔටුන්නක් දාගෙන, ටින් කඩන්න, චක්ගුඩු පනින්න නොයන නිසා ඒ ළමයා අසරණයි කියලා තමයි ඊට කලින් ජෙනරේෂන් එකේ ජීවත් වෙන අය හිතන්නෙ. අපි බලපු ටයිමාමාගෙ දොස්තර හොඳ හිත, ඉඟුරු පාන් මල්ලි, ඔෂින්, රොබින්සන් අන්දරය වගේ කතා වෙනුවට, ඒ ළමයා බලන්නෙ බෙන් ටෙන්, ඩිස්පෙකබල් මී, කියන කාරණාව නිසා ඔහුට සුන්දර ළමා කාලයක් අහිමියි කියලා කලින් ජෙනරේෂන් එක හිතන එක කොච්චර දුරට සාධාරණද?
    මෙහෙම හිතන කෙනාට ඉස්සරින් හිටපු කෙනෙක් මේ කෙනාගෙ ජෙනරේෂන් එක ගැන‍ෙ හිතන්නෙත් ඔය සමානම අසරණයො ටිකක් ගැන හිතන විදිහටමයි නේද? " අනේ මේ ළමයි ටී වී එකක හෙල්ලෙන පින්තූර දිහා ඔහේ බලං ඉන්නවා. ඒ වගේද අපි..වැල් වල එල්ලිලා වැවට පැන්නෙ.කුඹුරෙ ඇලේ දෝලේ සෙල්ලං කළේ. විනෝදෙට කළේ සකලයො ඇඹීම. අපේ කාලෙ තමයි කාලෙ " කියලා ඒ අයත් හිතනවා කියලා අමතක කරන්න නරකයි. හැබැයි තවමත්, වෙල් එළියෙ දුව පැනපු, හේන් කොටපු X පරම්පරාව නමින් හඳුන්වන ඔවුන්ට අලුත් Smart තාක්ෂණයත් එක්ක මුහු වෙන්න සෑහෙන අපහසු වෙලා තියෙන බවත් අමතක කරන්න නරකයි. ජංගම දුරකථනෙ හඬ වැඩි කරගන්න, වයිබ්‍රෙෂන් එක අයින් කරන්න අම්මලා අපිව හොයන්නෙ අන්න ඒ නිසයි.

    කොහොම වුණත්, Y Generation එක විසින් ඉතාම පහතට හෙළලා අසරණ බැල්මක් දාන Z Generation එක පැත්තට ආයෙ හැරු‍ණොත්, ඔවුන් තාක්ෂණය උපතින්ම බදාගත්ත අය විදිහට හඳුන්වන්න පුළුවන්. Y Generation එක වගේ ඔවුන්ට පරිණාමය වෙන්න ඕනෙ කරන්නෙ නෑ. ඔවුන් සහජයෙන්ම අයිති වන්නේ නව සහශ්‍රයටයි. X Y Z විදිහට, දැනට සප්‍රාණිකව ලෝකයේ ජීවත් වෙන මේ හැම පරම්පරාවකටම ඔවුන්ටම ආවේණික ලක්ෂණ තියෙනවා. X පරම්පරාවෙ අය සම්ප්‍රදායන් ගරු කළ, පවතින දේ ඒ ලෙසින් නොනසා පවත්වා ගැනීම ගැන වද වෙන, පවුල මූලික කරගත්ත ලක්ෂණ තිබුණු පරම්පරාවක්. නමුත් Y පරම්පරාව ඊට වෙනස්. ඔවුන් නිදහස ගරු කරනවා. ඒ වගේම සමාජය තුළ සාධාරණත්වය පැවතිය යුතු බවටත්, සමානාත්මතාවය තිබිය යුතු බවටත් විශ්වාස කරනවා. ඔවුන් ධනාත්මකයි. ඒ වගේම සමාජය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්න කැමතියි. කල්ලි ගැහෙන කැමතියි. අරගල කරන්න කැමතියි. Z පරම්පරාව මීට සහමුළින් වෙනස්.ඔවුන් තාක්ෂණය එක්ක වැඩියෙන් සම්බන්ධ, හැකි තරම් නිදහස ගරු කරන, ආත්මාර්ථය කේන්ද්‍ර කරගත්ත පිරිසක්. ඔවුන් කල්ලි ගැහෙනවාට වඩා තනියම ඉන්න ප්‍රිය කරනවා.

    මේ සංසංදනය අන්තිමේදි කියන්න තියෙන්නෙ එක දෙයයි. මේ අයගෙන් කවුද වැඩියෙන්ම " මාර සෙට් " එක කියලා කාටවත්ම තර්ක කරන්න බෑ. හැම යුගයකම, සතුට ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂව ඇති වෙන්න තිබිලා තියෙනවා. දැන් යුගයටත් එහෙමයි. ඉස්සරහටත් එහෙමම වේව්. ආදර ලියුමක් නොලිව්වාට, කොට්ට උරයක් තෑගි නොකළාට, SMS එකකින් ආදරේ ලැබෙන ප්‍රතිශතය මෙච්චරක් අඩුයි කියලා තහවුරු කරන්න කාට හරි පුළුවන් කමක් තියෙනවාද? හැම හෝමෝ සේපියන් මානව පරම්පරාවකම ප්‍රබලතා වගේම දුබලතාත් තිබිලා තියනවා.එහෙමයි කියලා කිසිම දෙයක් මොන විදිහකින්වත් අනෙකට වඩා උසස් වෙන්නෙ නෑ. අදට වඩා එදා හොඳයි කියන හැඟීම අපේ හිත් තුළ පවතින අතීත කාමය නිසා ඇති වුණු නිකම්ම හැඟීමක් පමණයි කියලා හිතන තරමට, හැම පරම්පරාවකටම ආදරය කරන්නත් ගරු කරන්නත් අපිට පුළුවන් වේවි. ඒකෙන් වාසි වෙන්නෙ අපේම දරුවන්ට.

    සංවාදයට විවෘතයි 🙂
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අපෙ කාලෙ තමා හොඳම අපො නැහැ මන් කවදාවත් එහෙම කියලා නැහැ .

    හැබැයි අපෙ කාලෙ හොඳම කියලා සැසඳීමක් කරන්න නම් අපිට කලින් හිටිය පරපුරවල් වල අය සහ ඒ අය මුහුණ දුන්න සමාජීය ආර්ථික ගැටළු ගැන සසඳලා ඒ සැසඳීම අනුව යම් ආසන්න නිගමන වලට අපිට එන්න පුළුවන් .

    උදා :

    අපෙ අම්මලාගෙ කාලෙ හොඳම කාලෙ කියලා ඒ ගොල්ලො කියනවා ඇහිලා නැහැ .

    හේතුව ඒ ගොල්ලොන්ගෙ කාලෙ ජිවිතෙ වැඩි හරියක් ඒ ගොල්ලො අපෙ රටෙදි දැක්කෙ එපා කරපු දෙවල්

    කොටි කලබල ,ජේ වීපී කලබල වගෙ දෙවල් නිසා තැන් තැන් වල මැරිච්ච මිණි පුච්චලා දාපු එව්වා
    එතකොට කඩ ගිණි තියාගත්ත එව්වා ඒ වගෙම කර්ෆියු
    ඒ වගෙම බොම්බ බිය .
    මෙව්වා එක්ක තමා ඒ ගොල්ලොන්ගෙ ජීවිතෙ වැඩි කාලයක් අපෙ රටෙ ගෙව්වෙ.

    එතකොට අපෙ කාලෙ ?

    ඔව් ජේ වී පී කලබල නැතත් කොටි බෝම්බ අත් දැකීමට මාත් මුහුණ දුන්න්නා.

    ඒ වගෙම අපි ඉස්කොලෙ යන කාලෙ පාරවල් එහෙම හෙන සවුත්තුයි

    ඒ වගෙම අනික් පැත්තට අපිට ටී වි ඊක තිබ්බා
    වීඩියො ගේම් තිබ්බා
    කම්පියුටර් ඉන්ටර්නෙට් තිබ්බා (ඕ ලෙවල් කිට්ටු වෙන කාලේ

    බයිසිකල් වල නැඟලා දන්සල් වඳින එව්වා
    ටියුෂන් ක්ලාස් වල කෙල්ලන්ගෙ පස්සෙන් ගිය එව්වා
    ඔනි තරම් ආතල් තිබුණා.

    එතකොට අම්මලාගෙ කාලෙ වගෙ අපි තැන් තැන් වම මිණි පුච්චලා දාපුවා ,නිතරම කර්ෆියු වගෙ දේවල් දැක්කෙ අත්විඳෙ නැහැ .
    ඒකට සාපෙක්ෂව නම් හොඳයි.


    එතකොට අද ඉන්න පොඩි උන්ගෙ කාලෙ.

    ඔව් උන්ට අපි වගෙ පාරවල් වල අපි කාපු කටු කන්න ඔනි නැහැ (ගොඩක් පාරවල් එදාට වඩා හොඳට හැදිලා ).
    ඉගෙන ගන්න් ඉන්ටර්නෙට් එකෙ ඔනි මඟුලක් තියෙනවා .
    අපිට තිබුණෙ නැහැ අපෙ ඉස්කොලෙ කාලෙ.

    එතකොට අපෙ කාලෙ අපි සෙල්ලම් කරපු දෙවල් උනුත් කරනවා.

    එත් උන්ට තියෙන එකම දේ සොෂල් මීඩියාස් වලට නහුතෙටම ඇඩික්ට් වෙලා.
    උන්ගෙ මොළෙ හැදෙන්නෙ පියුමි හංසමාලි ලා ,මධු රොක්ස් ලා වගෙ උන් අයිඩල්ස් ලා වෙලා තියෙන සමාජෙක.

    ඉතිං අපෙ කාලෙ ඔහොම නැහැ .
    ඉතිං එයට සාපෙක්ෂව අපි හොඳයි .

    කවුරු හරි කියනවානම් ඔය අළුත් පොඩි උන් තාක්ෂණය උපතින්ම බදාගත්ත උන් කියලා ?
    මට පෙන්නෙ ඒ කියන එකා කිසි දැනුවත් කමක් නැහැ .

    මොකද කොරොනා කාලෙ ඔය තාක්ෂණෙ උපතින්ම බදාගත්ත උන්ගෙ ගෙවල් වලට ගිහින් මන් සූම් ඉන්ස්ටල් කරලා දුන්නා,
    වින්ඩෝස් ෆොමැට් කරල ඉන්ස්ටල් කරා
    වට්ස් ඇප් එක වෙබ් එකට කනෙක්ට් කරන හැටි කියලා දුන්නා
    වගෙ ලොවෙත් දේවල් උන්ට කියලා දුන්න.
    උන් උපතින්ම බදාගත්ත නම් උන්ටම කරගන්න තිබුණ නෙ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    අපේ කාලේ හොදම නොවුනට දැනට වඩා නම් හොදයි. බලපං දැන් ඉන්න පොඩි උන්ගේ තඩි. තරබාරු උන් ඉන්නේ . සෙල්ලමක් නෑ හරියට..කැවෙන්නේ වස / රසකාරක, ලෙඩ පොඩි කාලේ ඉදන්ම.
    අඩුම ගානේ උන්ට බලන්න දිනන මැච් එකක් වත් නෑ :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කියල තියන කතාවෙ පොඩි සාදාරන බවක් පිටින් පේන්න තිබුනත්. 90 දශකයේ ඉපදුන පිරිස ගත්ත ආතල් වෙනස් විදියකින්වත් 2000 දශකයේ උපන් පිරිසට ගන්න බෑ ඒකයි ඔතන තියන ඇත්ත කතාව.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    අපේ කාලේ හොදම නොවුනට දැනට වඩා නම් හොදයි. බලපං දැන් ඉන්න පොඩි උන්ගේ තඩි. තරබාරු උන් ඉන්නේ . සෙල්ලමක් නෑ හරියට..කැවෙන්නේ වස / රසකාරක, ලෙඩ පොඩි කාලේ ඉදන්ම.
    අඩුම ගානේ උන්ට බලන්න දිනන මැච් එකක් වත් නෑ :lol:
    අඩුම ගානේ උන්ට බලන්න දිනන මැච් එකක් වත් නෑ😆
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    අපේ කාලේ හොදම නොවුනට දැනට වඩා නම් හොදයි. බලපං දැන් ඉන්න පොඩි උන්ගේ තඩි. තරබාරු උන් ඉන්නේ . සෙල්ලමක් නෑ හරියට..කැවෙන්නේ වස / රසකාරක, ලෙඩ පොඩි කාලේ ඉදන්ම.
    අඩුම ගානේ උන්ට බලන්න දිනන මැච් එකක් වත් නෑ :lol:
    එක තමයි මචං .
    යම් යම් පැති වලින් කාලවල් වල හොඳ නරක තීරනය වෙනවා .

    ගොඩක් අපෙ අම්මලාගෙ වයසෙ වැඩිහිටියො පවා පොඩි ජෙලක් තියෙනවා අළුත් අපෙ වයස්වල අළුත් උන්ට ඔය සොෂල් මීඩියාස් වගෙ දෙවල් තියෙනවාට .

    අම්මලාගෙ කාලෙ ක්‍රිකට් කියන්නෙ අපි තනිකරම චොර.
    එත් අපෙ කාලෙ අපිට හිටියා ජයසූරිය, මුරලිතරන් වගෙ අය .
    අද පොඩි උන්ට සොරි තමා .

    ඒ වගෙම රෙස්ලිං වලත් ඔය අවුල තියෙනවා .
    රෙස්ලිං බලපු එකෙක්ට අන්ඩටෙකර් වගෙ චරිත අද නැහැ .

    එත් අපෙ කාලෙට වඩා වෙබ් බ්‍රවුසර්, කම්පියුටර් නෙට් ස්පීඩ් එක පැත්තෙන් සැහෙන්න සිරා .

    කියල තියන කතාවෙ පොඩි සාදාරන බවක් පිටින් පේන්න තිබුනත්. 90 දශකයේ ඉපදුන පිරිස ගත්ත ආතල් වෙනස් විදියකින්වත් 2000 දශකයේ උපන් පිරිසට ගන්න බෑ ඒකයි ඔතන තියන ඇත්ත කතාව.
    ඒ වගෙම අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙවත් නොතිබ්බ ආතල් සහ නිදහස අපිට තිබ්බා .
    මට පෙන්නෙ මෙ ආර්ටිකල් එක ලියලා තියෙන්නෙ 90 දශකයෙ ඉපදුනු ආතල් එකක් නැතිව හැදිච්ච අනාථයෙක් ද කොහෙද ?
    ------ Post added on Jul 8, 2021 at 3:48 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    TFS machan.!!!
    80 / 90 kale gana katha karanawa nam nathuwama bari kenek thamai @001flyD
    කියල වැඩක් නැ මචං,අපි ඉස්සර මොන තරම් දෙවල් කලාද,ඉස්සර අපි පොඩි දවස් වල කොච්චර නම් පොත කියෙව්වද ,ඇගතා ක්‍රිස්ටිගේ,ෆ්‍රැන්ක්ලිස් ඩබ්ලිව් ඩික්සන්ගේ,ජෙ.බි සේනානායකගේ මතකද,තව ටිකක් ලොකු වෙනකොට බාබ්රා කාට්ලන්ඩ් ගේ,එ පොත් වලින් මවපු ලෝකය අද ඉන්න දරුවෙක්ට ස්මාර්ට් ෆොන් වලින් ගන්න බැ,අපේ එ ලෝකය හරිම මනස්කාන්තයි..ඉලංගරත්නගේ තිලක,විලම්බිත,තිලකා සහ තිලකා,වන ගත ළමෝ වගේ කොච්චර ලස්සනද,තව පොත් තිබුනා නම් මතකයට එන්නෙ නැ,එවගේම නාට්‍ය ගතොත් පුංචි විරයෝ,තව නාට්‍යක් තිබ්බා පොඩි ළමයි ටිකක් එකතු වෙලා කරපු-- කුප්පියක තෙල් ටිකක් ගාගත්තාම එ ළමයා අතුරුදහන් වෙනවා (මට එ නාට්‍ය නම මතක නැ) සුන්දර අතිතය....දැන් ළමයි ස්මාර්ට් ෆොන් එකට හිර වෙලා, ක්‍රිකට් මැච් ගහන්නෙත් 25 පැනපු සෙට් එක,25 පල්ලෙහා කොල්ලොත් කොටහලු වෙලා වගේ දැන් ගොඩක් ඉන්නෙ..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අතීතය කියන්නේ අතීතයට ඒක වර්ථමානයට ගේන්න බෑ. අපේ දෙමව්පියෝ ගෙවපු ළමාකාලය අපිට ලැබුනේනෑ වගේම අපි ගෙවපු ළමාකාලය අපේ දරුවන්ට ලැබුනේ නෑ. ඒ වගේම අපේ දරුවෝ ගෙවන ළමාකාලය උන්ගේ දරුවන්ට ලැබෙන්නේ නෑ. ඒත් මේ සේරම දරුවෝ ඒ ඒ කාලයට අනුව සතුටින් ඉදලා ඇති. අපේ කාලේ තමයි හොදම කියලා ඔය සේරම දරුවෝ කියයි.මොකද අනිත් කෙනාගේ ළමාකාලය ඇතුලේ ළමයෙක් හැටියට අපිට ජිවිත් වෙන්න හම්බුවෙලා නැතිනිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    එක තමයි මචං .
    යම් යම් පැති වලින් කාලවල් වල හොඳ නරක තීරනය වෙනවා .

    ගොඩක් අපෙ අම්මලාගෙ වයසෙ වැඩිහිටියො පවා පොඩි ජෙලක් තියෙනවා අළුත් අපෙ වයස්වල අළුත් උන්ට ඔය සොෂල් මීඩියාස් වගෙ දෙවල් තියෙනවාට .

    අම්මලාගෙ කාලෙ ක්‍රිකට් කියන්නෙ අපි තනිකරම චොර.
    එත් අපෙ කාලෙ අපිට හිටියා ජයසූරිය, මුරලිතරන් වගෙ අය .
    අද පොඩි උන්ට සොරි තමා .

    ඒ වගෙම රෙස්ලිං වලත් ඔය අවුල තියෙනවා .
    රෙස්ලිං බලපු එකෙක්ට අන්ඩටෙකර් වගෙ චරිත අද නැහැ .

    එත් අපෙ කාලෙට වඩා වෙබ් බ්‍රවුසර්, කම්පියුටර් නෙට් ස්පීඩ් එක පැත්තෙන් සැහෙන්න සිරා .
    සෙල්ලම් බඩු , තාක්ෂනය වගේ ගත්තොත් තර්ක කරන්න පුලුව් ඒ ඒ කාල වල කියල. හැබැයි සෞඛ්‍ය , ක්‍රීඩා අතින් නම් දැන් ඉන්න උන්ට වැඩ 90s වල ඉස්කෝලේ යන්න පටන් ගත්ත උන් සෑහෙන හොදයි. ක්‍රිකට් විතරක් නෙවෙයි, මලල ක්‍රීඩා ලංකාවේම මිනිස්සු බලන කාලයක් තිබ්බ.
    97 සනා 340 ගහපු දවසෙම සුසන්තික world championship medal එකක් ගත්ත වගේ කාලයක් තිබ්බ.. :love2:
    අනික මානසික නිදහස. මෙහෙම ක්ලාස් නෑ පොඩි කාලේ. මාර වෙලාවක් තිබ්බ. මම නම් ශිෂ්‍යත්වෙට පන්තියකට ගියාම අයිත පන්තියකට ගියේ 9දී. OL වලට ගනන් , විද්‍යාව විතරයි. දැන් උන් 1 වසරටත් කලින් ඉදන් පන්ති.
    අනිත් එක උත්සව. දැන් තියන උත්සව media වලින් කෘතිමව සමරන ඒවා.
    වෙසක් එකට පවුලේ අයත් එක්ක කුඩුවක් හදන්නේ නෑ , නත්තලට කොහෙන් හරි අත්තක් කපාගෙන හරි ඇවිත් ගහක් හදන්නේ නා (ප්ලාස්ටික් ගහක් හැමදාම) , අවුරුද්දට TV එකේ යන නළු නිළියන්ගේ විගඩම් කට ඇරන් බලන් ඉන්නව කොහේ හරි ගමක කරන සරම්, හැට්ට ඇදන් කරන නාට්ටියක් දිහා . ගෙදර මිනිස්සුත් එක්ක කතාබහක් නෑ . ඕව එදයි අදයි device වලින් compare කරල බලන්න බැරි දේවල්. කායික , මානසික සෞඛ්‍ය...
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් හැදෙන උන් නව සහශ්‍රකයේ උනාට අමුම අමු මැට්ටො.මොලේ තියන මොලෙන් ගේමක් ගහන උනුත් ඉන්නවා.බහුතරයක් පට්ට කපටියි.

    දැන් ඉන්න පොඩි උන් හැදෙනවා හොරයි.
    කෙට්ටුයි මිටියි දැක්කම ප්‍රසන්න ගතියක් නෑ. ගංජා දුම්කොල ටැබා වලට ඇබ්බ්බැහි වෙලා.

    මට පේන්නම බැරි ඔලුවට වඩා ලොකු කැප් එකක් දාන් දිග කලිසම නවන් ටොයිලට් යන්න දාන සෙරෙප්පු දාන් ඉන්න උන්ව තමා.