අපි_සත්පුරුෂයින්_වෙමු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි_සත්පුරුෂයින්_වෙමු

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, "සත්පුරුෂ ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරන කෙනා වාසනාවන්තයෙක් වෙනවා" කියල. "අඬන වැළපෙන ශෝක කරන මිනිසුන් අතර අඬන්නෙ, වැළපෙන්නෙ, ශෝක කරන්නෙ නැතුව ඉන්ට එයාට පුළුවන්කම ලැබෙනව" කියලා.

    ඉතින් අපි කවුරුත් අඬන්නෙ නැතුව, වැළපෙන් නැතුව, ශෝක නොකර ඉන්ට කැමතියි. එසේ කැමතිවෙන කෙනා සත්පුරුෂ ඇසුරට ම යා යුතුයි. අපි සත්පුරුෂ ඇසුරට සම්බන්ධවුණොත්, ඒ ඇසුර අපේ ජීවිතට සම්බන්ධ කරගත්තොත් නියත වශයෙන් සියලුම වාසනාවන්ත වූ, භාග්‍යවන්ත වූ ප්‍රතිලාභ අපේ ජීවිතයට අත්වෙනවා.

    කොහොමද ඒ සත්පුරුෂ ඇසුරට අපි පත්වෙන්නෙ? දැන් යම් කෙනෙකුට මිනිස් වාසයකට එන්ට ඕනැ. කොහොමද මිනිස් වාසයට එයා එන්නෙ? මනුෂ්‍යය වාසයට යන්ට කැමතිකෙනා මනුෂශ්‍යයෙක් වෙන්ට ඕනැ. දෙවියන්ගේ ඇසුරට යන්ට කැමතිකෙනා දෙවියෙක් වෙන්ට ඕනැ. එහෙනම් සත්පුරුෂ ඇසුරට යමෙකුට යන්ට ඕනැනම් මොකක්ද කරන්ට ඕනැ. එයා සත්පුරුෂයෙක් වෙන්ට ඕනැ.

    සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට යනවා කියන එක සිද්ධවෙන්නෙ නැති එකක්. එහෙනම් සත්පුරුෂ ඇසුරට යන්ට නම් තියෙන පහසුම, එකම විදිහ මොකක්ද? තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. සත්පුරුෂයෙක් වීම තමයි සුගතිගාමී ජීවිතයක් ඇතිකර ගැනීමටත්, මේ ජීවිතය සැපවත් බවට පත්කර ගන්ටත්, තමාටත් අනුන්ටත් සැප අත්වෙන ආකාරයට අපේ ජීවිතය හසුරුවගන්ටත්, නිවන අවබෝධ කරගන්ටත් උපකාර වෙන එකම එක දෙය.

    ඒක තමයි පදනම. ඒ පදනම ඇතිකරගන්නෙ නැතිව අපිට දියුණුවක් ඇතිකරගන්ට බෑ. ප්‍රඥාව ඇතිකරගන්ට බෑ. අඬන වැළපෙන අය අතර නොඅඬා ඉන්ට බෑ. නෑදෑයන් අතර සතුටුවෙන්ට බෑ. සුගතියේ යන්ටත් බෑ. බොහෝ සැප තියා අල්ප සැපක්වත් ලබන්ට බෑ. එයාට කිසිසේත් නිවන අවබෝධ කරගන්ට බෑ.

    මේ සියලු සැප විපාක, භාග්‍යයන් උදාකරගැනීමට අපි කලයුත්තේ සත්පුරුෂ ඇසුරට පැමිණීමමයි. ඒ සඳහා කළ යුත්තේ තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. එතකොට තමන් සත්පුරුෂයෙක් බවට පත්වීමට කුමක්ද කල යුත්තේ? තමන් සත්පුරුෂයෙක් බවට පත්වෙන්නෙ කෙහොමද? සත්පුරුෂයින්ගේ ගතිගුණ මොනවද කියන කාරණය අපි ඉගෙනගන්ට ඕනැ. අසත්පුරුෂයින්ගේ ගතිගුණත් අපි ඉගෙනගන්ට ඕනැ. ඉගෙනගෙන අසත්පුරුෂ ගතිගුණ අපි බැහැරකරගන්ට ඕනැ, සත්පුරුෂ ගතිගුණ අපි පුරුදුකරගන්ට ඕනැ. ඒකයි සත්පුරුෂයෙක් වෙන විදිහ.

    අසත්පුරුෂ කෙනා කොයිවගේද කියල තේරුම්ගන්නව, ඒ දේවල් අපි බැහැරකරගන්නව. සත්පුරුෂ කෙනා කොයි වගේද කියල තේරුම්ගන්නව, ඒක අපි පුරුදුකරගන්නව. එතකොට අපි සත්පුරුෂයෙක් බවට පත්වෙලා නේද? අපි සත්පුරුෂයෙක් බවට පත්වුනායින් පස්සෙ, අපිට සත්පුරුෂ ඇසුර නිතැතින් ම ලැබෙනවා.

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අසත්පුරුෂ කෙනාගේ ගති කොයිවගේද කියල. අසත්පුරුෂ කෙනාගේ ගති තමයි, අනුන්ගේ අඩුපාඩු ඇහුවෙ නැතත් එයා කියනව. ඇහුවොත් එහෙම කවර කතාද කියල කියනව. ඒ අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය. අනුන්ගෙ හොඳක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. බැරිවෙලාවත් ඇහුවොත් එහෙම හංග හංග ඩිංග ඩිංග තමයි කියන්නෙ. ඊළඟ එක තමයි, තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හඟවගෙන ඩිංග ඩිංග කියනව. තමන්ගෙ යම් හොඳක් තියෙනවනම්, ඒ හොඳ ඇහුවෙ නැතත් කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර ඔක්කොම කියනව. ඒ අසත්පුරුෂ කෙනාගෙ ගති.

    ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනව සත්පුරුෂ කෙනාගෙත් සත්පුරුෂ ගති තියෙනව කියල. සත්පුරුෂ කෙනාගෙ ගති කොහොමද? අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග තමයි කියන්නෙ. කෙනෙක් වුවමනාවකට අහනව. එහෙම ඇහුවොත් සඟවලා තමයි කියන්නෙ. අනුන්ගෙ යම් හොඳක් තිබ්බොත් ඒ හොඳ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. තමන්ගෙ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒක කියනව. ඇහුවොත් එහෙම විස්තර වශයෙන් ම කියනව. තමන්ගේ යම් හොඳක් තිබුනොත් එහෙම ඒක කියන්ට යන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග කියන්නෙ. අන්න ඒක තමයි සත්පුරුෂකෙනාගේ ගතිය.

    දැන් අපි ඉගෙනගත්ත අසත්පුරුෂ කෙනාගේ ගති. අන්න ඒව ඉගෙනගෙන අපි තේරුම්ගන්ට ඕනැ, අපේ ජීවිතය තුළ තියෙන්නෙ කොහොම දේද කියල. හැබැයි මතකතියාගන්ට බැරිවෙලාවත් මේක අනුන්ගෙ ජීවිතය තුළ හාර අවුස්සන එකක් නෙවෙයි.

    දැන් මේ කරුණු කාගෙ ජීවිතය තුළද බලන්ට ඕනැ. තමන්ගෙ ජීවිතය තුළ. මගෙ ජීවිතය තුළ අසත්පුරුෂ ගති තියෙනවද? කියල සොයල බලනව. සොයල බලල ඒව අපි බැහැරකරගන්ට ඕනැ. සත්පුරුෂ ගති තියෙනවනම් ඒව දියුණුකරන්ට ඕනැ. ඒ ගති නැත්නම් පුරුදුකරගන්ට ඕනැ. අන්න එතකොට අපිට අසත්පුරුෂ ගති බැහැරකරල සත්පුරුෂ ගති පුරුදුකරගෙන සත්පුරුෂභාවය කරා යන්ට පුළුවන්.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    මේක ටයිප් කළෙත් අය්යමද? ගොඩාක් මහන්සි වෙන්න ඇති නෙ? අපි වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා ටයිප් කලාට ගොඩාක් පින්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේක ටයිප් කළෙත් අය්යමද? ගොඩාක් මහන්සි වෙන්න ඇති නෙ? අපි වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා ටයිප් කලාට ගොඩාක් පින්
    HTML:
    http://www.dinamina.lk/kalanamithuro/?fn=n1102211&nav=0
    :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක ටයිප් කළෙත් අය්යමද? ගොඩාක් මහන්සි වෙන්න ඇති නෙ? අපි වෙනුවෙන් මේ තරම් මහන්සි වෙලා ටයිප් කලාට ගොඩාක් පින්

    මම කොහෙවත් එහෙම දෙයක් නම් කියලා නැහැ, ඔයාට එහෙම එකක් පේනවද, බොහොම ස්තුතියි මහත්තයෝ මගේ පරන ත්‍රෙඩ් බම්ප් කරනවට.

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මම කොහෙවත් එහෙම දෙයක් නම් කියලා නැහැ, ඔයාට එහෙම එකක් පේනවද, බොහොම ස්තුතියි මහත්තයෝ මගේ පරන ත්‍රෙඩ් බම්ප් කරනවට.


    yako u jok ekata newe kiyala thiyenne...
    uba nikan nakkale danawane...
    අපි_සත්පුරුෂයින්_වෙමු amathaka unada?:lol:
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    අපි අනුන්ගේ පෝස්ට් උස්සමු කියලා දැම්ම නම් ගැලපෙනවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි අනුන්ගේ පෝස්ට් උස්සමු කියලා දැම්ම නම් ගැලපෙනවා

    තමන්ගේ අතෙත් වැරදි තියාගෙන අනුන්ට ඇගිල්ල දික්කරන ඉතා හොද පුරවැසියෙක්. "ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" කියන එක තෙරෙන්නෙම නැති කෙනෙක්. තමන් එකක් හරි ඉස්සුවනම් තමාත් ඒ වැරැද්ද කරලා කියලා කොච්චර තෙරුම් කරන්න හැදුවත් තෙරෙන්නේ නැති පාටයි,

    මම ඔය මහත්තයාගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම තමයි මේ, කරුණාකරලා මගේ ත්‍රෙඩ් බලන්න එපා. ඒක මට කරන ලොකු උදව්වක්, මොකද මහත්තයලා වගේ අය නිසා අපිට මේ සයිට් එකේ ඉන්න එපා වෙනවා, කොච්චර කිව්වත් තෙරෙන්නේ නැහැනේ, මහත්තයත් එක පාරක් හරි ඒ වැරැද්ද කරලා කියලා,

    "දේවාලේ කපුවා දෙවාලේ රුන්නට ගඳ නැහැ වගේ" මහත්තයා කරන දෙවල් විතරක් හරි කියලා හිතාගෙන ඉන්න.

    බොහොම ස්තුතියි !
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    තමන්ගේ අතෙත් වැරදි තියාගෙන අනුන්ට ඇගිල්ල දික්කරන ඉතා හොද පුරවැසියෙක්. "ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" කියන එක තෙරෙන්නෙම නැති කෙනෙක්. තමන් එකක් හරි ඉස්සුවනම් තමාත් ඒ වැරැද්ද කරලා කියලා කොච්චර තෙරුම් කරන්න හැදුවත් තෙරෙන්නේ නැති පාටයි,

    මම ඔය මහත්තයාගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම තමයි මේ, කරුණාකරලා මගේ ත්‍රෙඩ් බලන්න එපා. ඒක මට කරන ලොකු උදව්වක්, මොකද මහත්තයලා වගේ අය නිසා අපිට මේ සයිට් එකේ ඉන්න එපා වෙනවා, කොච්චර කිව්වත් තෙරෙන්නේ නැහැනේ, මහත්තයත් එක පාරක් හරි ඒ වැරැද්ද කරලා කියලා,

    "දේවාලේ කපුවා දෙවාලේ රුන්නට ගඳ නැහැ වගේ" මහත්තයා කරන දෙවල් විතරක් හරි කියලා හිතාගෙන ඉන්න.

    බොහොම ස්තුතියි !
    නියම උත්තරේ මචන්...සිරාම උත්තරේ...
    කොර වෙලා යන්නැති...
    :lol:
    sorry meke mathrukawa ekka me wage deyak
    kiyanna una eka gana..:sorry::sorry:
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නියම උත්තරේ මචන්...සිරාම උත්තරේ...
    කොර වෙලා යන්නැති...
    :lol:
    sorry meke mathrukawa ekka me wage deyak
    kiyanna una eka gana..:sorry::sorry:

    නැහැ මචන් කොච්චර කිව්වත් තෙරෙන්නෙ නැහැ, තමනුත් එක පාරක් හරි ඒ වැරැද්ද කරලා කවදාවත්ම ඒ වැරැද්ද නොකරපු කෙනෙක් විදියට තමයි කමෙන්ට් කරන්නේ, මේ ත්‍රෙඩ් එක මගේ කියලා දාලත් නැහැ. යටින් හාමුදුරු කෙනෙකෙගෙ නමකුත් දාලාත් තියෙද්දි තමයි මෙහෙම කමෙන්ට් කරනේ. මම දැන් ත්‍රෙඩ් දාන්නේ මෙන්නෙ මේ විදියට එතකොටවත් ඒ මහත්තයට සංතොස හිතෙයිනේ.

    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට

    ස්තුති මචන් සධාරණය වෙනුවෙන් කතා කලාට
     
    Last edited: