මට සිද්ද උන අපූරැ ගැටලුවක්...
මේකයි විස්තරය...
මම දවසක් ඇඹරැම්හලකට ගිහින් එතනින්ම අමු කහ 1kg එකක් අරගෙන ඒක කොටල තියන්න කියල ගියා..
මම පස්සෙ ටික වෙලාවකින් ආයෙ එනකොට ඒක කොටල තිබුන හැබැයි ගෙදර ගියාම තාත්ත කියනව "අපි ගත්ත කහ එක කොටන්නෙ නැතුව එයාල විකුනන්ඩ තියන කහ කුඩු වලින් දුන්නද දන්නෙ නෑ" කියල
අමු කහ කිලෝ එක 380යි
කිලෝ එකක් කොටන්න 70යි
එතකොට අපිට ගියේ 450යි
ඒත් කඩේ විකුනන්නෙ 800ට
ඉතින් තාත්ත කිවුව වගේ එහෙම දෙයක් කලා වෙන්න පුලුවන්ද
එයලට විදුලිය ඉතුරැයි
සේවක කුලියක් නෑ
එයාලගෙ කහ කුඩු තොගයෙන් කිලෝ එකක් විකුනුනා
අමුකහ වලිනුත් විකුනුනා.. හැබැයි කහ තියනව (කොටපු එකෙන් දුන්න නම් )
මෙහෙම බලද්දි ඒ ඇඹරැම්හලට ඒ කරපු බිස්නස් එකෙන් ලාභයක් වෙලා ඇතිද පාඩුවක් වෙලා ඇතිද?