කොතනද අවුල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    මේ රටේ මිනිස්සු... තනිකර කෙලින්නෙ පිස්සූ.....

    copyright :hirunethihorawa.blogspot

    ගොඩ දවසකින් ලියන්න බැරි උනා.. හේතුව ඉතිං කොයි වෙලාවෙත් ගෙදර නැති එක තමයි.. අනිත් එක මෙහෙ හැමතිස්සෙම කරන්ට් යනව... UPS එකකුත් නැති හින්ද මල වදේ...

    කොහෙමත් හැමදාම ගෙදර එනකොට රෑ 7 විතර වෙනවා.. ඊට පස්සෙ ඉතිං කන්න දෙයක් හදල කම්පියුටරේ ඉස්සරහා වාඩි උනාම කොට කොට ඉන්න හිතෙන්නෙ නෑ... ඔය ටීවී සීරීස් එකක් දාගෙන පැයක් ව්තර බලල, ගිහින් නිදා ගන්නව මිසක්...

    ඒ කොහොම උනත් ලියන්න දේවල් නං නෑ කියල කියන්න බෑ.. අපේ කඩේ ඉන්නකොට නානාප්‍රකාර චරිත හම්බුවෙනව.. ඒවා ඉතිං ලියන්න ඕනෙ කියල හිතාගත්තට ගෙදර එනකොට අමතක වෙලා... හි හි...

    ඒ උනත් මේ අද උදේ කට්ටියගෙ පුස් කාපු පෝස්ට් බලනකොට සිරා ලියපු පෝස්ට් එකකට කට්ටිය දාලා තියෙන කමෙන්ට් දැකල, කාලයක් තිස්සෙ ලියන්න ඕනෙ කියල හිතපු දෙයක් ලියල දාන්න හිතුන... වෙනදා වගේ ආරලු බුරලු දාන්න වෙලාවකුත් නැ...ඒක නිසා ඔන්නොහෙ කෙලින්ම කතාවට බහිමුකො...

    ඒ තමයි මේ අපේ රටේ වගේ රටවල් වල මිනිස්සු බොහොම කලාතුරකින් කෝටිපතියො බිලියනපතියො වෙන්නෙ නැත්තෙ කකුලෙන් අඳින උන් වැඩි හින්ද කියන එක...

    ගිය ඉරිද ලංකාදීපෙ ඊයෙ උඩින් පල්ලෙන් බලනකොට ඒකෙ තිබ්බ පෝර වලට ගත යුතු මට්ටමේ කුසල තේ දැං පිටරටටත් යවනව කියල.. මට ඇත්තටම ‘‘ ඇති යන්තං ‘‘ කියල කියවුනා. ඒ මොකද කිව්වොත් දැංවත් මේ යක්කු මේ වැඩේ නවත්තන්න මොනා හරි කරයි කියල හිතිච්ච නිසා...

    ඇයි ඉතිං කාලයක් තිස්සෙ අපේ රටේ තේ ඉහල ප්‍රමිතියෙන් කියල පිටරටවලට ගියාට අපි බිව්වෙ කසල තේ කුඩුනෙ... මං ඔය වෙනස දන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ කට්ටිය වත්තෙ තේ දැම්මම, දළු කඩන වෙලාවට අපේ අම්මට දළු මිටක් දීලා තිබ්බ... අම්ම ඕක අවන් එකේ දාලා වේලල අරං, පොඩ්ඩක් කුඩු කරල අරං තේ හැදුව... ඒක පුදුම රසක්... මේ මං කිව්වෙ පාදුක්ක පැත්තෙ තේ ගැන... එතකොට කොහොමත් හොඳයි කියන උඩරට තේ කොච්චර රස ඇතිද... ඒත් අපි කඩෙන් ගේන තේ කොල පැකට් වල ඔය රස නෑ නේ.. ප්ලෙන්ටියක් බොන්න ගියාම සීනි හොන්ඩරයක් විතර දාන්න ඕනෙ...

    මට අර විදියට කියවුන එක ගැන කාටහරි වැරදියට හිතෙන්න පුළුවන්.. රටට නරක නාමයක් එනවට හොඳයි කියන්නෙ ඇයි කියල... ඒත් නිකමට කල්පනා කරලා බලන්න...

    අපි කන පළතුරු ගැන..
    අපි කන එළවළු ගැන..
    අපි කන හාල් ගැන...
    අපි බොන කිරිපිටි ගැන..

    තව ගොඩක් ජාති තියෙනව...

    අම්ම අසනීප උනාම මේ දේවල් මාර විදියට දැනෙන්න ගත්ත...

    කඩෙන් කෙහෙල් ඇවරියක් ගෙනාවම ඒක නැට්ටෙ ඉඳලම කහ පාටයි... කෙහෙල් නැට්ටට වෙනකම්ම කහ පාට උනාම ගෙඩිය ඉදිල වැඩිවෙලා කඩං වැටෙනව.. ඒ උනාට මේවා හොඳ හයියයි... අනේ.. බලනකොට අපේ මේ කඩවල මිනිස්සු කෙහෙල් කැනට රසායනික බෙහෙත් ( කෑමට සුදුසු නැති) ස්ප්‍රේ කරල දවසක් තියල විකුණනව...

    මඤ්ඤොක්ක අපි ගෙදර වත්තෙ ගහක් උදුරපුවම අල හතරක් පහක්ම කැඩෙනව.. මෙන්න පොලේ තියෙනව සීරුමක් වත් නැති ලස්සන ලොකු මඤ්‌‌ෙඤාක්ක අල... අනේ.. බලනකොට මේ මඤ්‌ඤොක්ක උගුල්ලන්න කලින් පසට බෙහෙතක් ගහනව... පස බුරුල් වෙන්න ... ඒක ගහල සතියක් යනකං මඤ්ඤොක්ක උගුල්ලන්න හොඳ නෑ.. ඒත් මේ මිනිස්සු ඊළඟ දවසෙම උගුල්ලලා පොලට එන වෙළදුන්ට විකුණනවා.. අර බෙහෙතෙ සැර යන්නත් කලින් මඤ්ඤොක්ක ටික අපේ බඩේ...

    මම සාමාන්‍යයෙන් ගෙදරට ගේන්නෙ රෝස කැකුළු කියන හාල් ජාතිය... පොලෙන් දවසක් ගෙනාපු හාල් ටික හෝදන්න හෝදන්න වතුර ටික රෝසම රොස පාටයි.. අනේ.. බැලින්නම් මේවට ඩයි දාලා...

    හැම එකාටම මිරිස් ගෙනල්ල වේලලා කොටාගන්න වෙලාවක් නෑ නේ.. අපි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ පැකට් කරලා සුපර් මාර්කට් වල තියෙන මිරිස් කුඩු... මාත් එහෙම ගෙනාපු මිරිස් වගයක් බොහොම පොඩ්ඩක් දැම්මම ඇති, හොද්ද රතුම රතු පාටයි... ඒත් මෙලෝ සැරක් නෑ... අනේ බැලින්නං මේවට ඩයි දාලා පාට කරල...

    මේ ඩයි කියන්නෙ කෑමට සුදුසු කලරින් කියන ජාති එහෙම නෙවෙයි... ගොඩක් වෙලාවට කෑමට නොගත යුතු වර්ණක...

    මේ බොහොම පොඩි කතා ටිකක්...

    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ රටේ මිනිස්සු කවුරුහරි කන කෑමකට මේ වගේ දේවල් කරන්නෙ කියන එක...

    මම අපේ අම්මට හැමතිස්සෙම කියන දෙයක් තමයි ‘‘ ගනං වැඩි උනාට කමක් නෑ.. හැබැයි හරියට දෙන දේ දෙන්න “ කියන එක...

    ඒත් අපේ ගොඩක් මිනිස්සු හොයන්නෙ රස ගුණ නෙවෙයි...

    සෝබ‌නේ.... වටේ මිනිස්සුන්ට පෙන්නන්න කරන වැඩ...

    එක උදාහරණයක් මේ...

    ඔය මගුල් ගෙවල් වල දෙන කේක් කෑල්ල තියෙනවනෙ... වෙඩිං කේක් කෑල්ල කියන එක... ඕක ඉස්සර නං ටොපිය වගේ ඔතල දුන්න.. දැං පෙට්ටියක දානව..

    සාමාන්‍යයෙන් ඔය පෙට්ටි තියෙනව රැ 25.00 විතර ඉඳන් බොහොම ලොකු ගනං වලට වෙනකං.. එක එක අමුදූව්‍ය වලින්, එක එක විදියට හදල...

    ඉතිං ගිහින් හොයලා හොයල ගන්නවා රැ 50.00 විතර ලස්සනට හදල, නම ගම ප්‍රින්ට් කරපු පෙට්ටි.. තව රු 50 විතර වියදම් කරනවා වෙඩිං ඉන්විටේෂන් එක.. අනිත් ඒවා පැත්තක තියමුකො ඊට පස්සෙ..

    අනේ අර පෙට්ටියට දාන්න කේක් කෑල්ල හොයං එනව රු 25- 30 කට විතර...

    ඒ වෙලාවට මම අහනව ඔයාලට කේක් පෙට්ටියට 50ක් වියදම් කරන්න පුළුවන් නං කේක් කෑල්ලට ඒ ගාන වියදම් කරන්න බැරිද කියල... එතකොට දෙන උත්තරේ තමයි “ නෑ ඉතිං .. කේක් පෙට්ටිය හැමෝම තියාගන්නවනෙ“ කියන එක...

    අනේ මං දන්නෙ නෑ... බොහොම වෙලාවට මේ මං වගේ ඔය කේක් පෙට්ටි අරවා මේවා හදන අය මිසක් වෙන‌ කවුරුවත් ඔය කේක් පෙට්ටි දවසකට දෙකකට වගේ පරිස්සම් කරන්නෙ නෑ...

    අනිත් එක වෙඩිං කේක් ස්ට්‍රක්චර් එක.... ඒ ගැන නං වෙනම පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

    ඇයි හත්දෙයියනේ මේ රටේ වත් නොවිච්ච සම්ප්‍රදායක් කරන්න මේ තරං නහින්නෙ.... දෙනවලකො තේ එකක් එක්ක හොඳ චොක්ලට් කේක් කෑල්ලක්.. ඔය මල මඟුල් නැතුවට...

    ( සමහර දුප්පත් මිනිස්සු ණය වෙලා අමාරුවෙන් වෙඩිං කේක් කෑලි ගන්න හොයන් එනකොට මං පැහැදිලි කරල කියල දෙනව ඕක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.. චොක්ලට් කේක් කිලෝ තුනක් ගෙනිහිල්ල කෑලි කපලා හවස තේ එකත් එක්ක කට්ටියට දෙන්න කියල... ඒ මිනිස්සු තේරුම් ගන්නවා... )

    කොතනද අවුල තියෙන්නෙ කියන එක මට තාම හිතාගන්න බෑ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම සරල වෙන්න වෙන්න අනිත් මිනිස්සු හිතන්නේ මෝඩයෝ නැත්තම් ලොබයෝ කියලා. අද ආටෝපෙත් වස විස එක්ක තමයි මිනිසූ ජිවත් වෙන්නේ,.........එහෙම නැතුවත් බහ කොන් වෙනවා නිකන් නොන්ඩි වෙනවා වගේ. එක තමයි නවීන ජිවන විලාසිතාව.......
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහතික ඇත්ත...ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙකට යද්දි Rs.2000-3000 මල් පොකුරක් උස්සන් යනවා...මනුස්සයෙක්ට දෙයක් දෙන්න ඕනේ ප්‍රයෝජනවත් දෙයක්..මටත් ඔය බොරු සෝබන වැඩනන් දෑහැට පේන්න බෑ..:baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    ඔහොම සරල වෙන්න වෙන්න මිනිස්සු හිතන්නේ මෝඩයෝ නැත්තම් ලොබයෝ කියලා. අද ආටෝපෙත් වස විස එක්ක තමයි මිනිසූ ජිවත් වෙන්නේ,.........එක තමයි නවීන ජිවන විලාසිතාව.......

    :yes::yes::yes:
    එක පාරක් මම දන්නා අක්ක කෙනෙක් මල ගෙදරකට ගියා ගැලපෙන සුදු ඇදුමක් ඇදගෙන. පස්සේ දානේටත් ඇන්දේ ඒ ඇදුමම තමයි. එතින් කට්ටිය කතා වෙන්න ගත්ත ඇයි... එකම style එක දෙකටම ඇන්දේ කියල. සැහෙන ලොකු ප්‍රස්නයක්. ඔන්න තත්වේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    සහතික ඇත්ත...ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙකට යද්දි Rs.2000-3000 මල් පොකුරක් උස්සන් යනවා...මනුස්සයෙක්ට දෙයක් දෙන්න ඕනේ ප්‍රයෝජනවත් දෙයක්..මටත් ඔය බොරු සෝබන වැඩනන් දෑහැට පේන්න බෑ..:baffled:

    :yes::yes:
    අප්පට සිරි. ඒවත් දැන් ලංකාවට බෝ වෙලාද
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහොම සරල වෙන්න වෙන්න අනිත් මිනිස්සු හිතන්නේ මෝඩයෝ නැත්තම් ලොබයෝ කියලා. අද ආටෝපෙත් වස විස එක්ක තමයි මිනිසූ ජිවත් වෙන්නේ,.........එහෙම නැතුවත් බහ කොන් වෙනවා නිකන් නොන්ඩි වෙනවා වගේ. එක තමයි නවීන ජිවන විලාසිතාව.......

    :yes:අනේ මන්දා මේ මිනිස්සුනන්...මම නන් ඇඳුමක් අඳින්නේ මගේ ඇඟට පහසු,තැනට ගැලපෙන විදිහට...සමහරු සෝබනේට ඇඳුම් ,සපත්තු/සෙරෙප්පු අඳිනවා හදිස්සියේ දුවන්න වුනොත් දුවාගන්නවත් බෑ...අනිත් මිනිස්සුන්ගේ හිත සැනසෙන්න නෙත පිනවන්න අපි අපහසුතාවයට පත් වෙන්න ඕනේ කියලා මමනන් හිතන්නේ නෑ..ජීවත් වෙන්න ඕනේ තමන්ට පහසු විදිහට...ඒකයි මගේ කැමැත්ත...:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:
    එක පාරක් මම දන්නා අක්ක කෙනෙක් මල ගෙදරකට ගියා ගැලපෙන සුදු ඇදුමක් ඇදගෙන. පස්සේ දානේටත් ඇන්දේ ඒ ඇදුමම තමයි. එතින් කට්ටිය කතා වෙන්න ගත්ත ඇයි... එකම style එක දෙකටම ඇන්දේ කියල. සැහෙන ලොකු ප්‍රස්නයක්. ඔන්න තත්වේ.

    :rofl::rofl::rofl: පිස්සු යක්කුනේ බන්:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:අනේ මන්දා මේ මිනිස්සුනන්...මම නන් ඇඳුමක් අඳින්නේ මගේ ඇඟට පහසු,තැනට ගැලපෙන විදිහට...සමහරු සෝබනේට ඇඳුම් ,සපත්තු/සෙරෙප්පු අඳිනවා හදිස්සියේ දුවන්න වුනොත් දුවාගන්නවත් බෑ...අනිත් මිනිස්සුන්ගේ හිත සැනසෙන්න නෙත පිනවන්න අපි අපහසුතාවයට පත් වෙන්න ඕනේ කියලා මමනන් හිතන්නේ නෑ..ජීවත් වෙන්න ඕනේ තමන්ට පහසු විදිහට...ඒකයි මගේ කැමැත්ත...:D

    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    :rofl::rofl::rofl: පිස්සු යක්කුනේ බන්:rofl::rofl:

    මගේ යාලුවෙකුට වෙච්ච වැඩක්. එයාගේ wedding එකට දින තීන්දු කරයි පස්සේ, ගැනු ළමය තමයි මගුල් ගෙදර දහසකුත් දේ උනන්දුවෙන් සැලසුම් කරේ. ඉතින් මනමාලි, මනමාලය ඇදුම් විලාසිත තීරණය කරලා, ඊට පස්සේ මල් කුමාර කුමරියන්, best man, bridesmaid ඇදුනුත් සැලසුම් කල. colour match එකත් නියමෙට කර. colour match කියන්නේ මෙහෙමයි ... අපි හිතමු මනමාලි සුදු සාරියකුයි කොල්ලට තද දම් ඇදුමකුයි අන්ද කියල. එක ගැලපෙන්නේ නැහැ:rofl::rofl::rofl:. මනමාලය ගැලපෙන පාටක් තෝරාගන් ඕනේ.

    හැමදේම සැලසුම් කරලා උදේ පාන්දර කොල්ල ඇදුම් අදින්න ගත්ත. මුට මොන colour match ද? තියෙන රෙද්දක් අදින්න එපයි. මුගේ කලබලෙට, පැත්තක තිබ්බ තද කොලපාට කලිසමක් දැකල ඇද ගත්ත, මනමාලිගේ ඇදුමට කිසිසේත් ගැලපෙන්නේ නැති එකක්. හරියට එල හරකයි, මි හරකයි වගේ. අප්පචියේ අවුරුද්දක් තිස්සේ සැලසුම් කරපු wedding එක ඉවරයි. photo වලින්, wedding album වලින් මොන පලක්ද. මනමාලි ඉන්නවා බුම්මගෙන.

    අවුරුදු ගණකට පස්සෙත් එයාගේ wife ඔය කතාව ඇදල ගන්නවා කේන්ති ගියහම
     
    :rofl::rofl: ඔයට වෙච්ච වැඩේ නේද
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් ලංකාවේ ඉන්න මිනිස්සු ට්‍රයි කරන්නේ වෙස්ටර්න් විදිහට ජීවත් වෙන්නනේ කන්න අතේ සතේ නැහැ ඒ උනාට අදින්න ගන්න ඇදුම් , දැන් ඉන්න මිනිස්සුන්ට මොලේ විකාරේ ගහල තියෙන්නේ ඕකට කියන්නේ වෙස්ටර්න් පොෂ් මාන්දම කියල ..... ඕක එක්තරා අතකින් ගත්තම මෝඩ කමක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහතික ඇත්ත...ලෙඩෙක් බලන්න ඉස්පිරිතාලෙකට යද්දි Rs.2000-3000 මල් පොකුරක් උස්සන් යනවා...මනුස්සයෙක්ට දෙයක් දෙන්න ඕනේ ප්‍රයෝජනවත් දෙයක්..මටත් ඔය බොරු සෝබන වැඩනන් දෑහැට පේන්න බෑ..:baffled:

    සාමාන්යෙන් ලනකාවේ නම් අඩුයි නේද එක?????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් එතින් සංස්කෘතිය එක්ක ඕවා බැදිලා තියෙන්නේ. එන අනිත් පැත්ත හරවන්න අමාරුයි
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Ape un hithana vidihe avulak thiyenne. Mage yaluwek innawa. Gana wadinam ona mala jarawak gannawa. Gana aduwata quality baduwak thibbath ganne na. Miniha bonne Anchor. hethuwa eka expensive lu. Waha thiyanawa kivvath bonne ekamai. Ae wage thama anith badu gannakotath. Mole thiyenne koheda kiyala hithaganna ba.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ape un hithana vidihe avulak thiyenne. Mage yaluwek innawa. Gana wadinam ona mala jarawak gannawa. Gana aduwata quality baduwak thibbath ganne na. Miniha bonne Anchor. hethuwa eka expensive lu. Waha thiyanawa kivvath bonne ekamai. Ae wage thama anith badu gannakotath. Mole thiyenne koheda kiyala hithaganna ba.

    එකට කියන්නේ නම් ගොන් කම කියලා