අපූරුම දුම්රිය ස්ථානය

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    අපූරුම දුම්රිය ස්ථානය



















    දෙමෝදර දුම්රිය ස්ථානය....

    අපේ රටේ තියන දුම්රිය ස්ථාන වලින් අපූරුම දුම්රිය ස්ථානය මොකක්ද කියලා අහුවොත් ලොකු පොඩි හැමෝටම එක පාරටම මතක්වෙන තැනක් තියනවා. ඒ තමයි දෙමෝදර දුම්රිය ස්ථානය. ප්රධාන මාර්ගයේ, ඒ කියන්නෙ කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය නැවතුමත් උඩුවර දුම්රිය
    නැවතුමත් අතර තමයි මේ අපූරු දෙමෝදර දුම්රිය ගැටය පිහිටා තිබෙන්නේ. මේ දුම්රිය නැවතුම ගැන අපූරු කතාවක් තියනවා. බදුල්ල දුම්රිය මාර්ගය හදාගෙන යන කාලයේ දෙමෝදර දුම්රිය ස්ථානය හරියෙදි ඉoජිනේරුවන් බලවත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම වුනේ ඒ ස්ථානයේ භුගෝලීය පිහිටීමත් එක්ක දුම්රිය මාර්ගයේ වැඩකටයුතු කරගෙන යාමට බැරි තත්වයක් ඇතිවෙලා තියනවා. ඒ අසල හිටිය ගැමියෙක් තමන්ගේ ඔලුවෙ ගැටගහලා තිබුනු සාලුව අරගෙන ඒ අයට පෙන්නලා දිලා තියනවා මේ විදියට මෙතනින් දුම්රිය මාර්ගය හැදුවොත් හරි නේද කියලා. ඒ ගැමියාගේ කතාව අහපු ඉoජිනේරුවෝ පුදුම වෙලා තියනවා ඒ ගැමියාගේ බුද්ධිය ගැන. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවකින් කන්ද වටේ ගමන් කිරීමෙන් පස්සේ, දුම්රිය ස්ථානය යටින් පිහිටලා තියන උමගෙන් මතුවෙන දර්ශනය බොහොම අපූරුයි. ඒ වගේම දෙමෝදර ආරුක්කු 9 යේ පාලම තවත් අපූරු නිර්මානයක්. ආරුක්කු පාලම උඩින් දුම්රිය ගමන් කරන දර්ශනය දකින කිසි කෙනෙකුට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ.
    ඒ වගේම දෙමෝදර බොහොම සිසිල් කාලගුණයක් තමයි තියෙන්නේ. බන්ඩාරවෙල නගරයට කි.මි.20 දුරින් තමයි දෙමෝදර පිහිටලා තියෙන්නේ. දුන්හිද ඇල්ල, රාවනා ඇල්ල නරඹන්න යනවා නම් දෙමෝදර තමයි ආසන්නම දුම්රිය ස්ථානය. තවත් බොහොම අපූරු තේ වතු සහ තේ කර්මාන්ත ශාලා කිහිපයක්ම දෙමෝදර පිහිටලා තියනවා..




    ..
    996128_203886279812412_1064908687_n.jpg





    අපේ රටේ ගොඩාක් අය උදේ හවස දුම්රියෙන් යනවා...

    එදිනෙදා කටයුතු සඳහා ගොඩාක් අය දුම්රිය යොදා ගන්නවා..
    .ඒත් ගොඩාක් අය දුම්රියේ ගියාට දුම්රිය පිළිබදව දුම්රිය සේවය පිලිබදව මනා දැනුමක් නෑ....





    උපුටාගැනීමදුම්රිය දැවැන්තයින්ගේ හඩ: Train Simulator Srilanka








    back-to-top.png
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    thanks for da share machan
    "You must spread some Reputation around before giving it to ravsfm again."