අපූරු_දෘශ්‍ය_මායා_කෞතුකාගාරය
නරඹන්නන්ට චිත්‍ර සමග මුසුවීමට අවස්ථාව ලබා දෙන අපූරු දෘශ්‍ය මායා කෞතුකාගාරය
විශ්මය දන්වන මෙම අපූරු සිතුවම් පෙළ දෙස වරක් බැලූ කළ ඔබට හැඟී යනු ඇත්තේ එය චිත්‍රපට දර්ශන තලයකදී රූගත කෙරුනු තාත්විකත්වය ඉක්මවූ ඡායාරූප පෙළක් බවයි. නමුත් මේවා සත්‍ය වශයෙන්ම නරඹන්නාට, ත්‍රිමාණ ගති ලක්ෂණ ඇතිව නිර්මාණය වූවක් බව හැඟී යන ආකාරයට සිතුවම් කරන ලද ද්විමාන චිත්‍රය.
චිත්‍ර ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණ එකතුවක් වන මෙම සිතුවම් පෙළ දකුණු කොරියාවේ සියෝල් නුවර පිහිටි ‘ට්‍රික් අයි’ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන්නකි.
සෙසු කලාගාරයන්ගේ ප්‍රදර්ශනය කෙරෙන සිතුවම්වලට වඩා මෙහි ඇති විශේෂත්වය වනුයේ චිත්රවල පසුතලයේම කොටසක් බවට පත්වී ඡායාරූපවලට පෙනී සිටීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිමයි. දැවැන්ත රාක්ෂයකුගේ මුවේ හිඳ ඡායාරූප ගැනීමටත් ට්‍රක් රථයකින් ඉවතට පෙරළී යන නෝට්ටු තොගයකට අත පෑමටත් ඇතැම් විට සෙන්පතියෙකුගේ තියුණු හෙල්ල පහරකට ලක්වීමටත් ට්‍රික් අයි කෞතුකාගාරයේ චිත්‍ර නරඹන්නන්ට අවස්ථාව හිමිය. සිතුවම සමග හරි හරියට මුහු වී සිතුවමේම චරිතයක් ලෙස පෙනී හිඳීමට නරඹන්නන්ට විරල අවස්ථාවක් ලබා දෙන මෙබඳු සිතුවම් සියයකට අධික සංඛ්‍යාවක් ට්‍රික් අයි කෞතුකාගාරය සතුය.
මෙම විරල අත්දැකීම නරඹන්නන්ට ලබා දීම සඳහා මෙහි වන ඇතැම් සිතුවම් නිර්මාණය කොට ඇත්තේ කාමරයක් මුළුමනින්ම වැසී යන’ ආකාරයේ විශාලත්වයකිනි. ඇතැම්වා ආතතියකින් යුතුව සිටින සේ සකස් කොට ඇත්තේ නරඹන්නන්ට තමන් කන්දක් නගින ආකාරයක් හෝ සිවිලිම මත යටිකුරුව සිටගෙන සිටින ආකාරයක් දිස්වීම සඳහාය. සිතුවම් එල්වා ඇති බිත්තියෙන් ඔබ්බට විහිදුණු තටු විදහා ගත් දේවදූතයන්, සිතුවම් රාමුවෙන් ඉවතට පෙරළී එන ආහාර වර්ග අඩංගු සිතුවම්ද මෙම දෘශ්‍ය මායාමය චිත්‍ර එකතුවට ඇතුළත්ය.
ඩිජිටල් මායාව අභිබවමින් තාත්වික යථාර්ථය විසින් ලෝකය සිය ආධිපත්‍යයට නතු කර ගනිමින් සිටින කාලයකදී මිනිස් මනස උපක්රමශීලීව රැවටීමට අවශ්‍ය වන්නේ කැන්වසයක් හා පින්සලයක් පමණක් බව සිත්තරුන් ඔප්පු කර හමාරය.
විස්තර ගත්තේ "ලක්බිමෙන්"...