අපූරු_දෘශ්‍ය_මායා_කෞතුකාගාරය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපූරු_දෘශ්‍ය_මායා_කෞතුකාගාරය

නරඹන්නන්ට චිත්‍ර සමග මුසුවීමට අවස්ථාව ලබා දෙන අපූරු දෘශ්‍ය මායා කෞතුකාගාරය

ndIuiZO.jpg


විශ්මය දන්වන මෙම අපූරු සිතුවම් පෙළ දෙස වරක් බැලූ කළ ඔබට හැඟී යනු ඇත්තේ එය චිත්‍රපට දර්ශන තලයකදී රූගත කෙරුනු තාත්විකත්වය ඉක්මවූ ඡායාරූප පෙළක් බවයි. නමුත් මේවා සත්‍ය වශයෙන්ම නරඹන්නාට, ත්‍රිමාණ ගති ලක්ෂණ ඇතිව නිර්මාණය වූවක් බව හැඟී යන ආකාරයට සිතුවම් කරන ලද ද්විමාන චිත්‍රය.
චිත්‍ර ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණ එකතුවක් වන මෙම සිතුවම් පෙළ දකුණු කොරියාවේ සියෝල් නුවර පිහිටි ‘ට්‍රික් අයි’ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන්නකි.
d7YTg4N.jpg


සෙසු කලාගාරයන්ගේ ප්‍රදර්ශනය කෙරෙන සිතුවම්වලට වඩා මෙහි ඇති විශේෂත්වය වනුයේ චිත්‍රවල පසුතලයේම කොටසක් බවට පත්වී ඡායාරූපවලට පෙනී සිටීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිමයි. දැවැන්ත රාක්ෂයකුගේ මුවේ හිඳ ඡායාරූප ගැනීමටත් ට්‍රක් රථයකින් ඉවතට පෙරළී යන නෝට්ටු තොගයකට අත පෑමටත් ඇතැම් විට සෙන්පතියෙකුගේ තියුණු හෙල්ල පහරකට ලක්වීමටත් ට්‍රික් අයි කෞතුකාගාරයේ චිත්‍ර නරඹන්නන්ට අවස්ථාව හිමිය. සිතුවම සමග හරි හරියට මුහු වී සිතුවමේම චරිතයක් ලෙස පෙනී හිඳීමට නරඹන්නන්ට විරල අවස්ථාවක් ලබා දෙන මෙබඳු සිතුවම් සියයකට අධික සංඛ්‍යාවක් ට්‍රික් අයි කෞතුකාගාරය සතුය.
මෙම විරල අත්දැකීම නරඹන්නන්ට ලබා දීම සඳහා මෙහි වන ඇතැම් සිතුවම් නිර්මාණය කොට ඇත්තේ කාමරයක් මුළුමනින්ම වැසී යන’ ආකාරයේ විශාලත්වයකිනි. ඇතැම්වා ආතතියකින් යුතුව සිටින සේ සකස් කොට ඇත්තේ නරඹන්නන්ට තමන් කන්දක් නගින ආකාරයක් හෝ සිවිලිම මත යටිකුරුව සිටගෙන සිටින ආකාරයක් දිස්වීම සඳහාය. සිතුවම් එල්වා ඇති බිත්තියෙන් ඔබ්බට විහිදුණු තටු විදහා ගත් දේවදූතයන්, සිතුවම් රාමුවෙන් ඉවතට පෙරළී එන ආහාර වර්ග අඩංගු සිතුවම්ද මෙම දෘශ්‍ය මායාමය චිත්‍ර එකතුවට ඇතුළත්ය.
ඩිජිටල් මායාව අභිබවමින් තාත්වික යථාර්ථය විසින් ලෝකය සිය ආධිපත්‍යයට නතු කර ගනිමින් සිටින කාලයකදී මිනිස් මනස උපක්‍රමශීලීව රැවටීමට අවශ්‍ය වන්නේ කැන්වසයක් හා පින්සලයක් පමණක් බව සිත්තරුන් ඔප්පු කර හමාරය.

HdQ45TL.jpg


UnenL6x.jpg


O1AQh9t.jpg


muMJcmN.jpg


TPsmWK1.jpg


xkmvFJ9.jpg


5W8g5q2.jpg


oODsmi5.jpg


99P6nSw.jpg


NOmrAwo.jpg


b5vxgxG.jpg


8ubr0W6.jpg


gHiIoPB.jpg


SCYOJAK.jpg


0ghZkdF.jpg


PDD4xRC.jpg


Y0o7Dro.jpg


rAVkNyT.jpg


DbMrSub.jpg


MBPi3mX.jpg


6g1fAbo.jpg


vRw35lv.jpg


n7sR60a.jpg


My54jgh.jpg


mWuyQh9.jpg


0yFfXnb.jpg


PvpZwKO.jpg


uxlShL9.jpg


7cQIHPR.jpg


utwnNCF.jpg


WwyKuBm.jpg


Co89GlA.jpg


5L1tBiX.jpg


k0gIeBR.jpg


6wkvi3N.jpg


NxnVQUt.jpg


nkLarfY.jpg


AEYSPbi.jpg



විස්තර ගත්තේ "ලක්බිමෙන්"...