සසා හෙවත් sasliit අපෙන් වෙන්ව ගිහිල්ලා, අද දවසේ අවසන් කටයුතු කරත්, තවම හිතා ගන්න බෑ ඔහුගේ වියෝව. මට ඔහු වෙනුවෙන් යමක් ලියන්නම ඕනේ. පහුගිය දවස් දෙකෙත් ලියන්න උවමනාව තිබුනට ලියන්න තරම් හිත මෙල්ල කරගන්න බැරි උනා. :
සසා කියන්නේ පුදුම චරිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සරල මනුස්සයෙක්. ඒ වගේම බොහෝම මිත්‍රශීලී මනුස්සයෙක්. අනිත් පැත්තෙන් ගත්තම දැනුම් ගබඩාවක්. ඒ හැම දේම අද වෙනකොට නැති වෙලා. දැන් අපි තුළ තියන්නේ ඔහු ඉතුරු කරලා ගිය ඒ සරළ කම, ඒ නිහතමානී කම, ඒ මිත්‍රශීලී කම සහ ඔහුගේ නිර්මාණ, ගුණ සුවද පමණයි.
මම මුලින්ම සසා ගැන දැන ගන්නේ ගීත විචාර කියවලා. ඒ විචාර එසේ මෙසේ ඒවා නෙවෙයි. ඒවා කියෙව්වට පස්සේ නැවත නැවත බලන්න හිතෙනවා. සම්පූර්ණයෙන් මුළු ඔලුවටම ඒවා වදිනවා. ඒ ඔහුගේ ඉගැන්වීමේ හැකියාව නිසා වෙන්න ඕනේ. ඒ වගේම ඔහුගේ දැනුම ගවේශනයේ ප්‍රතිඵල. ඉතිං ඒ ත්‍රෙඩ් හරහා මට සසා ගැන ඇති උනේ ලොකු පැහැදීමක්. ඉන් පස්සේ කිඹුලා අයියට දවසක් කෝල් කරාම සසා ගැන තව විස්තර දැන ගන්න ලැබුනා. ඒ හරහා සසාව තව දුරටත් ආශ්‍රය කරන්න පෙළඹුනා.
ආදුනිකයෙක් විදිහට මම ගීතයක් විචාරය කරන්න උත්සාහ ගත්තම ප්‍රවින සසා මට PM දාලා අඩුපාඩු පෙන්නලා දීලා මට උදව් කරා. "මචං උඹ හිතේ තියන හැම දේම හරියට එලියට දාලා ලියන්නෙ නෑ. එහෙම ලියපං විචාර" කියලා ඔහු මට කිව්වා. අදත් මට වෙලා තියන්නේ ඒකමයි. සසා ගැන හිතේ තියන හැම දේම එළියට දාලා ලියා ගන්න බෑ.
සසා ඔහුගේ බිරිදත් එක්ක කරපු රේඩියෝ ප්‍රෝ්‍ග්‍රෑම් එළකිරි රේඩියෝව අහපු කාටවත් අමතක වෙයි කියලා මම හිතන්නෙ නෑ.

ඒ තරම් ඒක සාරවත්.
හිටපු ගමන් අපේ එළකිරි වෝල් එකට ඇවිත්, අපි හොදින් ඉන්නවද කියලා හොයලා බලලා vm එකක් දාන්න ආයි සසා එන්නෙ නෑ.

කොහොමද මචං මේ දවස්වල වැඩ කියලා pm එවන්න ආයි සසා එන්නෙ නෑ.

එළකිරියෙන් විතරක් අදුර ගත්තට, අකුරුවලින් විතරක් අදහස් හුවමාරු කරගෙන තිබුනට ඒ මිත්‍රත්වය සෑහෙන්න ලොකුවට දැනෙනවා. සෑහෙන්න ලොකු හිතේ වේදනාවක් මට දැනෙනවා. ඒ සංවේදී මනුස්සයා අද අපි අතර නෑ.

ආයි මේ එකවන්ට් එකෙන්
http://www.elakiri.com/forum/member.php?u=35153 සසා ලොග් වෙන්නෙ නෑ.
මිනිස්සුන්ට සැබෑ මිනිසෙක් වෙලා හිටපු සසා ශ්‍රේෂ්ඨ චරිතයක්. කිඹූලා අයියා කියනවා වගේ ඔහු එළකිරියේ එක පුරාවෘතයක්.
ගුරුවරයෙක් විදිහට ළමයින්ගේ ගුණදර්ම හදපු, ළමයින්ට උගන්නපු, මිනිස්සුන්ගේ හිත් හදපු ශ්‍රේෂ්ඨ චරිතයක්
දැන් මේ මොනදේ ටයිප් කරත් වෙනදා වගේ සසා දකින්නෙ නෑ. දැන් අපිට සසාට දෙන්න පුළුවන් පිං විතරයි. උඹට පිං මචං. මේකේ උන්ගේ හිත් හැදුවට, හිත් සතුටින් තිබ්බට, මේකේ උන්ට සාහිත්‍ය රසය කියලා දුන්නට උඹට පිං. ළමයින්ට ඉගැන්නුවට, ළමයින්ගේ ගුණධර්ම හැදුවට උඹට පිං.
ඔඹට නිවන් සුව ලැබේවා මචං...