අපේක්ෂා රෝහලේ FBC රිපෝට් ගැනිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මිනිස්සු හුගක් හිතන්නේ , අපේක්ෂා රෝහලට ඔන කරන්නේ බෙහෙත් , ආධාර දාන මාන විතරයි කියලා. ඒත් අපේක්ෂා එකට හොද මැනේජ්මන්ට් එකක් අවශ්‍යයි කියලා මට හිතුන වාර ගනන අනන්තයි අප්‍රමානයි. තාත්තවත් එක්කගෙන බෙහෙත් ගන්න යනෙකාට ,මිනිස්සු විදින දුක දැක්කම මේක නොලිය ඉන්න බැරිවුනා මට . ඒ ගැන සමාවන්න. කාටවත් පහර ගහන්න නෙමේ. මට හිතෙන දේ මම ලියන්නේ. ලියන්න බැරි පිලිකා හැදුනු මිනිස්සුන්ගේ දුක ,තමයි මම අකුරු කරන්නේ. මම ඒක පුලුවන් උපරිමය කරනවා

    අපේක්ෂා එක කියන්නේ මිනිස්සු රස්තියාදු කරවන තැනක් බවට පත්වෙලා ඉවරයි. නිකන් මිනිස්සු නෙමේ ලෙඩ්ඩු ..නිකන් ලෙඩ්ඩුත් නෙම් පිලිකා ලෙඩ්ඩු


    කාඩ් එක පෙට්ටියට දමා පැය 01ක් විතර බලන් හිදිම
    .......

    දිස්ති්‍රක්ක රෝහල්වලත් අයිටී සිස්ටම් එකක් තියනවා. ෙකාටින්ම කිවොත් මහ රෝහලටත් තියනවා (මම හිතන්නේ..) ඒත් අපේක්ෂා එකට එහෙම නෑ...තාමත් ගල් යුගයේ තියෙන හැබැයි ආධාර මිලියන බිලියන ගනන් ලැබෙන ආයතනයක් , රෝගින්ගේ දත්ත තියාගන්න දත්ත පද්ධතියක් නෑ . බාර් කෝඩ් සිස්ටම් එකකින් රෝගින්ගේ විස්තර තියාගන්න ක්‍රමයක් නෑ..ඒ වෙනුවට තියෙන්නේ . තඩි කාමර ටිකක් . ෆයිල් පුරවපු . අනේ ඉතින් , උදෙන්ම ගිහින් කාඩ් එක , පෙට්ටියට දාලා පැය ගානක් බලන් ඉන්න ඔන මේ අහිංසක ලෙඩ්ඩු,

    ලෙඩ්ඩු රෙජිස්ටර් කරගන්න එක කරනවා..සිස්ටම් එකක් ද දන්ෙන් නෑ ..ඉතින් ...ඒත් ඒ සිස්ටම් එක තියෙන්නේ ඒකට විතරයි ..අනිත් සේරම මැනුවල් යන්නේ..

    අපේක්ෂා එකේ ක්ලින්ක් එකේ පැය ගානක් රස්තියාදු වෙලා..ඩොක්ටර්ගෙන් චිට් එක දාගෙන FBC එකක් ගන්න , පලවෙනි තට්ටුවට ගියා. (ඉතින් ඇයි අපිට ගිය ගමන් මේ චිට් එක දෙන්න බැරි . ඒකට කිසිම නියාමනයක් නෑ .වැඩ පිලිවලක් නෑ ..එච්චරයි ,එ් පුංචි චිට් එකට පැය 02 ක් ඉන්න ඔන ) ඉතින් ඔය රිපෝට් එක ගන්න පලවෙනි තට්ටුවට යන්න ඔන

    ඔතනට සිිස්ටම් එකක් දාගන්න ..පුද්ගලික හෝ අයිසිටිඒ එකට කිව්වනම් එච්චරයිනේ..මහ ලොකු දෙයක් නෙම් .බාකෝඩ් ස්ටිකර් එකක් අරගෙන අලවලා . තප්පර ගානකින් සිස්ටම් දැම්මනම්..මාර කාර්යක්ෂමයි. මගේ පුංචි මොලේට හිතුන එකක්.


    පලවෙනි තට්ටුවට ගියාම , ලේ දාන කුප්පිය ගන්න ඔන පෝලිමේ ඉදලා.ඒකත් යකාගේ පෝලිමක්..ඒකෙත් වි 45 විතර රස්තියාදු වෙලා . ඒ කුප්පිය අරන් ලේ ගන්න තැනට යන්න ඔන. ලේ එක අරන් පැය 01 ක් ඉන්න ඔන FBC වෙගේ රිපෝට් එකක් දෙන්න . (සාමානයෙන් වි 30 ක් යනවා පුද්ගලික රෝහලක නම්) ඒ විතරක් ද ඒ රිපෝට් එක . ගන්නත් මාරම කට්ටක් කන්න ඔන..

    ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිත් , යටිගිරියෙන් කෑ ගහනවා අංක කියලා ..අනේ ! කන් ඇහෙන්නැති වයසක උන්දැලට ඔවා එකක්වත් ඇෙහන්නේ නෑ . පුලුවන් කෙනා අහන් ඉන්නවා. පොරකාලා පොරකාලා ..අර රිෙපා්ට් කොලය ගන්න ඔන . සෙනග අස්සෙන් ගිහින්..ඇයි බැරි පොඩි ස්කි්‍රන් එකක් අරන් දැන් යන නම්බරය ස්කි්‍රන් එකකින් පෙන්වන්න..එහෙම වැඩ පිලිවලක් නෑ

    මට පේනවිදියට ඉන්න අයටත් කිසිම ඔන කමක් නෑ..වැඩ වැඩි වෙන නිසා..අර ගල් යුගෙය් ක්‍රම වලටම යනවා....

    අවිදිමත් ගල් යුගයේ ක්‍රම තමයි තියෙන්නේ.මිනිස්සුත් බයයි .. මේවට එරෙහිව කතා කරන්න. එයාලා අසරණයි.


    ක්ලින්ක් එකේ නම කතා කිරිල්ල
    .....

    එතන ස්ටාෆ් නම් පට්ට ටැලන්ට් ..ඒ මිනිස්සුන්ට වැඩ පහසු කරන ක්‍රමවේද ඒ කියන්නේ PROCESS fine tune කිරිල්ල හදන්න ඇඩ්මින් එකෙන් , මැනේජ්මන්ට් එකෙන් වෙන්නේ නෑ කියලා මම හිතන්නේ . ක්ලිනික් කාඩ් එක එයාලා මැනුවෙල් ෙහායලා ෆයිල් එක අරන් අපිට අඩගහනවා. අඩගහන්නේ නම කියලා .හිතන්න , එකම නම තියන දෙන්නෙක් ආවොත් උණ් දෙන්නම කන්ෆියුස් වෙනවා .

    අනික යටිගිරියෙන් කෑගහනවා..ඒ අවට හිටියේ නැත්නම් කාටවත් ඇෙහන්නේ ..බිලියන ගනන් ආධාර ලැබෙන අපේක්ෂා ඉස්පිරිතාලෙට ක්ලින්ක් වාට්ටුවට ස්පිකර් එකක් මයික් එකක් හයි කරන්න බැරි ඇයි.අර සේවකයන් උගුර ලේරහ ෙවනකන් කෑගහනවා..කන් ඇහෙන්නෑති . කට්ටියත් ඉන්නවා..පව් ඒ මිනිස්සු . මාරම අසරණයි.

    මේ මිනිස්සු රස්තියාදු කරනවා මෙයාලා.කෑගහලා කියන්න හිතුනු වාර ගනන අනන්තයි..ඒත් ඉවසනවා.අපි අාව වැඩේ කරගන යනවා..සමහර මිනිසුන්ට එහෙම ඉන්න බැහැ..එයාලා ලෙඩ වෙච්ච අය. මම ඉන්න තැනම ක්ලන්ත දාලා වැටෙන මිනිස්සු ඉන්නවා.එයාලාව ඇතුලට අරන් යනවා ඉක්මනින්ම.

    (ඉදගන්න පුටු සීමිතයි. සමහරවල ඇදි නැහැ . ෙහ්තුතු වෙන්න බැහැ .)

    බලධාරී මේවා දන්නවා..ඇස් කන් පියා ගන ඉන්නවා..කිසිම දෙයක් දන්නෑ වගේ
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒවා එහෙම කලාම වැඩක් කරනවා කියලා මිනිස්සුන්ගේ ඇඟට දැනෙන්නේ නෑ. අනික රජයේ ආයතන වල ඔවාට ඉඩ දෙන්න බෑ. එහෙම කලාම කොහොමද හොරා කන්නේ? ඩිලීට් බටන් එක උඩ නින්ද ගිහින් ඔරකල් ඩේටා බේස් එකක ඩේටා මැකිලා බැකප් එකෙත් ඩේටා මැකුනා කියලා කිව්ව රටක් මේක. :dull:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    System එකක් දාන එක ලේසියි, ඒත් ඕවයි වැඩ කරන nurse ලා attendant ලා ට computer literacy එකක් නෑ. අනික එයාලා කැමතිත් නෑ පුරුදු දේවල් වෙනස් වෙනවාට. Doctors ලා වුණත් කැමති නෑනේ fingerprint පාවිච්චි කරනවාට. එක්කෝ අලුතෙන් training කරලා දාන්න වෙනවා එහෙම නැත්නම් අලුතින් රස්සා දීලා ගන්න වෙනවා. එහෙම වෙනවාට ඕවයි වැඩකරන අය කැමති නෑ.

    ඉතින් ඔය වගේ දේවල් අපිට ඕනි ඉක්මනට වෙනස් කරන්න අමාරුයි, කාලෙත් එක්ක මොකක්හරි ලොකු බලපෑමක් වෙන්න ඕනි ඕවා වෙනස් වෙන්න. Ex: Covid-19 වලින් පස්සෙ WFH වලට ගොඩක් අය පුරුදු වුණා වගේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    එකම විසඳුම 2024 දියසෙන් කුමරු... 👇 👇 👇


    images