අපේක්ෂා රෝහල

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    පිළිකාව සෑහෙන්ඩ දරුණුයි යාළුවා.. මේ පොඩි උන් ජීවත් වෙන්නෙ මැරෙන්ඩ දවස් ගණන් කර කර...
    උඹලා සිකරට් බීලා මැරෙන්ඩ හදන සල්ලිවලින් හරි මේ පොඩි එකෙක් ජීවත් කරවපන්...
    හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

    ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
    පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
    ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

    ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
    පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
    ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
    Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
    ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
    ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
    මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
    මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

    • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
    • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
    ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
    • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

    ලොකු ගානක් නේද?? 😐
    නෑ මචන්.. බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

    මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් උඹ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. උඹේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

    • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
    කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
    • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
    පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

    එහෙව් අපිට,
    පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ මචන්!
    අපි එකතු වෙමු,
    ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
    ලොකුම Donation Campaign එකට! ❤

    Account Name : APEKSHA CANCER HOSPITAL
    Bank of Ceylon, Maharagama
    Account Number : 71275069
     
    • Like
    Reactions: Kasippu Sira

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔය මැෂින් 3ක් පැකින් පිටම තියෙනවලු ලංකාව.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    57154484_10158366859318242_2741713088028868608_o.jpg

    Linear Accelerator උපකරන 4 ක් මහරගම අපෙක්ශා, කරාපිටිය, යාපනය, මඩකලපුව රොහල්වල වසර 5 කට ආසන්න කාලයක් ගෙනාපු විදියටම අදටත් පෙට්ට්වලම තියෙනවා. ඔබ අතුලු මෙි සියලුදෙනා ගන්න උත්සාහය හොදයි. ඒත් ඇත්ත තිත්තයි. අපි කරන්න ඕන ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක පෙට්ටි වල තියෙන මේ වටිනා වෛද්‍ය උපකරණ ය රෝහල් වල ස්ථාපිත කරන්න ක්‍රමයක් සකස් කිරීමයි. මේ සඳහා පෙරමුණ ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව ඔබට මහරගම අපේක්ෂා රෝහල. කරාපිටිය වැනි අපිට ලේසියෙන්ම ලගා විය හැකි රෝහලකට ගියාම අදත් දකින්න පුළුවන් පෙට්ටිවල තියෙන මේ උපකරණය. මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් කර අසරණ පිළිකා රෝගීන් ඒ සඳහා සරණක් වෙන්න. මේ සිද්ධිය හොඳටම දන්නවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඒ ඒ රොහල්වල බලධාරින්. පොඩ්ඩක්වත් හිතන්න එපා අප මේ ඔයාලගෙ උතුම් උත්සාහයට අකුල් හෙලනවා කියල. මොකද අප මේ පිලිබඳව සිරස ඔස්සේ ප්‍රවෘත්ති යක් කලා අවුරුද්ද කට විතර කලින්.

    උපුටාගැනීමකී.

    බලධරයන්ගේ අවධානය යොමුවේවා..

    Sunil Jayawardena: කරාපිටියේ බංකර් එක හැදුවේ අපි. එත් එකෙ LENIER ACCELERATOR උපකරණ සවි කීරීමට අවශ්‍ය AC System අපගේ scope එකෙ තිබුනේ නැත. පසුව එම අවශ්‍යතාව වෙනත් contractor කෙනෙක් මගින් දැන් නිම කර තිබේ. දැන් උපකරණ සවි කල හැක. එහෙත් වියාපෘතිය අවසන් කීරීමට lead doors USA වලින් ගෙනවිත් සවි කීරීමට තවත් කාලයක් ගත වේවි. කෙසේ වෙතත් මෙම ප්‍රමාදයට මුලික හේතුව. දුර්වල ව්‍යපෘති කළමනාකරණය හා සම්බන්දිකරණය.
    https://www.facebook.com/photo.php?...NBbXDlq1WmgoyrCYsh2woX-g6n5dswdFZ3BjrBNHmkVzI
    ​
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,004
    6,428

    :(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    සල්ලි දැම්මා, ගිය පාර දුන්නෙත් නෑ. මේ පාරත් දෙතුන් පාරක් හිතල දැම්මෙ, මහන්සියෙන් හොයන සල්ලි නිසා. හිත හදාගෙනම දුන්න, ඕනි හුත්තක් කරගත්තාවෙ කියලා. මැශිම ගෙනාවොත් ආරංචි වෙයි, සතුටු හිතෙයි. නොගෙනාවොත් සද්දයක් නැති වෙයි, මටත් අමතක වෙයි, ගාණක් නෑ.