අපේම මනුස්සයෙක්...
.
.
උදේ පාන්දරම සෙනග බලාගෙන ඉද්දි කවුදෝ එකෙක් පාරේ යන අක්කා කෙනෙක්ගේ මාලේ කඩාගෙන ගියා.කවුරුවත් පස්සෙන් එලවාගෙන ගියේ නෑ.ඒ අක්කත් හිනා වෙවී බෙල්ල අතගගා " ටිකක් තුවාල වෙලා මල්ලි,ඕක මොකද්ද. අපේම මල්ලි කෙනෙක්නෙ" කියාගෙන යන්න ගියා. අපිත් ඒ මාලේ කඩපු සහෝදරයට ටටා කියලා අත වැනුවා. එත් අපේ රටේම ඇට මස් ලෙ නහර තියෙන අපේම මනුස්සයෙක්නේ
+++++++++++++++++++++
මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්දයක සැබෑ ජයක්ග්‍රහණයක් නෑ කියලා... උන් අහගෙන හිටියා.. ඊට පස්සේ මන් උන්ට කියලා දුන්නා යුද්දයක ඇති වීරත්වයක් නෑ කියලා.. උන් අහගෙන ඔලුව වැනුවා.
පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමා දන්නේ අල්ලපුගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා... මට කිසි ගානක් නෑ... අල්ලපුගෙදර එකා මොනවා උනත් අපේම රටේ අපේම ගමේ කාගෙහරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදාගත්තා.
ඊටපස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇගපත අතගානවා... මට කේන්ති ගියේ නෑ.. අල්ලපුගෙදර එකාටත් මට වගේම හැගීම් දැනීම් පහල වෙනවා ඇති... කාගේ උනත් අපේම රටේ අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ... රන්ඩු උනොත් අපටමයි ලැජ්ජාව... මම අහක බලාගෙන කාමරේට ගියා.
ඊට පහුවෙනිදා වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇදුම් කඩමාලු, බඩු මුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුන හිස් කාමරේක පදිංචි වෙලා... මම මුකුත් කිව්වේ නෑ... උටත් මේ රටේ මේ මහපොළොවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදාගත්තා.
මෙන්න ඊලග දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු 3නෙ පොඩි එකාට හොදටම තලලා... පොඩි එකාගේ අතකුත් කැඩිලා... මම සද්ද නැතුව හිටියා.. අපේ පොඩි එකාගේ වැරද්දක් වෙන්න ඇති..පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...
නැත්තන් ඉතින් අල්ලපුගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා උට කේන්ති ගිහින් ගහන එක සාදාරනයි...
මොනවා උනත් අල්ලපුගෙදර එකා අපේම රටේ අපේම ගමේ කාගෙහරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ.
පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපුගෙදර එකා අපේ ගෙදර බඩුමුට්ටු ටිකයි, ගෑනිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා... ඒක උගේ ගෙදරලු... ගෙදර මුල් පදින්චිකරුවා ඌ ලු... මගේ ගෙදර ඉන්නකොට ඌ තනියම නිසා අසාදාරනයක් උනාලු...දැන් මට ගෙදරින් යන්නලු... ඌ කියන එකත් ඇත්ත... අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕනේ...අල්ලපුගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්...
ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මාරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරි වෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑනිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා...

Last edited: