අපේ අතීත භූගත ජල තාක්‍ෂණය
අපේ අතීත භූගත ජල තාක්‍ෂණය
අපේ අතීත ඉංජිනේරුවෝ අනෙක් ක්‍ෂේත්‍රවලට වඩා ජල ආශ්‍රිත වැඩ කටයුතුවල දී විශේෂඥයෝ වූ හ. විශේෂයෙන් ඔවුහු වාරි කටයුතුවල දී ජලය හැකිතාක් දුරට පසෙහි ම තබාගෙන අදාළ පරිදි හසුරුවමින් තම අවශ්‍යතා ඉටු කර ගත් හ. මෙහි දී පස ජල ගබඩාවක්, ජල ප්‍රවාහකයක් සහ ජල පවිත්‍රාගාරයක් ලෙස යොදාගෙන ඇත.
වර්තමානයේ දී සිදු කෙරෙන්නේ ජලය පසෙන් හැකිතාක් වෙන් කර ගැනීමයි. ස්‌වාභාවික ජල සම්පත්/ප්‍රභව වෙන් කරගෙන ඒ ජලය ටැංකිවලට ගෙන ජල නළ හෝ කොන්ක්‍රීට් ඇළ මාර්ග ඔස්‌සේ අදාළ තැනට ගෙන ගොස් අදාළ වැඩකටයුත්ත කර ගැනේ. අදාළ කටයුත්තෙන් පසුව අපිරිසිදු වන ජලය නැවත ජලය ලබා ගත් ස්‌වාභාවික මූලාශ්‍රයට බොහෝ ඈත ප්‍රදේශයකට (බොහෝ විට මුහුදට යොමු වූ ජල මාර්ගයට) යෑවේ. මෙහි දී පස තුළ ජල සංසරණය අවම වේ. එකල වැසිකිළි සඳහා අද පමණට ජලය භාවිත වී නැති අතර ඒ භාවිත වූ ජලය ද නැවත විවිධ ක්‍රම (ස්‌වාභාවික) මඟින් පිරිසිදු කොට භූගත ජලයට අදාළ ප්‍රදේශයේ දී ම එකතු වීමට සලස්‌වා ඇත. පොළොව මතුපිට දී විවධාකාරයට අපිරිසිදු වන ජලය නැවත පසට එකතු වූ විට පිරිසිදු වී භූගත ජලයට ම එකතු වේ. නූතන සම්ප්‍රදාය තුළ භූගත ජලය වැඩිපුර තබා ගැනීමට උත්සාහ ගන්නේ ටැංකිවල ය.
නූතන සම්ප්‍රදාය තුළ ජලයේ චක්‍රීයභාවය අවම වී ඇත. ජලය පසෙන් මුදාගැනීමත් සමඟ මෙසේ චක්‍රීයභාවය අවම වේ. මෙසේ චක්‍රීයභාවය අඩු වන විට ජලය හිඟ වීම පිළිබඳ ගැටලු මතු වන අතර එවිට කෘත්‍රීම ක්‍රම ඔස්‌සේ ජලය පිරිසිදු කරමින් නැවත භාවිතයට පෙලැඹෙන අතර මේ කෘත්‍රිම ක්‍රම ද පෙරළා අස්‌වාභාවික, චක්‍රීයත්වයෙන් බාහිර දෑ නිසා වෙනත් ගැටලු මතු වේ. ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් අපේ පැරැන්නන් සිදු කර ඇත්තේ ජලයේ චක්‍රීයභාවය වැඩි කිරීම ය. ජලය කොහොමත් ක්‍රියාත්මක වන්නේ චක්‍රයක බව සැබෑ ය. එහෙත් අතීතයේ දී මේ චක්‍රය තුළ කුඩා චක්‍ර ප්‍රමාණය වැඩි කර ඇත. මේ චක්‍ර වැඩි කර ගැනීම පස ඇසුරෙන් ම සිදු කරගෙන ඇත. අපේ පැරැණි වැව් අමුණු, ඇළ වේලි, විල් පොකුණු ආදියෙන් සිදු කරගෙන ඇත්තේ එයයි. එනම් අහසින් වැටෙන ජලය (බොහෝ විට) මුහුදට යෑවෙන්නේ කුඩා කුඩා චක්‍ර බොහෝ ගණනක් පසු කර ය. අද නූතන සංවර්ධනය තුළ මේ කුඩා චක්‍ර ප්‍රමාණය අවම කෙරී ඇත.
ජලය පසෙන් ඈත් කෙරීමත් සමග එය සිදු වේ. අද නාගරීකරණය තුළ ජලය පසට එකතු වීමට ඇති හැකියාව ද අවම වෙමින් ඇත. වර්තමානයේ කතාබහට ලක් වන ඊනියා ජල අර්බුදයේ විශාල පැතිකඩක් මේ කුඩා කුඩා ජල චක්‍ර අහෝසි වීම තුළ ඇත. එහෙත් එය නූතන විශේෂඥයන්ට ගෝචර නැත. ඔවුන් උත්සාහ ගන්නේ ස්‌වාභාවික ජලය පසෙන් වෙන් කර ගෙන අදාළ තැනට ප්‍රවාහනය කර භාවිත කොට එනම් අපිරිසිදු කොට නැවත භූගත ජලය සමග මිශ්‍ර නො වන පරිදි (නූතන අපිරිසිදු වීම් ස්‌වාභාවිකව පස මඟින් නැවත පිරිසිදු නො වන බව සැබෑ ය) මුදා හැරීම ය. ඔවුහු මේ ක්‍රියාවලිය තුළ ජල ප්‍රවාහනය, භාවිතය ආදිය කාර්යක්‍ෂමව කිරීමට වලි කති. එහෙත් පස ආශ්‍රයෙන් ම ජල චක්‍ර වැඩි කිරීම ගැන නො සලකති. මහා පරාක්‍රමබාහු රජු ගේ සුප්‍රසිද්ධ කියමනේ අරුත වන්නේ අහසින් වැටෙන ජලය මුහුදට යැම වළක්‌වා උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතු ය යන්න නො වේ. එම චක්‍රය නැවැත්විය යුතු නැත. මෙහි දී මුහුදට යැමට පෙර අප ජලයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතු ය. එසේ ප්‍රයෝජන ගත හැක්‌කේ ජලය පස ඇසුරෙහි ම තබාගෙන කුඩා ජල චක්‍ර ප්‍රමාණය වැඩි කෙරුම මඟින් ය. ජලය, ඛනිජ තෙල් වැනි චක්‍රීය නො වන සම්පත් සමඟ පටලවා ගත යුතු නැත.
එකල ඇළ මාර්ග හරහා විශාල වේලි බැඳ කෘත්‍රීම ජලාශ නිමවා එම ඇළ මාර්ගයන්හි පහළ පෙදෙස්‌වල ජල ක්‍රියාකාරීත්වය අවුල් කළේ නැත. එය චක්‍රය බිඳ දැමීමකි. එසේම කුඩා ජල චක්‍ර අවම කෙරුමකි.
එකල ඇළවල් හරහා බැඳි කෙටි තාවකාලික බැමිවල ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් සම අමුණු ක්‍රමයක් මේ වන විට නර්ඩ් ආයතනය සහ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව එක් ව ගාල්ල උක්‌ඕවිට ප්‍රදේශයේ සාර්ථකව අත්හදා බලමින් සිටී. මෙහි දී ඇළේ පහළ කොටස්‌වලට වන හානිය අවම වන අතර චක්‍රීයත්වයට ද බාධා නො වේ.
අපේ පැරැන්නෝ මතුපිට ජලයේ හැසිරීම පිළිබඳව පමණක් නො ව භූගත ජල හැසිරීම පිළිබඳව ද මැනවින් දැන සිටිය හ. ඒ පිළිබඳ කදිම සාක්‌කියක් අද අපට බම්බාව ප්‍රදේශයේ ඇති ගල් ළිඳක ක්‍රියාකාරීත්වය තුළ හමු වේ. බම්බාව වනාහි ගලේවෙල හන්දියේ සිට ගලේවෙල මාතලේ මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගිය තැන හමු වන ගම ය. මේ ගමෙහි නමේ උපත කුවේණිය ගේ පියා ගේ නම වන බම්බා යන්න සමඟ බැඳී ඇත. මේ අනුව විජයාවතරණය මඟින් සංකේතවත් වන්නා වූ ආර්ය සංක්‍රමණයට පෙර ද විශිෂ්ට වාරි ජල තාක්‍ෂණයක් මෙරට තිබූ බැව් පෙනේ.
බම්බාව වූ කලි, වැව්වලින් (ගම් වැව්) ගහණ ප්‍රදේශයක් නො වේ. පස වැලි සහිත පසකි. එය වැව් සඳහා එතරම් යෝග්‍ය නැත. එහෙත් බම්බාව ගමේ එතරම් විශාල නො වූ වැවක් ඇත. මේ වැවට ජලය ලැබෙන්නේ ඉහත්තාවේ ඇති කඳු වැටියෙන් ගලා එන ඇළකින් සහ වැව අසල පිහිටි දිය උල්පතකිනි.
වලගම්බා රජු සමයේ කරවූ පන්සලක් මේ වැවට යාබද ව ඇත. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් කරන ලද පරීක්‍ෂණයකට අනුව මේ ප්‍රදේශයේ පස වැලි පසක් ලෙස හඳුනාගෙන ඇති අතර, වැව පිහිටි ස්‌ථානයේ (වැව පත්ලේ) පමණක් මීටරයක් පමණ ගැඹුර මැටි සහිත පසක් ඇති බව නිරීක්‍ෂණය කර ඇත. එසේ ම මේ වැවේ සුවිශේෂත්වය වන්නේ වැවේ එක් පසෙක වැව් කණ්‌ඩියේ සිට මීටර් දහයක් පමණ දුරින් පැත්තක් මීටරයක් පමණ වන පරිදි සැකසූ හතරැස් ගල් ළිඳක් පැවතීම ය. (ඡායාරූපය). මේ ළිඳ සෙ.මී. 20ක් පමණ පළල සෙ.මී. 10-15ක් පමණ ඝනකම ගල් ලෑලි අතුරා සකසා ඇත. මෙහි ගැඹුර මීටර් 6ක් පමණ වේ. ළිඳ පතුළේ ද ඇත්තේ ගලකි. (එය බොහෝ විට පිහිටිගල විය හැකි ය.) මේ ළිsඳේ සුවිශේෂත්වය වන්නේ, එහි වැව පැත්තේ වන බිත්තියේ සිට සෙ.මී. 45දූ45 පමණ ප්‍රමාණයේ ගල් දෝනාවක්, ළිං පත්ලේ සිට වැව දෙසට නිමවා තිබීම ය. (ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් මේ ගල් දෝනාව මීටර 1.5ක් පමණ දුරට දැනට මතු කරගෙන ඇත.) පසුගිය දිනක අපි මේ වැව පිහිටි ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නියෑළුණෙමු. එදින වැවේ ජලය පිරී පැවතිණි. (මේ වැව ඉතා මෑතක දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කොට ඇත. එහි
පැරැණි ගල්වාන (පිහිටි ගලේ ම නිමවා තිබූ) පස්‌වලින් වසා, එතැන උස්‌සා අලුත් වානක් වෙනත් තැනක පිහිටුවා ඇත.) ගල් ළිඳේ ජල මට්‌ටම පොළොව මට්‌ටමේ සිට මීටරයක් පමණ පහළින් වූ අතර වැවේ ජල මට්‌ටමට වඩා ද ස්‌වල්ප වශයෙන් පහළින් විය. මෑතක දී සකස් කරන ලද ළිං කීපයක් ද මේ අවට විය. ඒවා සාමාන්‍යයෙන් වැවේ සිට මීටර් 60-70ක් පමණ ඈතින් වූ අතර ඒවායේ පතුළ ද පිහිටි ගල ම විය. ඒ සියල්ලේ ම ජල මට්‌ටමේ පැවැතියේ ඒ ඒ තැන්වල පොළොව මට්‌ටමේ සිට ගත් කල ගල් ළිඳේ ජල මට්‌ටමට වඩා පහළින් ය.

Last edited:

Vidusara paper eken.. 