අපේ අතීත භූගත ජල තාක්‍ෂණය

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අපේ අතීත භූගත ජල තාක්‍ෂණය


    අපේ අතීත භූගත ජල තාක්‍ෂණය


    අපේ අතීත ඉංජිනේරුවෝ අනෙක්‌ ක්‍ෂේත්‍රවලට වඩා ජල ආශ්‍රිත වැඩ කටයුතුවල දී විශේෂඥයෝ වූ හ. විශේෂයෙන් ඔවුහු වාරි කටයුතුවල දී ජලය හැකිතාක්‌ දුරට පසෙහි ම තබාගෙන අදාළ පරිදි හසුරුවමින් තම අවශ්‍යතා ඉටු කර ගත් හ. මෙහි දී පස ජල ගබඩාවක්‌, ජල ප්‍රවාහකයක්‌ සහ ජල පවිත්‍රාගාරයක්‌ ලෙස යොදාගෙන ඇත.


    23feajala.jpg


    වර්තමානයේ දී සිදු කෙරෙන්නේ ජලය පසෙන් හැකිතාක්‌ වෙන් කර ගැනීමයි. ස්‌වාභාවික ජල සම්පත්/ප්‍රභව වෙන් කරගෙන ඒ ජලය ටැංකිවලට ගෙන ජල නළ හෝ කොන්ක්‍රීට්‌ ඇළ මාර්ග ඔස්‌සේ අදාළ තැනට ගෙන ගොස්‌ අදාළ වැඩකටයුත්ත කර ගැනේ. අදාළ කටයුත්තෙන් පසුව අපිරිසිදු වන ජලය නැවත ජලය ලබා ගත් ස්‌වාභාවික මූලාශ්‍රයට බොහෝ ඈත ප්‍රදේශයකට (බොහෝ විට මුහුදට යොමු වූ ජල මාර්ගයට) යෑවේ. මෙහි දී පස තුළ ජල සංසරණය අවම වේ. එකල වැසිකිළි සඳහා අද පමණට ජලය භාවිත වී නැති අතර ඒ භාවිත වූ ජලය ද නැවත විවිධ ක්‍රම (ස්‌වාභාවික) මඟින් පිරිසිදු කොට භූගත ජලයට අදාළ ප්‍රදේශයේ දී ම එකතු වීමට සලස්‌වා ඇත. පොළොව මතුපිට දී විවධාකාරයට අපිරිසිදු වන ජලය නැවත පසට එකතු වූ විට පිරිසිදු වී භූගත ජලයට ම එකතු වේ. නූතන සම්ප්‍රදාය තුළ භූගත ජලය වැඩිපුර තබා ගැනීමට උත්සාහ ගන්නේ ටැංකිවල ය.

    23vidu200.jpg


    නූතන සම්ප්‍රදාය තුළ ජලයේ චක්‍රීයභාවය අවම වී ඇත. ජලය පසෙන් මුදාගැනීමත් සමඟ මෙසේ චක්‍රීයභාවය අවම වේ. මෙසේ චක්‍රීයභාවය අඩු වන විට ජලය හිඟ වීම පිළිබඳ ගැටලු මතු වන අතර එවිට කෘත්‍රීම ක්‍රම ඔස්‌සේ ජලය පිරිසිදු කරමින් නැවත භාවිතයට පෙලැඹෙන අතර මේ කෘත්‍රිම ක්‍රම ද පෙරළා අස්‌වාභාවික, චක්‍රීයත්වයෙන් බාහිර දෑ නිසා වෙනත් ගැටලු මතු වේ. ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් අපේ පැරැන්නන් සිදු කර ඇත්තේ ජලයේ චක්‍රීයභාවය වැඩි කිරීම ය. ජලය කොහොමත් ක්‍රියාත්මක වන්නේ චක්‍රයක බව සැබෑ ය. එහෙත් අතීතයේ දී මේ චක්‍රය තුළ කුඩා චක්‍ර ප්‍රමාණය වැඩි කර ඇත. මේ චක්‍ර වැඩි කර ගැනීම පස ඇසුරෙන් ම සිදු කරගෙන ඇත. අපේ පැරැණි වැව් අමුණු, ඇළ වේලි, විල් පොකුණු ආදියෙන් සිදු කරගෙන ඇත්තේ එයයි. එනම් අහසින් වැටෙන ජලය (බොහෝ විට) මුහුදට යෑවෙන්නේ කුඩා කුඩා චක්‍ර බොහෝ ගණනක්‌ පසු කර ය. අද නූතන සංවර්ධනය තුළ මේ කුඩා චක්‍ර ප්‍රමාණය අවම කෙරී ඇත.

    ජලය පසෙන් ඈත් කෙරීමත් සමග එය සිදු වේ. අද නාගරීකරණය තුළ ජලය පසට එකතු වීමට ඇති හැකියාව ද අවම වෙමින් ඇත. වර්තමානයේ කතාබහට ලක්‌ වන ඊනියා ජල අර්බුදයේ විශාල පැතිකඩක්‌ මේ කුඩා කුඩා ජල චක්‍ර අහෝසි වීම තුළ ඇත. එහෙත් එය නූතන විශේෂඥයන්ට ගෝචර නැත. ඔවුන් උත්සාහ ගන්නේ ස්‌වාභාවික ජලය පසෙන් වෙන් කර ගෙන අදාළ තැනට ප්‍රවාහනය කර භාවිත කොට එනම් අපිරිසිදු කොට නැවත භූගත ජලය සමග මිශ්‍ර නො වන පරිදි (නූතන අපිරිසිදු වීම් ස්‌වාභාවිකව පස මඟින් නැවත පිරිසිදු නො වන බව සැබෑ ය) මුදා හැරීම ය. ඔවුහු මේ ක්‍රියාවලිය තුළ ජල ප්‍රවාහනය, භාවිතය ආදිය කාර්යක්‍ෂමව කිරීමට වලි කති. එහෙත් පස ආශ්‍රයෙන් ම ජල චක්‍ර වැඩි කිරීම ගැන නො සලකති. මහා පරාක්‍රමබාහු රජු ගේ සුප්‍රසිද්ධ කියමනේ අරුත වන්නේ අහසින් වැටෙන ජලය මුහුදට යැම වළක්‌වා උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතු ය යන්න නො වේ. එම චක්‍රය නැවැත්විය යුතු නැත. මෙහි දී මුහුදට යැමට පෙර අප ජලයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගත යුතු ය. එසේ ප්‍රයෝජන ගත හැක්‌කේ ජලය පස ඇසුරෙහි ම තබාගෙන කුඩා ජල චක්‍ර ප්‍රමාණය වැඩි කෙරුම මඟින් ය. ජලය, ඛනිජ තෙල් වැනි චක්‍රීය නො වන සම්පත් සමඟ පටලවා ගත යුතු නැත.

    එකල ඇළ මාර්ග හරහා විශාල වේලි බැඳ කෘත්‍රීම ජලාශ නිමවා එම ඇළ මාර්ගයන්හි පහළ පෙදෙස්‌වල ජල ක්‍රියාකාරීත්වය අවුල් කළේ නැත. එය චක්‍රය බිඳ දැමීමකි. එසේම කුඩා ජල චක්‍ර අවම කෙරුමකි.

    එකල ඇළවල් හරහා බැඳි කෙටි තාවකාලික බැමිවල ක්‍රියාකාරීත්වයට බොහෝ සෙයින් සම අමුණු ක්‍රමයක්‌ මේ වන විට නර්ඩ් ආයතනය සහ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව එක්‌ ව ගාල්ල උක්‌ඕවිට ප්‍රදේශයේ සාර්ථකව අත්හදා බලමින් සිටී. මෙහි දී ඇළේ පහළ කොටස්‌වලට වන හානිය අවම වන අතර චක්‍රීයත්වයට ද බාධා නො වේ.

    අපේ පැරැන්නෝ මතුපිට ජලයේ හැසිරීම පිළිබඳව පමණක්‌ නො ව භූගත ජල හැසිරීම පිළිබඳව ද මැනවින් දැන සිටිය හ. ඒ පිළිබඳ කදිම සාක්‌කියක්‌ අද අපට බම්බාව ප්‍රදේශයේ ඇති ගල් ළිඳක ක්‍රියාකාරීත්වය තුළ හමු වේ. බම්බාව වනාහි ගලේවෙල හන්දියේ සිට ගලේවෙල මාතලේ මාර්ගයේ කිලෝ මීටරයක්‌ පමණ ගිය තැන හමු වන ගම ය. මේ ගමෙහි නමේ උපත කුවේණිය ගේ පියා ගේ නම වන බම්බා යන්න සමඟ බැඳී ඇත. මේ අනුව විජයාවතරණය මඟින් සංකේතවත් වන්නා වූ ආර්ය සංක්‍රමණයට පෙර ද විශිෂ්ට වාරි ජල තාක්‍ෂණයක්‌ මෙරට තිබූ බැව් පෙනේ.

    බම්බාව වූ කලි, වැව්වලින් (ගම් වැව්) ගහණ ප්‍රදේශයක්‌ නො වේ. පස වැලි සහිත පසකි. එය වැව් සඳහා එතරම් යෝග්‍ය නැත. එහෙත් බම්බාව ගමේ එතරම් විශාල නො වූ වැවක්‌ ඇත. මේ වැවට ජලය ලැබෙන්නේ ඉහත්තාවේ ඇති කඳු වැටියෙන් ගලා එන ඇළකින් සහ වැව අසල පිහිටි දිය උල්පතකිනි.

    වලගම්බා රජු සමයේ කරවූ පන්සලක්‌ මේ වැවට යාබද ව ඇත. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් කරන ලද පරීක්‍ෂණයකට අනුව මේ ප්‍රදේශයේ පස වැලි පසක්‌ ලෙස හඳුනාගෙන ඇති අතර, වැව පිහිටි ස්‌ථානයේ (වැව පත්ලේ) පමණක්‌ මීටරයක්‌ පමණ ගැඹුර මැටි සහිත පසක්‌ ඇති බව නිරීක්‍ෂණය කර ඇත. එසේ ම මේ වැවේ සුවිශේෂත්වය වන්නේ වැවේ එක්‌ පසෙක වැව් කණ්‌ඩියේ සිට මීටර් දහයක්‌ පමණ දුරින් පැත්තක්‌ මීටරයක්‌ පමණ වන පරිදි සැකසූ හතරැස්‌ ගල් ළිඳක්‌ පැවතීම ය. (ඡායාරූපය). මේ ළිඳ සෙ.මී. 20ක්‌ පමණ පළල සෙ.මී. 10-15ක්‌ පමණ ඝනකම ගල් ලෑලි අතුරා සකසා ඇත. මෙහි ගැඹුර මීටර් 6ක්‌ පමණ වේ. ළිඳ පතුළේ ද ඇත්තේ ගලකි. (එය බොහෝ විට පිහිටිගල විය හැකි ය.) මේ ළිsඳේ සුවිශේෂත්වය වන්නේ, එහි වැව පැත්තේ වන බිත්තියේ සිට සෙ.මී. 45දූ45 පමණ ප්‍රමාණයේ ගල් දෝනාවක්‌, ළිං පත්ලේ සිට වැව දෙසට නිමවා තිබීම ය. (ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් මේ ගල් දෝනාව මීටර 1.5ක්‌ පමණ දුරට දැනට මතු කරගෙන ඇත.) පසුගිය දිනක අපි මේ වැව පිහිටි ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නියෑළුණෙමු. එදින වැවේ ජලය පිරී පැවතිණි. (මේ වැව ඉතා මෑතක දී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කොට ඇත. එහි

    පැරැණි ගල්වාන (පිහිටි ගලේ ම නිමවා තිබූ) පස්‌වලින් වසා, එතැන උස්‌සා අලුත් වානක්‌ වෙනත් තැනක පිහිටුවා ඇත.) ගල් ළිඳේ ජල මට්‌ටම පොළොව මට්‌ටමේ සිට මීටරයක්‌ පමණ පහළින් වූ අතර වැවේ ජල මට්‌ටමට වඩා ද ස්‌වල්ප වශයෙන් පහළින් විය. මෑතක දී සකස්‌ කරන ලද ළිං කීපයක්‌ ද මේ අවට විය. ඒවා සාමාන්‍යයෙන් වැවේ සිට මීටර් 60-70ක්‌ පමණ ඈතින් වූ අතර ඒවායේ පතුළ ද පිහිටි ගල ම විය. ඒ සියල්ලේ ම ජල මට්‌ටමේ පැවැතියේ ඒ ඒ තැන්වල පොළොව මට්‌ටමේ සිට ගත් කල ගල් ළිඳේ ජල මට්‌ටමට වඩා පහළින් ය.

     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඉහත සියලු නිරීක්‍ෂණ අනුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ භූගත ජල සැකැස්‌ම රූපය 1ට අනුව වේ යෑයි අපි අනුමාන කරමු. මේ අනුව ගල් ළිඳේ ජල මට්‌ටම ඒ අසල ම සාමාන්‍ය භූගත ජල මට්‌ටමට වඩා ඉහළින් වේ. මේ මට්‌ටම ස්‌ථිතික නො වන අතර වැවට ජලය ලැබීම සහ අවට ප්‍රදේශයට භූගත ජලය ගලා යැමේ ශීඝ්‍රතා අනුව, මේ මට්‌ටම විචලනය වනු ඇත. කෙසේ වුවත් ළිඳේ ජල මට්‌ටම එතැන භූගත ජල මට්‌ටමට වඩා ඉහළින් වනු ඇත. එයට හේතුව ගල් ළිඳේ වැව දෙසට ඇති දෝනාව ය. මේ ගල් දෝනාව නිසා මේ ගල් දෝනාව ඇරඹෙන ස්‌ථානයේ එනම් වැව් පත්ල ප්‍රදේශයේ ඇති ස්‌ථිතික ජල පීඩනයට ආසන්න ලෙස සමාන ජල කඳක්‌ ගල් ළිඳේ පවතී. එය ගල් ළිඳ අවට සාමාන්‍ය භූගත ජල මට්‌ටමට වඩා ඉහළ ය. මෙසේ වන්නේ, ජලය පස තුළ ගමන් කිරීමේ දී සිදු වන පීඩන (ස්‌ථිතික) හානිය නිසා ය. තව ද මේ ප්‍රදේශයේ (එනම් වැව් පත්ල ප්‍රදේශය ද සහිතව) ඇත්තේ වැලි පස නිසා වැව් ජලය එනම් වැව් පත්ලේ ඇති මැටි තට්‌ටුවෙන් කාන්දු වන ජලය තිරස්‌ අතට පැතිරීමට වඩා, සිරස්‌ව පිහිටි ගල දක්‌වා පහළ බැසීමට පෙලඹේ. මේ නිසා වැවෙන් ඈත් වත් ම භූගත ජල මට්‌ටම පහත බැසීම ශීඝ්‍ර වේ. ප්‍රදේශයේ සාමාන්‍ය ළිං, පිහිටිගල දක්‌වා ම කැණීමට සිදු වීමෙන්, ප්‍රදේශයේ භූගත ජල මට්‌ටම පිහිටි ගල ඇසුරු කරගෙන ම ඇති බව පැහැදිලි වේ.

    මේ අනුව ගල් ළිඳ තුළ ජල මට්‌ටම ඉහළ පවතින අතර එයට ලැබෙන්නේ වැව් පත්ලේ ඇති මැටි තට්‌ටුවෙන් කාන්දු වී වැලි සහිත පස හරහා ගලා ගොස්‌ ගල් දෝනාවට ඇතුළු වන ජලය වේ. ඒ අනුව, මේ ජලයේ පිරිසිදු බව ඉහළ විය යුතු ය. එසේම මේ ළිඳෙන් ජලය ඉවත් කරන විට ඒ තුළට නැවත ජලය ගලා ඒමේ ශීඝ්‍රතාව ද ඒ අසල වන සාමාන්‍ය භූගත ජලයෙන් ක්‍රියාත්මක වන ගල් ළිඳේ ප්‍රමාණයට ම සැකසූ ළිඳක අදාළ ශීඝ්‍රතාවට වඩා වැඩි විය යුතු ය. එයට හේතුව ගල් දෝනාව නිසා ජල ප්‍රවාහයට ඇති ප්‍රතිරෝධය අඩු වීම ය. මේ අනුව බම්බාවේ ගල් ළිඳ වූ කලි භූගත ජල මට්‌ටම කෘත්‍රිමව ඉහළට ගනිමින් එසේ ම ජලය පිරිසිදු කරමින් (පස මඟින් ම) ක්‍රියාත්මක වූ විශිෂ්ට ජල තාක්‍ෂණයයි. වැව පත්ලේ භූගත ජල පීඩනය පිළිබඳව අදහසක්‌ ඇති කර ගැනීමට ද ගල් ළිඳේ ජල මට්‌ටම යොදාගත හැකි ය.

    අපේ පැරැන්නන් සතු වූ භූගත ජල හැසිරීම පිළිබඳ අවබෝධය කෙතරම් ද යන්න මෙමඟින් පැහැදිලි ය. එසේම මෙහි දී වැදගත් වන්නේ මේ දැනුම තම වැඩ කටයුතු සඳහා උපරිම ලෙස ස්‌වාභාවිකත්වය තුළ ම හිඳිමින් ජල චක්‍ර නො බිඳිමින් ප්‍රයෝජනයට ගත් ආකාරයයි. අද අප මේ ජල ක්‍රියාවන් නූතන ජල ගති (නිව්ටෝනීය) විද්‍යා මඟින් තේරුම් ගත්ත ද, ඔවුන් මේවා කරගෙන ඇත්තේ සොබාදහම පිළිබඳව වෙන ම වූQq වැටහීමකිනි.

    එම වැටහීම අද අපට නැත. ඒ නිසා අද අපි මේවා නූතන විද්‍යා මඟින් තේරුම් ගනිමු. අතීත ඉංජිනේරු (සංවර්ධන) සම්ප්‍රදායට නැවත එසවීමට එය පවතින තත්ත්වයන් තුළ බාධාවක්‌ නො වේ. මේ භූගත ජල ආචරණ පිළිබඳ නූතන ද්‍රව යාන්ත්‍රික විග්‍රහයක්‌ රූපය 1හි ඇත.


    source : vidusara


    Give a + rep if you like this post.. :)