අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    නිමිත්ත- අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
    බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට....

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
    අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    ලිව්වේ: ඩී. එම්. ටීම්රාන් කීර්ති
    :sorry:
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    කලු පූසා;20767981 said:
    elakiri machan rep++++++++++++++


    ලස්සනට ලියලා තියෙනවා

    niyamayi machan

    supiri machan

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!


    :sorry::sorry::(

    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා... :yes::yes::yes:



    patta:love:


    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා


    thanks machan