එළකිරි පෝස්ට් එක මචන්..ලෝකේ හැම ටීම් එකකටම වඩා ගොඩක් වටින උන් ටිකක් තමයි අපිට ඉන්නේ.අපේ උන් හිතුවොත්, පරද්දන්න බැරි ටීම් එකක් නෑ.ඔස්ට්‍රේලියාවත් බයේ ඉන්නේ අපි Final එයි කියලා....සමහර කට්ටිය දන්නේ දිනනකොට හුරේ දාන්නයි, පරදින කොට බනින්නයි විතරයි.ඉන්දියාවෙ එවුන් වගේ අපිත් එහෙම වෙන්න නරකයි.පහුගිය දවස් ටිකේ උන් මැච් ගැහුවෙ පඩිත් නැතුව කියලා තමයි ආරන්චි.අපේ කොල්ලො රට වෙනුවෙන් කරන සේවයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනා.අපේ කොල්ලන්ට ගණිකාවෝ කියපු උන් දැන් දකින්නත් නෑ.(අඩේ, මට අමතක උනා, මේ දවස් වල බිස්නස් වැඩි ඇති.සේවාදායකයන්ට සලකන්නත් එපායැ ඉතින්)අපේ කොල්ලොන්ට ලකුණු පනහක්,සීයක් ගහ ගන්න බෑ කියල බනින උන් පිට්ටනියට දාල බලන්න තිබුනා..බ්‍රෙට් ලීලා, සහීර් ඛාන්ලා එවන බෝල ඔලුවෙ වැදිලා තමයි මැරෙන්නේ...![]()
ඕනවට වැඩිය ඕකුන්ට උනත් දෙන්න යන්න ඕනේ නැහැ බන්...උන් හරියට සෙල්ලම් නොකරොත් බැනපල්ලා..උන් අපේ සල්ලි වලින් නේ ජීවත් වෙන්නෙත්? මොකද පැරදුනත් හුරතල් කරන්න උන් පොඩි උන්ද?
ඔන්න උබේ පුතා අල්ලපු ගෙදර එකත් එක්ක සෙල්ලම් කරන්න ගිහින් පැරදිලා ආවනම් හුරතල් කරාට කමක් නැහැ...මේක එහෙම නෙමෙයිනේ.
දින්නත් පැරදුනත් අපිට වටිනවා, එව්වා බොළඳ කතා බන්..එව්වා හරියන්නේ නැහැ..ගහන්න බැරිනම් ගෙදර යන්න ඕනේ...තව උන් ඉන්නවනේ...පරදින එක නෙමෙයි අවුල...ඕන කමක් නැතුව ගොබ්බයො වගේ සෙල්ලම් කරන එකයි...
අනිත් එක උන්ට බැන්න කියල ඒ බනින උන්ට ගිහින් සෙල්ලම් කරන්න කියන එක මෝඩ කතාවක්...අපිට බ්‍රෙට් ලී ලාගේ බෝල වලට ගහන්න බහ තමයි...එකනේ අපේ සල්ලි වියදම් කරගෙන ක්‍රිකට් ටීම් එකක් තියන් ඉන්නේ රටේ...අපි ගහන්න ඕනේ නම් උන් ඕනෙද? උන්ට ගහන්න බැරිනම් මොකටද ඉන්නේ? ගිහින් පුළුවන් එකෙක්ට දෙන්න ඕනේ..
ඕනෙවට වඩා හැගීම්බර වෙන්න එපා බන් කා ගැන උනත්..උන් මිනිස්සු විදිහට එල කොල්ලෝ තමයි...නමුත් ක්‍රිකට් ටීම් එකෙ ඉනවානම් එයා අපිට තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතරයි...ඉන්නවනම් හරියට සෙල්ලම් කරන්න ඕනේ..නැත්තම් ගෙදර යන්න ඕනේ...


