උඹගෙ ලෙඩේ සුව වෙච්චි එක ගැන නම් මං හදවතින්ම සතුටු වෙනව මචං.. නූලක් දාපු එක වටිනවා.. ඇත්තටම දේශිය වෛද්‍ය ක්‍රමයට පිටරට වෛද්‍ය ක්‍රමයට වඩා දෙයක් කරන්න පුළුවන්.. ඒ දේ ගොඩක් අය දන්නෑ.. සමහර අය වෙද බෙහෙත් පාවිච්චි කරන්න බයයි.. ඒවා වස විස කියලා.. අපිට අපේ දේ ගැන තැකීමක්, වටිනාකමක් නැති එක ගැන ඇත්තටම කණගාටු වෙන්න ඕන..
දේශිය වෛද්‍යවරුත් ඉන්නවා සාමාන්‍ය දැනුමක් තියෙන අය.. සමහර අය වවාගෙන කනවනේ.. මගේ යාලුවෙක්ගෙ ඇහැට කුණක් ගිහින් දාන්න බෙහෙතක් දීලා.. පස්සෙ මිනිහගෙ ඇහැ රතු වෙලා කඳුළු වැත්කෙරෙන්න ගත්තා.. ඉස්පිරිතාලෙන් බැනලා තිබුණා.. මොනවද මේ දාලා තියෙන්නෙ, ඇහැ පොට්ට කරගන්නද හදන්නෙ කියලා.. ඒ වගේ වෙද මහත්වරු ගාවට නම් ගිහින් වැඩක් නෑ..
ඔය වෙද මහත්තයා නම් ඇත්තටම දෙවියෙක්.. දැනුවත් කරපු එක ගැන නැවතත් ස්තුතියි මචං..